මංසල | ලිපි 500 ක්
~මේ අඩවිය පටන් අරන් මුල්ම ලිපිය පළ කරලා මාස 03කුත් ගත වුණා. එදා සිට අද දවස වෙනකොට, අපි මෙහි ලිපි 200ක් පළ කර තිබෙන බව සතුටින් මතක් කරන ගමන් ඒ වෙනුවෙන් අපට හයියක් වූ හැමකෙනෙකුටම ස්තුතියි කියන එක මේ ලිපිය පටන් ගන්ඩ ඉස්සරවෙලා කියල හිටියොත් හොදයි කියලා හිතුණා! ලිපියට අදාල නැති වුණත් ඒක අපේ යුතුකමක් ලෙස සලකන නිසා නොසලකා හරින්නෙ කොහොමද? නේද? එහෙමනම් දැන් හැරෙමුකෝ ලිපිය දිහාට ~
වරදවාගන්නත් එපා! පටළවාගන්නත් එපා! මේ කිව්වේ පරණ කතාවක්. මේ කතාව කිව්වේ 2013/ 01/ 30 දින පළ කළ ලිපියේ. එදා ලිපි 200ක් බවට පත්වුණේ; අපි කවුරුත් දන්න බයිස්කෝප් සිංහලෙන් කියන පුංචි හාදයට, වයස අවුරුදු 3ක් විතර වෙනකොට උපන්; බාල සොහොයුරාගෙ ප්‍රකාශිත ලිපි සංඛ්‍යාව. එදා මාස 03ක් වයස් වුණ මේ බාල සොහොයුරාටත් දැන් අවුරුද්දක් වයසයි. එයාගෙ අයියට වයසත් දැන් අවුරුදු 4ක්
බලමුකො ඒකෙත් හැටි! 2012/ 11/ 06 වැනිදා උපන් මේ බාල සොහොයුරාත් හරියට එයාගෙ අයියා වගේමයි මේ පහුවුණු කාලය ගෙවා දැම්මේ. මාස 03ක් වයස් වෙනකොට ලිපි 200ක් දෙන්න තරම් ශක්තියකින් යුක්ත වුණ මේ හාදයට ලිපි 500ක් වෙන්නෙ අදනෙ. ලිපි 200ක් මාස තුනෙන් දුන්නත්, මේ ඉතුරු ලිපි 300 දෙන්න එයාට ගිය කාලය මාස 7ක් විතර වෙනවා. පේනවනේ? පුංචි කාලෙ නොයෙක් නොයෙක් ලෙඩරෝග, දෝෂ, ඇස්වහ-කටවහ අහනව ටිකක් වැඩිනෙ කොහොමටත්. උපන් ගමන් හින්දා හොඳ හයියට උන්නට කල් යනකොට ඉතින් එක එක නුහුරු නුපුරුදු දේත් එක්ක ගැටෙනවා වැඩි නෙව. ඒ හින්දා වෙන්ට ඇති ඕං…
හරි එහෙනං! මුලින්ම මතක් කොරන්නම්කො අපේ චේතිය ප්‍රසංග මලයාව. මලයා තමා මංසල අඩවියේ පළවුණ අධ්‍යාපනික වටිනාකමක් ඇති ලිපිවලින් 90% ක්ම ලියා දුන්නේ. දැනුමට කියලා අපෙ අඩවියේ තියෙන කොටහට ගොහින් බැලුවානම් ඒ බව පෙනෙයි. තව ඉන්නවා ලාංකික චිත්‍රපටයක් ගැන මුල්ම ලිපිය ලබාදුන් උදයන්ති ප්‍රියංගා අලුත්වල සොයුරිය. අපේ විචාරකවරිය වන නෙරංජි. අපට කොමික් ගැන ලිපි දෙන සමීර(බුවා). අපි ඉල්ලන ඉල්ලන ලිපි සකසලා දෙන දක්ෂිණ. අනේ මන්දා නම් කියන්ට ගියොත්නම් මහා-ගොඩක් තියෙනවා. ඒ වුණත් මේ ලිපි 500ට අඩංගු ලිපි ලබා දුන් හැමෝටම, එක ලිපියකින් හරි දුන් සහයට ස්තුතිවන්ත වෙන්නට අවස්ථාවක් මේ… (විශේෂයෙන් වෙන් වෙන් අංශ ලෙස දායකත්වය ලබා දෙන කිහිප දෙනෙකුගෙ නම් විතරක් කිව්වා කියල අමනාප වෙන්න එපා. ඒ අය වෙසෙසින්ම සිහිපත් කළ යුතුයි කියන කාරණය අපි බොහොම සැලකිල්ලට ගත් නිසයි එහෙම නම් වශයෙන් සඳහන් කළේ. අනෙක් අය අමතක කළා නොවෙයි. ලිපිය ඕනෑවට වඩා දිගු වෙන්නට ඉඩ ඇති නිසා ඉතුරු සියල්ලන්වම පොදුවේ සිහිපත් කරනවා ඉමහත් සෙනෙහසින් වගේම, ගෞරවයෙන්.)
