අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Suspicious Partner AKA Soosanghan Pateuneo [E25 & E26] Sinhala Subtitles | අපේ ආදර අවනඩුව [සිංහල උපසිරැසි]

No votes yet.
Please wait...


උසාවියම මීයට පිම්බා වගේ නිහඬයි. හැමෝම කන්න වගේ බලන් හිටියේ තඩිම තඩි කණ්නාඩියකුත් දාගෙන විත්ති අසුනට වෙලා තුෂ්නිම්භූත වෙලා ඔහේ බලන් හිටිය ඉයුන් බොන්ග් හී ගේ කටින් මීලඟට මොන වගේ වචනයක් එලියට පනී ද කියලයි. වෙන වෙලාවක නම් බොන්ග් හී ව දැක්කොත් බඩ අල්ලගෙන හිනා වෙන්න පුලුවන්කමක් තිබුනා වුනත් මේ වෙලාව නම් තනිකරම උසාවියම හොල්මන් වෙලා  හිටිය වෙලාවක්.

” අවංකව ම කිව්වොත්, මට විශ්වාසයි, හැමකෙනෙක්ටම තමන්ගේ සැමියව එහෙමත් නැත්නම් පෙම්වතා ව මරන්න ඕන කියලා එක වතාවක් හරි හිතිලා ඇති! ”

මදැයි… ඉඳලා ඉඳලා ඉයුන් බොන්ග් හී කට ඇරියා. ඔන්න එතකොටම බොන්ග් හී වෙනුවෙන් කතා කරපු විත්තියේ නීතිඥයාගේ ඇස් ගෙඩි දෙක උඩ ගියා. මේකටද යෝධියේ මම උගුර ලේ රහ වෙනකන් කෑ ගැහුවේ කියන්න වගේ බැල්මක් ඒ මූණේ ලියවුනා. එතකොට බොන්ග් හී ට ම වැරැද්ද පටවලා තමන්ගේ ජයග්‍රහණ මල්ලට තවත් ජයක් එකතු කරගන්න මාන බල බල හිටපු අභිචෝදක නෝහ් ජි වුක්, මොකක්ද බොලේ මේ වුනේ වගේ බැල්මක් යොන්ග් හී දිහාට දැම්මා. සාවදානව විත්තියට ඇහුම්කන් දෙමින් හිටී විනිසුරු මඩුල්ලත් මූණෙන් මූණ බලා ගත්තා. ඇත්ත තමයි. ඉයුන් බොන්ග් හී ට විරුද්ධව තිබුන චෝදනාව ලේසිපාසු එකක් නෙවෙයිනේ. තමන්ගේ පෙම්වතා ව ක්‍රෑර අන්දමින් ඝාතනය කිරීම! එහෙම කෙනෙක් ගේ කටින් පිටවෙන කතාවක්ද ඒ කිව්වේ. ඊටත් වඩා බොන්ග් හී කියන්නේ විනිසුරුවරියක් වෙන්න පුහුණු වෙන ශිෂ්‍යාවක්! සේරටමත් හපන් මෙයා මේ මිනීමැරුමට සැකකාරයෙක් විදියට නම් කරලා ඉන්න නඩුවේ අභිචෝදකයා විදියට ඉන්නේ එයාට විශ්වාසයක් තියන්න පුලුවන් එකම පිරිමියා, නෝහ් ජි වුක්. අභිචෝදක කියන්නෙ විත්තියේ සතුරා නම් මෙතනදි කොහොමද විත්තිකාරි අභිචෝදක ගැන විශ්වාසෙ තියන්නේ!

උසාවියේ නඩු නම් ඕන තරම් විභාග වෙනවා. ඒ අතරේ ආදරය නිසා ඇති වුන නඩුත් නැතුවාම නෙවෙයි. සමහර ආදර නඩු, නඩු වලට වඩා අවනඩු කිව්වොත් හරි. සමහර ආදර කතාත් එක්තරා ආකාරෙක අවනඩු තමයි. ආදරේ කරන්න පටන් ගත්ත දවසේ ඉඳන්ම ජීවිතේම අවනඩුවක් වෙච්ච අයත් ඇති. එහෙම නොවෙච්ච අයත් ඇති. ආදරේ කරන අයටයි, ආදරේ කරන්න ඉන්න අයටයි මේ ආදර අවනඩුව කියන්න සූදානම් අපේ දඟකාර, කටකාර, හැඩකාර කෙල්ල ඉයුන් බොන්ග් හී. හැබැයි, මේ කතාව බෝතල් ගානින් කඳුලු වගුරවන්න වෙන තාලේ ආදර කතාවක් නෙවෙයි. අවනඩුවක් වුනත් බොහොම නිවිහැනහිල්ලේ හිනා වෙවී බලන්න පුලුවන් ජාතියේ අමුතුම ආදර කතාවක්.

ඉයුන් බොන්ග් හී ගේ චරිතයෙන් Ji-hyun Nam ද, අභිචෝදක නෝහ් ජි වුක් ගේ චරිතයෙන් Healer, The K2, Empress Ki වගේ කතා වලින් අතිශය ජනප්‍රිය වුන Ji Chang Wook ද, නීතිඥ ජි ඉයුන් හ්යුක් ගේ චරිතයෙන් Tae Joon Choi ද, චා යෝ ජන්ග් ගේ චරිතයෙන් Na-ra Kwon ද අපේ ආදර අවනඩුව කියන්න එකතු වෙනවා.

දැනට IMDb දර්ශකයේ 8.1 ක් ම හිමි කර ගෙන තියන මේ comedy, crime, romance වර්ගයට අයත් Suspecious Partner 2017 තමයි අපේ ආදර අවනඩුව.

අවසාන වශයෙන් පොඩි දෙයක් කියන්න තියනවා. King 2 hearts එකෙන් පස්සේ කොරියන් ඩ්‍රාමා එකක් නැද්ද කියලා ගොඩක් අය මගෙන් ඇහුවා. ජනවාරි අග වගෙ තමයි මේක දෙන්න හිටියේ, ඒත් අධ්‍යාපනික වැඩ නිසා ගොඩාක් පරක්කු වුනා. ඒ නිසා මගේ ආදරණීය රසික, රසිකාවියන්ගෙන් සමාව ඉල්ලන ගමන් අදට සමුගන්නවා.

ආයුබෝවන්!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

One thought on “Suspicious Partner AKA Soosanghan Pateuneo [E25 & E26] Sinhala Subtitles | අපේ ආදර අවනඩුව [සිංහල උපසිරැසි]

  • meke nama engilsh walinuth demma nam hoday
    nama search krama pennuwe ne
    mulin mn hithuwe mekt thama sub dala nethuwa athi kiyla….
    eka gena poddk blnna …

    Reply

Leave a Reply to Nirodhayapabandara Cancel reply

Your email address will not be published. Required fields are marked *