Thursday , May 19 2022
Breaking News

බ්‍රෝ ඩැඩී (2022) Sinhala Subtitles | ඇනා සහ ඊශෝගේ ආදර කතාව… [සිංහල උපසිරසි]

Rating: 7.1/10. From 19 votes.
Please wait...

ඇනා සහ ඊශෝ. මේ දෙන්නගේ අම්මලා තාත්තලා හොඳම යහලුවෝ. ඊශෝගේ අම්මා අන්නා ගේ තාත්තා ජෝන් ගේ පරන ලව් එක කිව්වත් හරි. (ඒ කතාවත් චිත්‍රපටිය අතරේ බලාගන්න පුලුවන්.) ඉතින් මේ පවුල් දෙක ඔවුන්ගේ යහලුවෙකුගේ විවාහ මංගලෝත්සවයකදී මුන ගැහෙනවා. ඉතින් මේ උත්සවය අතරෙදි ඇනාගේ තාත්තා, කුරියන් සහ ඊශෝ අතරේ නොයෙක් ඇනුම් බැනුම් ඇති වෙනවා. ඒ ඔවුන් දෙදෙනාම දැන්වීම් ක්ශේත්‍රයේ නිරත වන්නන් නිසාවෙන්. ඉතින් කොහොම හරි කුරියන් ඊශෝ ගැන බොහොම අකමැත්තෙන් තමයි ඉන්නේ. ඒ වගේම ඊශෝ සහ ඇනා දෙන්නත්. ඒ උනත් මේ දෙන්නම වැඩකරන්නේ බැංගලොරයේ නිසා ඊශෝගේ තාත්තා බලෙන්ම ඔවුන්ගේ දුරකතන අංක හුවමාරු කරනවා.

විවාහ උත්සවය අවසන් වෙලා ගෙදර යන අතරේ, ඊශෝගේ අම්මා ඊශෝට ඇනාව යෝජනා කරනවා. ඒත් ජෝන් සහ ඊශෝ ඒකට අකමැති වෙනවා. ඒ වගේම අනිත් පවුලේ, ඇනාගේ පවුලේ… ඇනාගේ අම්මා ඇනාට ඊශෝව යෝජනා කලත්, ඇනා සහ කුරියන් එයට අකමැති වෙනවා. කොහොමහරි එදා රාත්‍රියේම ඇනා සහ ඊශෝ ඔවුන්ගේ රැකියා සඳහා බැංගලෝරය බලා පිටත් වෙනවා.

පහුවදා උදේ, ඊශෝ බෝඩිමේ ඇඳ උඩ ඇහැරෙනකොට….

එතනින් එහාට මොකද වුනේ කියලා කතාව බලලම දැනගමු.

ඉතින් ජනවාරි මාසේ 26 වෙනිදා ආපු සුපිරි කොමඩියක් තමයි මේ අරගෙන ආවේ. රංගනයෙන් Prithviraj Sukumaran සහ Mohanlal දායක වන අතරේ අධ්‍යක්ශනය කරන්නේ Prithviraj Sukumaranමයි.

ඇත්තටම කතාවේ ලොකු දෙයක් දකින්න නැති වුනත් සරලව ගලායන කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් ලස්සන කතාවක් දකින්න ලැබෙනවා. ඒ වගේම හොඳට හිනාවෙන්නත් පුලුවන්. ඒ වගේම සුභාෂිණි මල්ලව ආරච්චි අක්කත් එක්ක එකතු වෙලා තමයි මේ උපසිරැසිය ගෙනාවෙ. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HQ HD පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට සහ රේණුකා සුභාෂිණි” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Shark Bait (2022) AKA Jetski Sinhala Subtitles | බිහිසුණු ධවල මාරයා [සිංහල උපසිරසි]

ආයූබෝවන් යාළුවනේ, ඔන්න එහෙනම් වෙසක් නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජනය අරන් තවත් අළුත්ම ෆිල්ම් එකක් ඉක්මනටම අරන් …

Leave a Reply

Your email address will not be published.

32 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. Thnx for sub…

  3. Aarattu
    Salute sub dennako

  4. thanks sis

  5. Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  6. Idunil Weerasinghe

    Thanks brother

  7. Tamilmv eke thyna aluth film walata sub dynko bn

  8. තෑම්ක්ස් බොම්ක❤️

  9. කාලෙකට පස්සේ හිනාවුනේ කොමඩි ෆිලුමක් බලලා

  10. තැන්කු වේවා

  11. ස්තුතියි !

  12. ඇයි අනේ දැන් ඔයාලා මෙච්චර පරක්කු

  13. Shane de silva

    Thanks for the subtitle.most entertaining movie.good work.keep it up.

  14. චතුරංග බුද්ධික

    තනියම හිනා වෙච්ච තරම???

  15. thanks..

  16. keshu ee veedinte nadhan 2021 malayalam movie akata aniwaryen sub aka ona….

  17. රංගික සිනෙත් කාරියවසම්

    දෙන්නටම ජයෙන් ජය වේවා.. Aaha Malayalam movie එකටත් සබ ඕනේ…ජය

  18. සිංහල උපසිරසියට ස්තුතිය දෙදෙනාටම
    ජය වේවා!!!

  19. Too late sub
    Anyway thanks
    Please give Looop Lapeta sub

  20. Thanks sisters

  21. 1945 sub plz

  22. සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම

  23. උපසිරසියට තුති

  24. Thnkz guyz
    Aaha malayalam ekath demu

  25. සබ් එකට බොහොම ස්තූතියි….!

  26. Thanks both

  27. සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම ..!!

  28. Sub akta thanks

  29. dennatama sthuthiy

  30. Supun Kaushalya

    තෑන්ක්ස් දෙන්නටම

  31. සබ් එකට ස්තූතියි දෙන්නටම!

error: Alert: Content is protected !!