Thursday , June 30 2022
Breaking News

Nenjuku Needhi (2022) Sinhala Subtitles | නීතියේ ආධිපත්‍ය ! [සිංහල උපසිරසි]

Rating: 6.1/10. From 16 votes.
Please wait...

2020 ජනවාරි මස 24 වන දින තිරගතවුණ Psycho (2020) චිත්‍රපටයට පසු Udhayanidhi Stalin ගේ සුපිරිම චිත්‍රපටයකට උපසිරැසිය අරගෙන එන්න අවස්ථාව හම්බවුණා. 2022 මැයි මස 20 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Crime, Drama, Mystery වර්ගීකරණය යටතේ ලිපිය ලියන අවස්ථාව වන විට IMDb අගය 8.1ක් වගේ ඉහල අගයක් අරගෙන තියෙන පැය 2 කට වඩා දිවෙන කුතුහලයෙන් පිරි කතාවක් තමයි ඔයාලට අරගෙන ආවේ. චිත්‍රපටිය ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වැනි වගන්තිය මත පදනම් වූවක්. චිත්‍රපටිය සත්‍ය සිදුවීම් ආශ්‍රිතව නිර්මාණය කර තිබෙනවා. ආගම, ජාතිය, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය හා උපන් ස්ථානය පදනම් කරගෙන වෙනස්කම් කිරීම තහනම් කරන ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වැනි වගන්තිය පිළිබඳ යථාර්ථවාදී ලෙස චිත්‍රපටය ඉදිරිපත් කරනවා . චිත්‍රපටයේ උදයනිධි රඟපාන්නේ තමිල්නාඩුවේ ග්‍රාමීය ප්‍රදේශයේ සුළුතර පන්තියකට අයත් ගැහැණු ළමුන් දෙදෙනෙක් සමූහ දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලිස් නිලධාරියෙකුගේ චරිතයක් වටායි. උදයනිධිට අමතරව ආරි අර්ජුනන්, ටාන්‍යා රවිචන්ද්‍රන්, ශිවානි රාජසේකර් ඇතුළු නළු නිළියන් කණ්ඩායමක් සහභාගි වෙනවා. කතාව ගැන චූටිවට පොඩ්ඩක් කියන්නම්.

විජයරාගවන් අයි.පී.එස්. ලෙස පත්වීම හම්බවෙලා දවස් 3ක් යනකොට දෙවැනි මාරුවීම හම්බවෙලා පොල්ලාචියේ අවට දුෂ්කර ගම්මානයකට එනවා. ඒ ඇවිත් කාර් එකෙන් බහින්න හදන්කොටම හෝව් සර් බහින්න එපා පොලීසියට කුමරන් කියල මේ පැත්තේ අරගල උද්ඝෝෂණකරන එකෙක් උගේ කණ්ඩායමත් එක්ක පොලීසියට සර්පයන් ගොන්නක් දාල කියල උන්ව සර්පයන් අල්ලන පිරිසක් ගෙනැල්ලා අයින් කරන ගමනුයි හිටියේ. අවසාන සර්පයත් අයින් කලා දැන් ප්‍රශ්නයක් නෑ සර් කියල පොලීසියේ හිටිය ඉන්ස්පෙක්ටර් කාර්යය මණ්ඩලත් අදුන්වලා දීලා rරාජකාරිකටයුතුආරම්භ කරන්න පටන් ගන්නවා. රාජකාරිය පටන් ගත්තු දවසෙම ඒ පැත්තේ දේශපාලකයෙකුගේ උපන්දින උත්සවයක් කියල ආරාධනාවකුත් හම්බවෙනවා. ඒකට යන විජයරාගවන්ට එයාගෙ පංතියේ යාලුවෙකුත් මුණ ගැහෙනව. මිනිහ නම් අඩිය ගහල හිටියේ කරටි කැඩෙන්නම, ඉතින් මිනිහවත් බයික් එකේ දාගෙන ගෙදර ඇරලවලා ගෙදර ගිහින් නිදාගන්න අපේ අයි.පීඑස්. මහත්තයටම පහුවදා ඉදන්ම ලොකු නඩුවක් සෙට් වෙනවා. වැවක් අසළ ගහක ගැහැණු ළමයි දෙන්නෙක් බෙල්ලෙ වැළ දාල එල්ලිලා. ආරංචි හැටියට තව ගැහැණු ළමයෙක් අතුරුදහන්. එහෙනම් අයි.පී.එස් මහත්තයගෙ වැඩේ ඔයාලට බාරයි. හැමෝටම තෙරුවන් සරණයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

සුළල් : ද වෝටෙක්ස් [S01 : E08] Sinhala Subtitles | පියාගේ පවු. [සිංහල උපසිරසි සමඟ]

නන්දිනීට කොයම්බතූර්වලදි හැදුනෙ නැති වලිප්පුව ගමට ආවට පස්සෙ ආයෙමත් හැදුනා. නන්දිනී ඒ සඳහා මානසික වෛද්‍යවරයෙක් …

Leave a Reply

Your email address will not be published.

34 comments

  1. HDRIP ESub හදලා කො

  2. අපි තමා හොදටම කලේ

    විස්කොතුයිÔ
    ෆිල්ම් එකේ නම් බලන්න තරම් ලොකු කතාවක් නෑ හැබැයි ö

  3. Vishwa sasanka

    Thank you

  4. Thanl u

  5. සබට තුති අයියෙ ❤️

  6. එලකිරි සුපිරිකිරි

  7. Thanks brother

  8. Thanks brother

  9. thanks ..

  10. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  11. ස්තුතියි !

  12. Artical 15 hindi film eke remake ekada?

  13. තෑන්ක්ස් මචෝ සබට

  14. Superb movie ..keep going ..

  15. Dineth de silva

    Thanks brother

  16. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  17. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  18. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  19. නියම ෆිලුමක් ..ස්තුතියි සබ් දුන්නට ..

  20. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  21. තැන්කු වේවා

  22. Sub akta thanks

  23. තෑම්ක්ස් බොම්ක❤️

  24. බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌

  25. Thanks brother

  26. මලයාලම් ෆිල්ම් තොගයක්ම ඇවිත් තියෙනවා,ඒවටත් සබ් දෙන්න බලන්න

  27. සිංහල උපසිරසියට ස්තුතියි

  28. thanks..

  29. උපසිරසියට තුති

  30. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  31. ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  32. Thanks for sub

  33. සුපිරියක් වගේ
    බොහොම ස්තුතියි සහෝ

error: Alert: Content is protected !!