Wednesday , March 22 2023

ෆ්ලේම්ස් (2018-) [S03: E01] Sinhala Subtitles | තුන්වෙනි වාරෙ ඇවිල්ලා [සිංහල උපසිරසි]

Rating: 8.7/10. From 7 votes.
Please wait...

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ 2018 වසරේ දී විකාශනය වූ ආදරණීය කතාමාලාවක උපසිරැසියක්. මෙම කතා මාලාවෙ පලමු හා දෙවන කතා සමයන් නරඹපු ඔබට මේ කතා මාලාව ගැන හොද අවබෝධයක් ඇති කියලා හිතනවා. බොහෝ දෙනෙකුගෙ ඉල්ලීම නිසා මේ කතාමාලාවේ ඉතුරු කතාංග ටිකටත් උපසිරැසි නිර්මාණය කරන්න අපි හිතුවා.

IMDB අගය 8.9 ක් ලබා ඇති මේ කතා මාලව අධ්‍යක්ෂණය කලේ Apoorv Singh Karki සහ Divyanshu Malhotra යන අය විසින්. මේ වෙබ් කතා මාලාව මුලින්ම විකාශනය වුනේ TVFplay හරහා. ඒ වගේම දෙවෙනි කතා සමය TVFplay හා Mx player හරහා. මේ කතා මාලාවට ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහල යාම හිංදම දෝ, මේ කතා මාලාවෙ තුන් වැන්න Amazon prime හරහා 2022 ඔක්තෝම්බර් 28 දින සිට විකාශනය වූවා.

Ritvik Sahore, Tanya Maniktala, Sunakshi Grover, Shivam Kakar යන අය මේ කතාමාලවට රංගනයෙන් දයක වෙනවා. Afroz Jahan, Tusshar Mallek, Arabinda Neog යන අය මෙහි සංගීතයෙන් දායක වෙනවා. Deepesh Sumitra Jagdish හා Puneet Batra තමා මේ කතාව ලියලා තියෙන්නෙ. ඉෂිතා සහා රාජත් ගේ ආදර අන්දරය හා ඒ ආදරයට ඇති වෙන බාධා ගැන තමා මේ කතා මාලවෙ මූලිකව ගෙන එන්නේ.

අලුත් කතා මාලාවෙ, මුල්ම කතාවෙ වෙන්නෙ මොකක් ද කියලා ඔයාලා නරඹන්න කියලා මං ඔයාලට ආරාධනා කරනවා. මේ කතාමාලාවේ පලමු සහ දෙවන කතාසමයන් සදහා උපසිරැසි නිර්මාණය කල අචින්ත උදයංග සොයුරාට මේ අවස්ථාවෙ හෘද්‍යාංගම ස්තූතිය මේ අවස්ථාවෙ ප්‍රකාශ කරනවා. එහෙනම් මීලග කතාවේ උපසිරැසියෙන් හමුවෙන තෙක් ඔබට සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා.

කතාංගයේ නම : “Baahon Mein Chale Aao”
කතා රචනය : Deepesh Sumitra Jagdish හා Puneet Batra
අධ්‍යක්ෂණය : Divyanshu Malhotra
IMDb අගය : 8.9
විකාශය වු දිනය : 28 October 2022
මීළඟ කතාංගය : “Chupana bhi nahi aata, jatana bhi nahi aata”

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Most Dangerous Game [S02] Complete Season Sinhala Subtitles | ලෝකයේ භයානකම සෙල්ලම නැවතත් [සිංහල උපසිරැසි]

හන්ටින් එහෙමත් නැත්තම් දඩයම් කිරීම කියන්නේ මනුෂ්‍යයන් විසින් අනුගමනය කල ලොව පැරණිතම ක්‍රියාවක්. ආදී මුතුන්මිත්තන් …

Leave a Reply

Your email address will not be published.

8 comments

  1. බොහෝම ස්තුතියි ❤ සබ් එකට…
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම
    තව තවත් වැඩිවේවා…✌

  2. අචින්ත

    ජය වේවා!
    වැඩ රාජකාරි අස්සේ භාර අරන් කරනවට
    බොහෝම ස්තූතියි සහෝදරයා.

  3. සිංහල උපසිරසිවලට ස්තුතියි සියලුමදෙනාට

  4. ඔක්කොම ඕන
    මේක සුපිරියක්
    Thanks a lot
    ❤️‍❤️‍

  5. thanx machooo supiriyak

  6. උපසිරසියට තුති

  7. Thanks

  8. සබට තුති සහෝ…

error: Alert: Content is protected !!