Tuesday , December 6 2022
Breaking News

පන්චායත් (2020-) [S02 : E07] Sinhala Subtitles | නියම යාළුවො [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Panchayat කියන්නේ වෙබ්සීරීස් එකක් විතරක්ම නෙමේ, ඒක වෙනමම උමතුවක්. මේකේ අලුත් කතාසමයක් එනකම් කීදෙනෙක් නම් නොඉවසිල්ලෙන් හිටියද? ආවට පස්සේ කීදෙනෙක් නම් එක හුස්මට කතාව බලලා ඉවර කරාද? ආයෙත් ඊළඟ කතාසමය එනකම් කීදෙනෙක් නම් දැන් ඉඳන්ම ඇඟිලි ගනිනවද? කතාසමයන් දෙකක් පුරාවටම මේ වෙනකම් අපි එක්ක එකතු වෙලා හිටිය අයට නම් අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍ය නැහැ ඒ ගැන. බලපු අය දන්නවා. හැබැයි ඉන්දියාව තුළ මේක උන්මාදයක් වුණාට අපි අතරින් නම් බොහොම සුළු පිරිසයි මේක නරඹලා තියෙන්නේ. ඉතින් තවමත් අවස්ථාව ඒ අයට තියෙනවා කියලා මතක් කරන ගමන්ම මේ යන්න හදන්නේ අපේ ගම්සභාවේ දෙවන කතාසමයේ හත්වැනි කොටස දිහාවටයි. ඊට පස්සේ තව එක කොටසයි තියෙන්නේ. එතනින් මේ කතාසමයත් ඉවරම වෙලා යනවා. මතක තියාගන්න, කතාසමයන් දෙකක් දක්වා විකාශනය වුණත්, මේ මොහොත වෙද්දිත් පන්චායත් කතාමාලාව ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 8.9ක අගයක් ලබාගෙන හොඳම කතාමාලා 250 අතරින් 115වෙනි ස්ථානයේ නොසෙල්වී ඉන්න වග.

හත්වෙනි කොටස ගැන ටිකක් කිව්වොත්, පංචායයත් සභාවේ සභාපතිතුමා, විකාස් සහ ප්‍රලාද්ව එක්කන් MLA ව මුණගැහෙන්න ගිහින් වුණ කලබගෑනිය මතකනේ. එතනද MLA, සභාපතිතුමාට පුලුවන් නම් සෙනඟ එකතු කරලා පෙන්නන්න, එහෙම කලොත් නම් පාර හදන වැඩේට ප්‍රතිපාදන වෙන් කරන්න පුලුවන් කතාවක් කියනවානේ. ඔන්න මේ පාර මොන ක්‍රමයකින් හරි මේ පාර හදන වැඩේ එකලාසයක් කර ගන්නයි සභාපතිතුමා උත්සාහ කරන්නේ. මොකද ඊළඟ ව‍තාවේ ඡන්දෙට ඉදිරිපත් වෙද්දි මේ පාරෙ වැඩේ ඉවරයක් නොවුණොත් පොඩි අවාසියකුත් තියෙනවානේ. සෙනඟ එකතු කරන්න නම් පූජා උත්සවයක් පවත්වන එක තමයි සුදුසුම වැඩේ කියලා ඒකමතිකව තීරණය වුණාට පස්සේ පංචායත් සභාවේ සියලු දෙනා ඒ වැඩේ සාර්ථක කර ගන්න වෙහෙස මහන්සියෙන් කටයුතු කරන අතරෙදි පංචායත් කාර්යාලයට හදිස්සියේම අමුත්තෙක් එනවා. ඒ කවුද? ඊට පස්සේ මොකද වෙන්නේ?

මේ කතා මාලාවේ උපසිරැසි ගැන්වීම් වල මාව සම්බන්ධ කරගෙන උපසිරසිය කරගෙන යද්දි ‍හමුවුණ අපහැදිලි දෙබස් පැහැදිලි කරලා දීලා උදව් දුන්න මයුර මල්ලිවත් මේ වෙලාවේ ස්තූති පූර්වකව මතක් කරනවා. තවත් සිංහල උපසිරසියකින් මුණගැහෙමු. සුබ දවසක් වේවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

සයිබ(ර්)පන්ක් : එජ්රන(ර්)ස් [S01 : E09 & E10 ] Sinhala Subtitles | සිහිනයක් හඹා ගිය සයිබෝ(ර්)ග්වරයා. [සිංහල උපසිරසි] +18

“සයිබර්පන්ක්වරු හෙවත් එජ්රනර්වරු යනු සීමාවක ජීවත් වෙමින් නිරන්තරයෙන් තමාව සීමාවට තල්ලු කරන අයයි.හුදෙක් සාර්ථකත්වය උදෙසා …

Leave a Reply

Your email address will not be published.

10 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. thanks a lot sub ekata

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. හැමෝටම ස්තූති..එපි 3න් නවත්තපු නිසා ගොඩක් කල් බලන් හිටියාදානකන්..

  5. හැමෝටම ස්තූති..එපි 3න් නවත්තපු නිසා ගොඩක් කල් බලන් හිටියාදානකන්..

  6. thank you.

  7. අන්තිම එකත් අදම දීල දාන්න බොහෝම ස්තුතියි රේණු  සබ් එකට…
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට ගොඩාක් පිං

  8. සබ් එක ඉක්මනට ගෙනාවාට බොහෝම ස්තුතියි.

  9. බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  10. ස්තුතියි රේණුකා අනික් එකත් ඔහොමම දාල මේක ඉවර කරමු

error: Alert: Content is protected !!