අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

අදට අපෙන් 1,000 යි!

Rating: 8.5/10. From 6 votes.
Please wait...

ඔබට මතකද 2009 වසරේ මාර්තු මාසෙ 10 වෙනිදා? එදා අපට සුවිශේෂ දවසක්! අපට විතරක් නෙවෙයි සමස්ත ලාංකීය සිනමා රසිකයන්ටම සුවිශේෂ දවසක්! එදා තමයි ලෝකයේ තැනෙන සිනමා කෘති ගැන සිංහලෙන් ලිපි පළ කරන විබ පළක් අන්තර්ජාලයට මුසු වුණු දවස. එදා පටන්ගන්න කොට මේ විබ පළ සරළ බ්ලොග් එකක් එහෙමත් නැතිනම් වියුණුවක් විදිහට තමයි තිබ්බේ. කලිනුත් කීව වගේ, මුල්ම වතාවට 2009 මාර්තු 10 වෙනිදා පොතේගුරා සොහොයුරා තමන් බලපු විදෙස් සිනමා කෘතියක් ගැන තොරතුරු ලිපියක් හැටියට සටහන් කළා, තමන් වගේම සිනමාව රසවිඳින අනෙකුත් පිරිසටත් තමන් බලපු සිනමා පටයක් ගැන තතු විත්ති කියන අදහසින්. එදා හිටං අපේ ආදරණීය පොතේගුරා, තමනට හැකි අයුරින් ඉඩකඩ ලැබෙන විදිහ අනුව තවත් සිනමා කෘති ගැන ලිපි දාන්න කටයුතු කළා. තනියම මේ වැඩේ පටන් ගත්තත්, වැඩේ ටික ටික නැගල යද්දි තනියම කරගන්න බැරිව ගිය නිසා මේ හරහා තමන්ට කුළුපග වුණු, මේ වැඩේ අගය කරපු තවත් අයගේ සහය ලබාගන්න ඔහුට සිද්ධ වුණා. ඔතනින් පස්සෙ තමයි අපේ ගුරාගෙ ලිපි ඇරුණු කොට වෙනත් නොයෙක් සහෝදරවරු ලියාපු ලිපි පළවෙන්න ගන්නේ.

ඔය විදියට කාලය ගතවෙනකොට vbmaster කියන යාළුවා අපේ ගුරාට අමුතු මෘදුකාංගයක් දීල කියනව මේකෙන් සිංහල උපසිරැස හදන්න පුළුවන්, උත්සාහ කරල බලන්න කියල..ඉතින් ගුරා මෙතෙක් කලක් තමන්ට සහය දීපු හිතෛෂී මිතුරෙකුගෙන් අහනවා අපි හවුලෙ සිංහලෙන් උපසි‍රැසියක් කරමුද කියලා. කොහොමින් කොහොමින් හරි බාගෙ බාගෙ බෙදාගෙන දෙන්න එක්ක වැඩේට අත ගහනවා. මේ කටයුත්තට අතපොවපු අනිත් සගයා මේ ගැන කොතරම්නම් උනන්දුවක් දැක්වුවද කිව්වොත්, ඉස්සිස්සෙල්ලම කරන්න ගත්තු එක ඉවර වෙන්නත් ඉස්සර තවත් එකක් කරනවා තනියෙම. ඒ විදිහට අන්තර්ජාලයට නිකුත් කෙරුණු ප්‍රථම නිදහස් සිංහල උපසි‍රැසියේ අයිතිය රොයිලි ප්‍රනාන්දු නමින් ලියවෙනවා 2009 වර්ෂයේ 06 වෙනි මාසේ 26 වෙනිදා. ඊට පසු එදා සිටන් අද දක්වා විශාල සහෝදර සහෝදරියෝ පිරිසක් තමන්ගේ කාලයත් ශ්‍රමයත් උපසි‍රැසි දායකත්වය වෙනුවෙන් කැපකරනවා මේ කටයුත්තට.

මෙහෙම ටික කලක් යද්දි තමන්ගෙ මේ වියුණුව දියුණු කරන්න අදහසක් එනව අපේ ගුරාට. එතකොට වියුණුව විබ පළක් බවට හරවලා වැඩි දියුණු කරල ගන්නවා. ඒකට එදා ඉඳන් අද දක්වාම ගුරාගෙ ළඟම මිත්‍රයෙක් වෙන විද්‍යා තමයි තාක්ෂණික සහය ලබා දෙන්නේ. ඊට පස්සේ තනියම මේක කරගෙන යන්න බැරි වෙන තත්වෙට පත්වේගන එනකොට ගුරා කරන්නේ තව කට්ටියක් තමන්ගෙ වැඩේට එක් කරගන්න එක. “ගෝලයා” (උමේෂ් ලීලසේන), රොයිලි ප්‍රනාන්දු කියන පිරිස මේ විබ පළේ සංස්කාරකවරු හැටියට පත්වීම් දීල බඳවගන්නේ ඒ ඒ අංශ මේ අයට පවරල දීලා. මේ පාඨක, සංස්කාරක එකමුතුකම නිසාම 2009 වසරේ “අසෙනිය කුසුම” සාහිත්‍ය කලා මහෝත්සවයේදී හොඳම සමූහ බ්ලොග් අඩවියට හිමි සම්මානයත් බයිස්කෝප් සිංහලෙන් අඩවියට හිමිවෙනවා. ඔය විදිහට ටිකෙන් ටික මේ විබ පළ දියුණු වෙනවා හෙමින් සැරේ. තවත් ටික කලකදී තව දෙන්නෙකුත් එකතු වෙනවා සංස්කාරක මඩුල්ලට. ඒ තමා අපේ වාසල සොහොයුරා සහ විකියා සොහොයුරා. ඔය අතරේ එක එක කාලෙට හොඳ වගේම නරක දසාවනුත් ලබනවා. නමුත් ඒ සියලු දේම අතරින් අපේ මේ ආදරණීය මිතුරා නොසැලී ඉදිරියටම යනවා. එහෙම කල් ගෙවාගෙන ගෙවාගෙන ඇවිදිං අද වෙනකොට අපේ මේ හිතෛෂීවන්ත මිත්‍රයා තවත් එක කඩ-ඉමකට ළං වෙලා.

අද වෙනකොට මේ විබ පළින් නිකුත් කරන 1000 වන ලිපිය ඔබට ලබා දෙන්න අපට හැකි වෙලා තියෙනවා. ඒ වගේම සිංහල උපසිරැසි 300 ක් අද දිනත් එක්ක ඔබ වෙත ලබා දී තියනවා. ඉතිං මේ දිනයේ දී අපේ ලෙංගතු මිතුරා, බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සුවිශේෂී මතකයක් බවට හරවන්න අපේම සොයුරෙක් වන උදා සහෝගේ අදහසක් අනුව මතු වුණු යෝජනාවක් පරිදි කිසියම් වැඩ කටයුත්තක් සංවිධානය වුණා. අපේ සොයුරු සොයුරියන්ගේ නිර්මාණ දායකත්වය සහිතව තවත් නවමු වැඩකට අතපොවන්න අපි කටයුතු කළා. ඔවුනගේ මාස කිහිපයක වෙහෙස මහන්සිය අද මේ ලෙස මල්ඵල දරනවා අපේ අදහස සඵල කරගෙන!

වෙනදා වගේම මෙවරත් හොඳම දේ වෙනුවෙන් පෙරගමන් කරමින් අපි ඇරඹූ ඒ කටයුත්ත තමා, ජාලගත සිනමා දත්ත සමූහයේ (IMDb) හි දැක්වෙන ‘Top 250′ නැත්නම් ‘අනගි 250′ ලෙසින් හැඳින්වෙන සිනමා කෘතීන් අතරින් හැකි තරමක් සිංහල උපසි‍රැසි සමගින් ඔබ වෙත නිකුත් කිරීමේ කර්තව්‍යය. ඇත්තෙන්ම මේකෙ කිසිම අලුත් බවක් නෑ. මේ වෙනකොටත් අප හා එක්ව උපසි‍රැසි නිර්මාණය කළ සොයුරු සොයුරියන් අතින් ඉන් 35 කට ආසන්න ගණනක් උපසි‍රැසි ගැන්වී හමාරයි. ඒ කර්තව්‍ය තවත් ඉදිරියට ගෙන යමින් ඒ අනර්ඝ සිනමා කෘති අතරින් හැකි තරමක් ඔබ වෙත උපසි‍රැසි සහිතව ගෙන ඒම සඳහා අරඹන මේ කටයුත්තට ‘අනගි 250′ නැත්නම් ‘Top 250′ අතර ‍රැඳුණු සිනමා පටවලින් ඉහළින්ම තිබෙනා සිනමා පට කීපයක් සඳහා එකවර සිංහල උපසි‍රැසි ඔබ වෙත නිකුත් කරමින් මුලපුරන එක තමා ඒ අදහස. මේ වන විටත් එයින් කීපයක්ම නිකුත් කර ඇති අතර අද අපට හැකි උණා මුල් 10 මෙලෙස සම්පූර්ණ කරන්නට.

මේ යෝජනාව ආ දා පටන් අපේ සොයුරු සොයුරියන් විශාල පිරිසක් ඔවුනගේ නොමසුරු දායකත්වය මේ වෙනුවෙන් පළ කළා. අප සැමගේ සාමූහික ප්‍රයත්නයක අවසන් ඵලය ලෙස අද ඒ කටයුත්ත මේ ලෙස සාර්ථකත්වයට ළඟා වෙනවා. කවුරුත් ප්‍රිය කරන ජනප්‍රිය ආරේ සිනමා කෘති සිංහල උපසි‍රැසි සමගින් ගෙන එන අතරතුරේ; සිනමාවේ ගුණත්වයත්, විවිධත්වයත්, ආකර්ෂණයත් මනාව විඳගැනීමේ ඉඩහසර ඔබ වෙත ලබා දීමේ අදහසිනුයි අප මේ කටයුත්තට මුල පිරුවේ. අපේ මේ සාමූහික විබ පළේ ජනප්‍රිය බව හා සාපේක්ෂව උසස් බවත් ‍රැක ගැනීමයි මෙහි අරමුණ. මේ කටයුත්ත සාර්ථකව ඉදිරියට ‍රැගෙන යාම සඳහා ඔබේ අදහස් අපට බොහොම වටීවි. ඒ නිසා ඔබේ අදහසත් දක්වා යන්න අමතක කරන්න එපා!

