අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Haikyuu!! [S01 : E20] Sinhala Subtitles | ඔයිකවා ටෝරු අතිදක්ෂයෙක් නෙවෙයි [සිංහල උපසිරසි]

Rating: 8.5/10. From 2 votes.
Please wait...

“”Haikyuu!!”” මම මේ anime එක ගැන දැනගත්තේ බොහොම මෑතකදී. ඒ Hype Zone ෆේස්බුක් පේජ් එකේ පළ වුණු ලිපියකින්. ඒ ලිපිය නිසාම anime එකට ආස වෙලා Haikyuu බලන්න ගත්තා. බැලුවාට පස්සෙයි තේරුණේ මේ anime එකේ වටිනාකම. මේ වගේ කතාවක් විශේෂයෙන්ම වොලිබෝල් ජාතික ක්‍රීඩාව වන අපේ වගේ රටක් දැනගන්න, ඉගෙන ගන්න ඕනේ නේද කියලා අවංකවම හිතුණා.

Haikyuu (හයික්‍යූ) කියලා ජපන් භාෂාවෙන් කියන්නේ වොලිබෝල් ක්‍රීඩාවට. ඔව් මේක වොලිබෝල් ගැන කතාවක්.

හැබැයි, අපෝ ක්‍රීඩා සම්බන්ධ ඇනිමේවලට ආසා නෑ, ඇක්ෂන් තියෙන අභිරහස් තියෙන ඇනිමේවලටයි ආස කියලා මේක අතහැරලා දැම්මොත් නම්, ඒක කරගන්න ලොකු පාඩුවක්.

මේ ලිපිය ලියන මමත් ලොකු වොලිබෝල් රසිකයෙක් නෙවෙයි. ඉඳලා හිටලා ටීවි එකෙන් නැත්නම් නිවාසාන්තර තරඟ වලදි වොලිබෝල් තරඟ බලලා තිබුණට ඒ පිළිබඳ හරිහමන් දැනුමක් නෑ. නමුත් කවදා හරි දවසක කණ්ඩායම් ක්‍රීඩාවක් කරලා තියෙන කෙනෙක් නම්, මේකේ පෙන්නන සමහර සිද්ධි ඒ විදියටම වෙලා තියෙනවා වගේ දැනේවි.

ඉතාමත් රියලිස්ටික් නැත්නම් තාත්වික ඇනිමේ සීරීස් එකක් විදියටයි මෙය ලොව පුරා ජනප්‍රිය. ඔව් ලොව පුරාම… Haikyuu කියන්නේ උන්මාදයක්. ලොව පුරා වොලිබෝල් උන්මාදයක් ඇති කරපු සීරීස් එකක් තමා මේක. සාමාන්‍යයෙන් ලොව ජනප්‍රිය ක්‍රීඩා අතර ඉහලින් තියෙන්නේ ෆුට්බෝල්, ටෙනිස්, බාස්කට්බෝල්, ක්‍රිකට් වගේ ක්‍රීඩාවන්නේ. වොලිබෝල් තියෙන්නේ ඊට ටිකක් පහල ස්ථානයක. ඉතිං වොලිබෝල් වලට Haikyuu තුලින් ඇති කරපු තල්ලුව එසේ මෙසේ එකක් නම් නෙවෙයි.

දන්නවද 2021 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ජපානය තරඟ කරන වොලිබෝල් තරඟ අතරතුර Haikyuu තේමා ගීතය පවා වාදනය වුණා.

Youtube එකේ පොඩ්ඩක් හොයලා බැලුවොත් පෙනේවි ලෝකයේ හොඳම වොලිබෝල් ක්‍රීඩකයින් Haikyuu පිලිබඳ Reaction Videos, Breaking Down Videos ආදිය කරලා තියෙනවා. ඇමරිකානු, රුසියානු, බ්‍රසීල, ආජන්ටිනා වගේ වොලිබෝල් ටීම් එහෙම Haikyuu වල ලොකු රසිකයෝ. ජපාන ටීම් එක ගැන ඉතින් අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ.

