අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

24 [S05 : E01] | තනිවී සිටින්නයි මා අදහස් කළේ… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

24SE5

හොඳයි ඔන්න එහෙනම් මමත් 24 කතාමාලා ව්‍යාපෘතියට මගේ දායකත්වය දෙන්නයි මේ සූදානම් වෙන්නේ. ඇත්තටම බයිස්කෝප් සිංහලෙන් අඩවියේ මූලිකත්වයෙන් තොරව, එහි උපසිරැසි කරුවන් කිහිප දෙනෙක් මූලිකත්වය අරගෙන කරපු ප්‍රමාණයෙන් බැරෑරුම්ම ව්‍යාපෘතිය මේකයි කියලා කිව්වොත් මම හිතන්නෙ වඩා නිවැරදියි. මීට කලින් අපේ සමීර කරුණාරන්ත සහෝ ජේම්ස් බොන්ඩ් වගේ ව්‍යාපෘති වලටත්, අඩවිය විසින් නිරන්තරයෙන් වෙනස් වෙන IMDB TOP වගේ ව්‍යාපෘති වලට අත ගැහුවත්, මේක ඊට වඩා සුවිශේෂ සෘජුව අඩවියේ දායකත්වයක් නැති වෙච්ච කොටස් 194 ක දැවැන්ත වැඩක්. ඉතින් මේ ව්‍යාපෘතියේ ගුණ දොස්, හොඳ නරක ගැන හොඳම තක්සේරුව දෙන්න පුළුවන්, මේක මෙතෙක් බලපු හා ඉදිරියට බලන ඔයාලටමයි. ඒ හින්දම ඒ ගැන මම කිසිත් කතා නොකර ඉන්නම්.

ඉතින් ඒ වෙනකොට උපසිරැසිකරණය ගැන කිසිම අත්දැකීමක් නැතුව මේ වැඩේ කරමු කියලා යෝජනා කරපු අසේල ඉශාන් සහෝටත්, මේ ව්‍යාපෘතිය වෙනුවෙන් දක්වන සහයෝගයක් වශයෙන් පළමු අදියරේ අඩු පේළි ගණනක එක් කොටසක් පමණක් කරලා දෙන්න කියලා පිළිතුරක් දෙනකම්ම ඇවටිලි කරපු, එහෙත් ඒ වෙනුවට පස් වෙනි අදියරේ මුල් කොටස් පහ ස්ථිර වශයෙනුත්, ඉතිරිවා නොනිල වශයෙනුත් බාරගත්තාට පසු කිසිම විටෙක වැඩේ වෙනවාද නැද්ද යන්නවත් මගෙන් නොඅසපු අංජන සහෝටත්, දැනට මේ කතාමාලාවේ බර කරට අරගෙන වෙහෙසවෙන ගයාන් රූකාන්ත සහෝටත් මම මුලින්ම ස්තූති කරන්න කැමතියි. 🙂 ඔන්න කොහොමින් කොහොම හරි මම ඔයාල වෙනුවෙන් මේ සුපිරි කතා මාලාවේ මුළු පස් වෙනි අදියරම මගෙන් ඔබට ලැබේවි.

24 කතා මාලාව මම මුලින්ම බැලුවේ සිරස රූපවාහිනී නාලිකාවේ යනකොටයි. මුල් අදියරේ ඉඳන්ම බොහොම ආශාවෙන් සතියකට සැරයක් මේකට වහ වැටිලා බලාගෙන හිටපු එක අකමැත්තෙන් නතර කරන්න සිද්ධ වුණේ එක පාරම මේ කතා මාලාව MTV නාලිකාවට ගෙනිච්චහමයි. අපි උන්නෙ එච්චරම වන්නියක නොවුණත් බට දෙකක් පුරුද්දලා හදල තිබ්බ අපේ V අකුරේ ඇන්ටනාවට (ඒ කාලේ ඉතින් අපි කිව්වෙ එහෙමයි) MTV පැහැදිලිව ඒ කාලේ පෙනුන් නෑ. ඉතින් මහරාජා සංවිධානයේ හත්මුතු පරම්පරාව මතක් කරමින් ඒ කාලේ ඒකට සමුදීලා ඒ හිඩැස පිරිමහ ගත්තෙ පස්සෙන් පහු අන්තර්ජාලයෙන් සම්පූර්ණ අදියර 8 ම බාගත කරගෙන DVD වලට ගහගෙනයි. 😛 කොහොමහරි මේ පස්වෙනි අදියර මතකයේ සෑහෙන හොඳින් සටහන් වෙච්ච එකක්. ඒකට හේතුව වුණේ මම බොහොම ආශාකරපු චරිත 2-3 ක් ම මේ කතාමාලාවෙදි අයින් කරලා දාන්න අධ්‍යක්ෂකවරුන් තීරණය කරපු නිසයි. ඒ ගැන ඉතින් අපි කතාව අතර මැද්ද ආපහු කතා කරමුකෝ. ඒ වගේම මේ කතා සමය හෙවත් පස්වැනි දිනය වඩාම පැසසුමට ලක්වෙච්ච කතා සමය ලෙස සැලකෙනවා. කතා මාලාවේ ඉහළම ශ්‍රේණීගත කිරීමක් ලබමින් එමි සම්මාන 12 කට නිර්දේශ වී ඉන් නාට්‍ය අංශයේ හොඳම කතා මාලාවට හිමි සම්මානය ඇතුළු සම්මාන පහක් දිනාගන්න එය සමත්වුණා. එහෙනම් වෙන කතා නවත්වලා දැන් හැරෙමු කතාව දිහාට..