ඒ වගේම එදා සිට අද දක්වා මේ විබ පල පවත්වාගෙන යාමට ඉතා විශාල පිරිසක් අපට සහය දුන්නා. තමන් රසවිඳි සිනමා පටයක් ගැන හැඳින්වීමක් කර අනෙක් අයත් සමඟ එහි රසය බෙදා ගැනීමේ අදහසින් ලිපි ලබාදුන් පිරිස සහ විදේශීය සිනමාව සිංහලෙන් රසවිඳීට අවස්ථාව ලබාදුන් පිරිස මේ මොහොතේ විශේෂයෙන් මතක් කරන්න ඕන. ඔවුන්ගේ කාලය, ශ්‍රමය, මුදල වැයකරමින් මේ අඩවිය පවත්වාගෙන යන්නට කල කැපවීම ගැන අප ඉතා හෘදයාංගමව ඔවුනට ස්තූතිවන්ත වෙනවා. එවන් පිරිසකගේ දායකත්වය නිස තමයි අප මෙපමණ දුරක් අද දින වන විට ඇවිත් තියෙන්නේ.

ඔබට උපසිරැසි කීපයක් පමණක් නොව, අද තවත් දෑ ගෙන එන්න අප අදහස් කලා. දිනෙන් දින තාක්ෂණය දියුණුවෙන අවධියක ඉන්නා අපට, ලංකාව තුළත් ජංගම දුරකථන වලින් සයිබර් අවකාශයට පිවිසෙනා ප්‍රමාණය එන්න එන්න වැඩි වෙමින් පවතින බව පේන්න තියනවනේ. ඉතින් අප අදහස් කළා ඒ සඳහාත් යම් කටයුත්තක් කරන්නට. එහි ප්‍රථිඵලයක් ලෙස අද දින සිට බයිස්කෝප් අඩවියට ඇන්ඩ්‍රොයිඩ් සහිත දුරකතනයකිනුත් පිවිසීමට ඔබට ඉඩ හසර සලසා දීමට අපට හැකි උණා. ඒ සඳහා අපේ අදහස කියූ පමණින් අපහට නොමිලේම තාක්ෂණික සහය ලබාදීමට කැමැත්ත පළකර එහි අවසන් ප්‍රථිඵලය ඔබ වෙත ගෙන ආවේ Bhasha Lanka (Pvt) Ltd හි නිර්මාතෘ ධනික පෙරේරා සොහොයුරායි. ඔහුටත් බයිස්කොප් අඩවියේ විශේෂ ස්තූතිය හිමි වෙනවා.

ඊට අමතරව ඔබට දකින්නට ලැබෙනා පරිදි අඩවියත් නව මුහුණුවරකින් ගෙන එන්නට අපට හැකි උණා. ඒ සඳහා විශාල කැපකිරීමක් කළේ ටෙක් කතා සමූහයේ කාලිංග, චම්ලි යන සොහොයුරන් පිරිසයි. ඔවුනුත් අපට නොමිලේම ඒ කටයුතු සිදුකර දුන් නිසාවෙන්ම ඔබට අඩවිය වෙත ඒමේදී තිබුණ අපහසුකම් පවා මගහරවා ගන්නට හැකි උණා. ඒ සොයුරන් පිරිසටත් අපේ විශේෂ ස්තූතිය පිරිනමනවා.

ඉතින්, මෙලෙසම තවත් චිරාත් කාලයක් ඔබ වෙත සිනමාවේ රසය ගෙන එන්නට අප අදිටන් කරගෙන ඉන්නවා. ඒ සඳහා අප සැවොම හැකි උපරිමයෙන් කටයුතු කරන්න සූදානම්ව ඉන්න බව කියන්න කැමතියි. එයට ඔබෙන් අපට අවැසි වන්නේ, එන්න, අඩවියට එන්න, ඔබ නොබලපු සිනමා පටයක් ගැන දැනගන්න, එය සිංහල උපසිරැසි සමඟ රසවිඳින්න, උපසිරැසි ලබාදුන් සොයුරු සොයුරියන්ට හයියක් දෙන්න !

චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්.. !

 The Shawshank Redemption (1994)

The Godfather (1972)

The Godfather II (1974) 

Pulp Fiction (1994) 

The Good, the Bad and the Ugly (1966)

12 Angry Men (1957) 

Schindler’s List (1993) 

The Dark Knight (2008)

The Lord of the Rings: The Return of the King (2003) 

Star Wars: Episode V – The Empire Strikes Back (1980) 

It’s a Wonderful Life (1946) 

Rashomon (1950) 

248 thoughts on “අදට අපෙන් 1,000 යි!

  • ලොවෙත් නෑ ආයේ නියමයි සහෝ….
    බොහොම ස්තූතියි මෙතෙක් ලබාදුන් සියලු සිංහල උපසිරැසිවලට,
    ජය වේවා…!

    Reply
  • අනාගත් ලංකාවේ අපේ දරුවො……! පින් උබලට

    Reply
  • බොහෝම ස්තූතියි! පුළුවන්නම් Windows App එකත් දාන්නකො!

    Reply
  • බොහොම ස්තූතියි!
    බයිස්කෝප් කණ්ඩායමේ හැමෝටම මගෙන් සුභ පැතුම්…
    චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්.. !

    Reply
  • නියමයි වැඩේ. සුභ පතනවා ඉදිරියටම යන්න.

    Reply
  • ela ela kiyala wadak ne superb !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • patta…..bro………

    Reply
  • baiscope ඇත්තෙන්න ගොඩාක් ස්තූතිවන්ත වෙන්න ඔන සයිට් එකෙ ඇඩ්ම්න් තුමාට සහ කාර්යය මන්ඩලයට.
    සුපිරිම වැඩක්..!!
    baiscope.lk නැත්නම සින්හලෙන් උප සි‍රැසි බලන්න වෙන් නෑ.
    එ වගෙම තමය් උප සි‍රැසි හදන අයටත් මෙ ස්තූතිය හිමිවෙන්න ඔන.
    Good Luck All the Best…!!
    (y) (y) (y)

    Reply
  • suba pathum. jaya wewa

    Reply
  • digin digatama karan yanna.oyala hamotama suba pathanawa…

    Reply
  • Admin.4n akan film dawnlod karanna kohomada kiyanawada pls kiyanna ikmanata

    Reply
  • Admin.4n akan film dawnlod karanna kohomada kiyanawada pls

    Reply
  • මගෙන් උණුසුම්ම සුභ පැතුම්.. ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල එකසිතින් ප්‍රාර්ථනා කරනව ……….

    Reply
  • චිරං ජයතු

    Reply
  • මගෙන් සුභ පැතුම්!!!!!!!!!!!
    උපරිමයි වැඩේ සයිට් එක පට්ට ලස්සනයි

    Reply
  • බයිස්කොප් හි අනාගතය ස්ථිරයි පැහැදිලි දිගු ගමනකට සුභ පැතුම්

    Reply
  • hondai godak hondai vatinawa. hakiyawak thiyenam hindhi Kabhi Khushi Kabhie Gham ha Kal Ho Naa Ho 2003 sinhala subtital soya denna. thanks. samada dinewa

    Reply
  • supiri wedak oya set 1 karanne.puluwannam film1 adala page1 a film1ta like1 danna thenakuth hadala denna puluwannam niyamai.comment dannanam thenak thiyanwane denatama.like 1 dannath a wagema thibbanam niyamai….

    Reply
  • ඒ වගේම ඔයාලගෙ ඉලක්කයක් වෙලා තියන ටොප් 250 සම්පූර්ණ කරන්නත් මට පුංචිම පුංචි විදියට හරි දායක වෙන්න ලැබුනු එක ගැන සියුම් ආඩම්බරයකුත් තියනව 😀 ;D

    Reply
  • මුලින්ම සමාවෙන්න ඕන මෙ දේවල් කියන්න ප්‍රමාදවෙච්ච එක ගැන 🙁
    නියම එලම කිරි වැඩක් මල් හතයි නෙමේ, දහහතරයි 😉
    මං බයිස්කෝප් එකෙන් ගත්තු පලවෙනිම සිංහල සබ් එක උනේ අමිල මනදේව සහෝ කරපු Its a Boy Girl Thing 2007 ඉතිං එදා ඉදල අද වෙනකම්ම බයිස්කෝප එකේ කොල්ලො සෙට් එකත් එක්ක එකතුවෙලා ඉන්නව 🙂
    මං තාම කරල තියෙන්නෙ එක සබ් එකක් උනට(Amélie [2001] | විස්මිත දිවිය) පුලුවන් වෙච්ච හැම වෙලාවකම කොමෙන්ට් එකකින් සලකන්න අමතක කරන්නෙ නැ 😉
    අපේ කොල්ලො ගැන අද ගොඩක් වැඩිහිටියො බලන්නෙ වපර ඇහෙන් 🙁 ඒක එයාලගෙ වරදකුත් නෙමෙයි ඒක මේ සමාජ ක්‍රමේ ගතියක්, එක මකුනයි කන්නෙ ඒත් හැමෝටම මැරෙන්න සිද්දවෙනව. ඒත් එහෙම පජාත කොල්ලො අතරෙ රියල්ම හිත හොද කොල්ලො සෙට් එකක් විදියට මේ කරන වැඩේට තව දුර ගමනක් යන්න ලැබෙන්න ඕන!
    ඉදිරියට යනකොට ගොඩක් බාධක, විවේචන ඒවි ඒත් ඒ බාධක ජය අරගෙන ඉදිරියටම යන එක තමා කොල්ලෙක් උනාම කරන්න ඔන, එහෙමනම් බවිස්කෝප එකට සදා ජය!

    Reply
  • චිරං ජයතු බයිස්කෝප් !!!

