Monday , September 20 2021
Breaking News

පරමපධම් විලායට්ටු (2021) Sinhala Subtitles | සර්ප ඉණිමං ක්‍රීඩාව ! [සිංහල උපසිරසි]

Rating: 8.1/10. From 17 votes.
Please wait...

ආයුබෝවන් බයිස්කෝප් යාලුවනේ නිවාඩු දවස් නිසා ඔන්න ඔයාලට බලන්න බැරිවුණ තවත් චිත්‍රපටයක් අරගෙන ආවා.කලක් ඉන්දියාවේ ජනප්‍රිය නිළියක් ලෙසට ප්‍රකට Trisha ප්‍රධාන චරිතය රගපාන 2021 අප්‍රේල් මස 14 වන දින Disney+ Hotstar ලේබලය යටතේ නිකුත් කරන ලද Thriller ගණයට අයත් පැය 2කුත් විනාඩි 12ක් පුරා කුතුහලයෙන් බලන්න පුලුවන් කතාංගයක් තමයි අරගෙන ආවේ. අමතරව ප්‍රධාන චරිතයක් වන තමිල්ගේ චරිතයට පණ පොවන්නේ Zhagaram(2019), Katham Katham(2015), Thaana Serndha Kootam(2018) වගේ ජනප්‍රිය චිත්‍රපටවල හා Iru Dhuruvam(2019) කතා මාලාවෙන් ජනප්‍රියත්වයට පත් Nandha Durairaj වයි. කතාව ගැන පොඩි සාරාංශයක් ඉදිරිපත් කරන්නම්.

චෙලියන් කියන්නේ සුධින්දර දේශිය ජනනායග පක්ෂයේ නායකතුමා. අවුරුදු 5ක් විපක්ෂයේ ඉදලා එළඹෙන මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අවංක ජන නායකයෙක්. ” රාජවංශික දේශපාලනය එපා! “ය, යන්න තමා ඔහුගේ මෙන්ම පක්ෂයේ ආදර්ශ පාඨය වෙලා තියෙන්නෙ. එනිසාම තම එකම පුත්‍රයාවත් දේශපාලනයට යොමු නොකර රජයේ පාසලකින් ඉගෙනුම ලබා දී වෛද්‍යවරයෙක් ලෙස විදේශයක පදිංචි කරන ලද්දේ. මැතිවරණ කටයුතු පැවැත්වෙන අතරතුර චෙලියන් නායකතුමා හදිසියේම රෝගාතුර වී රෝහල් ගත කරනව. එම රෝහලේ වෛද්‍යවරියක් විදියට තමයි ගයත්‍රී කටයුතු කරන්නේ. ගයත්‍රී තම කන් ඇහෙන්නේ නැති දියණිය සමග තනියමයි වාසය කරන්නෙ. චෙලියන් මහතා රෝහල් ගත කලාට පස්සේ එම පක්ෂයේ දෙවැනියට ඉන්න කාලිංගන් පැමිණ චෙලියන් මහතා ප්‍රතිකාර ගන්න වාට්ටුව අවට සියලුම සී.සී.ටී.වී.සම්බන්ධතා අක්‍රිය කරන්න කියල ගයත්‍රිට බල කරනව. එම තර්ජන වලට බය නොවන ගයත්‍රී කෙසේ හෝ චෙලියන් මහතාව කෙමෙන් කෙමෙන් සුව අතට පත් කරමින් සිටියදී හදිස්සියේම දිනක දැඩි අසාධ්‍ය තත්ත්වයට පත්ව ජීවිතයෙන් සමුගන්නවා. නමුත් මේ මරණය ස්වාභාවික හේතුවකින් තොරව සිදුවන මරණයක් බව ගයත්‍රී දැනගන්නවා. ගයත්‍රිට සැක පහල වෙලා තිබුණේ නිතරම තමන්ට තර්ජනයක් වෙලා හිටිය කාලිංගන් මෙයට සම්බන්ධයක් ඇතිය යන්නයි. කෙසේ හෝ කාලිංගන් ගේ මහ ඇමති සිහිනය බොද කරමින් චෙලියන් මහතාගේ පුත් තමිල් පක්ෂයේ නායකයා බවට පත් වෙනවා. නමුත් ගයත්‍රිගේ සැකය පහව යන්නෙ නෑ. ඈ තරයේ විශ්වාස කරන්නේ කාලිංගන් මේ මිනීමැරුමට සම්බන්ධයක් ඇති කියලයි. ඇය තමිල්ව හම්බවෙලා මේ ගැන කිව්වත් තමිල් තමන්ව කුඩා කළ සිට හදා වඩා ගත් කාලිංගන්ව අවිස්වාස නොකරන බව පවසනවා. එවිට ගයත්‍රී පවසන්නේ තමන් ළග ඒක ඔප්පු කරන්න සාක්ෂි පවතින බවයි. ඔය අතරතුර ගයත්‍රිගේ දියණිය පැහැර ගැනීමකට ලක්වෙනවා. ඒ ගයත්‍රී ළග තියෙනවා යැයි කියන පටිගත කරන ලද චිපයක් ඉල්ලා. ඉතින්,

ඇත්තටම ගයත්‍රි ළග චිපයක් තියෙනවද ?
ගයත්‍රිගේ දුවව පැහැරගන්නා ලද්දේ කවුරුන්ද ?
චෙලියන් මහත්මාගේ ඝාතනයට වග කියන්න ඕනෙ කවුරුන්ද ?

මේ සියල්ලටම පිළිතුරු තියෙන්නෙ ඔයාල ගාව…එහෙනම් ළගදිම ආයෙත් ෆිලුමකින් මුණ ගැහෙමු.

හැමෝටම තෙරුවන් සරණයි !
කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Sex Education (2019-) [S03 : E07] Sinhala Subtitles | ජරමර අස්සේ බරකරත්ත [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් හැමෝම බලාපොරොත්තුවෙන් හිටිය හත්වෙනි කොටසත් අරගෙනයි මම ආවේ. හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මෙච්චර පරක්කු …

Leave a Reply

Your email address will not be published.

27 comments

  1. Prabhath lakmal

    thanks bro..

  2. Tuck Jagdish Sub Plzzz

  3. ස්තූතියි සහෝ උපසිරැසියට

  4. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  5. Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  6. thanks..

  7. උපසිරසියට ස්තුතියි යාලු
    දිගටම සබ් කරමු

  8. තෑන්ක්ස් සහෝ

  9. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  10. Thanks brother

  11. YouTube එකේ තියනව මේක ගැන Reviewඑකක් සිංහලෙන්ම

  12. Thnkz mchn

  13. ස්තුතියි සහෝ

  14. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  15. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  16. උපසිරසියට තුති

  17. Home(2021-Malayalam) sub plz

  18. සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

  19. Thanks brother

  20. සිංහල උපසිරසියට ස්තුතියි

  21. Sub akta thanks

  22. wow ikmaninin dila

  23. ෆිල්ම් එකේ අවසානෙනම් අවුල්.අනික ෆිල්ම් එක හොඳ උනහම රේටින්ග් උලුප්පල දානවා වගේම අවුල්නං ඒකත් ලිපියට ඇඩ් කරන්න.
    IMDb-3.7
    google-2.8

  24. මේක නම් කලින් බැලුවා
    අලුතින් ආපු south indian ටිකටත් සබ් දෙමු බන්

  25. Shirantha Rajakaruna

    Thanks for the sub bro..

error: Alert: Content is protected !!