අර කවුදෝ කියන්නා වගේ ජැක් බවර් කියන්නෙ අමුතු හාදයෙක්. ඇමරිකාවට එල්ල වෙන ඕනම තස්ත්‍රවාදී තර්ජනයක් හෝ තර්ජන මාලාවකින් ඇමරිකාව ගලවගන්න මිනිහට යන්නෙ හරියටම පැය 24 යි. හැබැයි නමවෙනි එකේදී නම් එංගලන්තෙ සිද්ධ වෙච්ච හින්දද මන්දා ගියේ පැය 12 යි. ඔය පැය 24 ඇතුලේ මිනිහා රට වෙනුවෙන් නොකරන ඉලව්වක් නෑ. මැරුම් කාලා හරි මිනිහා වැඩේ ගොඩ දානවා. සමහර වෙලාවට හොඳ කරන්න ගිහින් මෙයා රටේ සතුරෙක් වෙන වෙලාවලුත් තියෙනවා නොවැ. හැබැයි කොහොමින් කොහොම හරි අපිට නම් එතරම්ම මිනිහගේ ප්‍රශ්න කරන ක්‍රම නම් නුහුරු නෑ. මොකද අර අහවල් සාගරේ අහවල් අමුතු රටේ පොලිසියත් ඔයිට හපන් ක්‍රමලුනේ අනුගමනය කරන්නේ. ඊට පස්සෙ ඉතින් හැංගි මුත්තං වගේම පීනන්නත් උගන්නවනලුනේ. එහෙම ගත්තහම මේ හාදයා එච්චරම දරුණුත් නැද්ද මන්දා. ඉතින් අද ඉඳන් මම මිනිහට කියන්නෙ “දවසේ හාදයා” කියලයි ඔන්න. 😛 ඇමරිකාවට මේ වගේ බුවාලා තුන් දෙනෙක් උන්න නම් හෙම ඔන්න බලන්න තිබ්බා අර අර්බුද මේ අර්බුද විසඳන හැටි.

බයිස්කෝප් ඇරෝ කොලුවා ගෙනාව හතරවෙනි අදියරේදී මේ “දවසේ හාදයට” බොහොම ලොකු අපලකාරී තත්වයක් උදා වෙච්ච බව බලපු අය දන්නවනේ. අර චීන තානාපති කාර්යාලයේ නටපු නාඩගම අතේ පත්තු වෙලා චීන්නු දවසේ හාදයව එයාලට බාර දෙන්න කියලා තදින්ම ඉල්ලීම් කරනවා. ඉතින් ඒකෙදි වැඩ බලන ලොක්කා විදියට උන්න ලෝගන් එහෙම දෙන්නම තමා හදන්නේ. ඊටත් හපන් එයාගේ ආරක්ෂක ලොක්කා විදියට උන්න “කපටි කමින්ග්ස්” රහස් පිටවෙන එක වළක්වන්න දවසේ හාදයව චීන අත් අඩංගුවෙදි මරන්නත් ගැටේ ගහනවා. ඒත් මේ ඔක්කොම “මයික් ගොයියා” ගෙන් දැනගන්න හිතහොඳ පාමර් ලොක්කා” මේක “දවසේ හාදයට” කියලා සැලැස්මක් ගහනවා දවසේ හාදයගේ ජීවිතේ බේරගන්න. ඒකට අනුව දවසේ හාදය මැරුණ විදියට ගුලිය අඹරලා අලුත්ම ජීවිතයක් වහංවෙලා පටන් ගන්න “දවසේ හාදයා” පිටත් වෙනවා.