    Reply
  • godak sathutui…mama me site aken uparima pala neluwa…pitarata sewaya karana apita mehema deyak download karagena apema basawen kiyawanna labima loku gawrawayak…eanisa apita ape kiyaweme hakiyawa hamadama wadenawa…mehe inna kenek film akak balanna hoda thanak ahuwoth matanam nitharama anne baiscope thamai…puluwan tharam oyalawa pudgalain atharata geniyanna akai ape akama uthsahaya…oyalata suba pathum…hamadenatama subapathum.hada pathulenma ape deta godak sathutui…

    Reply
  • well done wiki keep it up

    Reply
  • aththatama niyama wedak..digin digatama ohoma yan.niyamayi

    Reply
  • Wadee nam ela kollo degatama api Ubalath akka

    JAYAKKAMA WEEWA

    Reply
  • මගේ 1000 වෙනි කමන්ට් එක…. 1000 වෙනි ලිපියේ පල කරා ඕන්….. 😀 🙂

    අවුරුදු 3ක් තිස්සේ, බයිස්කෝප් සිංහලෙන් එක්කම ඉන්න ලැබුනු එක ගැන ගොඩාක් සතුටුයි…… 🙂

    ඒ වගේම, මගේ ඉස්කෝලෙම සහෝදරයෙක් වෙන, පොතේ ගුරා සහෝ නිසා තමා ඈත්තටම එළකිරි.කොම් එක හරහා, අපි අදුරගත්තේ….. 😀

    ඊට පස්සේ එළකිරිය වගේම, බයිස්කෝප් සයිට් එකත්, මම නිතර යන එන තැනක් බවට පත් වුනා….. 🙂

    හැබැයි අපේ ගුරා තවම මට පොරොන්දු වෙච්ච රවුටරේ නම් දුන්නේ නෑ…. 😛 මම හිතන්නේ බයිස්කෝප් එකෙන්, දීලා තියෙන ෆිල්ම් වලින්, (Horror Films ඈර) වෙන ඕනාම එකක් මගේ ලග තියෙනවා….. 😀 ඉතින් ඒ ඔක්කොම බාන්න මට උදව් කරපු, මගේ D-Link Wireless ADSL Router එකයි, දැන් චා මැක්ස් උනත්, SLT ADSL 512 ලයින් එකයි, මගේ සෝනි ලැපයි මතක් කරන්නම ඕනා…. 😛

    ඒ වගේම, බියගම / කඩුවෙල / නුගේගොඩ පැත්තේ ඉන්න කෙනෙක්ට ඕනා නම්, බයිස්කෝප් එකේ තියෙන ඕනාම (Horror Films නැතුව) ෆිල්ම් එකක් දෙන්න පුලුවන් මට පෙන් එකක් හෝ Ext HDD එකක් අරන් ආවොත්…. 😀

    එහෙනම් ඉතින් ජයවේවා…… 🙂

    Reply
  • ‍මේ ‍වෙ‍න‍කො‍ට‍නම්‍ ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගා‍න 400‍ක‍ටත්‍ ‍කිට්‍‍ටු ‍ක‍ර‍ලා ‍ති‍යෙන්‍‍නේ… ‍ඒ ‍අ‍ත‍රේ ‍ම‍ගේ ‍දා‍ය‍කත්‍‍ව‍යත්‍ ‍ති‍ය‍න ‍එ‍ක ‍‍ගැ‍න ම‍ට ‍ගො‍ඩාක්‍ ‍ස‍තු‍ටු‍යි… ‍උ‍ප‍සි‍රැ‍සි ‍හ‍ද‍න ‍එ‍කේ ‍අ‍මා‍රු‍ව ‍දන්‍‍නේ ‍උ‍ප‍සි‍රැ‍සි ‍හ‍ද‍න ‍කෙ‍නෙක්‍‍ම තමා… ‍ලි‍පි 1000 ‍ව‍ගේ‍ම ‍උ‍ප‍සි‍රැ‍සි 1000 ‍ක‍ර‍ගන්‍‍න ‍ම‍ම ‍හ‍ද‍ව‍තින්‍‍ම ‍ප‍ත‍න‍වා… ‍අ‍පි ‍හැ‍ම ‍දෙ‍නා‍ම ‍හැ‍ම‍දා‍මත්‍ ‍බ‍යිස්‍‍කෝප්‍ ‍එ‍කත්‍ ‍එක්‍‍ක‍ම ‍ඉන්‍‍න‍වා…

    Reply
  • lanakave no 1 site eka matanam

    Reply
  • Magen Suba pethum Oyagollanta.Oya Sematama Mema wede Digatama Karanyanna Shakthiya lebewa!

    Reply
  • niyamai machan ubalawage kollo dan hoyannath na saho.oyala hamotama BEST OF LUCK

    Reply
  • jaya wewa wade digatama karanna wasanawa labewa

    Reply
  • nayamaaaaaaaaaaaaaaaaai
    APITH බයිස්කොප් EKKA
    1000 10000

    Reply
  • නියම වැඩක් මචංලා.. මේ වගේ පිරිසක් ලංකාවේ ඉන්න එක ගැන අවංකවම සතුටුයි. අපි ගොඩක් ආස කරන ෆිල්ම් 100% ක් තේරුම් අරන් බලන එක ඇත්තටම මට නම් ලොකු දෙයක්. story movies ඔයාලා නිසා ලෙසටම රස විදින්න පුලුවන්. ඉතින් ඔබලාට දිගු ගමනකට දිගාසිරි. ලස්සන story තියෙන classical movies වැඩි වැඩියෙන් දෙන්න කියලා ඉල්ලනවා. තෙරුවන් සරණයි . . .

    Reply
  • මම හිතුවා මට වැරදිලා වෙන එකකට ඇවිත්ද කියලා.. බොලේ අපේ මේ බයිස්කෝප් සිංහලෙන් අලුත් වෙලා නෙව…
    මමත් අලුත්ම profile එකක් හදාන ඔන්න ඉතින් එන්ටර් උනා…
    මම දැන් ෆිල්ම් වලට ඇබ්බැහි වෙලාද කොහේදෝ.. එක ඉතින් මේ තේරෙන සිංහලෙන් බයිස්කෝප් දෙන අපේ බයිස්කෝප් සයිට් එක නිසා තමා..
    කට්ටියටම ජයෙන් ජය!!! මේක දියුන කරන්න මහන්සි වෙන හැමෝටම පින්…
    කියන්න ගොඩක් දේ තියනවා.. ඒ ඔක්කොම එකතු කරලා.. මෙහෙම කියන්නම්..
    ~~::: ලංකාවේ සිංහල සබ් වලට අංක එක “බයිස්කෝප් සිංහලෙන්”:::~~~
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    Reply
  • Saholataa Jayawewa……!!!!!!!!!!1

    Reply
  • apith asai bn ubalage site eke sub danna…eth sub danna softwares nane bn…puluwannam software eka hoyala deepan…apith aniwa wedeta bahinawa

    Reply
  • My Contraindication බයිස්කොප්.
    සුබ අනාගතයක්.

    Reply
  • ජයවේවා!

    Reply
  • චිරං ජයතු බයිස්කෝප්..jayama wewa.. :))

    Reply
  • hodama betariya kurumbettiya kiuwawagelu patta site eka den elane mocho….balandath asawe bee….

    Reply
  • mageth unusum subapathum! mewage wadakata atha gahala karagena yana eka loku abhiyogayak. e abhiyoga jaya aran me wenakam awa wage thawath digu kalayak me katayuththa karagena yamata siyalu shakthiya, dahiryaya labewa! kiyala pathanawa.

    Reply
  • Wish you a good luck machan….!!!
    තව අවුරුදු ගානක් මේක කරගෙන යන්න පුලුවන් වේවා කියලා පතනවා…!!!

    Reply
  • බොහොම සතුටුයි.දිගටම මේ වැඩේ කරගෙන යන්න සහෝදරවරුන්ට ශක්තිය වාසනාව ලැබේවා 😀

    Reply
  • suba pathanawa digatama mewage samaja sathkarayak karagena idiriyatama yanna….

    Reply
  • සුභ පැතුම්…
    මේ සේවාව තවත් චිරාත් කාලයක් කරගෙන යාමට හැකියාව ලැබේවා…!!!
    චිරං ජයතු බයිස්කෝප්…!!!
    අළුත් පෙනුම පට්ට හොඳේ… 🙂

    Reply
  • අළුත් මුහුණුවරක් එක්ක මුළු සයිට් එකම ලස්සන වෙලා..මේ ලස්සන ඉදිරියටත් පවත්වාගනිමින් සියක් වසක් වැජඹෙන්න ලැබේවා කියලා මම හැමදෙනාටම සුභ පතනවා..ඒ වගේම මේ කටයුතු සඳහා උදව් කරපු හැමදෙනාමත් හැමදාම අපට සිoහල උපසිරැසි ලබාදෙන සහෝදරයින්වත් මේ එක්කම මතක් කරන්න ඕනේ..සියළුදෙනාටම ජයවේවා..!

    Reply
  • සෑමදා ඔබලා හට ජයම පතමි… සුබ ගමන්

    Reply
  • පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් තොරව මේ කරනා සේවය මහත් ඵලයි මහත් ආනිසංසයි. අප සැම ඔබ සමගයි !!!

    Reply
  • ජය වෙවා බයිස්කෝප් සිංහලෙන්…

    Reply
  • එළ කිරි…. දැන් අනඝ පෙනුමක් සමඟින් තවත් ඉදිරියට ඇදෙන්න ජය පතනවා !

    ජය ශ්‍රී !!!

    Reply
  • බයිස්කෝප් සිංහලෙන් කියන්නෙ පළවෙනියට ආපු දවෙසෙ ඉඳන් නෙට් එකට ලොග් වෙන හැම වෙලාවකම එන එකම සයිට් එකයි.මේකෙන් මම ගොඩාක් ෆිලම් & සබ් ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා.ඉදිරියටත් මේ සයිට් එකත් එක්ක හැමදාටම ඉන්නවා.මේ කරන සමාජ සත්කාරයට ඔයාල ඔක්කොටම ගොඩාක් පිං.චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්.ජයවේවා.බොහෝ……………..ම ස්තූතියි…!

    Reply
  • හැමෝටම ගොඩක් ස්තූති වන්ත වෙනවා

    Reply
  • එල කියන්නේ එලම එළනේ… වැඩේ නම් පට්ට පට පට…. ජයෙන් ජය බයිස්කෝප්..

    Reply
  • එලම කිරි, පට්ට වැඩ කාරයෝ ටිකක් නේ, අපේ වාසනාවකට අපිත් මේකට සෙට් උනේ,
    ඉතින් මගෙනුත් පට්ටම සුභ පැතුම්, චිරාත් කාලයක් වැජබීමට

    Reply
  • All the best brothers. Well done. nice look for web page. great job. i wish you all the best & long long life to biscope page.