ඉතින් ඊගාවට කියන්නට ඇත්තේ එදා මෙදාතුර අපි ඇරඹූ ජනප්‍රිය වැඩ ගැනයි. විචාර ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නෑ, ඒවා කට්ටිය පිස්සු වට්ටන තරම් ආකර්ෂණීයයි. ඒ වගේම සාරවත්. එතකොට අපේ අධ්‍යාපනික ලිපිනම් දැන් ඇණහිටලා වගේ තිබුණත් ඒකත් බොහොම වටිනා කියන එකක්. ඒ හැරුණහම හැදෙන හැටි බොහොම වේගයෙන් ආකර්ෂණය දිනාගන්නා ලිපි පෙළක් බවට පත් වෙලා. වැරදුණු තැන් එනකම් ඇඟිලි ගණින අය වගේම, මෙන්න මේකේ වැරදුණු තැනුත් කියන්න කියලා ඉල්ලන අයත් ඒ වටේ රොක්වෙලා. සේරටම වඩා පුදුමාකාර විදිහට ප්‍රසාදය දිනපු සිංහලෙන් ට්‍රේලර් දෙන වැඩෙත් නැගලම යනවා. එතකොට චිත්‍රපටි ගැන විස්තරාත්මක ලිපි පළ කිරීම ඇරඹූ Bond චිත්‍රපටවල විශේෂතා ගැන කියන ලිපි පෙළ Bond අතහැරිය පසුවත්, දිගු ගමනක් යන්නට අරඅඳිනවා ටික ටික. සේරටම වඩා ඇල්මැරිච්ච ඉදිරි දිගහැරුමත් ඔහේ යනවා තමත්…මේ සේරම පිටිපස්සෙ ඉන්නෙ අපේ පරණ පුරුදු කට්ටියමයි. අලුතින් එකතු වුණ ටික දෙනෙක් හිටියත් ඒ අයත් දන්නා හඳුනන උදවිය. ලොකුම ලොක්කා ගුරා. ඔහු නැතිනම් මේ දේවල් නෑ… ඊගාවට මංසලේ භාරකාරයා වාසල. සම්බන්ධීකාරක විකියා. දැනමුත්තා රොයිලි ඉන්නවා. කවදත් වගේ විකාර කෙලින උදාකාරයා, හසන්ත ඉන්නවා මංසල හා බැඳුණු සිංහල ට්‍රේලර් වැඩේ හසුරුවන අපේ YouTube චැනලයේ කෙරුම්කාරයා. අලුත් මෙහෙයුම්කරු තමයි සමීර මලයා.
