Friday , December 4 2020
Breaking News

Monthly Archives: August 2014

Witches of East End [S01 : E02] | ගලවාගැනීම….. [සිංහල උපසිරැසි සමඟ]

​පළමු කොටසෙ අන්තිමට “ඩග්” ඒකියන්නෙ කාන්තාරෙ හිර කරල හිටපු කෙනා ෆ්රේයව පින්තූරෙ ඇතුලට අරන් යනව මරන්න. මොකද පින්තූරෙ ඇතුලෙදි මැරුවොත් ෆ්රේයට නැවත උපදින්න බැරිවෙන නිසා..ඒත් එක්කම ජොවානාගෙ වේශය අරන් ඉන්න ප්‍රතිරූපකය වෙන්ඩි නැන්දව මරනව. ඒ වෙලාවෙ පොලිසියෙන් ඇවිත් ජොවානව අරන් යනව බිල්ව මැරුව එකට..කොහොම හරි ඉන්ග්‍රිඩ් අන්තිමට දැනගන්නවනෙ එයාල මායා …

Read More »

Biriyani (2013) | බිරියානි… [සිංහල උපසිරැසි සමඟ]

කට්ටිය හොදින් ඇති කියලා හිතනවා. ගිය සතියේ මගේ පළමු හින්දි චිත්‍රපටය රසවිදින්න ඇති කියලා හිතනවා. ඔන්න මේ සතියේ මගේ පළමු දෙමල චිත්‍රපටයත් අරන් ආවා. මේක ටිකක් පරණ කතාවක්. පරණයි කිව්වට ඒ තරම්ම පරණ නැහැ. 2013 තිරගතවෙච්ච එකක්. විකියා අයියා තමයි මේ ගැන මට දැන්ම් දුන්නේ. ඇත්තම කියනවනම් පට්ට සුපිරි කතාවක් …

Read More »

Stanley Ka Dabba (2011) | ස්ටැන්ලිගේ කෑම පෙට්ටිය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින්, මේ හදන්නේ ඉල්ලීමක් ඉෂ්ට කරන්න. මොකද මේ ෆිල්ම් එක මගෙන් ඉල්ලුවේ තාරක සම්පත් කියලා සහෝදරයෙක්. මගේ පළවෙනි ෆිල්ම් එකට කමෙන්ට් කරලා තමයි මට මේ ගැන කිව්වේ. ඇත්තටම මම මේ වගේ ෆිල්ම් එකක් තියනවද කියලවත් ඒ වෙනකොට දැනගෙන හිටියේ නෑ. ඉතිං මුලින්ම මට මේ ෆිල්ම් එක ගැන කියපු තාරක …

Read More »

Outlander [S01 : E02] | ලියෝ මාළිගයේ ඔත්තුකාරිය… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ Outlander කතා මාලාවේ දෙවන කොටස. හැමෝගෙන්ම සමාව ඉල්ලනවා දෙවන කොටස දෙන්න මේ තරම් ප්‍රමාද වීම ගැන. දැනට මේ කතා මාලාවේ කොටස් තුනක් විකාශය වෙලා ඉවරයි. ඒ වගේම තමයි හෙට දින විකාශනය වෙන්නේ, මේ කතා මාලාවේ හතරවන කොටස. ඉදිරි සතිය ඇතුලත ඒ කොටස් දෙකටත් හැකි ඉක්මනින් උපසිරැසි ලබා …

Read More »

Witches of East End [S01 : E01] | මෙය ආරම්භයක් පමණයි… [සිංහල උපසිරැසි සමඟ]

​ඔයාල හැමෝටම සුබ දවසක් කියල ප්‍රාර්ථනා කරනව!! ​ඔන්න ඉතින් මාත් අලුත් වැඩකට බැස්ස. ඇත්තටම කියනවනම් මේ ටීවී සීරියස් එක කලේ ඔයාල වෙනුවෙන්මයි. මට හැඟෙන විදියට දැන් කාලෙ ෆිල්ම් වලට වඩා රූපවාහිනි කතා මාලා පැත්තට කශ්ටිය යොමුවෙනව වැඩියි… ඒ හින්ද මම හොද රූපවාහිනී කතා මාලාවක් තෝර ගත්ත ඔයාලට දෙන්න.. ☺ ​මේකෙ පලමු …

