Tuesday , November 24 2020
Breaking News

මිර්සාපූර් [S02 : E04] Sinhala Subtitles | බියෙන් සැකෙන් තොර ජීවිතයක් [සිංහල උපසිරසි සමඟ] (18+)

Rating: 10.0/10. From 2 votes.
Please wait...

සුභ දවසක් වේවා ඔයාල හැමෝටම මිර්සාපූර් කතා මාලාවේ දෙවෙනි අදියරේ හතරවෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ.

පහුගිය කොටසෙන්:

ඩිම්පි ලක්නව් ඇරලවන්න ගිය ගුඩ්ඩුට රොබින් කියන තැරැව් කාරයව මුණගැහෙනවා වගේම තමන්ගේ මිර්ශාපුර් වල ගෙදර විකුණන්න ගුඩ්ඩු රොබින්ට භාර දෙනවා. ඒ වගේම ගුඩ්ඩුගේ තාත්තා විවාහ මංගල්‍යයේදී වුණ වෙඩි තැබීමේ සිද්ධියේ ඇසින් දුටු අයව හමුවුණත් ඒ කිසි කෙනෙක් මුන්නා ත්‍රිපාතිට විරුද්ධව සාක්ෂි දෙන්න තරම් එඩිතර වෙන්නේ නෑ. ලාල හම්බ වුණ ගුඩ්ඩුට අබිං වෙළඳාම පටන් ගන්න ලාලගෙන් උදව් ලැබෙනවා. ලාලව ඝාතනය කරන්න මුන්නා ත්‍රිපාති එවපු මනුස්සයව ගුඩ්ඩු අතින් ඝාතනය වෙනවා. ඒ වගේම ත්‍රිපාතිලට ඒ ඝාතනය ගැන දන්වන්නත් ගුඩ්ඩු අමතක කරන්නේ නෑ. ඒ හින්ද ගුඩ්ඩු ජිවතුන් අතරේ කියල ත්‍රිපාතිලා දැන ගන්නවා.

අද කොටසෙන් :

මුන්නා ත්‍රිපාති මහ ඇමතිගේ ඡන්ද ව්‍යාපාරයට නායකත්වය දෙනවා වගේම මහ ඇමතිගේ දුව මධුරි යාදව් එක්ක බොහොම සමීප ඇසුරක් ගොඩ නගා ගන්නවා. ගුඩ්ඩු එක්ක බාලු, ඩිම්පිව බලන්න ලක්නව් ගිය වෙලේ ඩිම්පිගේ කාමරේ හිටපු රොබින්ව ගුඩ්ඩුගේ අතටම අහු වෙනවා. ඒත් මොනවා කරන්නද ගුඩ්ඩුට එයාලගේ ව්‍යාපාර වලින් හම්බ කරන කළු සල්ලි ආයෝජනය කරන්න රොබින්ගේ උදව් ඕනේ වෙන හින්ද ඉවසන්න වෙනවා. අවසානෙට මුන්නායි ශරද් ශුක්ලයි එකතු වෙලා කෙනෙක්ව ඝාතනය කරන්න සැලසුම් කරනව. ඒ කවුරු වෙන්න පුළුවන්ද? එයාලගේ උත්සහය සාර්ථක වෙයිද කියල අද කොටස බලලම දැන ගන්න.

මේ කතා මාලාවේ පස්වෙනි කොටසට උපසිරැසිය ඉක්මනින්ම තවත් සහෝදරියක් අරන් එයි. සුභ දවසක් වේවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

අෆ්සෝස් [S01 : E03 & E04] Sinhala Subtitles | මට මැරෙන්න බැරියෝ!! [සිංහල උපසිරසි සමඟ]

ඉන්සයිඩ් එජ්, බ්‍රිත්, මිර්සාපූර්, ෆැමිලි මෑන් අරන් ආපු ඇමසෝන් ප්‍රයිම් වැඩක් සුපිරි බ්ලැක් කොමඩියක් කුතුහලයෙන් …

Leave a Reply

Your email address will not be published.

2 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. උපසිරැසියට බොහොම ස්තුතියි …!

error: Alert: Content is protected !!