Friday , January 27 2023

ක්‍රිමිනල් ජස්ටිස්: අධූරා සච් (2020-) [S03 : E03] Sinhala Subtitles | සිර අඩස්සියේදී.. [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

ඩිස්නි හොට්ස්ටාර් වෙතින් මුදාහැරිය කවුරුත් දන්න කියන වෙබ් කතාමාලාවක් වෙන Criminal Justice හි තෙවන දිගහැරුම Adhura Sach නොහොත් අසම්පූර්ණ සත්‍යයේ තුන්වෙනි කොටස තමා මේ අරන් එන්නේ. පුද්ගලික වැඩ රාජකාරි සහ ආසියානු කුසලානයත් නිසා මේ කොටසට උපසිරැසිය ගේන්න ටිකක් පරක්කු වුණා. ඒකට සමාව දෙයි කියලා හිතනවා. ඉතින් හැරෙමු කතාව පැත්තට..

ජනප්‍රිය ටෙලිවිෂන් ළමා තරුව සාරා රෑ නිදිපැදුරෙන්ම අතුරුදහන් වෙලා තිබ්බා. අවට හැමතැනම හෙව්වත් සාරාගේ සලකුණක්වත් හොයාගන්න තිබ්බේ නැහැ. අන්තිමට සාරාගේ සලකුණක් මතුවුණේ කොහෙන්ද කියලා දැන් ඔයාලා දන්නවා. ඒ මහ මුහුදෙන්, සාරාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර. ඉතින් වෙච්ච හැමදේම කිරලා මැනලා බැලුවට පස්සෙ හැම සැකයක්ම එල්ල වුණේ සාරාගේම සහෝදරයා දිහාවට. ඔය අතරෙදි සාරාගේ අම්මා එයාගෙ ඇත්තම අම්මා නොවෙන බවත් අයියත් එයාගෙම නොවෙන බවත් දැනගත්තනේ.

ඉතින් දැන් හැමෝගෙම වෛරයට පාත්‍ර වෙලා ඉන්න මුකුල්ගේ පිහිටට හිටියේ එයාගෙ අම්මා සහ තාත්තා විතරමයි. තාත්තා කිව්වෙ නීරජ් නම් නෙමේ, මුකුල්ගේ හැබෑම තාත්තා. නීරජ් මුකුල් වෙනුවෙන් මුකුත් නොකර පැත්තකට වෙලා ඉන්නයි හිතාගෙන හිටියේ. මොකද මරලා දාලා තියෙන්නේ තමන්ගෙම දුව නිසා. හරි, ඔය අතරෙදි තමා මාධව් මිශ්‍රා කතාවට එකතු වෙන්නේ. බලමු මේ සැරේ මාධව්ට මොන වගේ අභියෝග වලට මුහුණ දෙන්න වෙයිද කියලා.

එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජයවේවා!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Ben 10 (2005-2008) [S03: E08-E09] Sinhala Subtitles | මමියක් පසුපස… [සිංහල උපසිරසි]

අද අරන් ආවෙ තුන්වෙනි සීසන් එකේ අටවෙනි සහ නවවෙනි කොටස් දෙක. පුංචි විස්තරයක් කරන්නම් කොටස් …

Leave a Reply

Your email address will not be published.

16 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. Thanks !!!

  3. ටෑන්ක්ස්

  4. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  6. Dinushka Udara

    4වෙනි එපියටත් සිංහල දෙන්නකො සහො

  7. ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  8. Nadun Piyumantha

    ස්තූතියි සහෝ සබ් එකට. ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න බලන්න.<3

  9. ELA BRO.

  10. Thanks for sub

  11. sub tika hariyata time ekata dipan. bari nam nikan hitpan

  12. Asia cup එකනම් පකිස්ලට ගිහින් ඉවරයි දැනුත් බ්‍රෝ
    Anyway තෑන්ක්ස් සබට
    ඉතුරු ටිකත් දුන්නම එකටම බලනෝ

  13. සිංහල උපසිරැසියට ස්තූතියි

  14. Sub akta thanks

error: Alert: Content is protected !!