Monday , November 30 2020
Breaking News

Monthly Archives: October 2018

The Gifted [S02 : E05] Sinhala Subtitles | පලායාමේ ඵල-විපාක [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් රීවාගේ සැලසුම් ගැන දැනගන්න ඕන නිසා ජෝන්, ක්ලෑරීස් වගේම මාකෝස් වයර්ව හොයන් ගියාම එතන වයර් හිටියේ නැහැ. හැබැයි වයර්ගේ සහෝදරයා නම් හිටියා. එයා මුලින් මේ තුන්දෙනාට පහර දුන්නා. පස්සේ කේට්ලින්ගේ ක්ලින්ක් එකට එකේ රහස් කාමරයකට අරන් ගිහින් එයාගේ ප්‍රශ්න කරද්දී දැනගන්න ලැබුනේ ෆ්‍රෝස්ට් සහෝදරියෝ වයර්ව මැරුවා කියලා. ප්‍රශ්න …

Read More »

Betrayed (2018) Sinhala subtitles | පාවාදීම [සිංහල උපසිරසි සමඟ]

හැමෝම සාදරයෙන් පිලිගන්නව බයිස්කෝප් වෙබ් පලට.මම අද අරන් ආවෙ මගේ තුන් වන උපසිරස.මේ චිත්‍රපටය මට බාරදුන්න හසන්ත අයියට මම මුලින්ම ස්තූති වන්ත වෙනව. මේ චිත්රපටය අභිරහස් අපරාධ ගනයට වැටෙන චිත්‍රපටයක්.මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ 6.9 ප්‍රමාණයක් ලැබිල තියෙනව.ඒකෙන්ම කටිටියට තේරෙනවානේ චිත්‍රපටය කොච්චර හොදද කියල.මේ චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නෙ මේ අවුරැදුදෙ ඔක්තෝම්බර් …

Read More »

Marvels Daredevil [S03 : E13] with Sinhala Subtitles | ඩෙයාඩෙවිල් vs කින්ග් පින්ග් vs බුල්ස් අයි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං අපි ඩෙයාඩෙවිල් අවසන් කොටස එක්ක තමයි මේ එක්කාසු වෙලා ඉන්නෙ. ඉතිං මේ වෙනකොටත් ඔයාලා දන්නවා මෙවර කතා මාලාව කා වටාද ගෙතුනෙ කියලා. ආයෙ ඉතිං අමුතුවෙන් කියන්න අවශ්‍යය නෑ ඒ විල්සන් ෆිස්ක්. ඉතිං මේ විදිහට විල්සන් ෆිස්ක් ආපහු සැරයක් තමන්ගෙ නිදහස උපය ගන්නෙ FBI එක තමන්ගෙ උදව් කාරයො බවට …

Read More »

Marvels Daredevil [S03 : E12] with Sinhala Subtitles | අවසන් උත්සහය! [සිංහල උපසිරසි සමඟ]

මතක ඇති කලින් කොටසෙ ඩෙයාඩෙවිල් විදියට ඇදගත්ත FBI නියෝජිත පොයින්ඩෙක්ස්ටර් ක්ලින්ටන් පල්ලියට පහර දුන්නා ෆිස්ක්ගෙ නියෝග මත කැරන්ව මරන්න. ඒකට හේතුව ඊට කලින් කොටසෙදි ඔයාලට දැනගන්න ලැබුනනෙ. කොහොම වුනත් මේ පහර දීමෙන් ක්ලින්ටන් පල්ලියෙ පියතුමා මියගියා. හැබැයි ඩෙක්ස්ට කැරන්ව මරන්න බැරිවෙනවා ඩෙයාඩෙවිල්ගෙ මං කියන්නෙ aඇත්තම ඩෙවිල්ගෙ මැදිහත් වීම නිසා. කොහොම …

Read More »

Arrow [S07 : E03] Sinhala Subtitles | සීමාමායිම් බිදලමින්.. [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ ඇරෝ කොටසින් අපට දැක බලාගන්න ලැබුනා ලෝන්ග්බෝ හන්ටර්ස්ලව.. ඉතින් මේ අය බොහොම දරුණු වගේම ඉතාම දියුණු තාක්ෂණයක් භාවිතා කරන සැට් එකක් වගේ තමා පෙනුනේ. අපි දැක්කා මෙයාලා එකතුවෙලා ආර්ගස් එකෙන් බැටරියක් හොරකම් කරලා පස්සේ අවියක් හොරකම් කරන්නත් ගියා. කොහොමහරි ආර්ගස් එකට පුළුවන්කම ලැබුනා ඒ හොරකම නවත්තන්න. හැබැයි ඉතින් …

