අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

෴සහසක සැමරුම෴

Rating: 7.8/10. From 5 votes.
Please wait...

1000

බයිස්කෝප් සිංහලෙන් ලිපි 1000 පසු කළ දිනය ඔබට මතක ද? හරියටම කිව්වොත් 2012 අගෝස්තු මාසෙ 15 වෙනිදා තමයි ඒ දිනය. අපි ඒ 1000 සැමරුවේ අපට මුල අමතක නොවෙන නිසයි. මොකද බයිස්කෝප් සිංහලෙන් කියන්නෙ විදෙස් චිත්‍රපට ගැන ලිපි සපයමින් ඇරඹූ විබපළක්. තනි මිනිහෙක් විදිහට අපේ පොතේ ගුරා සොහොයුරා තනියෙම ඒක පටන් ගත්තෙ තමන් වගේම සිනමාවට පෙම් බැඳපු; නැතිනම් පෙම් බඳින්න කැමති අයත් එක්ක සිනමා රසය බෙදාහදා ගන්නට ගන්න වෑයමක් විදිහට. එදා; ඒ කියන්නෙ 2009 මාර්තු 10 ඔහු තමන්ගේ අදහස මුදුන්පත් කරගනිමින්, තමන් ඒ වෙනුවෙන්ම ආරම්භ කරාපු වියුණුවේ තමන් ලියාපු පළමුවැනි ලිපිය පළ කළා. එනිසා එසේ ලිපි 1000ක් පිරෙද්දී අපි ඒ ගැන සිහිපත් කරමින් ඒ දිනය අපේ ඉතිහාස සටහනක් බවට පත් කරන්නට කටයුතු කළා. මේ විබපළේ ආරම්භය තරම්ම අපට වැදගත්, වෙනත් මුලපිරීමක් තිබෙනවානම් ඒ තව එකම එකයි. 10… 9… 8… 7… 6… 5… 4… 3… 2… 1…

මෙච්චර දවසක් ඔබ බලන්නට ඇති විබපළේ ඉහළ දකුණින් සටහන් වූ මේ දර්ශකයේ තේරුම මොකද්ද කියලා. ඒකෙ තේරුම අපි තවත් 1000 ක සැමරුමකට ඇවිදිල්ලා කියන එකයි. ඒ තමයි සිංහල උපසි‍රැසි 1000ක් පිරීමේ සැමරුම. ඔව්! වැරදුණේ නෑ… ඔබ දු‍ටුවා හරියටම හරි. උපසි‍රැසි 1000යි. මතකනේ මේ වැඩේ ඇරඹුණු හැටි ගුරාගෙ යාළුවෙක් මාර්ගෙන් ලැබුණු මෘදුකාංගයක් භාවිත කරගෙන මුලින්ම උපසි‍රැසක් සිංහලට හරවන වැඩේට අත පෙව්වෙ රොයිලි ගුරා දෙන්නම එක්කයි. ඒත් රොයිලි ගුරාට ඉස්සර වුණා. අන්න ඒ විදිහට මුලින්ම අන්තර්ජාලයට නිකුත් වූ නිදහස් සිංහල උපසි‍රැසිය 2009 ජූනි 26 වෙද්දී, Deja Vu (2006) සිනමාපටය වෙනුවෙන් මේ විබපළින් ජාලගත වුණා. ඒ විස්තරනම් මේ වෙද්දි කවුරුත් වගේ දන්නවා. මොකද අපි ලිපි 1000 සපිරෙන මොහොතෙත් මේ සියලු දේ සිහිපත් කළ නිසා.

