Wednesday , November 25 2020
Breaking News

Monthly Archives: April 2010

Michael Clayton (2007) | සත්‍යය අවශ්‍ය පරිදි සකසා ගත හැක.

ඔස්කාර් සම්මානයක් ඇතුළු තවත් සම්මාන 12ක් දිනා තවත් සම්මාන 51 කට නිර්දේශවූ පාඨක ඡන්ද 56,956 ලබා IMDB 7.5/10 ක් ලැබූ පට්ටම චිත්‍රපටියක් බලමුද? සමහර විට ගොඩක් අය මේක සමහර විට බලලත් ඇති. ඒත් ඉතින් නොබලපු කෙනෙක් හරි බලන්න ගනි කියලා හිතන නිසා මම මේක ගැන ලියන්න හිතුවා. මයිකල් ක්ලේටන් කියන්නේ …

Read More »

My Name Is Khan (2010) with Sinhala Subtitles | උසස් රසවින්දනයක් උදෙසා! [සිංහල උපසිරැසි සහිතව]

My name is Khan චිත්‍රපටයේ හොඳ පිටපතක් මීට දින කීපයකට ඉස්සෙල්ලා අන්තර් ජාලයට මුදා හැරලා තිබුනා. ඒ ගැන ඉතින් අපේ බයිස්කෝප් අඩවිය අනුකරනය කරන ගොඩක් බ්ලොග් සහ වෙබ් අඩවි තුලින් තරඟෙට දාලා තිබුනා. නමුත් අපි පෙර කියූ ලෙසම බයිස්කෝප් කන්ඩායම ගැන විශ්වාසය තියලා හිටපු අයට ඔන්න හිස නමා බයිස්කෝප් කන්ඩායමේ …

Read More »

Icarus (2010) | පස්සෙන් එළවන අතීතය.

කාලෙකින් ඇක්ෂන් ෆිල්ම් එකක් දෙන්නත් බැරිවුණානේ. ඔන්න එහෙනම් අද ඒක ඉෂ්ට කරන්නයි ලෑස්තිය. හැබැයි බොරු කියන්න ඕනා නෑ මට නම් මේකෙ කතාව වැඩියෙ ඇල්ලුවෙ නෑ. ඒත් අපේ ක්‍රියාදාම චිත්‍රපට ප්‍රියකරන්නන්ටනම් මේක අල්ලලා යයි. මතකනේ Universal Soldier කතා මාලාවේ Andrew Scott විදියට රඟපාපු නළුවා. අන්න ඔහුම තමයි අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන චරිතයට …

Read More »

Sillunu Oru Kaadhal (2006) with Sinhala Subtitles | ආදරය මඳ පවනක් වාගෙයි… [සිංහල උපසිරසි සමඟ]

ආදරය කරලා විවාහ වෙන එකද වඩා හොඳ, විවාහ වෙලා ආදරය කරන එකද වඩා හොඳ? මේකට උත්තරේ නම් මම දන්නේ නෑ. හේතුව, ඒ අත්දැකීම තාම නැති නිසා. හැබැයි ඕක එකිනෙකාට සාපේක්ෂයි මං හිතන්නේ. අපි දැකලා තියනවා පෙම්වතුන් විදියට ආදරයේ සුව විඳලා අන්තිමේ විවාහවෙලා ටික කාලයකින්ම වෙන්වෙනවා. එහෙම නොවන, පවුල් ජීවිතය සුන්ඳර …

Read More »

Edge of Darkness (2010) | සෙනහස වෙනුවෙන් කැපකල හැකි දේ බොහෝය.!

මෙල් ගිබ්සන් කියන්නේ මගේ ප්‍රියතම නළුවන් අතර ඉහලින් වැජඹෙන්නෙක්. මම කැමතිම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපාන්නෙත් ඔහුමයි. ඔහුගේ අළුත්ම ෆිල්ම් එක ගැන මට මුලින්ම කිව්වෙ වාසල සහෝදරයායි. ඒ මීට මාසෙකට විතර කලින් වුනත් මගෙ ජංජාල අලේ නිසා මට ඒක ගැන ලියන්න වෙලාවක් හම්බ වුණේ නැහැ. මෙල් ගිබ්සන් සම්බන්ධව මතක තියෙන චිත්‍රපට …

Read More »

Stardust (2007) | වඩා හිතුවක්කාර තාත්තා ද පුතාද?