ඔය කිව්ව මංසල අදියුරු පිරිස හැරුණුකොට තවත් අපේ සබ්කරුවෝ බොහොම දෙනෙකුත් විවිධාකාරයෙන් සහය දෙනවා මේ වැඩේ මග නොනැවතී දිගටම ඉදිරියට රැගෙන යන්නට. නමුත් පිටින් ඉඳං සහය දෙන අය හරිම විශේෂයි. පිට කෙනෙක් කිව්වට දැන්නම් අපට පිට කෙනෙක් නෙමෙයි. ඒතමා ධනික පෙරේරා. භාෂා ලංකා ආයතනයේ සංකල්පධාරියා, නැතිනම් නිර්මාතෲ. ඔහු නොමිලයේ ලබා දෙන සහය අපට පුදුම ශක්තියක්. මතක ඇති පහුගිය ටිකේ සිංහලෙන් වෙනුවෙන් ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදමින්, ඒවා නැවුම් කරමින් අපේ වෑයම තවත් පුළුල් පරාසයකට ගෙන යන්නට ධනික සහ ඔහුගේ ආයතනයෙන් අප වෙනුවෙන් නිර්මාණය කළ සිංහල ස්මාට්ෆෝන් ඇප්ප් එක ගැන. මෙවර ඔහු එය තවත් ඉදිරියට රැගෙන යමින් අපේ මංසලට ඇප්ප් එකක් නිකුත් කරන්නට කටයුතු කරනවා. නමුත් මේක ටිකක් විශේෂයි. ඇන්ඩ්‍රොයිඩ් හා බැඳුණු දිනෙන් දින අලුත් වන යෙදවුම් සමග මෙවර මේ නිර්මාණය කර තිබෙනවා. appgenz(ඇප්ගෙන්ස්) නමැති සැකසුම උපයෝගයෙන් තමයි මෙවර මේ ඇප්ප් එක එළිදක්වන්නේ. මේ AppGenz වෙනස් වෙන්නේ එමගින් ඕනෑම කෙනෙකුට ඇන්ඩ්‍රොයිඩ් ඇප්ප් සකසා නිකුත් කිරීමේ පහසුකම ලබා දෙන නිසා. ඉතින් මේ AppGenz පාවිච්චි කරලා හදපු ලංකාවේ මුල්ම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකත් මංසල ඇප් එක බව අපි කියන්නේ තරමක ආඩම්බරයෙන්. ඉතින් ඒ ආඩම්බරයේ නියම හිමිකරු ධනිකටත් ඔහුගේ ශ්‍රීලාංකික දායාදය ලෙස රටට පිරිනැමුණු භාෂා ලංකා ආයතනයටත් අපගේ විශේෂ ස්තුතිය හිමිකරදෙනවා මේ මොහොතේදී…
එහෙමනම් අපේ අලුත් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකෙන් වැඩ ගන්න ගමන්, ධනිකටයි ඔහුගේ පිරිසටයි ස්තුති කරන්නටත් ඔබ අමතක නොකරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. වෙනදා වගේම කමෙන්ට් එකකින්, ලිපියකින් ට්‍රේලර් උපසිරැසියකින් සහය පළකරමින් අපත් සමග රැඳී ඉන්න කියන ආරාධනය කරනවා. ඔබේ පැමිණීම වගේම ඔබ දෙන දහිරියත් අපට ශක්තියක්. එනිසා වෙනදා වගේම සහෝදර සෙනෙහසින්, පියවරෙන් පියවර ඉදිරියට ඇදෙන අපේ මේ මාවතේ හැම සටහනක් සටහනක් පාසාම; හැම සැමරුමක් සැමරුමක් පාසාම අපට රුකුල් දෙන ඔබේ ශක්තිය දිගටම අපට දෙන්න. මුළු හිතින්ම අපේ අපේක්ෂාව එයයි.
ඔබටත් අපිත් එක්ක අලුත් ලිපි නැවුම් තොරතුරු ලියන්නට එකතු වෙන්න පුළුවන් බවත් මේ වෙලාවේදී මතක් කරන්න කැමති,එහෙම කැමැත්තක් තිබෙන අය [email protected] මේ ලිපිනයෙන් අපව අමතන්න , ඉදිරියේදීත් නැවුම් තොරතුරු සහ විවිධ විශේෂාංග සමගින් හමුවෙමු…හැමටම ආයුබෝවන්! චිරන් ජයතු !