    Thanks brothers

    Reply
  • Machanla,

    Meka niyama wedak….
    chiran jayathu…..

    ohoma yan….

    Reply
  • බයිස්කෝප් එකට ජයම වේවා !!!!!!!!!!!

    Reply
  • All the best for baiscope team, U guys are doing a great job , hats off to the team 😀

    Reply
  • මෙම ක‍ාර්යය තවත් ඉදිරියට කරගෙන යාමට හැකියාව ලැබේවා.
    web site එක ඉස්සෙල්ලා වඩා ඉක්මනට load වෙනවා.

    Reply
  • වසර තුනක් අතුලත විදේශිය සිනමාව අපි දන්න සිංහලෙන්ම අපේම ශ්‍රිලාංකික ජනතාවට නොමිලයේ ලබාදෙමින් ඔවුන්ගේ රසඥතාවයට නවමු අර්ථකතනයක් ගෙන එමින් ලෙස විශේෂ ලිපි පෙලක් ආරම්භ කිරිම සම්බන්ධයෙන් අපේ ස්තුතිය. සිංහල උපසිරැසි සහසක් ලබෙදෙමින් ඔබ මෙතක් කල සේවයට අපේ උත්තමාචාරය

    Reply
  • mamath oyalata subapatanawa jaya wewaaaa…..

    Reply
  • aba samata jaya.
    thawa duratath me katayuththa sarthakawa karagena yamatath oba samage siyalu wada katayuthu sarthakawa karagena yamata
    shakthiya dairaya labewa,
    AUBOWAN

    Reply
  • web page එකෙ පෙනුම හුගාක් සිත්ගන්නා සුලුයි. තව තවත් හොද නිර්මන කරන්න. වාසනව. හැකියාව. ශක්තිය ලැබේවා. ජයෙන් ජයම වේව

    Reply
  • හදපිරි සුභපැතුම් බයිස්කෝප් වෙබ් අඩවියට සහ කාර්ය මණ්ඩයලය.

    Reply
  • දීර්ඝ ගමනකට සුභපැතුම් ! ….

    Reply
  • සෙට් එකටම සුභ පතනවා ඉක්මනටම 2000,3000 පහු කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල.
    ඒ වගේම ඔයාලට පොඩි හරි උදව්වක් කරන්න ලැබුන එක මට ලොකු සතුටක්.
    අපි හැමදාම ඔයාල එක්ක ඉන්නවා, ජය වේවා….!

    Reply
  • උණුසුම් සුභ පැතුම් !

    නිතර කමෙන්ට් නොකරට නිතරම ඇවිත් යනව.

    Reply
  • එල ආ..අපිනම් අතරමගදි සෙට් වුනු අය..
    ඒත් තව බොහෝ කාලයක් ඔයාලත් එක්ක යනවා
    අනිවා..
    මේ තීම් එක නම් මැක්සා ..

    නියමයි විකී අයියේ…(ඇතුලු ගැන් එකට )
    එහෙනම් ඔන්න
    මගෙනුත් සුභ පැතුම්..චිරාත් කලක් වැජබේවා බයිස්කෝප්
    😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀

    Reply
  • baiscopelk.com තව දීර්ඝ කාලයක් වැජබේවා….

    Reply
  • මන් මෙච්චරකල් මෙකෙන් සබ් ගත්තා විතරය්,අදවත් කොම්මෙන්ට් 1ක් දාන්න පිනක් හම්බුන එක ගැන සතුටුය්,,,, ඔයගොල්ලොන්ට වරදින්නැ කවදාවත්…….

    Reply
  • ආයු බෝ වේවා! වසර 3kata ආසන්න කාලයක් පුරා විශිෂ්ඨ සේවයක් සැපයු ඔබ තවත් දියුණුවෙන් දියුනුවටම පත් වේවා!
    වෙබ් පිටුවේ මුහුණත වෙනස් කිරීම ගැන බොහොම ස්තුතියි. ඔබට ජය වේවා!

    Reply
  • කොතනට කමෙන්ට් කරන්නද කියල හිතාගන්න බෑ…

    Reply
  • කමෙන්ටියක් දාන්න පරක්කු උනාට සමාවෙන්න.ඇත්තම කියනවානම් මේ සයිටි එක තමා මම දැකපු සිංහල සයිටි වලින් හොදම ප්‍රයෝජනවත් හා වැඩිම පිරිසක් සම්බන්ධ කරගන්න පුලුවන් උන සයිටි එක. මමත් මේ සයිටි එකත් එක්ක 2009 සිට ඉන්නවා.සබ් දෙන අයව දිරිමත් කරන්න පොඩි හරි කමෙන්ටියක් දානවා.ඇත්තටම 2009 සිට මේ දක්වා මේ සයිටි එක ආපු ගමන ගැන මටනම් හරිම සතුටුයි.තව චිරාත් කාලයක් මේ සයිටි එක වැජබේවා කියලා මම සතුටින් ප්‍රාර්ථනා කරනවා.

    Reply
  • රොයිලි සහෝදරයා ඇතුලු සෑමඩ්දෙනාටම ස්තූතියි. ADSL ඩේටා ලිමිට් එක ඉවරවෙනකම්ම ඔයාලගෙ ‍ෆිල්ම් බානවා.

    දිගටම මේ කර්තව්ය කරගෙන යන්න මගෙන් සුභපැතුම් !

    නවින්ද්‍ර

    Reply
  • ජය වේවා …මගෙන් උණුසුම් සුබ පැතුම්…

    Reply
  • බොහොම ස්තූතියි!
    බයිස්කෝප් කණ්ඩායමේ හැමෝටම මගෙන් සුභ පැතුම්…
    චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්.. !

    Reply
  • මචන් සයිට් එකේ අලුත් මුහුණුවර නියමයි!!!!! බොහොම ස්තූතියි අලුත් සබ් වලට…

    Reply
  • Congratulations! and Wish You All the Best

    Reply
  • චිරං ජයතු බයිස්කෝප් !!!!

    Reply
  • අපි සෑමදා ඔබ සමගයි…….
    සෑමදා හොද දේ අපට දුන් ඔබට
    ජය වේවා බයිස්කෝප් …..

    Reply
  • Obata Jayen Jaya. Api hamadama Oba samagai…

    Reply
  • බයිස්කෝප් සිංහලෙන් අඩවිය තව දිගු කලක් වැජඹේවා!!!

    Reply
  • me webSite eka dinen dina diyunu wewa!!!!!

    Reply
  • බයිස්කෝප් නඩයට උනුසුම් සුබපතුම්.. ජය ශ්‍රී!!

    Reply
  • 2009 මුල ඉඳලම මමමත් දිගටම පාඨකයෙක් විදියට හිටියා… ගෙවුනු කාලය තුල විශිෂ්ට දියුණුවක් ලබන්න බයිස්කෝප් අඩවියට හැකි උනා වගේම ඉදිරියටත් වඩා හොඳින් මේ සමාජ සත්කාරය කරගෙන යෑමට හැකි වේවි…. සුබ පැතුම්…

    Reply
  • ඔයාලගේ වැඩේට මගෙන්උණුසුම් සුබ පැතුම්……………

    නියම වැඩක්…………

    තවත් දිගුකලක් මෙය සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රර්ථනා කරනවා

    Reply
  • patta ah….
    ohoma karagena yan. api ithin kohomath baiscopelk ekkaka thama…. 😀 😀 😀

    Reply
  • ඔබලාට මෙම කටයුත්ත තවතවත් සාර්ථකව ඉදිරියට ගෙනයාමට හැකියාව, ධහිර්යය හා වාසනාව ලැබෙවායි පතමි…

    Reply
  • niyamai baiskop sinhalen obata jayen jayama wewaaaaaaaaaaaaaaa

    Reply
  • ඉතින් තව,මොනවා කියනන්ද මේක නම් සුපිරිම වැඩක් තමයි,මෙතුවක් කාලෙට ගොඩක් මහන්සියෙන් කැපවීමකින් සිනමාවට කැමති,අපේ සියලුම ප්‍රෙක්ෂකයන් වෙත සිනමාව තමන් දන්න සිංහලෙන්ම රස විදින්න පුළුවන් විදියට සිංහල උපසිරස සමගින් මේ විදියට ගෙන ආපු අපේ බයිස්කෝප් කණ්ඩායමට සියලුම සාමාජිකයන්ට උණුසුම් සුබ පැතුම්..!!!

    බොහොම ස්තුතියි… ජයෙන් ජය..!!!!

    Reply
  • බයිස්කෝප් අඩවියට සුබ පැතුම්!….
    මම බලන්න ආසාවෙන් හිටපු බයිස්කෝප් ටිකක් දුන්නට ගොඩක් ස්තුතියි.
    IMDb Top 250 බයිස්කෝප් වලට දිගටම සිංහල උපසිරැසි දෙන්න…
    බයිස්කෝප් අඩවියට ජය වේවා!!!….

    Reply
  • මගෙන් සුභ පැතුම්……..
    ජයවේවා !!!!

    Reply
  • DEAR FRIENDS,
    THIS IS A WONDERFUL SITE I EVER SEEN. NICE AND APPRECIABLE SOCIAL ACTIVITY. I CONGRUTULATE IN MY WHOLE HEART TO YOU ALL WHO CREATE THIS BENEVALENT CONCEPT AND FOR A BRIGHTFUL FUTURE. HOWEVER, YOU NEED MONEY FOR PROPER MAINTENANCE OF THIS SITE. YOU KNOW YOU, CAN USE ADDSENCE AS WELL AS YOU CAN SELL YOUR SUBTITLES TO TV COMPANIES. THEY PAID LOT OF MONEY FOR CREATING SUBTITLES TO THEIR FILMS THROUGH WHICH THEY TELECASTS. THANKS A LOT FOR DOING THIS GREAT JOB.

    Reply
  • මගේ උණුසුම් සුභපැතුම්

    Reply
  • බයිස්කෝප් කණ්ඩායමේ හැමොටමත් මගේ මගෙන් සුභ පැතුම්… 🙂

    බොහොම ස්තුතියි…
    ඔබට සදා ජය……….. 🙂

    Reply
  • all the best

    keep it up

    Reply
  • උණුසුම් සුබ පැතුම්, චිරං ජයතු බයිස්කෝප් !!!

