Friday , December 3 2021
Breaking News

ස්වීට් හෝම් (2021) [S01 : E10] Sinhala Subtitles | අවසානයක් නොව විරාමයක්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 6 votes.
Please wait...

හායි යාලූ ඉතිං ඔන්න Sweet Home සීරිස් එකේ පළවෙනි සිසන් එකේ අන්තිම එපිසෝඩ් එක අරගෙන එන්න තමා මේ ලෑස්තිය.

ඉතිං වෙන සීරිස් වල එක සීසන් එකක් අවසන් වෙනව වගේම තමා මේකෙත් අවසන් වෙන්නෙ. වෙන්න පුළුවන් දේවල් ඔක්කොම වෙලා. අන්තිමට මොකක් හරි හෝඩුවාවක් එක්ක අභිරහසක් තියල සීසන් එක ඉවර වෙනවා. ඉතිං ඒ වගේ තමා මේකෙත්.

ඉතිං කියන්න කණගාටුයි. මේ එපිසෝඩ් එකෙත්, අපේ මේ කතාවෙ හිටිය තවත් වටිනා ජීවිත ටිකක් අපට නැතිවෙනවා. ඒවගේම විශේෂයෙන්ම කියන්න ඕන. අර කලින් එකේ යන්-සු වගේම කෙනෙක් අර මැර කල්ලිය එක්ක එනව නේද? ඌ නම් එච්චර හොද එකෙක් නෙවෙයි වගේ. මේ එපිසෝඩ් එකේ නම් ඒක හොදටම ඔප්පු වෙනවා.

ඒ විතරක් නෙවෙයි, අපේ අර කණ්නාඩි දෙකක් දාන් ඉන්න වයසක මහත්තෙයා (රෝද පුටුවෙ ඉන්න කෙනා නෙවෙයි,අනිත් කෙනා) කියන ඒ දේත් ඇත්තක් කරන ගමන් එයා අර කියපු උමං මාර්ගය හොයා ගන්නවා. පස්සෙ ඉතිං ජීවිත බේරගත්ත අපේ මේ වීරයො ටික. ඒ බයානක හිර ගෙදරින් එළියට පැනගන්නවා.

පස්සෙ ඉතිං වෙන හරිය දන්නෙ ටීවි සීරිස් එකේ නිශ්පාදක මඩුල්ල තමා. මොකද ඉතිං තාම දෙවැනි සීසන් එක ගැන මුකුත්ම ආරංචියක් නෑ. ට්‍රේලර් එකක්වත් තාම නිකුත්වෙලා නෑ. ඒත් මේ අවුරුද්දෙ දෙසැම්බර් දෙවනි සීසන් එක නිකුත් වෙනවා කියලා පොඩි ආරංචියක් නම් තියෙනවා. අපි බලමුකො නේද? අර “අටපට්ටම” වැඩසටහනෙ “දඩි බිඩිස්” අයියට වගේ මටත් කියන්න තියෙන්නේ…

“ටිකක් ඉන්ටකෝ….! ” 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Check Also

Hawkeye [S01 : E03] Sinhala Subtitles | එකෝ [සිංහල උපසිරැසි]

මෙන්න එහෙනම් මාවල් සිනමා විශ්වයේ අලුත්ම මිනි සීරීස් එකේ තුන්වෙනි කොටසත් උණු උණුවේ අරන් එනවා. …

Leave a Reply

Your email address will not be published.

9 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  2. තෑන්ක්ස් බ්‍රෝ ඔක්කොටම සබ් ගෙනාවට

  3. Aluth korean supiryak ona

  4. සිංහල උපසිරසිවලට ස්තුතියි

  5. Thanks for all subtitles
    Give more korean series and films

  6. සිංහල උපසිරසි ඔක්කොටම ස්තුතියි සහෝ
    අලුත් කොරියන් ත්‍රිලර් එකක් දෙමු ඊලගට

  7. Thanks for sub

  8. සිංහල උපසිරැසියට ස්තූතියි

error: Alert: Content is protected !!