මෙතනින් මංසලට ගොඩ වෙලා සුභපැතුමක් එක් කරලම යමු නේ
Lucifer sub denne nadda?
https://youtu.be/2q3l4fMVCO8
anek subtitle valata baiscope akata thanks
mata thare sameepar movie ake subtitle liyala denna puluvanda
කො තාම ARROW එකේ season 02 episode 16 සිoහල උපසිරස නෑ…
ජයවේවා!
මගේ උණුසුම් සුබ පැතුම් ඇත්තටම හිතට ඇති වෙන සතුට කියා නිම කරන්න බැ ගොඩක් සතුටුයි ඒ දවස් වල සෙමින් උදා විකියා අයියා එක්ක ලිපි පළ වු ඒ පොඩි පැළය මෙතරම් ලොකු ගසක් වීම ගැන ඉතින් තව තවත් ථල දරන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා
all the best
සුබ පැතුම්
Good luck Baiscope 🙂
keep it up…………….
හිතාගන්න බෑ අපි මෙච්චර කල් මෙච්චර ලිපි කියෙව්වද කියලා…
දිගු ගමනකට මගෙන් උණුසුම්සුභ පෑතුම්.
ලිපි 1000ත් අත ලග, ඉක්මනටම දෙමු.
බයිස්කෝප් සිංහලෙන් වෙත ලිපි ලියන, සබ් දෙන අය වගේම මේ වෙනුවෙන් සහාය වන හා ඈප කෑප වන සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතීවන්ත වියයුතුයි.
දිගුකල් යෙහෙන් වෑජබෙන්නට ජයෙන් ජය !!!
thank,s
මංසලට සදා ජය වේවා!
Thanks. Thanks. Thanks…Sada Dineva Ape Site Eka.
thannks.all the best……..ohomma yamu.
චිරන් ජයතු බයිස්කෝප් මංසල
නියමයි .ජය වේවා!සුබ පැතුම්
Good Luck!
සුබ පැතුම් බයිස්කෝප් මන්සල
මගේ සුභපැතුම්!!!
Awankavaa satutui… ape set ekak mechchara hodata gemak gahagena ena ekama web 1 meka.. thanksss for everything….
මගේ උණුසුම් සුබ පැතුම්, ජයවේවා.
all the best. ohoma yamu
එළකිරි..
එළකිරි…
මටත් පොඩිම පොඩි ආඩම්බරයක් තියෙනවා මමත් ලිපි දෙක තුනක් හරි දීලා පොඩි හවුල්කාරයෙක් උන එක ගැන…
තව ඉස්සරහට යමු, අලුත් අලුත් දේවල් අතරින්..
ජය වේවා මන්සල..
Best of luck
great!!! Wish u all the best machanla…thanks for everything..
aththatama me mansala karan yana admin tath ekata lipi liyana okkomatath godak thanks..mkda api aluthen ena film gana tv series vala visthara thava godak deval oken thama dana ganne…okath digatama karagena yamu………jaya wewaaa…….
ඔහොම යමු කොහොම කොහොම හරි බයිස්කෝප් TV channel එකකුත් ආවනම් මරු 😀 මම හිතනව එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන් වෙයිකියල බයිස්කෝප් එකට සුබ පතන අතරම සබ් නිර්මාණ කරුවන් සියලුම දෙනාටත් සුබ පතනව!
[email protected] ලිපිනයට නෙමෙයිද දැන් සබ් කරලයවන්න ඕනේ?
මොකද මම සබ් එකක් මේ ලිපිනයට යැව්ව 25 වෙනිද ඒත් මට තාම පප්රතිචාරයක් ලැබුනේ නැහැ ඒක ලැබුනද කිවලවත් 🙁
අපේ ප්‍රධාන ඊ මේල් ඇඩ්රස් එක වෙන [email protected] එකට එවන්න සහෝ සබ් එවනකොට. එතකොට ඇඩ්මින්ලා හැමෝටම ඒක ලැබෙනවා.
