Friday , September 18 2020
Breaking News

Monthly Archives: March 2012

Ghost Rider: Spirit of Vengeance (2011) with Sinhala Subtitles | ආත්මය යක්ෂයාට 2 – වෙගන්සාහි ආත්මය..[සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න යාලුවනේ මම ඔයාලට සිංහල උපසිරසි සමගින් තවත් හොඳ චිත්‍රපටියක් අරගෙන ආවා. මේකේ පළමුවෙනි කොටසටත් මම උපසිරසි යෙදුවා ඔයාලට මතක ඇති. මේ චිත්‍රපටියේ හොඳ පිටපතක් එන්න ටිකක් කල් ගියා. ඉතින් හොඳ කොපියක් ආපු ගමන් මම උපසිරසි යෙදුවා. විකී තමයි කොපිය ගැන මට ඉඟිය දුන්නේ. හොඳයි මේ චිත්‍රපටිය 2011 දී …

Read More »

The Matrix Revolutions (2003) with Sinhala Subtitles | අවසානය…..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Matrix චිත්‍රපට මාලාවේ තුන් වැනි හෙවත් අවසාන කොටස සිංහල උපසි‍රැසි එක්ක අද මං දෙනව. මේ වෙනකොටත් The Matrix, The Matrix Reloaded යන මුල් කොටස් දෙකම දීල තියෙන හින්ද ඔයාල ඒ දෙකම බලල ඊට පස්සෙ මේකත් බලන්න. The Matrix Revolutions චිත්‍රපටයට IMDb Rating වල 6.5/10 වගේ ඉහළ අගයක් ලැබිල …

Read More »

The Matrix Reloaded (2003) with Sinhala Subtitles | ලෝකය බේරා ගැනීම උදෙසා.! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කස්ටියටම මං මේ පාර ගෙනාවෙ එලම කිරි බයිස්කෝප් එකක්.මේක මගේ තුන්වෙනි බයිස්කෝප් එක. මේක ගැන කියනවනම් මේක තමයි Matrix බයිස්කෝප් එකේ දෙවනි බයිස්කෝප් එක. මේකෙ පළවෙනි එක අපේ සඳුන් සහෝ උපසිරැසි සමඟ දීල තියනව. මේකෙ දෙවනි එක තමයි මං අද ගේන්නෙ. මේක කරන අදහස මට දුන්නෙ අපේ විකිය සහෝ. 😀 …

Read More »

Zinda (2006) with Sinhala Subtitles | පලිගැනීමට හේතුව ? [සිංහල උපසිරැසි සමඟ]

හැමදාම බයිස්කෝප් එකෙන් චිත්‍රපටි බාගෙන ගියාට කවදාවත් උපසිරැසි හදලා නැහැනෙ. ඔන්න ඒක නිසා මාත් හිතුවා මම බලපු ලස්සන චිත්‍රපටියකට උපසිරැසි යොදන්න. කරන්න ගියාමනෙ දැනුනේ අමාරුව. ටයිප් කරලම එපා වෙනවා. මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. අනිවා වැරදි නම් ගොඩක් ඇති. ඒවට සමව දෙනවා නම් දෙන්න, නැත්නම් ඒත් දෙන්න. දැන් එහෙනම් චිත්‍රපටිය …

Read More »

Anaconda (1997) with Sinhala Subtitles | යක්ෂයාට වෙන නමක් කුමටද… [සිංහල උපසිරසි සමඟ]

අපේ බයිස්කෝප් එකට ජය වේවා කියලා කියන්නම් ඉස්සර වෙලාම. ඉතින් මේ මගේ පළවෙනි සිංහල උපසිරැසි යෙදුම. අම්බානකට වැරදිනම් ඇති. මගේ පළවෙනි උපසිරැස බාරගත්ත අපේ බයිස්කෝප් කාර්යමණ්ඩලයට මගේ හද පිරි ස්තුතිය! මේක අපි පොඩි කලේ ගොඩක් අසාවෙන් බලමු ෆිල්ම් එකක්. ඉතින් මට හිතුන පොඩි වෙනසකටත් එක්ක මේ ෆිල්ම් එකට සබ් එකක් …