හැබැයි මේ රහස දන්නෙ, “හිතහොඳ පාමර් ලොක්කයි”, “කෙසඟ ටෝනියි”, “මිෂෙල් කෙලීයි”, “වලියට බර ක්ලෝවියි” විතරයි. දැන් ඕක වෙලා මාස දහ අටක් නැත්තම් අවුරුදු එකහමාරකට පස්සෙ ඉඳන් තමා අද කතාව පටන් ගන්නේ. එහෙනම් බලන්නකෝ මෙදාපාර “දවසේ හාදයට” ආපහු වැඩ පෙන්වන්න වෙන්නෙ මොකක් හින්දද කියලා. එහෙනම් හෙට දිහා ආපහු හම්බවෙමු…. මතු සම්බන්ධයි හොඳේ….341

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

125 MB කොපිය මෙතනින් බාගන්න

32394720cbb612f44f0b2d7afb09c8cf1b72f147
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Season Four                      All Episodes                        Next Episode >>

20 thoughts on “24 [S05 : E01] | තනිවී සිටින්නයි මා අදහස් කළේ… [සිංහල උපසිරැසි සමඟ]

  • අැත්තටම ජැක් අමුතු හාදයෙක් නෙමෙයි. ජැක් පැය 24න් ෙගාඩ දානවා නෙමෙයි. ත්‍රස්තාවාදියෝ හරි ඉක්මනට වැඩේ ඉවර ෙවන්න පැය 24කින් ඉවර ෙවන්න ප්ලෑන් කරන නිසා ජැක්ට පැය 24ක් අැතුලතම වැඩේ ෙගාඩ දාන්න ෙවනවා ෙන්.. ස්තුතියි.. උපසිරැසි වලට.

    Reply
  • දිගටම මේ වගේ හොද නිර්මාණ අරගෙන එමු,
    සබ් එකට ගොඩක් ස්තූතියි,
    ජයවේවා!

    Reply
  • මේ සීසන් එකගැනනම්
    කට්ටිය කවුරුත් බයවෙන්නකාරුයක් නෑ
    ඕන්
    රජාගෙ වැඩක්නෙ
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මමනම් කියන්නෙ රොයිලියෝ
    ඔයා බ්‍රෙකින්ග් බෑඩ් එක ගැනත් පොඩ්ඩක්
    අවධානය යොමුකරන්න කියලා
    මෙතෙක් ආපු හොද කතාවක් නොවැ
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • ස්තුතියි රොයිලි අයියේ.. ජය වේවා!

    Reply
  • මමත් පුංචි සන්ධියේ කතාව උඩින් පල්ලෙන් බැළුවා නම් තමයි.
    ඒ කාලේ අපිට තිබුණේ කලුසුදු TV එකක්.
    මම කිරිසප්පයා වුනත් මට නම් කතාව අල්ලලා ගියා.

    අන්තිමේදී කොහොමින් හරි කතාව බලන්නම බැරුව ගියා.

    දැන් තමා ඒක බලන්න කාලේ උදා වෙලා තියෙන්නේ.
    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
  • අර කියන්නත් වගේ ලිපිය රසවත් ඔක්කොටොම වඩා…..ලිපිය මෙහෙම නම් උපසිරසි කොහොමට ඇත්ද …හොද හොද වචන දාල ඇති …නියමයි ලොක්ක ජය වේවා ….

    Reply
  • Kattiya set wela kohomahari wade goda dagani wage ……
    me season eka eka digatama deela iwara karanda puluwan wenda oneeeeee……..
    Good Luck

    Reply
  • තෑන්ක්ස් සබට.
    අපොයි රොයිලි, tv එකේ 24 බලපු මටත් උනේ ඕක තමා.
    MTV නිසා මාත් 24 අතෑරියා.
    මුල් සීසන් 4 බලලා තිබුණ නිසා සබ් ගත්තා විතරයි.
    දැන් ඉතින් සීසන් 5 ඉදලා ඩවුන්ලෝඩ් කරන්න ඕන.

    Reply
  • රොයිලි ගේ වැඩක් නම් ඉතින් එකේ ආයේ හොදක් මිසක් නරකක් නෑනේ.
    බොහොම ස්තුතියි!

    Reply
  • Niyami Roily Aiyee
    Supiri Lipiyak
    Jaya Wewa !!!

    Reply
  • නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • එල එල සබට බොහොම තුති රොයිලි අයියේ.
    දැන්මම නම් මේ සීසන් එක බලන්න වෙන්නේ නැ
    සබ් ටික ඔක්කොම එකතු උනහම එකටම බලලා දානවා
    ජය!! 😛 😛

    Reply
  • ලිපිය නම් කියල වැඩක් නැ. මල් 7 යි. බාගෙන බලාගෙන හිටියෙ සබ දෙනකන්. එල එල

    Reply

Leave a Reply to තිසර නියෝ Cancel reply

Your email address will not be published. Required fields are marked *