Tuesday , August 9 2022
Breaking News

සැලූට් (2022) Sinhala Subtitles | අයුක්තිය අසාධාරණයට එරෙහිව ! [සිංහල උපසිරසි]

Rating: 4.9/10. From 20 votes.
Please wait...

ආයුබෝවන් යාළුවනේ ඉතින් ඔන්න මේ වතාවේ අරගෙන ආවේ මලයාලම් චිත්‍රපටයකට සිංහල උපසිරැසියක්. දෙමළ සිනමාවෙන් ඈත්වෙලා මලයාලම් එකකට උපසිරැසියක් දෙන එක ටිකක් අසීරු වුණත් මේක ඔය ගොල්ලන් බලන්න ආසාවෙන්ම හිටපු එකක් කියන්න මම දන්නවා. මොකද අවසාන මොහොත දක්වාම කුතුහලයෙන් බලන්න පුලුවන් චිත්‍රපටයක් කාලෙකින් මටත් හම්බවුණේ. Dulquer Salmaan මලයාලම් සිනමාවේ මෙන්ම දමිළ සිනමාවෙත් කැපී පෙනෙන තරුවක්. Ustad Hotel (2012), Salalah Mobiles (2014), 100 Days of Love (2015), Charlie (2015), Kali (2016), Kurup (2021) වගේ අමතක කරන්නම බැරි චිත්‍රපට රැසකටම දායකත්වය දීල තියෙනව. 2022 මාර්තු මස 17 වන දින තිරගත වීම ආරම්භ කරන ලද පැය 2 කුත් විනාඩි 22ක් පුරාවට අවසාන තත්පරය දක්වාම කුතුහලයෙන් බලන්න පුලුවන් IMDb අගය 7.0 ක් අරගෙන තියෙන Action, Crime, Drama ගනයට අයත් සුපිරිම චිත්‍රපටයක් තමයි ඔය ගොල්ලන්ට අරගෙන ආවේ. ඉතින් චිත්‍රපටය ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.

අරවින්ද් කරුණාකරන් තමන්ගෙ අයියගෙ ආදර්ශයෙන් පොලිස් නිළධාරියෙක් වුණේ අයියගෙ යටතේමයි. පළමු පත්වීම හම්බවෙන්නේ තිරුවනන්තපුරම් දිස්ත්‍රික්කයේ මාරනෙල්ලූර් පොලිස් ස්ථානයට. එහිදි සිද්ධවුණ ද්විද්ව මිනී මැරුම් සිද්ධියක් සම්බන්ධයෙන් අරවින්ද් කරුණාකරන්ගේ අයියා ඇතුළු කණ්ඩායමේ කට්ටිය මේක වෙනත් කෙනෙක් පිටින් දාලා නඩුව වහන්න උත්සාහයක් දරනවා. නමුත් ඒකට විරුද්ධව අරවින්ද් කරුණාකරන් නොහොත් අපේ චිත්‍රපටයේ කතා නායකයා විරුද්ධව හිටගන්නව. මාටින්-ෂීබා ඝාතනය මුලු දේශපාලන ක්ෂේත්‍රයේම රැව් පිලි රැව් දුන් අපරාධ සිද්ධියක්. දේශපාලකයින් මේ සිද්ධිය උළුප්පා දක්වමින් පොලීසියට අපහාස කරමින් දේශපාලන වාසි ගන්න උත්සාහ දරන අවස්ථාවක ඊට මැදිහත්වුණ අරවින්ද් දේශපාලන හෙන්චයියන් ඇතුළු සෙට් එකකට හොදටම නෙලනව. මාටින්-ෂීබා ඝාතනය ගැන නොයෙකුත් මතිමතාන්තර පැතිරෙන අවස්ථාවක ඒක යට ගහල වෙන කෙනෙක්ගෙ පිටින් දාන්න හදන අවස්ථාවක අරවින්ද් කරුණාකරන්ට ඒ ගැන හොයන්න ගිහින් පොලිස් නිළයත් එපා වෙන තැනට වැඩ සිද්ධවෙනවා. බැරිම තැන වැටුප් රහිතව අවු. 5 කට නිවාඩු ලබාගන්නා අරවින්ද් කරුණාකරන්ගේ ඊළග පියවර බොරුව – සත්‍ය- සාධාරණය අතරින් මොකක් වෙයිද ? දන්නවනෙ යාළුවනේ මන් වැඩිය ලියන්න දස්සයෙක් නෙමෙයි. එහෙනම් ආයෙත් චිත්‍රපටයකින් මුණ ගැහෙමු.

