Saturday , September 18 2021
Breaking News

සයිලන්ස් : කැන් යූ හියර් ඉට්? (2021) Sinhala Subtitles | මේ නිහඬ බව බිඳින්න…. [සිංහල උපසිරසි]

Rating: 8.8/10. From 27 votes.
Please wait...

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 අවුරුද්දේ මාර්තු 26 වෙනිදා සී5, OTT මාධ්‍ය හරහා නිකුත් වුණ Thriller ගණයට අයත් සයිලන්ස් : කැන් යූ හියර් ඉට්? (2021) හින්දි සිනමා නිර්මාණය වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවිය එක්ක එකතු උනේ. මුලින්ම මේ සිනමා නිර්මාණය වෙන් කරලා දුන්න සිසිල ප්‍රසාද් සොහොයුරාට වගේම වැඩ රාජකාරි මැද්දේ මේ සිංහල උපසිරැසිය වෙනුවෙන් දායකත්වය ලබා දුන්න මයුර සුරාජ් සොහොයුරාටත් ස්තූතිවන්ත වෙනවා.

මේ වෙද්දි 777 දෙනෙක්ගේ මනාපයෙන් IMDb දර්ශකයේ 6.6/10, 94% ක ගූගල් පරිශීලක අගයක් හිමිකර ගන්න මේ සිනමා නිර්මාණය සමත් වෙලා තියෙනවා. A b a n  B h a r u c h a  D e o h a n s ‌ගේ තිර රචනයක් වගේම අධ්‍යක්ෂණයක් වෙන මේ සිනමා නිර්මාණය වෙනුවෙන් M a n o j  B a j p a y e e,  A r j u n  M a t h u r,  B a r k h a  S i n g h,  P r a c h i  D e s a i,  S a h i l  V a i d,  S h i s h i r  S h a r m a,  D e n z i l  S m i t h ඇතුළු පිරිසක් රංගන දායකත්වය එක් කරලා තියෙනවා.

කතාව ගැන කිව්වොත්, පූජා කියන්නේ අවුරුදු 28 ක ලස්සන කෙල්ලෙක්. මෙයාගේ හිතේ තියෙන රහසක් කියන්න, පූජා දවසක් හැන්දෑවක තමන්ගේ යාළුවා කවිතාව හොයාගෙන කවිතාගේ ගෙදර යනවා. ඒත් පූජාට කවිතා මුණ ගැහෙන්නේ නෑ. කවිතා ප්‍රදර්ශනයක් පවත්වන්න පූනේ ගියා කියලා කවිතාගේ මහත්තයා රවී ඛන්නා පූජාට කිව්වම පූජා තීරණය කරනවා පහුවදාට පූනේ ගිහින් කවිතාව මුණ ගැහෙන්න. එදා කවිතාගේ ගෙදර නතර වෙන පූජා පහුවදා කවිතාව මුණ ගැහෙන්න යන්න ලෑස්ති වෙන අතරේ කවිතා ප්‍රදර්ශනය නතර කරලා ගෙදර එනවා. හදිස්සියෙම ගෙදර ආපු කවිතා පඩිපෙළකින් වැටිලා කෝමා තත්වෙකට පත්වෙනවා. එතකොට පූජාට කවිතාව මුණ ගැහෙනවාද? කවිතාට මොකද උනේ කියලා දැනගන්නවාද? කොහෙත්ම නෑ. මොකද ඒ වෙද්දිත් පූජා මේ ලෝකේ අත ඇරලා ගිහින් ඉවරයි. පූජාගේ මළ සිරුර දුර කන්දක මුදුනේ තිබිලා හමුවෙනවා. ඇත්තටම මෙයාලට මොකද උනේ? කාට හරි මේ අභිරහස විසදන්න පුළුවන් වෙයිද කියලා චිත්‍රපටිය බලලම දැන ගන්න.

තවත් මේ වගේම සිංහල උපසිරැසියකින් හමුවෙමු. සුබ දවසක් වේවා.

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි  HDRip පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට සහ “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Driving Miss Daisy (1989) Sinhala Subtitle | හිත හොඳ මිනිසා… [සිංහල උපසිරසි]

අද කාලෙ එන චිත්‍රපට වලව වඩා මම ගොඩක්ම ප්‍රිය කරන්නෙ පැරණි චිත්‍රපට නැරඹීමට. එහි තිබෙන …

Leave a Reply

Your email address will not be published.

42 comments

  1. Thank you brthr sub ekata……..

  2. බොහොම ස්තූතියි ….. !