Read More »

Game of Death II (1981) | මාරක ක්‍රීඩාව – 02 [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යහලුවනේ, ඔන්න මම මගේ 58වෙනි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා. මේක IMDb වල ලකුණු 5.2ක් වගේ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා, මෙහි පළමු විනාඩි 32 තුල  Bruce Lee ඉන්න කොටස් තිබෙනවා, එනම් වෙනත් චිත්‍රපටවල රඟපෑ කොටස් යොදාගෙන තිබෙනවා. ඒ වගේම බ්රුස් ලී වයස අවුරුදු 6දි වගේම අවුරුදු 15දි රඟපෑ …

Read More »

The Bridge [S02 : E08] |දඩයම…. [සිංහල උපසිරැසි සමඟ]

​පසුගිය සතියෙන්… ගිය සතියේ වුන වෙඩි තැබීම ගැන මාර්කෝ ප්‍රකාශයක් කළා. ඒවගේම මර්කොට විර පදක්කමකුත් ලැබුණා. පත්තර වාර්තා කාරයෝ දෙන්නා දිගටම ෆුවස්තොගේ හොර සල්ලි ගලා යාම ගැන හොයනවා. එක ගැන දැනගන්න හොර කල්ලිය ඔහුන්ට ප්‍රහාර දෙන්නයි යන්නේ. ඒවගේම මර්කොගේ පුතාව මැරූ ඩේවිඩ් ටෙට්වත් ෆුවස්තොගේ මිනිස්සු දම්මලා මරා දමනවා. ​අද කොටසින්… …

Read More »

The Mentalist [S01 : E08] | පවුල් අවුල්… [සිංහල උපසිරසි සමඟ]

අපේ අපූරු මනෝවේදිකයා ගැන, තවත් අළුත් දවසකින් තවත් අළුත් උපසිරැසියක් අරගෙන තමයි අද මම ඔයාලගේ ගාවට මේ සංක්‍රමණය වෙන්නේ. අද කතාවට පාදක වෙන්නේ සාමාන්‍ය අන්දමේ මිනීමැරුමක්. නමුත් අද ලිස්බන් ප්‍රමුඛ CBI කණ්ඩායමට මිනීමැරුම සම්බන්ධයෙන් කටයුතු කරන්න වෙන්නේ, මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ පරීක්ශක දෙපලක් එක්ක. ඒකට හේතුව තමයි මියගිය පුද්ගලයින් දෙදෙනාගෙන් කෙනෙක්, …

Read More »

Catwoman & Kung Fu Panda – 3 Short films | කෙටි චිත්‍රපටි තුනක් [සිංහල උපසිරසි සමඟ]

DC Showcase Catwoman (2011) | අපරාධකාර ගෝතම් වීරවරිය [ සිංහල උපසිරසි සමඟ ] DCලගේ බැට්මෑන් විශ්වයේ ඉන්න අපූර්ව චරිතයක් තමයි කැට්වුමන් ඇත්තටම මෙයා බැට්මෑන් විශ්වයේ ප්‍රධාන චරිතයක්. දක්ෂ හෙරක් උණාට අසාධාරණයේදී ඇය සාධාරණ වෙනවා. බෘස් වෙයින්ට මෙයා හොඳ හතුරෙක් උණාට බැට්මෑන් ට අපූර්ව උපකාරිනියක්. බයිස්කෝප් අඩවියේ කැට්වුමන් ගැන කිසිම සලරුවක් …

Read More »

Firefly [E11 Trash] | කුණු කූඩය [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම මතකයිනේ මැල් දැන් විවාහකයෙක් කියල. 😛 ඇයි ඉතින් හයවෙනි කොටසේදී සෆ්‍රන් මැල්ව විවාහ කරනෙන තියෙන්නේ නියමානුකූලවනේ. ඔන්න අද කොටසේදී සෆ්‍රන් ආපහු එනවා බ්‍රිජට් විදිහටයි යොලන්ඩා විදිහටයි. මැල්ට ඉතින් මේකි එක්ක කන්න තරහින් ඉන්නේ. ඒ තමන්ව රවට්ටපු නිසයි, තමන්ගේ හොඳ යාලුවෙක් උන මොන්ටි ව රවටපු නිසයි. ඒත් වටිනා ලේසර් තුවක්කුවක් …