කතාව ගැන බැලුවොත්, මෙහි ප්‍රධාන චරිතය තමයි ශෝයෝ හිනාටා. තැඹිලි පාට කොණ්ඩයක් හිමි ටිකක් මිටි පුද්ගලයෙක්. ඔහුගේ එකම ආසාව තමයි දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයෙක් වන එක. නමුත් ඔහුගේ උස ඔහුට ලොකු බාධාවක්. ඒත් ඔහුට තියෙනවා කලාතුරකින් දක්නට ලැබෙන එක දක්ෂතාවයක්. ඒ මොකක්ද කියලා anime එකෙන්ම බලා ගන්නකෝ. ඒ දක්ෂතාව වැඩි දියුණු කරගෙන කරසුනෝ උසස් පාසලේ වොලිබෝල් කණ්ඩායමේ සමාජිකයින් සමඟ තමන්ගේ හීනය කරා යන ගමන ගැනයි මෙහි ඇතුලත් වෙන්නේ.

 

මේ Haikyuu සීරීස් එකේ විශිෂ්ඨ වීමට තව හේතුවක් වන්නේ, තරඟවල තියෙන intense එක, thrill එක වගේම ක්‍රීඩකයන්ගේ චින්තන රටාවන්, ඔවුන්ගේ මොරාල් එක ආදිය හරි ලස්සනට තිරය මත මවලා පෙන්නන නිසයි.

වොලිබෝල් කියන්නේ වේගවත් ක්‍රීඩාවක්. ගෙදර ටීවි එකෙන්, නැත්නම් ප්‍රේක්ෂකාගාරයේ වාඩි වෙලා ඉන්න අපිට ඒ වේගවත් බව එතරම් තදින් නොදැනෙන්න පුළුවන්. නමුත් මේ ඇනිමේ එක නැරඹුවොත්, ඔබ මින්පසු වොලිබෝල් තරඟයක් නරඹන විට, ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන දෙපාරක් හිතාවි. ඔවුන් කරන කැපවීම, ඔවුන්ගේ උපාය මාර්ග, ඔවුන්ගේ ශරීර හැසිරවීම් ගැන ඔබ පුදුම වනු නොඅනුමානය.

———————————————————————————————–

~ 20 කොටස ~ ඔයිකවා ටෝරු අතිදක්ෂයෙක් නෙවෙයි ~

එහෙනම් කරසුනෝ – අඕබා ජෝසයි තරඟය පටන්ගත්තා. පරණ කෝන්තර මතකයේ තියාගෙන සෙටර්ලා දෙන්නත් කරට කර හැප්පෙනවා. හැබැයි කණ්ඩායමේ ජයග්‍රහණයට වඩා ඔයිකවාව පැරැද්දවීමේ අරමුණින් සෙල්ලම් කරන කගෙයාමා නිසා දේවල් අවුල් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ.

ඔයිකවා ටෝරු දක්ෂ උපාය මාර්ග යොදාගෙන කරසුනෝ වෙත අභියෝග පිට අභියෝග එල්ල කරනවා. ඒ විතරක්ද ඔයිකවාගේ සර්ව් කිරීම් අල්ලාගන්නත් කරසුනෝවලට දැඩි පරිශ්‍රමයක් දරන්න වෙනවා.

තරඟයේ පළවෙනි වටයේ කැපීපෙනෙන ලෙස අඕබා ජෝසයි ඉදිරියෙන්.

ඇත්තටම ඔයිකවා කගෙයාමා වගේ අතිදක්ෂයෙක්ද? නැත්නම් අත්දැකීම් වැඩි නිසාද ඔයිකවා මේ තරම් ප්‍රභල?

———————————————————————————————–

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙතිනි නිමන්තිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-06-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

9 thoughts on “Haikyuu!! [S01 : E20] Sinhala Subtitles | ඔයිකවා ටෝරු අතිදක්ෂයෙක් නෙවෙයි [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks jayawewa….!

    Reply
  • තෑන්ක්ස් සබ් එකට

    Reply
  • cartoon wenamama danna dekkama appiriyai bn

    Reply
    • උබට අප්පිරියයි නම් නොබල ඉඳහං ඇනිමෙ බලන උන්ට බලන්න දීලා. උබ බලන්න කැමති ඒව විතරද අපි හැමෝම බලන්න ඕන

      Reply
    • මේ වගේ එකෙක් දෙන්නෙක් නිසා ඉතින් සබ් දෙන අයටත් එපාවෙනවා

      Reply
    • cartoon and anime wenasa haduna ganna machan.anime balalaa film ekak balpan film monwada kiyala hitai

      Reply

Leave a Reply to Supun Kaushalya Cancel reply

Your email address will not be published. Required fields are marked *