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  5. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  6. thanks a lot saho

  7. Buddhika Lakmal

    ♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦

  8. Average මට්ටමේ thriller ස්ටෝරියක්.ලොකුම කුතුහලයක් කතාව ඇතුළෙ නැතත් manoj bajpayee මිනිහගෙ ඇක්ටින් වලින් කතාවට සෑහෙන කුතුහලයක් අරන් එන්න උත්සහ කරල තියනව.See5 ලගෙ අනිත් ෆිල්ම් සීරීස් වල වගේම ගොඩක් ඉංග්‍රීසි දෙබස් මේකටත් ඔබල නිසා හින්දි එකක්ද බලන්නෙ කියලත් වෙලාවකට අමතක උනා.සබ් එක දුන්නට දෙන්නටම බොහොම ස්තූතිය.ජයවේවා!!

  9. thanks..

    • Bohoma sthuthi upasirasata.kisidu laba apekshawakin thorawa oyagollo me karanne godak honda wadak. jhon abrahamge mumbai saga film ekatath ikmata sub eka dennako

  10. Thanks machi

  11. Hindi thriller nm ithin aniwa balillak tmai

  12. Godzilla vs. Kong(2021) sub plzzz

  13. චමෝද්

    නියම වැඩක්

  14. adeh thanku hodai

  15. supiriyak wage
    blnna ona
    jaya wewa

  16. ඉතුරුවත් ඉක්මනටම දෙමු
    ජය වේවා!!!

  17. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  18. මලිත්

    ස්තුතියි උපසිරසියට දෙන්නටම
    දිගටම උපසිරසි කරන්න

  19. Thanks……

  20. සිංහල උපසිරැසියට ස්තූතියි

  21. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  22. බොහොම ස්තූතියි

  23. උපසිරැසියට බොහොම ස්තූතියි.

    බයිස්කෝප් අඩවියෙන් සබ් නොදීපු තව චිත්‍රපට තියනවා. ඒවාටත් කවුරුහරි කැමැත්තෙන් ඉන්නවා නම් සබ් දෙන ලෙස ඉල්ලමි.

    Doob: No Bed of Roses – 2017 (ඉර්ෆාන් ඛාන්)
    Firangi – 2017 (කපිල් ෂර්මා)
    Yamla Pagla Deewana: Phir se – 2018 (සනී ඩියොල්, බොබී ඩියොල්, ධර්මේන්ද්‍ර)
    Mohalla Assi – 2018 (සනී ඩියොල්)
    Rajma Chawal – 2018 (රිෂි කපූර්)
    Rangeela Raja – 2019 (ගෝවින්දා)
    Jhootha Kahin Ka – 2019 (රිෂි කපූර්)
    The Tashkent File – 2019 (මිතුන් චක්‍රබෝති,
    නස්‍ රුදින් ෂාහ්)
    PM Narendra Modi – 2019 (විවේක් ඔබ්‍ රෝයි)

    • මචන් ඔය සෙට් එකේ ගොඩක් ෆිල්ම් අසාර්තක වෙච්ච ඒව නේද…ගූගල් එකෙ ගැහුවම ව්ස්තරේ එනෝ….imdb rate එකත් ගොඩක්ම අඩුයි සමහර ඒවයි….ඒ නිසා අපරාදේ බන් කාලය ඕවට සබ් කරන එකෙයි බලන එකයි…requst කරපන් මගහැරුනු සුපිරි ෆිල්ම් වලට……………………
      මට හිතෙන දේ කිව්වේ ඉතින් අවුල් වගෙ නම් සොරි හොදෙයි

  24. Thanks bro & sis
    Keep it up

  25. niyamai. thawa thawath aluth hindi love story danna saho.jaya wewa.

  26. ස්තුතියි දෙන්නටම
    අනිත් ඒවත් ඉක්මනට දෙමු

  27. Thank you guyz

  28. ස්තුතියි සහෝ

  29. isuru srinath sjs

    මරු මරු…. දෙන්නටම බොහොම ස්තුතියි…!!

  30. අලුතින් ආපු කොරියන් ත්‍රිලර් සීරීස් ගොඩක් තියනවා බයිස්කෝප් එකෙන් සබ් නොදීපු ඒවටත් පුලුවන් නම් සබ් දෙන්න……
    මේකත් සුපිරියක් වගේ, දෙන්නටම ස්තුතියි

  31. Thanks both of you
    Keep it up

  32. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  33. Goda kalekin.. Thanks macho.
    Baiscopelk Rise again.
    Hail Baiscopelk

  34. Supun Kaushalya

    තෑන්ක්ස් දෙන්නටම

  35. අඩේහ්හ් හින්දි thriller series එකක් කාලෙකින්
    බලමු බලමු …එල එල මයුර සහෝ

  36. thank you baiscope! ❤❤❤

error: Alert: Content is protected !!