මට මතකයි…..මං ගොඩක් පොඩිකාලේ නිදාගත්තේ කතා අහගෙන….විශේෂයෙන්ම සුරංගනා කතා…ඉතිං එහෙම මම ගොඩක් රසවිදපු කතාව මට මේ ලගදි බලන්න පුලුවන් උනා අහම්බෙන්… ඉතින් මට හිතුනා ඔයාලත් එක්ක එක බෙදා ගන්න.. කතාවට අනුව ලෝකය බෙදිලා තිබුනා එක් විශාල තාප්පයකින්.එක් පැත්තක් මිනිසුන් වාසය කරන කොට අනෙක් පැත්තේ හිටියේ මායාකරුවෝ….මේ තාප්පයේ එක සිදුරක් තියෙනවා.ඕක …

Read More »

Chicago (2002) | සියලු රස සමඟින්.!

ඔස්කාර් සම්මාන 06 ඇතුළුව සම්මාන 40 ලබා තවත් සම්මාන නිර්දේශ වීම් 54 ක් ලබන්න තරම් අගය කිරීමට ලක් වෙච්ච IMDB ශ්‍රේණිගත කිරීම් වල 7.2/10 ( ඡන්ද 80,461 )ලැබූ සෑහෙන්න වෙනසක් දැනෙන සුපිරිම චිත්‍රපටියක් බලමුද? Catherine Zeta-Jones, Richard Gere ප්‍රධාන චරිත රඟපානවා කිව්වම චිත්‍රපටියේ ගුණ වර්ණනාව මමම කියන්න ඕනා නැහැනේ. 🙂 …

Read More »

A Bug’s Life (1998) | නායකත්වය වීරත්වය එක්ත තව ගොඩක් දේවල්…

අද මම කියන්න යන්නෙ ටිකක් පරණ ඒත් හැමදාමත් රස විඳින්න පුළුවන් චිත්‍රපටියක් ගැනයි. ඇනිමේෂන් කලාව චිත්‍රපටිවලට සාර්ථකව යොදාගන්න ආරම්භ කරපු කාලෙ හදපු මේ චිත්‍රපටිය තමයි a bugs life! IMDB වාර්තා අනුව ඡන්ද 54380ක් එක්ක 7.3 ක අගයක් හිමිකරගෙන තියෙන මේ විත්‍රපටිය හොඳම සංගීතයට ඔස්කාර් සම්මානය වගේම තවත් සම්මාන ගණනාවකට යෝජනා …

Read More »

Little Big Soldier (2010) | රඟපෑම හා සැබෑව!

ඔන්න ජැකී චෑන් රඟපාන හාස්‍ය රසයත් කැටිවුණු චිත්‍රපටියක් ගෙනාව. මේ චීනයේ අඳුරු කාල පරිච්ඡේදයේ තවත් කතාවක්. ප්‍රධාන රාජධානී කිහිපය තම ප්‍රදේශ ව‍‍‍‍‍‍්‍යාප්ත කර ගැනීමට අනවශ්‍ය හා පීඩාකාරී යුද්ධවල පැටලිලා. ජීවිත මිලියන ගනන් නිරපරාදෙ අහිමි වෙනවා. යුද්ධෙන් කෙනෙක් බේරෙනවනම් ඔහුට තියෙනනේ වරණ දෙකයි. එක්කෝ මිය යෑම නැත්තම් අනිකව මැරීමයි. Liang සහ …

Read More »

Earthlings (2005) with Sinhala Subtitles | මිනිස්කමේ නාමයෙන් අනිවාර්යයෙන් බලන්න [සිංහල උපසිරසි සමඟ]

