අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

1917 (2019) Sinhala Subtitles | ජිවිත 1600ක ඉරණම රැගෙන! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.1/10. From 170 votes.
Please wait...

අවුරුදු සිය ගණනක් මුළුල්ලේ ලෝක සිනමාව තුලින් ලක්ෂ ගණනක සිනමාපට බිහිවෙලා ඇති මේ වෙනකොට, ඉදිරි අනාගතයේත් සිනමාපට ලක්ෂ කෝටි ගණන් නිර්මාණය වෙයි. හැබැයි මේ වගේ සිනමාපටයක් ආයේ බිහිවෙන්නෙ නැතිවෙයි. මේ තමයි 2019 වසරට අදාලව මම බලපු හොඳම සිනමාපටය. මේකේ මොලේ අවුල් වෙන ප්ලොට් ට්විස්ට් කිසිම දෙයක් නැහැ තනිකරම හැඟීම් මත සබඳකම් මත, මනුෂ්‍යත්වය මත රැඳුන කතාවක්. පලවෙනි රුපරාමුවේ ඉඳලා අන්තිම රුපරාමුව දක්වාම එක දිගටම ගලාගෙන යන, කිසිම දර්ශනයක් එඩිට් කිරීමෙන් එකිනෙක ඈදල තියෙනව කියල කොහෙත්ම හොයන්න බැරි නොනවතින දර්ශනයක් සහිතව වගේ ඔබට පෙනෙන (Long Shots) පැය දෙකක් වෙනුවෙන් වාඩිවෙන්න ලැහැස්ති වෙන්න. මේක අර්ධ සත්‍ය සිදුවීමක් ඇසුරින් ගෙතුන සත්‍යයම නොවුණු නමුදු ප්‍රබන්ධයක්ද නොවුණු මනුෂත්වයේ කතාවක්! ඒ නිසාවෙන්ම අනවශ්‍ය කරුණුවලින් ලිපිය පුරවන්නේ නැතුව පුළුවන් තරම් සංක්ෂිප්තව වැඩේ ඉවර කරන්නයි ලැහැස්තිය. මොකද මේ වගේ නිර්මාණයක් මගහැරගන්නේ නැහැ ෆිල්ම් බලන්න ඇබ්බැහි වෙච්ච කිසිම කෙනෙක්. 

දශක ගණනාවක යුද්ධයකට මුහුණ දීපු රටක වෙසෙන මිනිසුන් හැටියට අපි ඉන්නෙ පශ්චාත් යුධ මානසිකත්වයේ. නිතරම ඇහෙන්නෙ දකින්නේ යුද්ධය උත්කර්ෂයට නංවනසුළු දෑ. උණ්ඩය මොන පැත්තෙන් පත්තු උනත් යුද්ධයකදී මුලින්ම මියැදෙන්නේ මානුෂිකත්වය. පළමු ලෝක යුද්ධයට සහභාගිවූ Alfred H. Mendesගේ අත්දැකීම් තමයි මේ කතාවට පාදක වෙන්නෙ. ඇල්ෆ්‍රඩ් කියන්නෙ මේ සිනමාපටය නිර්මාණය කරපු ප්‍රවීන අධ්‍යක්ෂක සෑම් මෙන්ඩිස්ගේ සීයා. මෙහි දිවෙන සිදුවීම වෙන්නේ ලාන්ස් කෝප්‍රල් බ්ලේක් සහ ස්කොෆිල්ඩ් සතුරු ජර්මානු භූමියක් මැදින් මිනිසුන් 1600කගේ ඉරණම තීරණය කෙරෙන නියෝගයක් අරගෙන යන කතාව තමයි සැකෙවින් කිව්වොත්. මේ කතාව ලෝකය කොයි තරම් තදින් ග්‍රහණය කරගෙන තියෙනවද කිව්වොත්, 2020 ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙලේදී හොඳම අධ්‍යක්ෂණය, හොඳම සිනමාපටය කියන අංශ දෙකෙන්ම ජයග්‍රහණය කානවා. ඒ විතරක් නෙමෙයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඔස්කා සම්මාන උළෙලේ සම්මාන 10ක් වෙනුවෙන් නිර්දේශ වෙනවා.