Read More »

Machine Gun Preacher (2011) with Sinhala Subtitles | ප්‍රබලතම අවිය ‘බලාපොරොත්තුවයි’… [සිංහල උපසිරසි සමඟ]

බලාපොරොත්තුව! බලාපොරොත්තුව කියන්නේ හරි පුදුම දෙයක්! ඒකෙන් ජීවිත ජීවත් කරවනවා. ඒක නැතුව ගියහම ජීවිතේට අර්ථයක්, අරමුණක් නැතුව යනවා. ඒ විතරක් නෙමෙයි; ජීවිතේ රහකුත් නැතුව යනවා. කෙනෙකුට තමන්ගේ ජීවිතේ පවත්වාගන්න උදව් වෙන බලාපොරොත්තු කඩ වුණහම ඒක මහා වේදනාවක්. හැබැයි බලාපොරොත්තු කඩ වුණහම එච්චර වේදනාවක් දැනෙනවා නම් බලාපොරොත්තු නැතිවම ජීවත් වෙන්න සිද්ධ …

Read More »

Arya 2 (2009) with Sinhala Subtitles | නොබිදෙන මිතුදමද… ආදරයද…[සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ? හැමදාම වගේ මේ පැත්තේ ආව ගියාට කවදාවත් පොස්ට් එකක් දාන්න බැරි උනානේ. ඉතින් හිතුවා දාන පළවෙනි පෝස්ට් එකම උපසිරැසි එක්කම දාන්න. මුලින්ම කියල ඉන්න ඕනේ මේ මගෙ පළවෙනි උපසිරැසි ගැන්වීම. ඒක නිසා අඩු පාඩු නම් ගොඩක් ඇති ඒකට ඉතින් සමාව භාජනයක දාල දියකරල දෙන්න කියල ඉල්ලනවා.. හරි …

Read More »

Indiana Jones and the Kingdom of the Crystal Skull (2008) with Sinhala Subtitles | පළිඟු ඔලුවේ අභිරහස…[සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ! මේ මගේ දෙවෙනි පෝස්ට් එකයි. මගේ පළමු පෝස්ට් එක කොමඩි ෆිල්ම් එකක් වන The Naked Gun 1. මම අද ඔයාලට දෙන්න යන්නේ වික්‍රමාන්විත සිනමා පටයක්. මම හිතනවා බොහෝ දෙනා ‘ඉන්ඩියානා ජෝන්ස්’ චරිතය ගැන අසා ඇති කියලා. මෙම චිත්‍රපටිය, ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපටි මාලාවේ හතරවැන්නයි. මෙහි දෙවැනි චිත්‍රපටිය (1984) සඳහා …

Read More »

The Grey (2012) with Sinhala Subtitles | හිතුවෙවත් නැති මොහොතක [සිංහල උපසිරැසි සමඟ]

ජිවිතේ එකම එ‍ක පාරක් හරි මරණ භය ඔය ගොල්ලන්ට දැනිලා තියෙනවද කියලා මම ඇහුවොත් ඔය ගොල්ලෝ මොනවා කියයිද? අපි හැමෝම ජිවත් වෙන්න කැමතියි.. මැරෙන්න අපි හැමෝම භයයි.. එත් මරණය කොයි වෙලේ වැළඳ ගන්න සිදුවෙයිද කියා, ජීවත්වෙන හැම තප්පරයකදීම හිතට ආවොත්.. ඒක දරා ටිකක් අමාරුයි නේද? ආන්න ඒවාගේ කතා තේමාවක් රැගත් …

Read More »

The Matrix (1999) with Sinhala Subtitles | වඩාත් යහපත් ලොවක් වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