    Reply
  • aththatama harima sathutui….thawa thawath me wada katauthu karagena yanna shaktiya labewa kiyala mama prarthana karanawa…math oyala nisa laba ganna film saha awagen gaththa danuma apramanai…ekata oyalata godak pin,,…mageth balaporoththuwa kawada hari sinhala sub dena eka…ethakota mamath oyage paule kenek wenawane…ehenam chiran jayathu pothegura athulu siyalu denama

    Reply
  • මම ලියන්න්න කම්ම්මලියෙක් උනත් මෙක ලියන්න්න හිතුනෙ මේක පට්ට වැඩක් නිසා.. සුබ පතනවා … හැමෝටම … මෙ 10යම බලලා තිබ්බත් අයෙම බලන්න්න හිතෙනව සින්හල එක්ක්කම… තාක්ශනික උදව්වක් දෙන්න පුලුවන් ඔනෙ නම්.. මට… සල්ලි වලට නතුව කරන මෙ කොල්ල්ලන්ගෙ වැඩෙට … අපිත් පුලුවන් හැම විදිහටම උදව් කරන්න්න ඔනේ…….

    Reply
  • ඇත්තෙන්ම කියනවනම් මේකනම් සුපිරිම වැඩක්. මමත් ලංකාවේ පොරක් හැටියට ආඩම්බර වෙනවා ඔයලගේ මේ කර්තව්‍යයට. මේක අපේ හැමෝගෙම සිනමා ශාලාව වෙලා ඉවරයි.
    වෙන මොන කතාද….
    මගෙනුත් සුභ පැතුම්. දිනෙන් දින ඉදිරියටම යෑමට ශක්තිය ධෛර්ය ඔබ සැමට ලැබේවා.

    Reply
  • උණුසුම් සුබ පැතුම් … ! ! !

    Reply
  • කමෙන්ට නොදැම්මට, හැමදාම ඇවිත් බලලා යනවා…

    සංවත්සරේ වෙනුවෙන් මම කාලෙකට කලින් ලියපු ලිපියකට(Schindler’s List)සිංහල උපසිරස දීලත් තියනවා දැක්කා
    හරිම සතුටුයි…

    රොයිලි අයියා, පොතේ ගුරා , ගෝලයා අතුලු සැමට මගේ ශුභාශිංෂණ…

    Reply
  • අෆ්ෆා මම මුලින් රැවටුනා වැරදි සයිට් එකකට ආවද කියල.ඊටත් bookmark කරල තිබුනෙ.එල එල මගෙනුත් උණුසුම් සුබ පැතුම්.අපි බයිස්කෝප් එක අඩවියක් දැකකට,මෙය ගෙඩක් පිරිසකගෙ එකමුතුවක්නෙ…එල එල ඒ දායකත්වය දුන්න සැමට ගොඩක් ස්තූතියි.ජය..

    Reply
  • Congradz baiscopelk. Hope to join u in future with subtitles.

    Reply
  • බොහොම ස්තුතියි…
    ඔබට සදා ජය….

    Reply
  • එලම එල සහෝදරවරුනි සබි නමි ඉතින් බයිස්කෝප්ම තමයි දිගටම ඉන්නවා සහෝලා අපිත් ඔයාලත් එක්ක චිරං ජයතු බයිස්කොප්

    Reply
  • සිංහලෙන් චිත්තරපටි බලනවානම් ඉතින් බයිස්කෝප් අඩවියම තමා
    අපිට වෙන එකක් නෑ
    අපි හැමතාමත් ඔයාලත් එක්කි
    සැමදා බැබලේවා
    අංක එකේ සයිට් එක සදා ජය

    Reply
  • තවත් දිගු කලක් සිනමා ලෝලීන්ගේ මන දොළ සැපිරීමට වාසනාව,ශක්තිය හා ධෛර්යය !!!

    Reply
  • සුභ පැතුම්
    චිරාත් කාලයක් බයිස්කෝප් වැජබේවා කියලා ප්‍රර්ථනා කරනවා
    ජයෙන් ජයම වේවා සියළු දෙනාටම

    Reply
  • හ්ම්ම් මොනාද අද කියන්නේ. හ්ම්ම් අනේ මන්දා කියන්න දෙයක් ඔලුවට එන්නෙත් නැහැ. හ්ම් කෙටියෙන්ම කියමු. දැන් නම් සයිට් එකේ පෙනුම පට්ටම පට්ටයි. ඒ වගේම අද දින මේ සමරපු දේ. ඒ කිවුවේ ලිපි 1000ක් ඒකට මගෙනුත් සුභ පැතුම් ආයේ මොනාද බොක්කෙන්ම. තව උපසිරැසි 300ක්. පිස්සු හැදෙනවා නේද.

    ඇත්තෙන්ම සතුටුයි මගේ උපසිරැසිත් ඔය 300 ඇතුලේ තියෙන එක ගැන. මං හැමදාම කියනවා වගේ මේක තමයි සිංහල උපසිරැසි කලාවේ මහ ගෙදර. ඒක ආයේ කාටවත් වෙනස් කරන්නත් බැහැ, නැහැයි කියන්නත් බැහැ. කවුරු කොහොම කිවුවත් හැමෝගෙම හිත් දන්නවා ඒ ගැන.

    ඇත්තෙන්ම විකියට ආපු ප්‍රශ්නත් එක්ක එයා මේ කරගෙන ගියපු වැඩේ අගය කරනවා. අපි දිගටම අපේ මහ ගෙදර හැමදාමත් රැකගෙන තියාගමු. තව ලිපි 1000ක් නෙමී, අපි මැරිලා අපේ ලමයින්ගේ ලමයින්ටත් සිංහල උපසිරැසි ලබාගැනීමට මේ සයිට් එක තියාගමු, ඉස්සරහට තව තවත් දියුණු කරමු. ඇත්තෙන්ම අද සතුටු දවසක්. කියන්න දෙවල් එන්නෙත් නැහැ. මොනවා උනත් විකියෝ අපි ඔයත් එක්ක ඉන්නවා හැමදාමත්. කවුරු කොහොම කිවුවත් අන්තර්ජාලයේ අංක එකේ උපසිරැසි සපයන්නා බයිස්කෝප් සිංහලෙන් අඩවියයි. එච්චරයි.

    චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්…

    අහිංසක හිත්නේ… 😀

    Reply
  • Congrzzz….

    Wish u all d very best for long future

    Reply
  • ane supirima supiri mama hithuve varadila vena ekakata ava kiyala mama hamadama me sait ekatanam aniwaryen enav patta thava thavath sub danda labeva…………..

    Reply
  • මගෙන් සුබ පැතුම්! ජයවේවා!

    Reply
  • උණුසුම් සුබ පැතුම්

    Reply
  • නියමයි බයිස්කෝප් සිංහලෙන් ……………..අවුරුදු 3ක් මේ වෙබ් අඩවිය එක්ක ඉන්න ලැබුණු එක ගැන වගේම විවිද අයුරින් ලිපි 1000 සම්පුර්ණ කරන්න දායක වීමත් පිලිබඳ සතුටුවෙනවා………….ජය වේවා බයිස්කෝප් සිංහලෙන්……………

    Reply
  • loweth na mey site aka.mama aththatama hoda films balanna
    purudu wuney mwy site aka nisa.imdb kiyanne mokakkda kiyala
    melo deyak dan unney na.sinhala subtitle dapu nisa hoda films
    balanna huru una.othin kiyanna thiyenne mey dey gigatama karama wasanawa shakthiya labenna kiyala.

    chiran jayathu…baiscope sinhalen

    Reply
  • යෙහෙන් වැජබේවා

    Reply
  • ‘බයිස්කෝප් සිංහලෙන්’ තව චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!!!

    Reply
  • නියම site එක. කියල වැඩක් නැ. ජයෙන් ජය………….!!!!

    Reply
  • අල බතල සහ මයියොක්කා කිවුවලු. එලම තමා. නියමයි.
    අළුත් පෙනුමත් නියමයි.

    සදා ජයෙන්ජය. 120 ට 220 ක් නෙවෙයි 1000 ට 6.0221415e+23 ගනනක් දිනේවා! අපිට දුන්න ආතල් එකට සම්මාදම් වුන සයිට් ඇඩ්මින් ඇතුළු හැම දෙනාටම ආයු, ආරෝග්‍ය, සැප, බල, මහත් පල, මහානිසංස හිමි වේවා!!!!

    මාටියා_

    Reply
  • අපි Film 1 ඉස්සර බැලුවේ fight විතරයි.ඇයි ඉතින් තේරෙන මගුලක් නැහැනේ.හදවතින්ම කියනවා මේ සින්හළ දාන 1 නිසා තමයි ඇගට දැනෙන්න 1ක් බලන්න ගත්තේ.බොහොමත්ම පින් වගේම ඉස්සරහටත් මේ කරන වැඩේ සාර්තකව කරගෙන යන්න ශක්තිය ධෙර්ය ලැබෙන්නෙ කියලා මම ප්රර්තනා කරනවා.දාන එවුන්ට කියනවා නමි උබලා සත 5ක් වත් ලැබෙන්නේ නැතුව වාසියක් වත් නැතුව මේ කරන වැඩේට බොහොමත්ම පින්.එච්චරයි එතින් මට කියන්න පුලුවන්

    Reply
  • මමත් උදේ ටිකක් හොල්මන් උනා සයිට් එකට මේ මොකක්ද වෙලා තියෙන්නෙ කියලා.. ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් එකත් බාගත්තා.. ඒ වැඩේ නම් නියමයි.. ෆෝන් එකෙන්ම සයිට් එක බලා ගන්න පුළුවන් සිංහලෙන්ම.. නොමිලේ කරන මේ ‍සේවය ඇත්තටම අගයකල යුතුයි..ජයවේවා!