ඒ විතරක් නම් මදැයි ඉහලම ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ IMDB 8.6 වගේ ඉහලම අගයක් ලබාගෙන IMDB Top 250 ලයිස්තුවේ මේ ලිපිය ලියන දිනය වෙනකොට #41 වැනි ස්ථානය දිනාගන්නේ, Dean-Charles Chapman, George MacKay සහ Benedict Cumberbatch වැනි නළුවන්ගේ රංගනයෙන් හැඩවුණ, Spectre (2015), Skyfall (2012), Revolutionary Road (2008), Jarhead (2005), American Beauty (1999) වැනි නිර්මාණ අධ්‍යක්ෂණය කරපු සෑම් මෙන්ඩිස් විසින් අධ්‍යක්ෂණය කෙරුණ මේ උසස් නිර්මාණය ඔබට බාරයි එහෙනම්.

ෆිල්ම් එක පටන්ගන්න රුපරාමුව වගේම රුපාමුකිනුයි ෆිල්ම් එක ඉවර වෙන්නෙත්, හැබැයි අන්තිම රූපරාමුවේදි ලොකු අඩුවක් දැනේවි ඔයාලට. අනිවාර්යෙන්ම බලන්න ෆිල්ම් එක. හරියට රවුමක් කරකැවිල පටන් ගත්ත තැනටම ආයේ ආව වගේ. ගිහින් එන්නම් !  🙂 

හැමෝම ජිවිත විනාශකරන අතතුරදී..
මම හදන්නේ ජිවිත බේරගන්න.
මගේ සේවය ඒ විදියටයි සිද්දවෙන්නෙ!

-කෝප්‍රල් ඩෙස්මන් ඩොස්-
Medal of Honor: Oral Histories
~ Hacksaw Ridge 2016 ~

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

106 thoughts on “1917 (2019) Sinhala Subtitles | ජිවිත 1600ක ඉරණම රැගෙන! [සිංහල උපසිරසි සමඟ]

  • Godak sthuthi.. Jaya wewa!

    Reply
  • Thanks saho sub ekata balalama kiyannm movie eka gana.

    Reply
  • ස්තුතියි උපසිරැසියට

    Reply
  • sub eka nam supiri bro but me film eka nam aja. War dakala nathi western nation walatanam hodai. Ekama eka aulak kiyanna aul scene 1000 kin. Aru gagata watilath ara letter eka themila tibbe natte kohomada? My score 4/10 for the movie.

    Reply
  • kohomada meke filme 1a dawnload karanne

    Reply
  • thanks mchn me subs walata! bokkenma adarei!

    Reply
  • සබ් එකට ගොඩක් ස්තුතියි! මචං

    Reply
  • උපසිරැසිය ලබාදීම වෙනුවෙන් බොහොම ස්තූතියි අශාන් සහෝ!
    ජය!

    Reply
  • Thank you very much for the sub bro!!!

    Reply
  • balapu supiriyak kiyala vadak na patta thanks subtitle valata

    Reply
  • The last full measure එකේ සබ් හදහන්කෝබන් ශික් වෙන එකකවත් නෑ සබ් එක උබලවත් හදහන්කෝ ❤

    Reply
  • ස්තූතියි සහෝදරයා

    Reply
  • මොලේ අවුල් වෙන විකාර නැති සුපිරියටම ස්ටෝරිය තේරෙන පට්ටම ‍ෆිල්ම් එකක්.වෙන ‍ෆිල්ම් බලද්දී පාස් කර කර බැලුවට මේක එක හුස්මට ඉවර වෙනකම් එක මොහොතක්වත් පාස් කරන්නේ නැතුව බලන්න පුලුවන්.සබ් එකට බොහොම ස්තූතියි

    Reply
  • සුපිරි චිරපටියකට උපසිරස දුන්නට ගොඩක් ස්තූතියි.මන් මේක ඩවුන්ලොඩ් කරල මසෙකටත් වැඩියෙන් බලන්නෙ නැතිව ඔහෙ tතිබුනෙ.මොකද යව යව බල්ඩ්ඩි ගතියක් නෑ කියල ඉතුන.එත් බලපු ෆිල්ම් එවර වෙලා මේක බලුවෙ. එක හුස්මට බලන්න පුලුවන් උනා . දුකයි

    Reply
  • ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!

    Reply
  • Thanx mchn sub ekt..supiri filumak wage..rating thiyena world war films kiyanne ithin aniwa balanawama thamai..baiscopelk ekt jaya

    Reply
  • Thanqiw very much brother keep it up ❤️

    Reply
  • Thanks for the sub!!!!!!!!!!!