හොඳයි! එහෙමනම් ඒ ලිපි දහසෙන් පස්සෙ අපේ ගමන් මග ගැන පොඩියක් හැරිල බලන්ඩ වෙලාව හරි දැන්! ඉස්සෙල්ලාම මෙහෙම කියන්නම්. රොයිලිගේ පළමු උපසි‍රැසිය නිකුත් වුණායින් පස්සෙ ඒ උපසි‍රැසි සිංහල ගැන්වීමේ කටයුත්ත කෙමෙන් කෙමෙන් වඩා වර්ධනය වුණා. තවත් නොයෙක් සගයන් ඒ වැඩේට එකතු පහදු වුණා. ඒ විදිහට අපි හෙමින් හෙමින් දුර ගමනක් ආවේ බොහොම පරිස්සමින්. ඒ අතරෙදි අපේ මේ අලුත් වැඩේ දැකපු, ඒ ගැන උනන්දුවක් දක්වපු තවත් අය සිංහල උපසි‍රැසි ලබා දෙන්නට පෙළඹුණා. අපි එතෙක් හෙමින් හෙමින් කරගෙන ආ වැඩේට ජවයත්, වේගයත් එක්කාසු වෙලා පණපෙවෙන්ඩ ගත්තෙ ඉන් පස්සෙයි. ඒ තාක් මන්දගාමීව. සතියට එකක් දීපු උපසි‍රැසි ගණන කෙමෙන් වැඩි වුණා. සතියට දෙක තුනක් දෙන්නට අපට හැකිවුණා. අපේ විබපළ ගැන විශ්වාසයෙන් අප වටේ එකතු වුණ සගයන් මේ තරගය මුවහත් කළා. ඔහොම එන අතරෙදි තමයි අපි ලිපි 1000ට ළඟා වුණේ. ලිපි දහස මතක හිටින සිහිවටනයක් බවට පත් කරන්නට අප එදා අලුත් ව්‍යාපෘතියකුත් ආරම්භ කළා. ඒ තමයි ජාලගත සිනමා දත්ත සමූහය හෙවත් IMDb අඩවියේ දැක්වෙන, ප්‍රේක්ෂක ඡන්දයෙන් ලොව ඉහළින්ම ඇගයුම් ලැබීමට වරම් ලද අනගි චිත්‍රපට 250 සිංහල සමග ගෙන එන්නට ඇරඹූ කටයුත්ත. එදා මේක වෙනම ව්‍යාපෘතියක් ලෙසින් ගොනු කළාට ඊටත් කලින් ඉඳන්ම අපි කරගෙන ආපු දෙයක්. මේ වෙද්දි ඒ වැඩේ තවත් දුරකට ගෙනිහින් ඒ 250න් 81ක්ම සිංහල කරලා අවසන්.

අපට ලිපි 1000 පිරෙන්නා හාම අපි තවත් අලුත් වැඩකටයුත්තක් ආරම්භ කළා කියන එක අමුතුවෙන්, ඇඟිල්ලෙන් ඇනලා කියන්ඩ දෙයක් නෙමේ. මොකද අපි ඒ හා සමගාමීව අරඹපු බයිස්කෝප් මංසලත් අද හොඳ ප්‍රතිචාරෙ මැද්දෙ හිස ඔසවන බව රහසක් නොවෙන නිසා. මේ වෙද්දි ලිපි 1000 පිරිලා හරියටම ගත වුණේ දවස් 266යි. ඒ කාලය තුළ අපි බයිස්කෝප් මංසල හරහා සිනමාවේ, රූපවාහිනියේ විදෙස් විත්ති ගැන ඔබව දැනුවත් කළා. ඒ වගේම ඇතැම්විට අපේ උපසි‍රැසි නිර්මාන සගයන් පෙ‍රැකුම් කලා කිව්වත් වැරදි නෑ. මොකද විස්තර දීලා අපි කල්තියාම ඒ පිළිබඳ ඇති කර තිබූ කුහුල උපසි‍රැසි ලබාදීමේදී හොඳ ප්‍රතිචාර ලැබෙන්නටත් හේතුවක් වන්නට ඇති ඇතැම් විටෙක.

