Thursday , November 26 2020
Breaking News

මිර්සාපූර් [S02 : E01] Sinhala Subtitles | පරාජිත ආරම්භයක් [සිංහල උපසිරසි සමඟ] (18+)

Rating: 10.0/10. From 1 vote.
Please wait...

ආයුබෝවන් හැමෝටම, ඔන්න එහෙනම් කලින් සීරිස් එකෙන් පස්සෙ විවේකයක් නොගෙනම තවත් සීරිස් එකකට සම්බන්ධවෙන්න ලැබුන. මුලින්ම කියන්න ඕන මේ සීරිස් එක බලන්න ගන්නවනම් ඔයාල අපේ සයිට් එකේ මේ කතා මාලාවට අදාල පලවෙනි සීරිස් එක බලල හිටියනම් හොදයි. 2018 නොවැම්බර් මාසෙ මේ කතාමාලාව නිකුත් වුනු මොහොතෙ ඉදන් ඔයාලට අපේ සයිට් එකෙන් උපසිරැසි ලබාගන්න පුලුවන් වුනා. කොහොමත් බයිස්කෝප්වාසි හැමෝම වගේ මේ කතා මාලාව අසාවෙන් බලපු නිසාවෙන් එයාලට නම් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. මොකද මේ කතා මාලාවෙ පලවෙනි කතා සමයේ අවසානයත් එක්ක දෙවනි කතා සමයක් ගැන බලාපොරොත්තුවෙන් හිටි අය බොහොමයි. කොහොම හරි එක එපිසෝඩ් එකක් බැලුවොත් කවුරුත් මේක ඉවර වෙනකම් බලන්න දෙපාරක් හිතන්නෙ නැහැ.

මුලින්ම ඔයාලට කලින් කතා සමයේ විශේෂිත තැන් කිහිපයක් සිහිපත් කරගෙනම කතාංගය නැරබුව හැකි. අමුතුවෙන් කියන්න ඕන නැහැ ඉතින් කලින් එක වගේම ත්‍රාසය එක්ක බලන්න පුලුවන්. ඇමසන්ලගෙ වැඩ ඉතින් අමුතුවෙන් මතක් කරන්න ඕන නැහැනෙ. හොදම උදාහරණය Breathe සීරිස් එක. සමස්තයක් හැටියට මුලු කතා මාලාවටම 8.5IMDb අගයක් ලබාගන්න සමත් වෙලා තියනව.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්, ස්වීටි සහ බබ්ලුගෙ අහිමි වීමෙන් පස්සෙ ගුඩ්ඩූ, ගෝලු, ඩිම්පි තුන්දෙනා සැඟවිලා ඉන්නෙ. ඔය අතරෙ රති ශංකර් නැති එකේ එයාගෙ පුතා ජෝන්පූර් වල බලයට පත්වෙනව. කලීම් මාන බලන්නෙ රති ශංකර් නැති එකේ ජෝන්පූර් කොහොමහරි තමන්ගෙ යටතට ගන්න. කොහොමින් හරි විවාහයේදි සිදුවෙන සිදුවීමෙන් පස්සෙ ලාලා සහ ත්‍රිපාටි අතර ඇතිවෙලා තිබුනු ව්‍යාපාර සබඳතාවයත් බිඳ වැටෙනව. හොදයි ඔන්න දෙවනි කතා සමයත් ඔයාලට බයිස්කෝප් අඩවියේ අපේ සාමාජික උපසිරැසිකරුවන්ගේ සහයෝගයෙන් ඉදිරියේදි ඔයාලට ලැබෙයි. බලන්න පටන්ගන්නයි තියෙන්නෙ. තවත් උපසිරැසියකින් මුනගැසෙමු.

ජය ශ්‍රී!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

The Witches (2020) Sinhala Subtitles | මායාකාරියෝ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඔන්න ඉතින් මං 2020 වර්ෂයේ නිකුත් වෙච්ච තවත් චිත්‍රපටයකට තමා මේ විදියට උපසිරැසිය …

Leave a Reply

Your email address will not be published.

One comment

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

error: Alert: Content is protected !!