You dont have javascript enabled! Please enable it!
Thursday , July 2 2020
Breaking News

මුන් ලයිට් ද්‍රවුන් බයි ක්ලවුඩ් 10 කොටස – සිත්ගත් තරුණිය

No votes yet.
Please wait...

කුමාරයත් දැනගන්නවා සැම්නොම්ගෙ ඇත්ත නම. දැන් ඉතින් දෙන්නට දෙන්නා නැතුවම බැහැ. ඔය අතරෙ තමයි රජු අසාර්ථක කෙනෙක්,මීට 10 වසරකට කලින් ඇති වුණු කැරැල්ල නැවත ඇති වෙනවා. හොන්ග් වරුන්ගෙන් පැවත එන්නෝ නැවත නැගී සිටිනවා කියලා පත්‍රිකාවක් වෙළඳපොළ පුරා පිරිසක් පතුරවලා හරින්නෙ. ඒ නිසා රජතුමා කුමාරයට බල කරනවා චාරිත්‍ර කටයුතු අමාත්‍යතුමාගෙ දුවව විවාහ කරගන්න කියලා. මොකද ප්‍රධාන අමාත්‍යගෙ කිම් පවුලට වගේම දේශපාලන බලයක් තියෙන්නෙ ඒ පවුලට විතරක් නිසා. නමුත් කුමාරය නම් ඒකට එකඟ නැහැ.

මේ අතරෙ තමයි අග බිසව තමන්ට නිසැකවම ලැබෙන්නෙ කුමරියක් බව දැනගෙන, ඒ වෙනුවට කුමරෙක් ලබා ගන්න අපූරු වැඩක් කරන්නෙ. කැරළිකාරයින්ගෙ කතා නිසා රජුගෙ නියමයෙක් මාළිගාව පුරා ලොකු  සෝදිසි කිරීම්ක් සිද්ධ වෙනවා. කැරළිකරුවන්ට සහය දැක්වුවයි කියලා කෙනෙක්ව අත්තඩංගුවට ගන්නවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි මාළිගාවට එළවළු සපයන මනුස්සයයි එයාගෙ දුවයි. රජතුමා නම් කියන්නෙ ඒ ළමයා ළමෙක් කියලා නොබලා දඬුවම් කරන්ඩ කියලා.

ඔන්න කොහොමහරි සැම්නොම් දැනගන්නවා කුමාරයා විවාහ වෙන්ඩ යනවා කියලා.ඉතින් ඒ නිසා එයා ගොඩක් දුක් වෙනවා නමුත් කරන්ඩ දෙයක් නැහැනෙ. ඒත් කුමාරය නම් පරාද වෙන්ඩ ලෑස්ති නැහැ. ඒකටත් විසඳුමක් හොයා ගන්නවා. බලන්ඩකො ඒක හරියයිද කියලා.

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

ඩොක්ටර් ජෝන් [S01 : E06] Sinhala Subtitles | වේදනාව නොමැති ලෝකය [සිංහල උපසිරසි සමඟ]

කන්ග් සි යොන්ග්ගේ තාත්තා මියගියේ කොහොමද කියලා අපිට පසුගිය කොටසින් දැනගන්න ලැබුණා. ඒ වගේම වේදනා …

Leave a Reply

Your email address will not be published.

One comment

  1. Amilani darshika

    What’s wrong with secretary kim එකේ subtitle දෙන්නකෝ

error: Alert: Content is protected !!