අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

24 [S04: E15] | CTU එක රැවටෙයි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

24 (season 4)
දැන් නම් මේ කතාව ගොඩක් රසවත් වේගෙන එනවා නේද? ඉතින් මේ තමයි 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 15වෙනි කොටස. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.2 ක අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ රාත්‍රි 9ත් 10ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 මාර්තු 28 වෙනිදාය.

කලින් කොටස ගැන මතක් කලොත් එ කොටස තිරණාත්මක කොටසක් වුනා. පෝලුයි ජැකුයි අර කම්පැනියෙන් විස්තර හොයාගත්තට පස්සේ එයාලා ඒකෙ නම තියෙන කෙනෙක් පාවිච්චි කරලා මර්වාන් ලගට යන්න ප්ලැන් එකක් හැදුවා. ඒ අතර තුර මර්වාන් තවත් සැලැස්මක් සැලසුම් කරනවා දකින්න ලැබුනා. ඒ වෙනුවෙන් ගුවන් හමුදාවේ වැඩ කරන කෙනෙක්ව බය කරගෙන මර්වාන්ගේ ‍කෙනා ගුවන් හමුදා කදවුරක් ඇතුලට පැනගත්තනේ. ඒත් අවාසනාවට අර ගුවන් හමුදාවෙ කෙනාට මැරෙන්න සිද්ධ වුනා. ඒ වගේම ජැකුයි ඩිනයි මර්වාන් ලගට යන අදහසින් එක්තරා විදියක නාට්‍යයක් රගපැවා. ඒත් කවුරුත් හිතපු නැති විදියට CTU එකේ අය පවා පුදුමයට පත් කරමින් මර්වාන් අර දෙන්නව හොයාගන්න බැරිවිදියට පැහැරගන්නවා. ඒ දෙන්නව අරගෙන ගිහින් මර්වාන් ඩිනාගෙන් ප්‍රශ්න කරනවා. කොහොම හරි ඩිනා මර්වාන්ට විරුද්ධව වැඩ කරනවා කියලා දැනගන්න ලැබුන හින්දා එයාව මරලා දානවා. එතනින් තමයි ඒ කොටස අවසාන වුනේ.

මේ කොටසේදි මර්වාන් ඊලගට කරන්න යන ප්‍රහාරය ගැන අපිට දැනගන්න පුලුවන් වෙනවා. ඒ වගේම එයා CTU එකේ පරික්ෂණ වෙන පැත්තකට හරවනවා. ඒත් ඒ කොහොමද? එතකොට මර්වාන් ලග ඉන්න ජැක්ට මොකද වෙන්නේ? ජැක් මොනවා කරයිද? ඒ ගැන දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^

එහෙනම් ඊලග කොටසින් හමුවෙනතුරු ඔයාලා හැමෝටම ජය… . . !

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

72ee2b3934179a0bb25c4b0ee958097626f00845

120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

16 thoughts on “24 [S04: E15] | CTU එක රැවටෙයි… [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට තුති……

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • නියමයි සහෝ
    True Justice එකට සින්හල Sub දෙන්නකෝ

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය……

    Reply
  • නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

    Reply
  • එලස්
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • බොහොම ස්තුතියි උපසිරසියට….

    Reply
  • ඔන්න මම එක​
    ජය වේවා. ස්තූති වේවා.

    Reply

Leave a Reply to හර්ෂ ලහිරු Cancel reply

Your email address will not be published. Required fields are marked *