Read More »

Legends of Oz: Dorothy’s Return (2013) | OZ පුරාවෘතය – ඩොරතිගේ නැවත පැමිණීම.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ.සුපුරුදු පරිදි ඔන්න අදත් තවත් ඇනිමේෂන් චිත්‍රපටියක් පුංචි ඔයාලා වෙනුවෙන් මම අරන් ආවා.හේ..හේ.. .පහුගිය අවුරුද්දෙ නිකුත් වුන මේ චිත්‍රපටිය Legends of Oz: Dorothy’s Return.මේ චිත්‍රපටියට පසුබිම් වෙලා තියෙන්නෙ අපි කවුරුත් දන්න OZ කියන මායා ලොකෙට ගිය ඩොරති ගැන තවත් කතාවක්.ඒ කියන්නෙ L. Frank Baum කියන ළමා නවකතා රචකයාගෙ නවකතාවක් …

Read More »

The Mentalist [S01 : E07] | මලගිය ඇත්තෝ සාක්කි දෙති… [සිංහල උපසිරසි සමඟ]

පොරොන්දු වුනු විදියටම The Mentalist කතා සමූහයේ, 7වන කතාංගයට උපසිරැසි සමගින් පූර්විකාවක් සපයන්නයි මේ සූදානම. අද කතාංගයේදී මිනීමැරුම සිදුවන ආකාරය මුලදීම පෙන්නුම් කරනවා. නමුත් මිනීමැරීම සිදු කරන්නේ කවුද කියලා පෙන්වන්නේ නෑ. කවදත් වගේම අන්තිමට ඉතුරුවෙන ප්‍රශ්ණය තමයි. කවුද මිනීමැරුම සිදු කරන්නේ කියන එක. ඒක විසඳන එක තමයි CBI විශේෂ අපරාධ …

Read More »

Neighbors (2014) | මෙහෙමත් අසල්වැසියෝ…. (18+) [සිංහල උපසිරැසි සමඟ]

​මුලින්ම මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේක දෙන්න මෙච්චර පරක්කු වෙච්ච එක ගැන. මේ මගේ පළමු උපසිරස නිර්මාණය. ගොඩක් වැඩ රාජකාරි මද්‍යයේ තමයි ඉතිං මේක ඉවරකර ගත්තෙ. ඒ වගේම හැමෝම කියනව වගේ මේකෙත් ගොඩක් වැරදි අඩුපාඩු ඇති. ඒ ගැනත් සමාව ඉල්ලනවා. මුලින්ම කියන්න ඕනෙ, මෙච්චර කළක් උපසිරස බාගත කරගෙන බැලුවට කවදාවත් …

Read More »

Garv: Pride and Honour (2004) | අභිමානය සහ ගෞරවය …. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ.. ඇත්තටම මේක මගේ පළමු උපසිරැසි නිර්මාණය. මේ චිත්‍රපටයේ පොලිසිය පිලිබඳව අපේ හිතෙ ගෞරවාන්විත හැගීමක් එක් කරාවි කියල මම හිතනවා. මෙය ක්‍රියාදාම ගනයේ චිත්‍රපටයක් Salman Khanමෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. සල්මන්ගේ රසිකයින්ට තවත් සුපිරිම ආකාරයේ කතාවක් කියල මට  කියන්න පුලුවන්. මෙම චිත්‍රපටයේ  Shilpa Shetti, Arbaaz khan වගේ දක්ෂ නළු නිලියන්ද රංගනයෙන් දායක වෙනවා. IMDB වර්ගීකරණයේ …

Read More »

24 [S02: E18] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයෙදී කොන් කරලා හිටපු යුසුෆ් අවුඩා ජැක් බවර හා එකතු වෙලා ජොනතන් වොලස් හම්බ වෙන්න යනවා. ජොනතන් වොලස් කලින් වැඩ කල සේවා යෝජකයාගේම ඉලක්කයට එයා පත් වෙලා සහ එයා කේට්ව ඉල්ලනවා සාක්කි දෙන්න හුවමාරුවක් විදියට. ජැක් බවර් කේට් ජොනතන් වොලස්ට දෙයිද? අපි බලමු මේ පැයේදී මොනවද වෙන්නේ කියලා. ටොරන්ට් …