Read More »

Crash Zone (TV Series 1999–2001) [S02 : E12] Sinhala Subtitles | කිනන් රීඩ් හමුව [සිංහල උපසිරැසි සමග]

සුභ දවසක් හැමෝටම… මේ කොටසට පස්සේ තියෙන්නේ මේ කතා මාලාවේ අවසාන කොටසයි. අපේ පරිගණක දඟයොන්ටයි වර්ජලටයි සමුදෙන්න හැමෝම එහෙනම් සුදානම් වෙන්න. හොඳයි එහෙනම් ඒ කණගා‍ටුදායක මතක් කිරීමත් එක්කම අපි බලමු පෙර කොටසේ වුන දේවල් ගැන. හමුදා බුද්ධි තොරතුරු මූලස්ථානයේ ප්‍රධාන ආරක්ෂක පරිගණක වැඩසටනකට ආදරය කිරීමට පටන් ගන්නා වර්ජල් මහත් අනතුරකට …

Read More »

Ixcanul Aka Volcano (2015) Sinhala Subtitles | ගිනි කන්ද පාමුල මිනිසුන් [සිංහල උපසිරැසි සමඟ]

ග්වාතමාලා (Guatemala) විත්‍රපටයක් වන මෙය එරට බිහිවි ඇති උසස් නාට්‍යමය ගනයේ නිර්මාණයකි. Imdb 7.2/10 හා Rotten Tomatoes අගය 100% ත්, Rogerebert අගය 3.5/4 ද ලබා ගෙන ඇති අතර, 88 වන ඇකඩමි සම්මාන උළෙලේ ප්‍රධාන සම්මානයකටද නිර්දේශ වීම හා වෙනත් පිළිගත් ජාත්‍යන්තර සම්මාන කිහිපයකටද පාත්‍ර වු මෙම නිර්මාණය ග්වාතමාලා තරුණ සිනමාකරුවකු …

Read More »

Marvels Daredevil [S03 : E11] with Sinhala Subtitles | ඕන එකක් හිතා ගන්න [සිංහල උපසිරසි සමඟ]

මාවල් ඉතිහාසයේ බිහිවූ අති සාර්ථකම මාලා නාටකය වන ඩෙයා ඩෙවිල් කතා මාලාවෙ තුන්වෙනි කතා සමයත් මේ වෙනකොට නෙට්ෆ්ලික්ස් හරහා විකාශනය කර හමාරයි.. ඔන්න ඉතිං ඔයාලගෙ රසවින්දනය වෙනුවෙන් හැමදාමත් වගේ පෙළ ගැහෙනෙ බයිස්කෝප් අපි මේ සෑරෙත් පරක්කු නොකරම හනි හනිකට උපසිරැසි ඔයාල වෙත රැගෙන ආවා.. මේ වෙනකොට කතා සමයෙ අවසානයටත් කෙමෙන් …

Read More »

Marvels Daredevil [S03 : E10] with Sinhala Subtitles | කැරන්ගේ අතීතය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පසුපෙලින් තමා මෙවර එකතු උනේ වැඩේට. තිබ්බ කාල වෙලාවත් එක්ක වැඩේ කරන්න තියෙන ආසවටම එකතු උනේ කොහොම හරි. අද කතාවට imdb 9.2 ක අගයක් ලැබෙනවා.ඒ වගේම අද කතාව විශේෂ වෙන්නේ සම්පුර්ණ කතා මාලා තුනේදීම ප්‍රධාන චරිතයක් වෙච්ච කැරන්ගේ අතීතය අද පෙන්වන නිසා. කට වචනෙන් කිව්වට ඇත්තටම මොනාඩ් උනේ …

Read More »

The Equalizer 2 (2018) Sinhala subtitles | වැරදි මිනිහ… [සිංහල උපසිරැසි සමඟ] 50*

ආයුබෝවන් හැමෝටම.. ඔව් ඔව් යන්තං මුල්ම කඩයිමක් ගොඩ දාගත්ත..හම්මේ දැනෙන සතුට කියල නිම කරන්න බෑ..අවුරුදු 3 හමාරක මහන්සිය කීවොත් ඔයාල පුදුම වෙන්නත් පුළුවන්…බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියත් එක්ක අවුරුදු ගණනාවක් තිස්සෙ අත්වැල් බැඳගෙන ඉන්න ඔයාලට නම් මාව ඒ හැටි හුරු පුරුදු චරිතයක් නොවෙන්නට පුළුවන්..මොකද ඇත්තම කියනව නම් කාලෙකට සැරයක් වගේ තමා …