මේ සඳහා සිංහල උපසිරැසි ඉක්මනින් ලබා දෙන්න පොරොන්දු වුණත්, අන්තර්ජාල සබඳතාවයේ ප්‍රශ්නයක් නිසා ප්‍රමාද වුණා. මුලින්ම කැමතියි, ඒ වෙනුවෙන් කණගාටුව පල කරන්න. 1999 මාර්තු මාසයේ දී නිකුත් වූ මෙම සිනමා පටය එකල මහත් ජනප්‍රියත්වයට පත් වුණා. අන්තර්ජාතික සිනමා දත්ත පදනම (imdb)තුල ඇගයුම් 8.7 ක් ලබා ගෙන ලොව ජනප්‍රියම සිනමා පට 250 …

Read More »

Hugo (2011) with Sinhala Subtitles | පුංචි වැඩකාරයා…[සිංහල උපසිරැසි සමඟ]

“මට හිතුනා මේ මුළු ලෝකෙම එකම ලොකු යන්ත්‍රයක් කියලා. ඔයා දන්නවද? යන්ත්‍ර කවදාවත් වැඩිපුර කෑලි එක්ක එන්නේ නෑ. ඒවා හැම වෙලාවේම එන්නේ ඒකට නියමිත වුන කොටස් ප්‍රමාණයක් එක්ක විතරයි. ඉතින් මේ මුළු ලෝකෙම එකම ලොකු යන්ත්‍රයක් නම්… මම මේ ලෝකෙට අමතර කෑල්ලක් වෙන්න බැහැ” මේ “හියුගෝ” චිත්‍රපටියේ එක දෙබසක් විතරයි.. ඔස්කාර් සම්මාන එකොළහකට නිර්දේශවී …

Read More »

Bruce Lee, My Brother (2010) with Sinhala Subtitles | බෲස්ලීගේ ආරම්භය …[සිංහල උපසිරසි සමඟ]

මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම හින්දා අකුරු වල වැරදි තියෙනවා. ඒකට සමාවෙන්න ඕනෙ. මේක සුපිරියටම කරන්න වෙලාව තිබුනෙ නෑ. කොහොම හරි මේ උපසිරැසි ගන්න කැමති උන වාසල, විකියා කියන සොහොයුරන් දෙන්නට ස්තූතියි කියල කියන්නත් ඕනෙ. මම මේ ගෙනාව චිත්‍රපටිය ඒ තරම් ප්‍රසිද්ධ උනේනම් නෑ. ඒ උනාට මේ ෆිල්ම් එක මැක්සා …

Read More »

Don 2 (2011) with Sinhala Subtitles | නොනවතින දඩයම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කට්ටියට පොරොන්දු වුන විදියටම ආයෙත් අළුත්ම එළකිරි වගේ ෆිල්ම් එකක් ගෙනාවා සිංහල සබ් එක්කම. ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම අය බලාගෙන හිටියේ ගිය දෙසැම්බර් මාසයේ මේ ෆිල්ම් එක රිලීස් වෙනකන්. මේක IMDB වල 7.3/10 ක් අරගෙන තියෙනවා. සමහර හොඳයි කියන හොලිවුඩ් ෆිල්ම්වත් මෙච්චර රැන්ක් වෙන්නේ නෑනේ. මේ ෆිල්ම් එක …

Read More »

The Last Station (2009) with Sinhala Subtitles | ජීවිත ගමනේ අන්තිම නැවතුම…[සිංහල උපසිරසි සමඟ]

“සෑම සාර්ථක මිනිසෙකු පි‍ටුපසම ගැහැණියක් සිටියි” මේ ප්‍රකාශය සිදු කළේ කවුරුන්දැයි කියන්න මම දන්නේ නෑ. ඒ වුණත් මේක කිව්ව කෙනා තව කරුණු රාශියක්ම නොසලකා හැර තිබෙනවා. මම එහෙම කියන්නේ මේ ලෝකේ මිනිසුන්ගෙන් වැඩි පිරිසකගේ පි‍ටුපසින් ඉඳන් කාන්තාව මෙහෙවරක් කළා වුණත් ඇතැම් මිනිසුන් අසාර්ථකත්වයට පත්වන්නේත් ගැහැණුන් නිසාම වීම සහ ඇතැම් සාර්ථකත්වයට …

Read More »
error: Alert: Content is protected !!