Saturday , September 25 2021
Breaking News

Don’t Breathe (2016) Sinhala Subtitles | ගෙවල් බිදින්න යද්දි නිවැසියා ගැන සුළුවෙන් තකන්න එපා. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.5/10. From 28 votes.
Please wait...

Don't Breathe (2016)

මම අද ගෙනාව බයිස්කොප් එක තරමක් සුලභ මාතෘකාවකින් නිර්මාණය උණත් තරමක වෙනස් කථාවක් තියෙන එකක්. ගෙවල් බිදීම ගැන ගොඩක් නිර්මාණ බිහි වෙලා තියෙනවා. අපේ අයට මුලින්ම මතක් වෙන්න ඕන අපි කවුරුත් ආස කොමඩි ෆිලුම HOME ALONE :D. මමත් ආසයි ඒ චිත්‍රපටයට ගොඩක්. තමංගෙ ගෙදරට මංකොල්ල කාරයො ආවම ගෙදර පුංචි ළමය ඒ මංකොල්ල කාරයන්ට පාඩමක් උගන්නන විදිහ තමා හාස්‍යජනකව පෙන්නන්නේ. නමුත් මේක ඒකෙ අනික් පැත්ත. පොඩ්ඩක් අපි ඒ නිසා කථාව දිහාවට හැරෙමු.

මේ කථාව Thriller නොහොත් මගෙ ආසම කථා ප්‍රභේදයට අයත් එකක්. ඇත්තටම මේ කථාවේ චරිත කිහිපයක් තියෙන්නේ. මේකෙ ප්‍රධාන චරිතය රොක්සෑන් කියන තරුණිය. ඇයට තමන්ගේ සගයින් කියන්නේ රොකී කියල. ඇයගෙ සගයින්ගෙ කෙනෙක් ඇගේ පෙම්වතා මනී. ඒවගේම අනික් කෙනා ඇලෙක්ස්. මෙයා ඒක පාර්ශවික ආදරයක් කරන කෙනෙක්. අපේ අය දන්නව ඇති නෙ ඒ ගැන :D. කොහොමහරි කොල්ලො දෙන්නම කෙල්ලට ලව්. ඉතිං ඒගැන නෙවේ කථාව තියෙන්නෙ. ලව් සීන් නම් නෑ දුක තමා 🙁 . මෙයාලගෙ හොරකමිකින් තමා කථාව පටං ගන්නේ. මේ රොක්සෑන් කියන තරුණියට ගෙදරින් පීඩාවන් ගොඩයි. එයාගෙ තාත්ත නැතිවෙලා. අම්ම තව පිරිමියෙක් එක්ක ජීවත් වෙනවා ඒ ගෙදරම. නංගීයි මෙයයි හරි අම්රුවෙන් ඉන්නෙ මේ ගෙදර. ඉතිං මෙයාට ඕන තමං ඉන්න මිෂිගන් අතෑරලා කැළිෆෝනියාවට යන්න. ගිහින් පාඩුවෙ ජීවත් වෙන්න. අනික් දෙන්නත් යන්න ලැහැස්ති පිටයි ඉන්නෙ. ගෙදර පීඩා නිසාමයි මෙයා හොරකමේ යන්නෙත්. ඇත්තටම මෙයාල ගෙවල් බින්දට සල්ලි හොරකම් කරන්නෙ නෑ. බඩු භාණ්ඩ හොරකම් කරලා විකුණනවා. ඒත් එව ගන්නෙ කුණු කොල්ලෙට. ඉතිං මේ නිසා රිස්ක් එකක් අරං පුංචි මුදලක් ගන්නවට වඩා මෙයාල හිතනව සල්ලි ගොඩක් හොයාගන්න.