Read More »

Marvels Daredevil [S03 : E09] with Sinhala Subtitles | අනාවරණ! [සිංහල උපසිරසි සමඟ]

හෙල්ස් කිචන් වල “යක්ෂයා” නොහොත් ඩෙයාඩෙවිල් කතාමාලාවේ තෙවන සමයේ නවවන කතාංගය බාරවුනේ මටයි. විමාට ස්තූතිවන්ත වෙනවා මාව මෙවරත් ඩෙයාඩෙවිල් කතාමාලාව එක්ක සම්බන්ද කරගත්තාට. අපේ කට්ටියක්ම එකතුවෙලා කරන සාමූහික ප්‍රයත්නයක් තමා මෙවරත් දියත් වෙන්නේ. උපසිරැසි ඉක්මනින් ලබා දිය යුතුව තිබුන නිසා තවම මෙම එපිය විතරයි මං කතාමාලාවෙන් නරඹලා තියෙන්නෙ. ඒ නිසා …

Read More »

Home Town Story (1951) Sinhala subtitles | දම්වැල් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් පැරණි සිනමාපටයකට උපසිරැසියක් අරගෙන ආව බයිස්කෝප් ප්‍රේක්ෂකයන් වෙනුවෙන්. අදියුරුව හා තිර පිටපත යන දෙකම ආතර් පියර්සන් ගෙන්. ජෙෆ්රි ලින්, ඩොනල්ඩ් ක්‍රිස්ප්, ඇලන් හලා, ඇතුලු තවත් නලු නිලි රැසකගේ දායකත්වයෙන් හැඩවන මෙම සිනමාපටය 1951 වසරේ මැයි මස තිරගත වීම අරඹනවා. දේශපාලන වේදිකාව තුල සාර්තකව රාජකාරී කල බ්ලේක් වොශ්බෝර්න් මැතිවරණයක් …

Read More »

Christopher Robin (2018) Sinhala Subtitle | ක්‍රිස්ටොෆර් රොබින් සහ මිතුරු කැල [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ⁣එහෙමනම් මේ ලෑස්ති වෙන්නේ පුංචි දරුවන් (එදා දරුවෝ වුණාට දැන්නම් මාමලා)අතර බොහොම සුප්‍රසිද්ධ චරිතයක් වන විනී ද පූ නම් වළහාගේ පළමු Live-Action සම්ප්‍රාප්තිය බයිස්කෝප් සිංහලෙන් තුළින් සිංහල උපසිරස සහිතව සමීප කරන්නයි. දැන් අපි කවුද මේ විනී ද පූ? එයාගේ උපත, එයාගේ අතීතය මොකක්ද කියලා ටිකකට බලමු. ⁣”විනී ද පූ” …

Read More »

Marvels Daredevil [S03 : E08] with Sinhala Subtitles | වැළලුන අතීතය…. [සිංහල උපසිරසි සමඟ]

කතාව තවත් රසවත් වෙමින් පවතින අවස්තාවක තමයි අද මේ අටවෙනි කොටස රැගෙන ආවේ. ඉතින් අද කොටසේ අවසානයේදී ඔයාල ඩෙයාඩෙවිල් කතා මාලාවේ මේතාක් කලකට නොදන්න රහසක් අනාවරණය කරගන්නවා. ඒක අන්තිමේදී දැනගන්න ඉඩ තියලා මම කලින් කොටස ගැන ටිකක් මතක් කරන්නම්. පසුගිය කොටසින්…. කලින් කොටස අවසන් වෙන්නේ මැතිව් සහ නඩීම් දෙදෙනා හමු …

Read More »

Crash Zone (TV Series 1999–2001) [S02 : E11] Sinhala Subtitles | වර්ජල් කො‍ටු කර ගැනීමේ විශේෂ හමුදා මෙහෙයුමක් [සිංහල උපසිරැසි සමග]