If I could make everyone in the world see one film, I’d make them see Earthlings. —Peter Singer මේ පෘථිවි තලය මත වසන සියළුම පෘථිවිවාසීන් අතුරින් උසස්ම තත්වයක සිටින සත්වයා මිනිසායි. මිනිසා අනෙක් සතුන් අභිබවා උසස් වන්නේ ඔහු සතු ධනයවත්, බලයවත්, ඔහු සතු ආයුධ නිසා වත් හෝ අන් කවරක් නිසාවත් …

Read More »

The Bridges of Madison County (1995) | ජීවිතය ගැන සියුම් විග්‍රහයක්.!

හාහාපුරා කියලා මම බයිස්කෝප් වෙබ් අඩවියට හදුන්වාදෙන්න යන්ෙන 1995 වර්ශයේ තිරගතවු “The Bridges Of Madison County” කියන සියුමි යතාර්තවාදී නට්යමය දීගහැරැමක් ගන්නා සිනමා සිත්තම ගැනයි. කවුරැහරි මටකීවොත් මා නරබා ඇති හොදම නට්යමය සිනමා කෘති 5 නම් කරන්න කියල; අනිවාර්යයෙන්ම මම මේ කෘතියත් මුල්ම 5ට නම්කරාවි. මිනිසුන් ජීවිතයෙ පසුකරන විවිද අවදි …

Read More »

Get Rich or Die Tryin’ (2005)| මියුසික් එක්ක මරාගමුද?

ඔන්න මම හාහා පුරා කියලා මගේ පළවෙනි ලිපියෙන්ම දෙන්න යන්නේ මම ආසම බයිස්කෝප් එකක්. 50 cent කිව්වම කවුද අකමැති නේද? ඔන්න පොර ඉන්න ෆිල්ම් එකක් තමයි මේ,ඔහුගේ රසිකයින් නම් මේක ආසාවෙන් බලයි. music එක්කම මරාගන්න මේ බයිස්කෝප් එක එක හුස්මට බලන්න පුලුවන්. 50 cent මේ නමින් ගීත ඇල්බමයක් පවා නිර්මාණය …

Read More »

Merantau Warrior (2009) | මෙහෙම සටන් දැකලා තියෙනවද?

The Classic චිත්‍රපටියෙන් පස්සෙ අග්නිදිග ආසියානු චිත්‍රපට වලට වහ වැටුනු නිසාම මෙන්න තවත් සටන් වලින් පිරුණු චිත්‍රපටියක් අරගෙන ආවා. මෙහි දැක්වෙන සටන් ක්‍රමය ඉන්දුනීසියානු සටන් ක්‍රමයක් වන Silat සටන් ක්‍රමයයි. ඒක සුමාත්‍රා හා ජාවා දූපත් ආශ්‍රිතව බිහි වූවක්. ඒ පිළිබඳ වැඩි විස්තර මෙතනින් ගන්න පුළුවන්. මීට අවුරුදු පහළොවකට විතර කලින් …

Read More »

The Passion of the Christ (2004) with Sinhala Subtitles | උතුම් මිනිසෙකුගේ අවසන් පැය කිහිපය.. [සිංහල උපසිරසි සමඟ]

අද මහ සිකුරාදා. කතෝලිකයින් ඇතුළු සියළු ක්‍රිස්තියානු භක්තිකයින්ට අද උතුම් දවසක්. අද වන් දිනෙක තමයි දෙවියන් වහන්සේ එවා වදාල තමුන්ගේ පුතාව මිනිසුන් විසින් කුරුසියේ ඇන ගසා මරා දැමීම සිහිකරණු ලබන්නේ. උන්වහන්සේගේ අවසාන පැය කිහිපය අළලා ගොඩ නැගුනු මෙම චිත්‍රපටිය ඒ වෙනුවෙන් සිංහල උපසිරැසි සමඟම මම ලබා දෙන්න තීරණය කළා. ගොඩක් …

Read More »
error: Alert: Content is protected !!