    Reply
  • මනොදන්න අතිතය මතක්කර දුන්නාට ඇඩ්මින් හට ගොඩක් පිං 🙂 .මගෙනුත් එකක් ඔය 1000ට ලියන්න ලැබිම ගැන මා හට සියුම් සතුටක් ඇත .ඊලග 1000ටත් මගෙන් සාධාරණයක් ඉ‍ටු වේවී..මගෙන් උණුසුම් සුභපැතුම් බයිස්කොප් වෙබ් අඩවියට.O:)
    ____________________$$$$$$$$$$$
    __________________$$$$$$$$$$$$$$
    _________$$$$$$$$$$$$$$$$$$$$$$$
    _____$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    ____$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    ___$$$_$$_$$$$$$$$$$$$$$$$$$$$$$
    __$$$$$_$$$$$$$$$$$$$$$$$$$$$$
    __$$$_$$_$$$$$$$$$$$$$$$$$_$$$
    __$$$_$$_$$$$$$$$___________$$$$
    _$$$$$_$$$$$$$$$$$___________$$$
    _$$$_$$_$$$$$$$$$$
    _$$$_$$_$$$$$$$$$$
    _$$$_$$_$$$$$$$$$$$
    $_$$$$$$__$$$$$$$$$
    $_$$$$$$___$$$$$$$$
    _$$$$$$$$$__$$$$$$$
    $_$$$$$$$$___$$$$$$
    $$_$$$$$$$$___$$$$$
    $$$_$$$$$$$$__$$$$$$
    _$$$_$$$$$$$$$_$$$$$
    $$$$$ __$$$$$$$$_$$$$
    $$$$$$$ __$$$$$$$$$__$
    $_$_$$$$$__$$$$$$$$$_$$$$
    $$$__$$$$$__$$_$$$$$$$_$$$$
    $$$$$$_$$__$$$$$$$$$$$$$$$
    _$$$$$$$__$$$$$$$$$$$$$$$$
    __$$$$$__$$$$$$$$$$$$$$$$$$
    $__$$$__$$$$$$$$$$$$$$$$$$$$
    $____$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    $____$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    $__________$$$$$$$$$$$$$$$$$$$$$$
    $____________$$$$$$$$$$$$$$$$$$$$$
    $______________$$$$$$$$$$$$$$$$$$$$
    $_______________$$$$$$$$$$$$$$$$$$
    $_______________$$$$$$$$$$$$$$$$$$
    $____________$$$$$$$$$$$$$$$$$$$
    __________$$$$$$$$$$$$$$$$$$$$
    _$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    $_$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    $__$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    $__$$$$$$$$$$$$$____$$$$$$$$$$
    _$$$__$$_$$________$$$$$$$$$$$
    _$$$_$$_____________$$$$$$$$$$
    _$$_$$______________$$$$$$$$$$
    ___$$________________$$$$$$$$$$
    _$$$$________________$$$$$$$$$$
    __$$$_________________$$$$$$$$$
    $_____________________$$$$$$$$$
    $____________________$$$$$$$$$$
    $____________________$$$$$$$$$$$
    $____________________$$$$$$$$$__$$$$$
    $___________________$$$$$$$$$$$$$$$$$$
    $____________________$$$$$__$$$$$$$$§$

    Reply
  • පට්ට පට පට…………
    දෙයියනෙ මම කොච්චර කාලයක් ඉන්ගිරිසි ෆිලුම් බලන්නෙ නෑතුව උන්නද
    එකට මට උදව් උනෙ මෙ සයිට් එක….
    ඒ වගේම සයිට් එක පට්ටයි සයිට් එක නම් ලස්සනයි
    ජය වේවා බයිස්කෝප් සිංහලෙන් ඔහොම යං ඔහොම යං……
    ජය වේවා බයිස්කෝප් සිංහලෙන්

    Reply
  • patta patapata elakiri niyama ithihasayakne thiyenne.niyama wadak

    Reply
  • නියමයි. නියමයි. මට නම් කියන්න වචන නෑ. ඇත්තටම ලොකු වෙනසක් වෙලා. බයිස්කෝප් අඩවියට ජය වේවා!

    Reply
  • සිංහල අපිට අපේ භාෂාවෙන් බයිස්කෝප් බලන්න අවස්ථාව උදා කල සිංහල උපසිරස කලාවේ ප්‍රමුඛයා වන බයිස්කෝප් අඩවියට සදාකල් වැජබේවා !
    අඩවිය ආරම්භයේ සිට අද දක්වා අපි වෙනුවෙන් සබ් දෙන්න කැප උන අපේ සියලුම සහෝදර සහෝදරියන් හට තව තවත් දිරිය ලැබේවා !

    මේ අඩවිය තිබුණු තත්වෙන් ඉහලට ගෙන ඒමට ඉතා කැපවීමෙන් කටයුතු කල විකියා සොහොයුරාට ද ස්තුති..

    Reply
  • පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා !!! චිරං ජයතු !!! 😀 😀 😀

    Reply
  • Niyamay ,,,, thawa thawath waja bewa!!!!! ihalinma

    Reply
  • ජයෙන් ජය! 😀

    Reply
  • චිරං ජයතු බයිස්කෝප් !!!

    දිගටම වැඩේ එල කිරි වගේ කරන්න සුබ පැතුම් …

    ජය වේවා ………………………!!

    Reply
  • තුති..තවත් චිරහත් කලක්’ බයිස්කෝප් දිලේවා…

    Reply
  • ජය වේවා ගොඩාක් ස්තුතියි සහොලා කරන මෙ වැඩේට

    Reply
  • ඉස්තූතියි බොහොම ඉස්තූතියි :

    සිතන පතන සියලු දේ ඉටු වේවා,!

    Reply
  • ඔන්න ඉතින් මේක දැක්කම පිස්සු හදුනා .
    දෙන්න ඕනේ සේරම දීලා නේ සබ් . ඒ වගේම සයිට් එක පිස්සු හැදෙනවා මාරම හැඩයි 🙂 🙂 🙂

    මේ කකරන පුණ්‍ය කටයුත්තෙන් යහපතම ඉටු වේවා,
    ජයම වේවා!

    Reply
  • thxxx maxxxa film tikak 🙂

    Reply
  • boho pin hamotam.jaya wewa.

    Reply
  • ජාතියේ සම්පතක් මේ සයිට් එක..ඒක අපි රැකගත යුතුයි , ඔබලාට අපගේ ආශීර්වාදය හැමදාම තියෙනවා..

    Reply
  • ඒ දාහ ඇතුළෙ මගෙ දායකත්වය තියෙන එකම එකක් තියෙනවා කියලා හැඟෙනකොට හරිම සතුටක් දැනෙනවා… බයිස්කෝප් දෙදහස පුරවන්න මම මගේ හැකි උපරිමය කරන්ම්!!! චිරං ජයතු බයිස්කෝප්!

    Reply
  • සිංහල සබ්ටයිටල් කියන එක ලංකාවේ නැති කලෙක සිංහල subtitle කියන එක එස්සේල්ලම මම දන්නා විදියට දුන්නේ මේ වෙබ් site එකෙන්
    ඊට පස්සේ තවත් අය මේ වැඩේට අතගහල දැන් ලංකාවේ සිංහල සබ්ටයිටල් රසික පිරිසක් බිහිකරන්න දායක උන වෙබ් site එක තමා මේක
    මුලදී බ්ලොග් එකක් විදියට මම හිතන්නේ මේක පටන්ගත්තේ කොකොම උනත් තවත් දීර්ග ගමනක් යන්න ලැබේව මේ site එකට
    ජය වේ !!

    Reply
  • ඉස්තූතියි අනෙක් ෆිල්ම් වලට පස්සේ කමෙන්ට් දාන්නම් තරහා නෑ නේ 🙂
    ජය පතනවා පොඩියට පටන් ගත්ත දිය පහර ගමන අද මහා සාගරයක් වෙලා
    තවත් ඉදිරියට හොද දේවල් දෙන්නට ලැබේවා කියා නිබදව පතමි.!

    Reply
  • සුපර් සයිට් එක නම් පංකාදු ලස්සනයි දැන් නම් ලොවෙත් කියන්න දෙයක් නෑ
    අද සබ් සෙට් එකටම මගේ ඉස්තූතිය.තවත් සබ් දෙන්නට ශක්තිය ලැබේවා!

    Reply
  • jayama pathana seyratama.supiri sub tikak saha app akak

    Reply
  • මේ සයිට් එක ආව ගමන දැක්කහම හිතට මාරම සතුටුයි .ඔබලාගේ නිහතමානිත්ව නැවතත් අගය කරමින්,තවත් දිගු ගමනකට ආසිරි මගෙන්

    Reply
  • ඉස්තූතියි සහෝලා නියම වැඩක් 🙂

    Reply
  • ඇත්තමට මාත් රැවටුනා මම මේ වෙන සයිට් එකකට ඇවිත්ද කියල. ඇඩ්‍රස් එකත් ආපහු චෙක් කරල බැලුවට පස්සෙයි මේ බයිස්කොප් සයිට් එකම තමයි කියල ෂුවර් කර ගත්තේ… 😀
    ඇත්තටම මට ගොඩක් සන්තෝසයි බයිස්කෝප් සයිට් එක ආපු මේ ගමන ගැන. මට අද වගේ මතකයි මම මුලින්ම මේකෙ පාඨකයන්ටත් සබ් දාන්න පුලුවන් කියල තියනව දැකල වාසල සහෝට මේල් එකක් දාලා චිත්‍රපටියක් වෙන්කරගත්ත හැටි!!!

    මේ වෙනකොට සිංහල උපසිරැසිම 300ක් දීල කියන්නේ සුළුපටු දෙයක්ද!!! ඉතින් මෙච්චර දුරක් මේ සයිට් එකට එන්න ලැබුනෙ අපේ රොයිලි,වාසල,පොතේ ගුරා,විකියා ඇතුලු ඇඩ්මින් මඩුල්ලේත් සුවහසක් සාමාජිකයන්ගේත් උත්සාහයෙන් තමයි. ඉදිරියටත් ශ්‍රීලාංකික සිනමා රසිකයන් වෙනුවෙන් මේ සේවය කරගෙන යන්න ඔය සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය සහ වාසනාව ප්‍රාර්තනා කරනවා…!!!

    චිරං ජයතු බයිස්කෝප්!!!

    Reply
  • Dear Friends,

    All the best. 100% good.

    do not stop this.

    Thanks.