Read More »

Supernatural [S06 : E07] | පවුලෙ අවුල්… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, පහුගිය කොටස ඉවර වුන හැටි දැක්කනේ. පුරුදු විදිහට මේවගේ වෙලාවට උදව්වට ඉන්න හොදම යාලුවා, කැස් එනවා උදව්වට. ඇවිත් හොයා ගන්නවා සෑම් ඇත්තටම “හැගීම් නැති රොබෝ-සෑම්” කෙනෙක් බව. ඒ කිව්වේ මොකද්ද කියලා කතාව බලලම දැනගමු. මේ අතරේ සැමුවෙල්ට පොටක් පෑදෙනවා වැපයර්ලගේ ඇල්ෆා ඉන්න තැනක් ගැන. මතකනේ 6.5 එපිසෝඩ් එකේ ඩීන් …

Read More »

The Fault In Our Stars (2014) | දෛවයෝගයකින් නොවේදෝ හමුවුනේ අප හමුවුනේ…[සිංහල උපසිරැසි ]

සමාවෙන්න පමා උනාට. සෑහෙන දෙබස් ගානක් තිබ්බා සබ් එක කරන්න ගත්තෙත් පමා වෙලා. කොහොමහරි ඔන්න ගෙනාවා වැඩේට බහිමු එහෙනම්. මට කිසිම අදහසක් නැහැ මේක කොහොම පටන් ගන්නද කියල. ඒත් කොහෙන්හරි පටන් ගන්නත් එපැයි ඒ නිසා මේ විදියට පටන්ගන්නම්. එයාගේ නම.. ඔගස්ටස්. ආදරේට කිවුවේ ගස් (Guz) කියල. ජීවිතය කියන්නේ මහා පුදුම …

Read More »

The Painted Veil (2006) | සිනිඳු සයනේ…. සුමුදු ඇතිරිල්ලෙන්….. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා, කොහොමද ඉතින්.ඔන්න එහෙනම් මම මගේ තෙවැනි උපසි‍රැසියත් අරගෙන ආවා.මේ පාර මම අරගෙන ආවේ 2006 වසරේ තිරගත වුණු ඉතාම ලස්සන කතාවක්.හැබැයි ටිකක් විතර දුකත් හිතෙනවා. මේ කාලේ බලන්නේ ක්‍රියාදාම චිත්‍රපටනේ.හැබැයි ඒ වගේ ඒවා බලන අය නම් මේකට කැමති වෙන එකක් නැහැ.මොකද මේ කතාව හරිම …

Read More »

The Mentalist [S01 : E06] | වේගාස් වල තනිවූ අත… [සිංහල උපසිරසි සමඟ]

අද දිනයේ The Mentalist කතා මාලාවේ පලමු සමයේ 6 වන කතාංගය සමග එකතු වෙන්නයි මේ සූදානම. අද කතාව ගොඩක්ම විනෝදකාමී වගේම, අමුතුම කතාවක් වේවි. අද කතාවට මුල්වෙන්නේ කැලිෆෝනියාවට යාබද ප්‍රාන්තයක් වන, නෙවාඩාව අසල සීමාවට අඩි කිහිපයක් මෙපිටින් (කැලිෆෝනියාවට අයත් කොටසේ) කපා දැමූ අතක කොටසක් පාර මැද තියලා තිබී හමුවීම. මෙතැනදී …

Read More »

Planet Terror (2007) | ලෝකයට එරෙහිව දෙදෙනෙක්.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? හොඳින් නේද?ඉඩකඩ තිබුන හැටියෙන් ආයෙම අරන් ආවා තවත් සබ් එකක්. ගිය සැරේ දුන්න ෆිල්ම් දෙකම comedy ෆිල්ම් ඒවා. ඒ නිසාම මේ සැරේ දෙන්න හිතුවෙ horror ටයිප් එකේ action ෆිල්ම් එකක්..කතාවෙ හැටියටනම් ජීව රසායනික අවියක් නිසා මිනිස්සු අමනුෂ්‍යයො බවට පත් වෙන කතන්දරයක් තමයි යන්නෙ. තනිකරම මිනිස්සු zombiesලා වෙනවා. රෝගෙ වැලඳුනු අය හොදින් …

Read More »
error: Alert: Content is protected !!