ඒ වගේම මේ වෙනකොට සබ් විශාල ප්‍රමාණයක් අපට ලැබිලා තියනවා. ඉතින් ඒවා ලැබුන පිළිවලට තමා පබ්ලිශ් කරන්නේ. ඒ නිසා ටිකක් පරක්කු වෙන්නත් පුලුවන්. ඒ ගැන නම් සමාව ඉල්ලනවා සබ් එවන අයගෙන්. අපි උපරිම උත්සාහ කරනවා ඉක්මනින් ඒවා ලබා දෙන්න. ඒ නිසාම තමා දැන් දිනකට ෆිල්ම් 4 ක් පමණ දෙන්නේ.
එහෙම ගැටලුවක් නැහැ ප්‍රතිචාරයක් ලැබුනේ නැති නිසා මම හිතුව මොකක් හරි අව්ලක්ද දන්නේ නැහැ මම එවපු එකේ කියල දැන් ගැටලුවක් නැහැ.
බොහොම ස්තුතියි !!!
Jayenjaya
මන්සලෙහි ලිපි 500ක් පිරීම ගැන සුභ පැතුම්.
දිගු කල් වැජබෙන්නට ආසිරි වේවා!!!!!!!!!!!!!
උණුසුම් සුභ පැතුම්, ජය වේවා ….!!!
සුබ පැතුම් මන්සල
පට්ටායි…..ආ සුපිරි වැඩක්
සුභ පැතුම්… ජය වේවා…
දීර්ඝ ඉදිරි ගමනකට බයිස්කෝප් මංසල වෙබ් අඩවියට මගේ සුභපැතුම්!!
ජයෙන් ජය !!!
patta wedak….jaya wewa…ohoma yan
මංසලෙන් ගොඩක් දේවල් දැනගත්තා
ඒ වෙනුවෙන් කැපවුනු ඔක්කොටම තුති
විශේෂයෙන් ධනිකටත්
ඉක්මනටම ලිපි 1000කුත් දෙමු
සබට තුති
ඔබට ජය…
ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!
thanks machanla….
මංසලේ ලිපි 500ට මගේ උණුසුම් සුභ පැතුම්.
ගොඩක් ලිපි කියවල ගොඩක් දැනුම ගත්තත් කොමෙන්ටු දාපු ගාන නම් බොහෝම පොඩියි.
ඉදිරියට ඒ වැරැද්දත් හදාගෙන මංසලට ගොඩ වෙන්න ඕනි.
නොනැවතී ඉදිරියටම යමු කොල්ලනේ කෙල්ලනේ.
ජයවේවා.බොහෝ……………………………………………………………………….ම ස්තූතියි…!
බයිස්කෝප් මංසල කියන්නෙ දැනුම් සාගරයක්. සිනමාවේ අපි නොදත් බොහෝ තොරතුරු ගැන දැනුවත් වෙන්න බොහොම උපකාරී වුණා… මංසලට ලිපි ලියපු සහෝදරවරු සියළුම දෙනාටත්, මංසල වෙනුවෙන් වෙහෙස මහන්සි වන සියළු දෙනාටත් බෙහෙවින්ම ස්තූතියි!
මංසලෙන් අපිට ගෙනාපු දැනුම අසීමිතයි.
මංසලට සදා ජය වේවා!
niyamayi oyala set aka
බොහොම සතුටුයි බයිස්කෝප් මංසලටත් ඉක්මනින්ම ලිපි 500කට හිමිකම් කියන්න පුළුවන් වීම ගැන… දීර්ඝ ඉදිරි ගමනකට බයිස්කෝප් මංසල වෙබ් අඩවියට මගේ සුභපැතුම්!!!
ela
නියම වැඩක්…සුබ ගමන් “මංසල”
නියමයි මචන්ලා.මේවා හොද වැඩ.ඔහොම යං ඔහොම යං………
සුබ පැතුම් බයිස්කෝප් මන්සල
ජයෙන් ජය !!!!
!!!!දිගුකල් වැජබේවා !!!
suba pathum baiscope mansala
cngrtz 500 😀
thnxxxxxxxxxxxx
all the best machanla digatama yamu ohoma
wow..maru