හොඳයි, එහෙනම් කලින් කොටස ගැන බලමු. වර්ජල් දිගින් දිගිට තාමට පිටතට යාමට අවශ්‍ය බව නිතර නිතර තම මිතරන්ට පැවසීමත් සමග එදා දවසේ ස්ලජ් නැමති කෘත්‍රිම රොබෝවරයාගේ සිරුරට වර්ජල්ව ඇතුල් කිරීමට ‍රැම්ට අදහසක් පහළ වෙනවා. ‍රැම් ඉතින් කොහොමත් මේ වගේ වැඩ වලට දක්ෂයිනේ. තමන්ගේ දක්ෂතාවයෙන් උපරීම ප්‍රයෝජන ගන්නා ‍රැම් පෙනීගෙත් උදව් …

Read More »

Supergirl [S04 : E03] Sinhala Subtitles | බෙන්ජමින් ලොක්වුඩ්.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාව සුපර්ගර්ල් හතරවැනි සමයේ තුන්වැනි කොටස.. අදනම් ඔන්න ටිකක් විතර පමා වුනා. හරි එහෙමනම් අපි බලාමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ දැකගන්න ලැබුනා මර්සි ග්‍රේව්ස් ලූතර් සමාගමට පහරදෙන්න උත්සහ කළා කියලා. කොහොමහරි ඒක වෙද්දී කාරා හිටියේ ලීනා එක්ක. ඒ නිසා එයාට එකපාරටම සුපර්ගර්ල් වෙන්න අවස්තාවක් ලැබුනේ නෑ. …

Read More »

The Bombing (2018) Aka Air Strike Sinhala Subtitles | ජපන් ප්‍රහාර හමුවෙ චීන හමුදාවෙ නැගී සිටීම. [සිංහල උපසිරසි සමඟ]

දශක ගණනාවක සිට ලංකාවෙත් යුද්ධයක් පැවතුනා. එයින් ලංකාවෙ බහුතරයක් ගොඩක් දුක් ගැහැට වින්දා කියලා කාටත් මතක ඇති කියලා හිතනවා. කොහොමහරි ලංකාවෙ රණවිරුවන්ගෙ ශක්තියෙන් ඒ කුරිරු යුද්ධය අපිට අවසන් කර ගන්න පුළුවන් වුනා. එසේ යුද්ධය අවසන් වූ නිසා තමයි අපිට අද නිදහසේ ගමනක් බිමනක් වුනත් යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මෙවැනි …

Read More »

Marvels Daredevil [S03 : E07] with Sinhala Subtitles | යක්ශයන් දෙදෙනෙක් [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා හැම දෙනෙක්ටම. අද මම අරගෙන ආවේ Daredevil තුන්වන කතාමාලාවේ හත්වන කතාංගයයි. මේක නම් අහම්බෙන් හම්බ වුණු අවස්ථාවක් බව මතක් කරන්න ඕන. කාලයක් තිස්සේ NETFLIX ළාගේ Marvel සීරීස් එකකට සබ් එකක් කරන්න ආසාවෙන් හිටියේ. එහෙම වුනත් ඩෙයාඩෙවිල් වගේ එකකට සබ් එක කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා හිතුවේ නෑ. ඒ …

Read More »

The Last Ship [S05 : E08] Sinhala Subtitles | ගලවාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක්. ඔන්න අදත් ප්‍රනීත් අයියා කාර්යබහුල වුන නිසා මම හසන්ත අයියගෙන් අහලා උපසිරස කරන්න භාරගත්තා. මේ මගේ පස් වන සිංහල උපසිරස. ගොඩක් කට්ටිය කමෙන්ට් කරල තිබ්බා උපසිරස ඉක්මනට දෙනවනන් හොදයි කියලා. ඒ නිසා අද දවස තුල කරලා ඉවර කරන්න ගොඩාක් උත්සහ කරා. හරි කාතාව පැත්තට හැරෙමු. ඔයාලට මතක …

Read More »

The Walking Dead [S09 : 04] Sinhala Subtitles | ඔබත් ගියොත්, හෙටක් තියේවිද? [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! හැමදේම අස්ථාවර වුණු වෙලාවක ඔන්න බයිස්කෝප් අපිනං ස්ථාවරව වෙලාවට කලාවට සබ් එක අරගෙන එනව. ඉතිං ඔන්න ආපු දවසෙම අදත් වැඩේ ගොඩදාල දෙන්න හැකි වුණා. හැබැයි ඉතිං දවසක මාව රස්සාවෙන් එළියට ඇදල දානව බොස් නෝනට වැඩ කරන වෙලාවෙ මේව කරනව අහු වුණොත් නම්. අනිත් කාරණාව තමයි ඊලඟ සතියට විතරක් …

Read More »
error: Alert: Content is protected !!