    Reply
  • ඔහොම යන් දැන් නම් නියමයි සයිට් එක . බොහොම ඉස්තූතියි මේ සේරම දේවල් වලට.ඇත්ත මොකක් බලන්නද කියලා මුලින් හිතා ගන්න බෑ පළමු එකෙන් වැඩට බහිමු
    ජය වේවා,,

    Reply
  • ayyya ela oyalta mage subapatom edereyath karegana yannata mage maht stutheya poda karame ……………..

    Reply
  • ලොවෙත් නෑ මේ කතා ටිකට සබ් දුන්න එක.කියලා නිම කරන්න බෑ. ඇත්තටම බයිස්කෝප් සෙට් එකටම මාගේ ආචාරය. ජය වේවා බයිස්කෝප් සිංහලෙන්

    Reply
  • බයිස්කෝප් අඩවියට මාගේ ඉස්තූතිය හුදෙක් ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් එදා සිට අද වෙන තුරු කල මෙහෙයට

    Reply
  • සුපිරි බයිස්කෝප් සයිට් එක පට්ට කොර දිගටම මේ වගේ සබ් දෙන්න ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.බාධක අභියස නොබියව යන්නට ශක්තිය ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා!

    Reply
  • patta machan la thxxxQQQQ lot 🙂 🙂

    Reply
  • නියමම ෆිල්ම් සෙට් එකක් ෆෝන් එකේ ඇප් එක නියමයි . ජය පතනවා බයිස්කෝප් එකට මේ මෙහෙවර දිගටම කරන්නට

    Reply
  • top 250 mey top 10 katha tika loweth na.agaya karanawa oyalawa passey anik awatah comment dannam.jaya…

    Reply
  • මිල කරන්න බෑ බයිස්කෝප් එකෙන් මේ පටන් ගත්ත වැඩේ.එදා වගේම අදත් සුපිරි සයිට් එක මේක. ඒක කවුරුත් දන්නවා නේ,
    හැම දේටම දහස් වරක් ඉස්තූතියි

    Reply
  • මැක්සා. 🙂
    සුපිරිම ෆිල්ම් ටිකක්.(පට්ටම පට්ට)
    ඒ වගේම සයිට් එක නවමු මුහුණු වරක්.(පට්ට)
    ඇප් එකක් (සුපිරි)

    වෙන මොනවද .

    චිරං ජයතු බයිස්කෝප්….

    Reply
  • thanks saholata mey kala punya kriyawata….jayama wewa!

    Reply
  • ජයම පතනවා බයිස්කෝප්! . ඔයාලගේ පොඩියට පටන් ගත්ත දේ අද ලොකු වෙලා නියම තත්වෙට ඇවිත් දැන් හැමෝම ආස කරන දෙයක් බවට පත් වෙලා. අද දුන්න ෆිල්ම් සේරමට ඉස්තූතියි ඒ කල දේ මිල කරන්න බෑ.. ඒ වගේම ෆෝන් එකට ඇප් එකක් දුන්න එකත් නියම වැඩක්.

    Reply
  • සයිට් එක මාරම ලස්සනයි දැන් 🙂 🙂 🙂
    ඔන්න ඔහොමනෙ ඉන්න ඕනේ ..
    අද දීපු සබ් ගැන කියන්න දෙයක් නෑ
    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි…

    තවත් සබ් දහස් ගනින් දෙන්න ශක්තිය වාසනාව ලැබේවා!

    Reply
  • sathutu huga…..k ma sahola digatama mey wadey kara gena yamu

    Reply
  • පට්ට පට්ට … මෙන්න සුපිරි කොල්ලෝ මේවා දෙන එක කියන්න බෑ අමිල මිල කරන්න බෑ

    ඉස්තූතියි

    Reply
  • මෙන්න නියම වැඩක් .. අයෙ මොකවත් කියන්න දෙයක් නෑ වැඩේ සුපිරිම සුපිරි එච්ච්ච්රයි ලොවෙත් නෑ….

    බයිස්කෝප් එකට ජයම වේවා !!!!!!!!!!!!

    Reply
  • SIYALUMA SAHODARAWARUNTA MAGENUTH UNSUM SUBA PETHUM…… DEN SITE EKATH MARA LASSANAI….. JAYA HOOOOOOOOOOOOOOOOOOOOOOO

    Reply
  • dan nam site aka niyamai.subs seyratama thnx loweth api baiscope akkama thama aniwa….

    Reply
  • maxxxa suporima wadak seyratama suba pathanawa

    Reply
  • උපරිමයි සහෝල කොතනින් කමෙන්ට් කරන්නද සතුටට හිතා ගන්න බෑ…හෙමිට අනික්වට කමෙන්ට් දාන්නම් බලබල බර ගානකට දාන්නත් ඕනේ නේ.සයිට් එක නම් පට්ට ලස්සනයි මචං මාර ලුක් එකක් තියෙන්නේ. 🙂

    10000 ගණන් සබ් දෙන්න ලැබේවා….

    Reply
  • නියම ෆිල්ම් ලොට්‌ එකක් ආයේ මාසෙකට ඕනේ නෑ මේවා දෙන එක පට්ට වටිනවා ඒ මොකද සිංහල සබ් නැතුව තේරෙන්නේ නෑ.කොහොමත් හැමදාම අලුත් වැඩට මුල පුරන බයිස්කෝප් කණ්ඩායමට මාගේ ඉස්තූතිය….

    Reply
  • I wish you guys all the very best and wishing you to continue this for years. Sinhala subtitles did a massive job here. Thanks for the effort and keep up the good work.

    Reply
  • සුපිරි මචෝ බොහොම සතුටුයි හදවතින්ම

    Reply
  • මොනවා කියන්නද මන්ද .ලංකාවේ ජනප්‍රියම වෙබ් සයිට් එකක් .මමත් පටන්ගත්ත දවස්වල ඉදන් උදේම අලුත් ෆිල්ම් එකක් තියෙනවනම් බාන්න දාල තමා දවස පටන් ගන්නේ .ජයෙන් ජයම වේවා.

    Reply
  • ජයම වේවා. ස්තූතියි.

    Reply
  • ඇත්තටම ‍ගොඩක් සතුටු දවසක් !
    සුපුරුදු විදියටම ජයවේවා කියලා කියන්නම් !

    ඒ එක්කම මේ වෙනුවෙන් මහන්සිවෙන හැම දෙනාටම පින්සිද්දවේවා !
    තවතවත් මේ සත්කාරය ඉදිරියටම ගෙනයන්න වාසනාව ශක්තිය ලැබේවා !

    Reply
  • ජය වේවා!!!………

    Reply
  • සමන් ජයසේන
    නියමයි සහෝ එළ එළ මගේ ප්‍රණාමය

    Reply
  • කියලම වැඩක් නෑ කොලුවනේ… මේක නම් පට්ටම පට්ට වැඩක්. අද දීලා තියෙන බයිස්කෝප් ටික දැක්කහම ඇඬෙනවා තනි ඇහැට….. :'(

    තවත් චිරාත් කාලයක්, එ කියන්නේ අපේ ලමයින්ටයි, ලමයින්ගෙ ලමයින්ටයිත් මේ වෙබ් අඩවියෙන් සිංහල සබ් එක්ක බයිස්කෝප් බලන්න යෙහෙන් වැජබේවා කියලා ප්‍රාර්ථනා කොරනවා ඕං………….!!!

    Reply
  • සයිට් එක ඩන් පට්ට ලස්සනයි අනිත් සයිට් කෑලෙ……….ඈනඩ්‍රොයිඩ් ඈප් එක හොදයි එ වගෙම දෑනට සබ් 300ක් ලිපි 1000ක්!!!!! ඔහොම යන් ජයවෙවා බයිස්කොප්…………..

    Reply
  • Unusum Suba Patum.Jaya Wewa Baiscope.

    Reply
  • ජයවේවා…… 🙂 මම හිතන්නේ මේ දීලා තියෙන ලිපි 1000 තියෙන ෆිල්ම්ස් වලින් 800ක් වත් මම බාගෙන තියෙනවා…… ස්තූති බයිස්කෝප්….. 😀

    Reply
  • ########################################################
    #………..******* My Congratulations *******………#
    ########################################################

    Reply
  • baiscopelk ekata mage unusum suba pathum.

    Reply
  • චිරාත් කාලයක් බයිස්කෝප් වැජබේවා කියලා ප්‍රර්ථනා කරනවා…
    මගෙන් සුභ පැතුම්!!!!!!!!!!!

    Reply
  • උණුසුම් සුබ පැතුම්………………!!

    Reply
  • ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකටත් ගොඩක් ස්තූතියි. ඇත්තටම මම ඒක දාගෙන මුලින්ම හෙව්වෙ ඒකෙ වැරැද්දක්.ඒත් වැරැද්දක් හොයාගන්න බැරි තරමටම ඒක පරිපූර්නයි.අපෙ බයිස්කෝප් අඩවිය නව තාක්ශනය සමග මුසුවෙලා චිරාත් කාලයක් යෙහෙන් වැජබෙන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා

    Reply
  • උනුසුම් සුබ පැතුම් ජයම වේවා.

    Reply
  • Wish you good luck guys…..

    Paradox

    Reply
  • නියම වැඩක්. මේ වගේ හොඳ වැඩ ඉදිරියත් කරගෙන යාමට ඔයාලා හැමෝටම දිරිය ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    Reply
  • උදේ පාන්දර ම බයිස්කෝප් ආවම මට නම් හිතුනේ මේ නම් වැරදිලා වෙන අඩවියකට ඇවිත් කියලා. ඒ තරම් ම වෙනස් වෙලා. අලුත් වෙලා. ඇත්තටම ගොඩක් ම සතුටුයි. ඒ වගේ ම රොයිලි, විකියා, වාසල, උදා වගේ කී නොකී හැම යාලුවෙක්ටම ගොඩත් ම ස්තුතියි. මේ අඩවිය මේ තත්වෙට ගේන්න කරපු කැපකිරීමට. සතුට වැඩිකමට කියන්න වචන නැහැ මට. අදටත් කවුරුහරි ඇහුවොත් මචං, සිංහල උපසිරැසි ගන්න පුලුවන් ෆිල්ම් එක ගන්න කලින් කතාව ගැන ටිකක් දැන ගන්න පුලුවන් තැන මොකද්ද කියලා ඇහුවොත් එකසැරේම ඔලුවට එන්නේ බයිස්කෝප අඩවිය. “අපේ” බයිස්කෝප් අඩවිය. අපිට කවදාවත් එක වෙන්න ඕන කියලා වත් අපි එක කියන්න වත් වුවමනාවක් තිබුනේ නැහැ. ඒ තත්වය අපිට ලැබුනේ මේ අඩවියට නිතර යන එන සමාජිකයන්ගෙන්. ඔයාලා නිසයි අපේ අඩවිය මේ වගේ තැනක් ලැබුවේ. ඉතින් මොන බාදා හිරිහැර ආවත් බයිස්කෝප් එක්ක ඉදපු ඔයාලා හැමෝටමත් ගොඩක් ම ස්තුතියි.