ඔය ලිපි 1000ත් සමගින් අප නවමු ජීවයක් ලබාපු ක්‍රම දෙකක් විතරයි. පරණ වෙස දුරු කරලා අලුත් වෙසක් ගන්නවා වගේ අපි අලුත් වෙද්දි, ලොකුම වෙනස සිදුවුණේ ඔය එකකින්වත් නොවෙයි. ඒ අපේ උපසි‍රැසි නිකුතු වේගයේ ඇති වූ වෙනස. ලිපි 1000න් පස්සෙ උපසි‍රැසි වසන්තයක් උදාවුණා කිව්වොත් තමා හරි. වසන්තයේ ගහකොළ දළුලනවාටත් වැඩි වේගයකින් අපට උපසි‍රැසි නිර්මාණ ගළාගෙන එන්නට පටන් ගත්තා. අලුත් සගයන් ගණන් නැති තරම් ඒ වෙනුවෙන් අපත් එක්ක එකතු වුණා. එතෙක් සතියට තුනක් හතරක්ව පැවති උපසි‍රැසි නිකුත් කිරීමේ වේගය දවසට තුනක් හතරක් වෙනකම් ඉහළ ගියේ පුදුමාකාර අන්දමින්. ලිපි දහස වෙනකොට අපි අවුරුදු 03කුත් මාස කිහිපයක් තුළ ලබා දී තිබුණේ උපසි‍රැසි 300යි. එයින් පසු ගෙවුණු දින 266 තුළ එමෙන් දෙගුණයකුත් අභිබවා ගිය උපසි‍රැසි සංඛ්‍යාවක් ලබා දෙන්නට අපගේ මේ විබපළට හැකියාව ලැබුණා. හරියටම කොව්වොත් ගණනින් 700ක්. අද තමයි අපේ 1000ස් වැනි උපසි‍රැසි නිකුතුව සිදු කෙරෙන දිනය.

ඉතින් මේ වෙලාවේ අපේ විශේෂ ස්තුතිය පුද කල යුතු අය රාශියක් සිටිනවා. පලමුවෙන්ම මේ දක්වා කාලයක් අප හා එක්රොක් වී සිටි ප්‍රේක්ෂක ඔබ සැමට ශීර්ෂප්‍රණාමයෙන් යුතුව ස්තුතිපූර්වක ගෞරවය පළ කර සිටිනවා. මොකද ඔබ අප හා නොසිටින්නට, ඔබගේ ඒ ශක්තිය නොදෙන්නට මෙතරම් දුරක් එනවා බොරු. ඊගාව වැදගත්ම කට්ටිය තමයි උපසි‍රැසි නිර්මාණකරුවන්. ලෝකයේ පලමු නිදහස් සිංහල උපසි‍රැසිය නිර්මාණය කළ රොයිලි ප්‍රනාන්දු නම් සමාරම්භකයාගේ පටන් මේ දක්වා එකදු හෝ උපසි‍රැසියකින් අපට සහයක් වූ අනුග්‍රහයක් දැක් වූ උපසි‍රැසි නිර්මාණ ශිල්පීන්ගේ ඒ සවිය තමා අප අද සිදු කරන මේ සැමරීමෙහි පදනම වුණේ. එනිසා නොයෙකුත් බාධා කිරීම්, වංචා කිරීම්, කෙණෙහිළිකම් මැද මහා පවුරක් වගේ අප වටේ හිඳිමින් මේ විබපළ ආරක්ෂා කළා ඔවුනට දෙවනුව අපගේ ස්තුතිය හිම්මිකර දෙනවා. ඒ සමගම මේ තාක් කාලයක් පුරා එකම එක උපසි‍රැසියකින් හෝ අපට සවියක් දුන් උපසි‍රැසිකරුවන් 119ක් සිටින බව ආඩම්බරයෙන් සිහිපත් කරනවා. ඔවුනට යළිත් අපගේ තුතිබර ගෞරවය… ඒ අතරින් අප හා එක්ව දිගු ගමනක් ආ අපගේ නියමුවන්ගෙන් කෙනෙකු වන රොයිලි ප්‍රනාන්දු සොයුරා/ දිදුල K.D. සිල්වා සොයුරා/ පුබුදු සුපුන් සොයුරා/ හසන්ත වික්‍රමරත්න සොයුරා/ දිනිඳු සම්පත් සොයුරා/ උදා සොයුරා/  වා. මු. නිලන්ත පියසිරි සොයුරා සහ සමීර කරුනාරත්න සොයුරා ආදරයෙන් විශේෂයෙන් සිහිපත් කරනවා. හේතුව මේ අප ලබා දුන් උපසි‍රැසි 1000න් උපසි‍රැසි 446ක්ම ඔවුනගේ වෙහෙසින් නිමවූ ඒවා වන නිසා. ඒ කියන්නේ මේ 8 දෙනා තමයි උපසි‍රැසි 1000න් අඩකට ආසන්න ප්‍රමානයකට වගකියලා තියෙන්නේ. එනිසා ඔවුන්ගේ නම් සිහිපත් නොකරම බැහැ. හැමෝගෙම නම් කියන්ඩ බැරි නිසා එකකින් හරි උදව් කළ අනිත් 112 දෙනාවම සිහිපත් කරමින් ස්තුති පෙරදැරි බුහුමනින් අපගේ ඇගයුම් පිරිනමනවා. ඒ හැරුණුකොට ඉන්නේ උපසි‍රැසි රහිතව වුනත් ලිපි සපයමින් අපට දිරිදුන් පිරිස තමයි. ඔවුන්වත් ආදරයෙන් සිහිපත් කරනවා මේ විශේෂ වෙලාවෙ, ඔවුනගේ සවිය අපට දුන් දිරිය නිමක් නැහැ. ඒ හැරුණහම නමකින් තරම් නොහැඳිනුවත් මේ අපේ උපසි‍රැසි සිංහල ගැන්වීමේ කර්තව්‍යයේදී අප උපයෝගී කරගන්නා විදෙස් භාෂාවන්ට අයත් උපසි‍රැසි නිර්මාණය කරනා ඒ විදෙස් සොයුරන්ට අපගේ විශේෂ ස්තුතිය පුද නොකළොත් අප අතින් වන මහත්ම වූ අකටයුත්තක් තමයි ඒ. ඉතින් මුලදී වෙනත් බසකින් වූවක් සිංහලට නගමින් පටන් ගත් මේ වෑයම අද වෙද්දී අදහාගත නොහෙන දුරක් ඇවිදින් තියෙන්නේ, ඇතැම් වෙලාවක අන්තර්ජාලයට මුසුවන ප්‍රථම උපසි‍රැසිය සිංහල බසින් නිමැවුණක් බවට පත් වෙන තරමට දියුණු කරන්නට අපට හැකි වූ නිසා. එනිසා මුල අමතක නොකරන අපි මෙවරත් ඒ විදේශායන්හි සිටිනා වෙනත් භාෂාවන් කතා කරනා අපගේම සහෘද උපසි‍රැසි නිර්මාණ ශිල්පීන් හටත් අපගේ ප්‍රණාමය පුද කර සිටිනවා….

