Wednesday , May 12 2021
Breaking News

මාස්ටර්’ස් සන් [S01 : E09] Sinhala Subtitles | දීප්තිමත් ඉර..! [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

කොහොමද යාලුවනේ හැමෝම හොඳින් ඉන්නවද? ඔන්න මම ඔයාලට තවත් කොරියන් කතාවක් අරන් ආවා. මේක ටිකක් අමුතු තේමාවක කතාවක්. ඔන්න එක ගෑණු ළමෙක් ඉන්නව. එයාට තියෙනව විශේෂ හැකියාවක්. මොකක්ද දන්නවද? එයාට හොල්මන් පේනව. තමන්ගේ ආශාවල් ඉටුකරගන්න බැරුව මැරිච්ච අය මේයාව හොයාගෙන ඇවිත් ඒව ඉෂ්ට කරල දෙන්න කියල කියනව. මගතොටේ යද්දිත් ගෙදර ඉද්දිත් මේ හොල්මන් මෙයාව හොයාගෙන එනව. මේක මෙයාට හරිම කරදරයක්. මොකද එහෙම එන හොල්මන් එයාලගෙ ඉල්ලීම් ඉටුවෙනකල්ම එයාව අතහැරල යන්නේ නෑ. ඒ වගේම මෙයා හරිම බයයි මේ හොල්මන් වලට. ඉතින් හැමෝගෙන්ම හැංගිලා තනිවෙලා වගේ තමයි එයා ජීවත් වෙන්නේ.

ජොන්ග් වොන් ගෙ තාත්තා හොයාගන්නවා චා හී ජූ වගේ කෙනෙක් තවමත් ජීවත් වෙලා ඉන්නව කියල. ඉතින් ඔහු ඒ ගැන හොයන්න කියල කැන්ග් වූට බාර දෙනව. මේ අතර අපේ ඉරට පළවෙනි වේතනය ලැබිල. හිතුවට වඩා ලොකු මුදලක් වගෙයි පේන්නෙ නම්. ඒ ගැන ඇය හරිම සතුටින් ඉන්නෙ. මේ වතාවේ ජොන්ග් වොන්ගෙ කලාගාරයේ සංදර්ශණයක් තියන්න එන සංගීතඥයගෙ මියගිය බිරිඳට තමයි  ටායි ගොන්ග් ෂිල් උදව් කරන්න යන්නේ. ගොන්ග් ෂිල්ට සිහිකල්පනාව අඩු වුනාම හොල්මන් වලට ඇයගෙ ඇඟට ඇතුල් වෙන්න පුලුවන් කියන එක දැනගන්න සංගීතඥයා ඔහුගෙ බිරිඳ ඒ විදිහට ආයෙමත් එයා ලඟට ගන්නයි සූදානම. මේ කිසිත් නොදන්න ඇගේ ආරක්ෂකයා ජොන්ග් වොන් ව්‍යාපාරික ගමනකට පිට රටකට යනවා. ඉතින් ඈට කුමක් වෙයිද? ජොන්ග් වොන් නැවත එන විට ඇය සංගීතඥයාගෙ බිරිඳ වී සිටීද?‍ බලන්න මේ කොටස අවසානයේ.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Kurosaki-kun no iinari ni nante naranai (2016) AKA The Black Devil and the White Prince Sinhala Subtitles | මම කුරොසකි-කුන් කියන දේවල් කරන්නේ නෑ [සිංහල උපසිරසි]

ඔන්න යාළුවනේ, මේ තමයි ‘බයිස්කෝප් සිංහලෙන්’ වෙබ් අඩවිය වෙනුවෙන් කරපු මගේ පළවෙනි උපසිරැසි නිර් මාණය. …

Leave a Reply

Your email address will not be published.

No comments

error: Alert: Content is protected !!