    Reply
  • congratulation baiscope.elakiri

    digukal wajabewa

    thankxxxx

    Reply
  • මගෙන් සුභ පැතුම්!!!!!!!!!!!

    Reply
  • නියමයි වැඩේ. සුභ පතනවා ඉදිරියටම යන්න.

    Reply
  • මටත් අද නම් බොහොම සතුටු දවසක්. සිංහල උප සිරැසි 300ක් කියන්නේ සුළු පටු ගානක් ද? මොන තරම් මහන්සියක් ද? ඒවා එකක්වත් නිකං ම සිංහල ට අනුවාදනය වෙන්නේ නැහැ නොවැ. උප සිරැසි දීමට වෙහෙස වූ හැමෝගෙම මහන්සිය අපතේ ගියේ නැහැ කියලා සතුටු විය හැකි දවසක්. ඒ සමඟම එකමුතු වීම හරහා අපට කෙතෙක් නම් දෑ කළ හැකි දැයි යන්නට නිදසුනක්. මෙහි අදියුරු මඩුල්ලට මෙන්ම එතෙක් මෙතෙක් මෙහි සිංහල උප සිරැසි දැමූ සැමෝටම පින් සිදු වේවා! හැමෝටම ජයෙන් ජයම වේවා!

    Reply
  • සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උප සම්පදා……
    සචිත්ත පරියෝදපනං
    ඒතං බුද්දානු සාංසනං……

    චිරං ජයතු බයිස්කොප් ‍විබ පලට
    ඉදිරියටත් යහපත් දෙයක් කරන්නට ලැබේවා…..

    Reply
  • අපිටත් පුළුවන් පුළුවන් වෙලාවට උදව් කිරීමට ලැබීම ගැන පුදුම සතුටුයි.. චිරන් ජායතු බයිස්කෝප්!

    Reply
  • patti macho film tikata gahanna film na loweth.jaya wewa baiscope.adey ban kohe comment karannada kiyala hitha ganna ba

    Reply
  • Thanks for sub… Jayawewa

    Reply
  • නියමයි ! අපි ගොඩක් කල් ඉදල් බලාපොරොත්තු උන දෙයක් අද දකින්න ලැබුනා.බයිස්කෝප් අඩවියට සහ බයිස්කෝප් එකේ යාලුවෝ සේරටම සුභපතනවා ! විශේෂයෙන්ම අපේ විකියා සහෝදරයට.

    Reply
  • wow,supiri loweth na sahola supirima wadak app aka patta

    Reply
  • තවත් ඉදිරියටම සාර්තකව කරගෙන යන්න ඔබලා සියලු දෙනාටම ශක්තිය දිරිය ලැබෙවා කියලා මම ප්‍රාර්තනා කරනවා….

    Reply
  • ela ela…. issarata maxxa film apita genna suba pathanawa…!!! jaya..

    Reply
  • සදා ජයවේවා !

    Reply
  • සුභ පැතුම්
    චිරාත් කාලයක් බයිස්කෝප් වැජබේවා කියලා ප්‍රර්ථනා කරනවා
    ජයෙන් ජයම වේවා සියළු දෙනාටම

    Reply
  • පට්ට ජය වේවා!! බයිස්කෝප්..

    Reply
  • jaya wewa. suba pathnawa.maxxxa ma wadak.site.aka patta gathi.sahola

    Reply
  • ඇත්තෙන්ම සන්තෝෂයි බයිස්කෝප් මෙතරම් දුරක් ආ එක ගැන. හැබෑවටම අද දවස වෙනකොට 300ක් සබ් දීලා තිබෙන බව දැනගන්නත් සතු‍ටුයි. වෙනදා පුරුදු ගමන එහෙමම යන ගමන් මේ වගේ දේවලූත් ඉදිරියටත් දිගටම කරගෙන යමු.

    අලුත් මුහුණුවර හැබෑම ලස්සනයි. ජය!

    Reply
  • උණුසුම් සුබ පැතුම්!!! ගොඩක් අයගේ ඉල්ලීමක් වෙලා තිබ්බ සයිට් එකේ මුහුණත වෙනස් කරන්න කියල.. දැන් ලොකු වෙනසක් කරල තියෙනවා.. ඒක ගැන ගොඩක් සතුටුයි. ප්‍රධානතම දේ තමා ලිපි 1000ක් දැනට සම්පූර්ණ කල එක. ඒ අතර උපසිරැසි 300ක් ප්‍රමාණයක් තියෙනවා. ඉතිං මොනව කියන්න ද කියල හිතාගන්න බෑ තියෙන සතුටට. අපි සිංහල උපසිරැසි කලාවේ ලංකාවෙ එක කියල අදත් කියන්නේ නෑ.. ඒත් මෙතනට එන යන හැමෝටම එක කවුද කියල දැනෙනවා ඇති. මෙම වෙබ් අඩවිය වෙනුවෙන් ඇප කැප වෙලා වැඩ කරන අපේ සොයුරු විකියා, වාසල, රොයිලි, උදා ඇතුළු හැමෝටම ගොඩක් ස්තූති වන්ත වෙනවා.. මේ වගේ ලොකු ගමනක් ආපු එක ගැන. ඉදිරියටත් තව ලොකු ලොකු දේවල් කරන්න සුබ පතනවා! තව දෙයක්.. අපේ උපසිරැසි බාගත කරගන්න ප්‍රමාණය ගැන අවබෝධයක් ලැබුණේ නෑ මෙම අඩවියට එන පිරිසට. දැන් ඒකත් එකතු කරලා තියෙනවා.. නියමයි. නියමයි..

    මෙම අඩවියට ලොකු ලොකු බාධා කිරීම් ආවා. ඒවාට නොසැලී මුහුණ දුන් විකියා සොයුරා මෙම අඩවිය තව තවත් දියුණු කලා.. ඔහුට බොහෝ ස්තූති කරනවා. අනෙක් ඇඩ්මින් වරුන්ටත් එම ස්තූතිය හිමි වනවා. චිරං ජයතු බයිස්කෝප්.. සදා කල් දිනේවා!!!

    Reply
  • අපේ ජීවිතවලට සතුටක් ගෙනඑන්න මේ කරන දෙයට ඔයාලට ස්තුතියි

    Reply
  • මගෙන් සුභ පැතුම්!!!!!!!!!!!

    Reply
  • මගෙන් සුභ පැතුම්… පොතේ ගුරා සහෝදරයටත් රොයිලියටත්බයිස්කෝප් කණ්ඩායමේ හැමොටමත් මගේ ස්තූතිය පුද කරනවා…
    කාලිංගමුත්තවයි ගෝලයෝ රොත්තවත් මතක් කරන්න ඕනේ අපි වෙනුවෙන් ඔවුන් දරන මහන්සිය වෙනුවෙන්

    Reply
  • Elakiri. Aluth look eka pattay.

    Reply
  • hodai hodai nagala yan ohomathamai hoda dewala thawath eduriyata denata labewai suba parthana karana wa.

    Reply
  • 1000 ට 100000000000000000000000000 ක් ආයුබෝවේවා

    Reply
  • loweth nathi film tikak sub deela thiyenne.ae wageyma android app aka pattai…magey hada piri suba pathum.kohe comment karannada kiyala hitha ga

    Reply
  • සිරාවට ඇඩෙනවා මේක දැකලා මට තාම මතකයි ඉසිර අයියා ( පොතේ ගුරා )මේක පටන් ගත්තු හැටි ඒ වගේම එදා ඉදන්ම බයිස්කෝප් එක්ක එකට හිටි කෙනෙක් විදියට අප්‍රමාන සන්තෝසයක් තියෙන්නේ ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල එකසිතින් ප්‍රාර්ථනා කරනව

    චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්.. !

    Reply
  • සුපිරි ! සදා ජයවේවා !

    Reply
  • Thanks Lot. ජයෙන් ජය.

    Reply
  • උණුසුම් සුබ පැතුම්.

    Reply
  • ඉතාමත් සතුටට පත්වුණු දවසක්!
    බයිස්කෝප් අඩවියට ජය!

    Reply
  • Dan nam site eka pattama lassanai,mechhara davas apita laba dun sewayata apen hada piri pranamaya puda kerana gamanma Digukal vajabennata prarthana keranava.

    Reply
  • ලොවෙත් නෑ නියම ෆිල්ම් ටිකක් අර ඇප් එක පට්ට හොදේ…
    ජය වේවා !!!!!

    Reply
  • සුපරි සුපිරි චිරං ජයතු බයිස්කෝප් !!!!

    Reply
  • පට්ට මචන්ලා සුපිරිම වැඩක් කරලා තියෙන්නේ 🙂

    Reply
  • උපරිමයි වැඩේ සයිට් එක පට්ට ලස්සනයි දැන්….

    චිරං ජයතු බයිස්කෝප් !!!

    Reply
  • ගොඩක්ම සථුතුඉ ගොඩක් හොද දේවල් දෙන වෙබ් අඩවියක් මෙචර කාලයක් පැවතුන එක ගැන. මගෙන් උණුසුම්ම සුභ පැතුම්.. ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල එකසිතින් ප්‍රාර්ථනා කරනව ……….

    Reply
  • ඇඩෙනවා,,,,පට්ටම ෆිල්ම් ටිකක්…. උපරිමයි වැඩේ සයිට් එක පට්ට ලස්සනයි දැන්
    චිරං ජයතු බයිස්කෝප් !!!

    Reply
  • පට්ටම පට්ට කියන්න දෙයක් නෑ වැඩේ සුපිරිම සුපිරිම..

    Reply
    • චිරං ජයතු

      Reply

Leave a Reply to vernie Cancel reply

Your email address will not be published. Required fields are marked *