Wednesday , August 10 2022
Breaking News

ඇ‍‍ටෑක්: Part 1 (2022) Sinhala Subtitles | අති-ප්‍රබල සොල්දාදුවා – පළමු කොටස [සිංහල උපසිරසි]

Rating: 4.7/10. From 29 votes.
Please wait...

…හිටපු සොල්දාදුවෙක්,
පැරදුණු ආදරවන්තයෙක්,
අනාගත සැලසුම් බොඳ වූ කෙනෙක්,
තම මවට බරක් වූ පුතෙක්,
එහෙත්…
මේ සියල්ල ඔහුගේ ජීවිතයට බලපෑම් කරද්දී
වාසනාව ඔහුව වටා කැරකේ.
අවසානයේ තම ජීවිත කතාව සම්පූර්ණයෙන්ම වෙනස් කරගත්
නවීන යුගයේ අති-ප්‍රභල සොල්දාදුවෙක්…

අද මම ඔයාලට අරන ආවේ හොලිවුඩ්+බොලිවුඩ් චිත්‍රපටයක්. ඒ කිව්වේ මොකක්ද බැලුවා නේද. සාමාන්‍යයෙන් බොලිවුඩයට හොලිවුඩ් ආභාසය ගත්ත චිත්‍රපට හරිම අඩුවෙන් තමයි අපිට දැකගන්න පුළුවන් වෙන්නේ. ඒත් අලුත් යුගයක් ආරම්භයක් බොලිවුඩයට ඇවිත් තියෙන හැඩයි. තාක්ෂණය කියන දේ මේ වෙනකොට මුළු ලෝකෙම පැතිරිලා තියෙන්නේ. සමහරුන් තාක්ෂණය යහපත් අතටත් සමහරුන් තාක්ෂණය අයහපත් අතටත් යොදාගන්නවා ඔයාලා දැකල ඇති. ඒත් අද මම කියන්නේ මේ තාක්ෂණය ඉන්දියාවේ හමුදාවට කොහොමද අදාළ කරගෙන තියෙන්නේ කියල පෙන්නන චිත්‍රපටියක් ගැන. ඉතින් බොලිබුඩය මෑතකදී සෑහෙන පසුබෑමකට ලක් වෙලා තිබුණා. රීමේක් චිත්‍රපට හැදිලා ඒවා හැම එකක්ම වගේ ෆ්ලොප් වෙන. ඒත් සමහරක් අධ්‍යක්ෂකවරු තමන්ගේ හැකියාව අවභාවිතාවට ලක් කළේ නෑ. එහෙම හැංඟිච්ච කෙනෙක් තමයි ලක්ෂ්‍යා රාජ් ආනන්ද් කියන්නේ. ඔහු විසින් අධ්‍යක්ෂණය කෙරුණු මෙම චිත්‍රපටිය සඳහා ප්‍රධාන රංගන දායකත්වයෙන් ජෝන් එබ්‍රහම්, ජැක්ලීන් ෆර්නෑන්ඩස්, රකුල් ප්‍රීත් සිං හා ප්‍රකාශ් රාජ් වැනි නළු නිළියන් සහභාගි වේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා නවතා තිබූ රූගත කිරීම් 2021 පෙබරවාරි මස නැවතත් පටන්ගෙන මෙය ලොවපුරා 2022 අප්‍රේල් මස 1වෙනි දින තිරගත වූවා. ZEE5 හරහා මෙහි ඩිජිටල් පත් මැයි මස 27 වෙනිදා නිකුත් වූවා. ඉතින් මේකේ කතාව මොකක්ද කියල කියන්න යන්නේ නෑ මම. වැඩිය කතාබහ කළේ නැතත් බොක්ස් ඔෆිස් ගියේ නැතත් බලන්න වටින කතාවක් කියල කියන්න ඕනේ. මොකද මේ වගේ විද්‍යාත්ම, ත්‍රාසය, ක්‍රියාන්විතයන් තියෙන චිත්‍රපට හරිම අඩුයි බොලිවුඩ් වල. ඉතින් Attack – Part 1 චිත්‍රපටිය සිංහල උපසිරැසි එක්ක නරඹන්න කියල කතා කරනගමන් සමාවෙන්න ඕනේ මේක දෙන්න පරක්කු වුණාට, අපේ ප්‍රශ්න වලට හේතුව රටේ ප්‍රශ්න කියල අමුතුවෙන් කියන්න ඕනෑනේ. එහෙනම් ආයෙම තවත් උපසිරැසියකින් හම්බවෙමු. ජය වේවා! ❤

…පළමු කතාව මෙසේ නිමාවන අතර, දෙවන කතාවට ළඟදීම සූදානම් වන්න…

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HQ HEVC / WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Jayeshbhai Jordaar (2022) Sinhala Subtitles | දුවෙක් කියන්නේ එච්චරටම නොවටිනා කෙනෙක්ද? [සිංහල උපසිරසි]

ලෝකයා අඟහරු වල තියෙන දේවල් හොයාගන්න හදනකොට මගේ පවුල තාමත් මේ ලෝක ගෝලය ඇතුලේ හිර …

Leave a Reply

Your email address will not be published.

34 comments

  1. aye home age yanna kiyanawa downlor karnna ba kiyanawane

  2. බොහෝම ස්තූති

  3. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  4. ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  5. තෑන්ක්ස් පසියා

  6. Thanks Brother

  7. John abrahim ගෙ ෆිල්ම් කොහොමත් පට්ට.
    Tnx bro සබට
    ජය වේවා..

  8. තෑම්ක්ස් බොම්ක❤️

  9. Thank you

  10. Thank you very much

  11. Thanks Bro….

  12. Idunil Weerasinghe

    Thanks brother

  13. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  14. ස්තුතියි !

  15. Thanks buddy

  16. Thanks brother ..keep going ..

  17. තෑන්ක්ස් සබට
    Heropanti 2 නම් සබ් කරන්න එපා බයිස්කෝප් , මෙලෝ රහක් නෑ

  18. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  19. රැග්නා

    මේ වගේ ෆිල්ම් hit නොවෙන එකනම් අපරාදේ
    John abraham සුපිරි actor කෙනෙක් හැබැයි පොරට තාමත් ලොකු success එකක් නෑ බොලිවුඩ් වල
    හොලිවුඩ් වල හිටියනම් Rock ගේ level එකට එන්න තිබ්බා

  20. උපසිරසියට ස්තුතියි

  21. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  22. thanks ..

  23. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  24. thanks a lot saho sub ekata

  25. Thanks brother

  26. Thanks for sub

  27. උපසිරසියට තුති

  28. Sub akta thanks

  29. Thank You …

error: Alert: Content is protected !!