හොඳයි! එහෙමනම් මෙවරත් මේ කටයුත්ත නිමිත්තෙන් ඔබ වෙනුවෙන් විශේෂ දෙයකට මුල පුරන්නට අප කටයුතු කළා. ඒ කටයුත්ත අද දින සිට ඔබ වෙනුවෙන් විවෘත්තයි. එයත් ඔබ වෙනුවෙන්ම අප ආරම්භ කළ නවමු වැඩක්! එහෙමනම් අවසාන වශයෙන් කියන්නට ඇත්තේ අපි කවුරුත් අපේ මුල හඳුනන බව. ඒ බව සනාථ කරන්නට අපේ විබපළ හා ආත්මීයවම බැඳුණු සොයුරන්ගේ මනාපය අනුව සමීර කරුණාරත්න සහෝගේ යෝජනාවක් පරිදි තවත් වැඩක් කරන්නට අප හිත යොමු කළා. ඒ තමයි 2009 මාර්තු 10 වැනිදා මේ අඩවිය වෙතින් නිකුත් කළ මුල්ම ලිපියට අදාල සිනමාපටය උපසි‍රැසි ගැන්වීමේ කටයුත්ත. මේ විබපළ දැන් අප කාටත් අයිති දෙයක් වුණාට මේක ආරම්භ කළේ පොතේ ගුරා සොයුරා. ඔහු පළ කළ මුල්ම ලිපියට අදාල සිනමාපටය තෝරාගෙන එයට සිංහල යෙදීමට අප භාරකළේ නිදහස් සිංහල උපසි‍රැසිකරණයේ පුරෝගාමීයා හට. ඒ රොයිලි ප්‍රනාන්දු! මේ විශේෂ මොහොතේ අපේ පුංචි රටට උපසි‍රැසිකරණයේ අත්පොත් කියා දුන් අමරණීය නාමය – “ටයිටස් තොටවත්ත” ශ්‍රීමතාණන් ඉමහත් බැතියෙන් සිහිපත් කිරීම සිංහලයට ආදරය කරන අප සැමගේ යුතුකමක්!