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ……!

    Reply
    • macho film eka download karaganne kohomada

      Reply
  • උපසිරැසියට ස්තූතියි!

    Reply
  • thanks ………………………

    Reply
  • දෙනකන්ම හිටිය බාන්ඩයක්Thnks mchn

    Reply
  • thank you. you are the best

    Reply
  • නියමයි.බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • thanks bro sub ekata. web copy ekath awith thiyenne ekatat update karala diyan machan

    Reply
  • superb

    Reply
  • වීමා වීමා මේ මට
    වෙබ් රිබ් එකේ සබ් ඕන ඉක්මනට…….

    Reply
  • As always we appreciate your effort. Nice work. Keep it up. 🙂

    Reply
  • ශාන්,
    ගොඩ දවසකින් ඔයාගේ ෆිල්ම් එකකුත් බලපු ගොඩට ආවා.
    කොලර් එක up කරගන්න. තේරීම මල්.
    සබ්ස් හොඳටම හොඳයි.
    ස්තුතියි කිව්වත් මදි තරම්!

    Reply
  • Thanxx bro……….

    Reply
  • සබට තෑන්ක්ස්

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එල මචං.
    Thanks

    Reply
  • උපසිරසට බොහොම ස්තූතියි

    Reply
  • 3022 (2019) film ekata sub eka thiyanawada?

    Reply
  • kiyala wedak ne.. pattama… thank u broo

    Reply
  • the last measure eke sub eka thama na neda

    Reply
    • sorry The.Last.Full.Measure. menna meke…

      Reply
  • ගත්තා .. thanks

    Reply
  • නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    මේක එනකම් ඉන්නේ….
    Bluray ආවහමම බලනවා…

    Reply
  • film eka download kare kohenda mmm

    Reply
  • bro seedr wage site wala sub eka wada naha ne. dan ena aluth movies wala godak sinhala subs ehemai. parana movies wala ewa wada

    Reply
  • බොහොම ස්තූති සහෝ උපසිරසට..ජෝකර් එක්ක කරට කර ගේමට ඉන්න ෆිල්ම් එක තමා මේක. මම සෑහෙන්න පසුතැවෙන දෙයක් තමා මේක හෝල් එකක බලන්න බැරි උන එක. ලොකුම හේතුව උනේ ෆිල්ම් එක ගැන ලොකු අවදානයක් තිබුනේ නෑ. දැන් ඉතිං BR එකක් එනකම් ඉවසන් ඉන්නත් ඕනිනේ. ආව ගමන් අප්ඩේට් එකක් දෙමු ඇහ්..ජය වේවා..බුදුසරණයි..!

    Reply
  • thanks bro.
    BluRay apuwama update ekak denna

    Reply
  • ස්තුතියි. අපවෙනුවෙන් වෙහෙසවනවාට.

    Reply
  • Good work friend, Thanks for the sub!

    Reply
  • බ්ලූරේ තමයි ඉතින් ✌ 😉
    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤ ජය වේවා!
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    Gundala (2019)

    Checkered Ninja (2018)
    The Curse of the Were-Rabbit (2005)
    Trolls Holiday (TV Short 2017)

    The Dark Crystal: Age of Resistance (2019)

    Hellboy Animated: Sword of Storms (2006)
    Hellboy Animated: Blood and Iron (2007)

    Reply
  • මේක එනකම් ගොඩක් ආසාවෙන් හිටියෙ කොල්ලෝ … tnx sub එකට ……. twa film wlt sub කරන්න ඉදිරියට ….

    Reply
  • Thanks saho sub ekta ♥️♥️..Little Women movie ektath sub eka one……

    Reply
  • thnx machn d day 2019 ektath sub eka dnna beida bn

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Thanks, vimukthi Bro..Good Job

    Reply
  • උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • බොහොම ස්තූතියි සබට

    Reply
  • thank you for the subtitle bro.well done.

    Reply
  • බෑවා. බලන්නයි තියෙන්නෙ දැන්.
    සබට තුති විම්ස්!

    Reply
    • film eka douwload kale kohenda link

      Reply
  • Thk uuuuuuuuu……………

    Reply
  • තැන්ක්ස්

    Reply
  • බොහොම ස්තුතියි මචං සබ් එකට 🙂 🙂
    ජය වේවා.!

    Reply

Leave a Reply to rockz2020 Cancel reply

Your email address will not be published. Required fields are marked *