හැමෝටම තෙරුවන් සරණයි !

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Tamil HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Darlings (2022) Sinhala subtitles | මරු අම්මයි දුවයි. [සිංහල උපසිරසි]

අළුත්ම අළුත් සිංහල උපසිරැසියක් අරගෙන මේ පැත්තට සේන්දු වුණා, චිත්‍රපටය සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටයක්, නම …

Leave a Reply

Your email address will not be published.

39 comments

  1. Malith samarawickrama

    Thanks sub ekata

  2. Thanks brother
    Keep it up

  3. sub ekata godak thanks

  4. oruthee kiyana maayalam film ekatath dennakoo sub plz

  5. bro meke sub 1 kotu kotu yanne kauru enne na eyi e

  6. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  7. Buddhika laKMal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  8. Thanks yalu

  9. ස්තුතියි සබට
    මම්මුට්ගේ අලුත් ෆිලුම අද Ott රිලීස් වුනා එකත් දෙමු පුලුවන්නම්

  10. බොහොම ❤ ස්තුතියි සහෝ

  11. Digtma malayalam denna
    Jaya wewa brother

  12. Thanks brother ..keep going ..

  13. ස්තුතියි උපසිරසියට
    මලයාලම් දෙන එක නවත්වන්න එපා

  14. ස්තුතියි !

  15. බාගත්තා, thanks

  16. සචිත්‍ර නිර්මාණ

    සුපිරි filem එක බැලුවට පාඩු නැහැ
    ඖෂධ ධනංජය ගොඩක් ස්තුති …subtitles එකට

  17. විමුක්ති

    ෆිලුම ගැන නම් කියන්න දෙයක් නෑ මලයාලම් ත්‍රිලර් එකක් නිසා,ඒකත් දුල්කර් ඉන්න නිසා කියන්නම දෙයක් නෑ
    හැබැයි සබ් එක ගැන නම් කියන්නම ඕන,සහෝගේ පලමු මලයාලම වුනාට සබ් එක නම් උපරිමයි,දෙබස් ගැලපීම එහෙම උපරිමටම තිබුනා
    සබ් එකටත් බොහොම ස්තුතියි වගේම ඉදිරියටත් මලයාලම් ෆිල්ම් කරන්න හැකිනම් නියමයි

  18. Thanks brother

  19. baiscope sub denknma balan hitapu filumak
    parakkuwela hari sub dunnata thanks saho

  20. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  21. තෑම්ක්ස් බොම්ක❤️

  22. Sub akta thanks

  23. lagadi balapu supiriyak(kgf 2 thma baluwe na)
    thanks brother

  24. Thanks brother

  25. sonic 2 ekata sinhala sub dennako……………..

  26. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  27. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  28. තෑන්ක්ස් සහෝ සබ් එකට
    # අරගලයට ජය වේවා !

  29. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  30. Thanks baiscope

  31. thanks..

  32. උපසිරසියට තුති

  33. සිංහල උපසිරසියට ස්තුතියි

  34. Thanks for sub

  35. දීපු එකකට වෙච්ච මහන්සිය නොදීපු එකකට දෙන එක තමයි වටින්නෙ…මේක මං බලල ගොඩක් කල්…සිංහල සබ් එක්කම..
    උත්සාහය අගය කරනවා….

    • mchn uba nikamata me sub ekenuth winadi 10k dagena balapn
      wenasa therei ubata sub 2ke
      athdakimen kiyanne

error: Alert: Content is protected !!