ඒ නිසා ඔවුන්ට දැනගන්න ලැබෙනවා වයසට ගිය විශ්‍රාමික හමුදා සෙබලෙක්ගේ නිවසක් ගැන. එයා ජීවත් වෙන පැත්තෙ මිනිස්සුත් නෑ. ඒවගේම පොර අන්ධයි කියලත් දැනගන්නවා. ආ මට කියන්න අමතක උණා ඇලෙක්ස් ගෙ තාත්තට තමංගෙම කියල ආරකෂක පද්ධති විකුණන ආයතනයක් තියෙනවා. ඒ නිසා ඒ ආරකෂක පද්ධති මිලට ගන්න අය යතුරුවල කොපි එහෙම මේ ඇලෙක්ස්ගෙ ගෙදර තියල තියෙන්නේ. ඉතිං හොරකම් කරන එක අහන්නත් දෙයක්ද :D. ඒත් මතක තියාගන්න ඇලෙක්ස් ගෙ තාත්ත මේ කිසිම දෙයක් දන්නෙ නෑ. පුතා තාත්තට හොරෙන් රොකීයි මනීයි එක්ක හොරකම් කරන්නේ. ආයෙ එමුකො කථාවට. ඉතිං කට්ට කාල කොහොමහරි ගෙට පනිනවා. ලේසි කට්ටකුත් නෙවේ කන්නෙ හැබැයි. හා හා පුරා කියල දෙවියන් බුදුන් වැදල නිදන කාමරේ ඇතුලෙ ඉන්න මිනිහට නින්ද යන්න ගෑස් බෝම්බයක් සෙට් කරල තමා වැඩේ පටං ගන්න හදන්නෙ. ඒත් කරුමෙට පොර එසේ මෙසේ එකෙක් නං නෙවේ. හමුදාවෙ අය ගැන අවබෝධයක් ඇති නෙ හැමෝටම 😉 . අනික තමා මේ ගෙවල් බිදින වැඩේදි මේ ගොල්ල තව අභිරහසක් වගේ දේයක් හොයාගන්නවා. ඒක ටිකක්.. අනේ මන්ද.. බලන්නකො මොකද්ද කියලා.. එහෙමනං මම නවතිනවා. ආයෙත් හොද නිර්මාණයක් එක්ක හමුවෙමු. ජයවේවා!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD / WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E08] Sinhala Subtitles | අවසානය සහ අරුනෝදය… [සිංහල උපසිරැසි]

මේ අරන් ආවෙ කතා මාලාවෙ අවසන් කොටස. පහුගිය කොටසෙ කට්ටියම එකතු වෙලා ආච්චිව බේර ගත්තනෙ. …

Leave a Reply

Your email address will not be published.

54 comments

  1. සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  2. එලම

  3. උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  4. Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  5. Superb movie akk. Acting, screenplay okkoma niyamai

  6. Blu-ray 1080p walatath sub denna.

  7. අප්ඩේට් එකට තෑන්ක්ස්

  8. Thank you very much

  9. thanks bro

  10. ජයවේවා බ්‍රෝ

  11. Farmchemie_Roshan

    Thanx mchn

  12. amma balanna hitapu film ekak!!!!!
    sub valata thanx aiye!!!!
    digatama me vage sub denna labenna one!!!!

  13. Thanks. Sub eka wada..

  14. me sub eka wada natho

  15. download unaya wada nha bro

  16. download wenawa eth wada nha ne bn

  17. Thank you so much for the sub

  18. ස්තුතියි සහෝ සබ් එකට,. ජය,.

  19. supirima film ekak.
    ada tamayi baluwe.
    sub ekata thank you.
    jaya!!!

  20. උපසිරැසියට බොහෝම ස්තූතියි දීප්ත සහෝ.
    සුපිරියටම සබ කරලා තිබ්බා.
    අවසානය දක්වාම කුතුහලයෙන් බලන්න පුලුවන් සුපිරිම ෆිලුමක්.
    මේ ෆිලුමේ 02 වන කොටසක් එයිදෝ කියන ඉගියක් දුන්න එයිද දන්නේ නෑ හිටං……

  21. Obe kepavima agaya krnwa saho sub ekta ස්තුතිය mage

  22. Please meka bluray walsta apdet danna please ………bros

  23. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  24. thada thada bachi
    //හමුදාවෙ අය ගැන අවබෝධයක් ඇති නෙ හැමෝටම
    api nam dhanne nah :p

  25. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

  26. Macgyver Tv Series එකට සබ් දෙන්නකො

  27. උපසිරසියට ගොඩක් ස්තූතියි සහෝ

  28. Upun Nethupriya

    අයියේ premam movie එකේ theligu version එකට sab දෙනවද??????? ඒක සුපිරි movie එකක්

  29. meka enakan unne machan

  30. දිනේෂ් අකලංක

    සුපිරි film එකක් වගේ සහෝ.. සබ් එකට බොහොම ස්තුතී..

  31. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  32. this is the best horror film within 20 years of time. what can i say

  33. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  34. D. Harshana Dilshan

    Niyamai Bro.. balan hitiye Sub 1 enakan…
    Jaya Wewa……..!!!!!!

  35. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

  36. Good work friend thanks.

  37. elma sahoo

  38. දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…

    මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  39. ලුසිපර් අලුත් එපියෙ සබ දාන්නැත්තෙ ඇයි බන්

  40. The Last Exorcism (2010) FILM ekata site eke sub naha bn. oke 2 ekata sub tiyanava. okata sub denna puluvn nam vatinava maxxa film ekak meka.
    The Last Exorcism (2010)

error: Alert: Content is protected !!