ඒ එක්කම අද දවස පුරා SMS එවමින් ඔබට කරදර කරන්නටත් අපේ අදියුරු පිරිස ලොව භාෂා කීපයක සංකලනයකින් තවත් වැඩක් සැලසුම් කර තිබෙනවා. කරදරයක් ලෙස නොගෙන, වෙනදා වගේම පුරුදු සෙනෙහසින් අද දවස පුරාවටම අප හා සමග ‍රැ‍ඳෙන්නට අප ඔබට ආරාධනා කර සිටිනවා. එහෙමනම් ඔබේ ඒ හෘදයාංගම දිරිගැන්වීම් තව තවත් අපට දෙන්න! ඔබේම මේ ආදරණීය සගයා වෙනුවෙන් පුංචි අනුස්මරණ සටහනක් තබා යන්න! අපගේ සගයන්ට ළෙංගතු සවියක් දෙන්න! එයයි අපගේ ආයාචනය...

මෙන්න අපේ මුල්ම සිනමාපටය දැන් සිංහල උපසිරැසිත් එක්කම.

Wild Hogs (2007)

ඉතාලි සිනමාපටයක් සිංහල උපසිරැසි එක්ක සහස්‍ර සැමරුම වෙනුවෙන්.

Cinema Paradiso (1988)

ස්පාඥ්ඥ සිනමාපටයක් සිංහල උපසිරැසි එක්ක සහස්‍ර සැමරුම වෙනුවෙන්.

Pan's Labyrinth (2006)

ජර්මන් සිනමාපටයක් සිංහල උපසිරැසි එක්ක සහස්‍ර සැමරුම වෙනුවෙන්.

Downfall (2004)

හින්දි සිනමාපටයක් සිංහල උපසිරැසි එක්ක සහස්‍ර සැමරුම වෙනුවෙන්.

Dil Chahta Hai (2001)

රුසියානු සිනමාපටයක් සිංහල උපසිරැසි එක්ක සහස්‍ර සැමරුම වෙනුවෙන්.

The Old Man and the Sea (1999)

දමිළ සිනමාපටයක් සිංහල උපසිරැසි එක්ක සහස්‍ර සැමරුම වෙනුවෙන්.

Sachein 2005

ස්වීඩන් සිනමාපටයක් සිංහල උපසිරැසි එක්ක සහස්‍ර සැමරුම වෙනුවෙන්.

Hamilton I nationens intresse (2012)

බෙන්ගාලි සිනමාපටයක් සිංහල උපසිරැසි එක්ක සහස්‍ර සැමරුම වෙනුවෙන්.

The Japanese Wife (2010)

චැප්ලින්ගේ නිහඬ සිනමාපටයක් සහස්‍ර සැමරුම වෙනුවෙන්.

The Kid (1921)

 

 

240 thoughts on “෴සහසක සැමරුම෴

  • Pan’s Labyrinth (AKA El laberinto del fauno) – 2006 Movie එකේ PSA Copies නිකුත් වීමත් එක්කම Sinhala Subtitles ගන්න Baiscopelk site එකට ඇවිල්ලා, පරක්කු වෙලා දෙන සුභපැතුමක්…

    "උඹලා කිසිම ලාභ බලාපොරොත්තුවක් නැතුව කරන මේ වැඩේ නිසා තමා, ලංකාවේ ගොඩ දෙනෙක්ට කැමති බාශාවකින්, කැමති චිත්‍රපටියක්/ කතා මාලාවක්/ කෙටි-චිත්‍රපටියක් බලන්න පුළුවන් වෙලා තියෙන්නේ... මුල් කාලෙ ඉඳලාම උඹලා ලස්සනට වැඩේ කරගෙන ආවා... cam copyවලට/ INTERNAL leaked copiesවලට පවා සමහර වෙලාවල උපසිරැසි දීලා, පස්සේ හොඳ copy එකක් ආපු ගමන්ම Sub එකත් update කරන වැඩේ හරියට කරන්නේ උඹලා විතරයි. පස්සේ පස්සේ සිංහල Subtitles දෙන Websites/ Telegram Channels කොච්චර ආවත්, උඹලා දෙන Subtitle එකේ Quality එකට ගහන්න පුළුවන් වෙන සිංහල Subtitles දෙන Website/ Telegram Channel එකක් නෑ... ඉස්සරහටත් මේ වැඩේ කරගෙන යන්න ශක්තිය, ධෛර්‍ය හා කාලය ඔබ සියළු දෙනාටම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා...❤❤❤❤❤❤"

    Reply
  • BaiscopeLK කණ්ඩායමට ජයග්‍රාහී, දීර්ඝ ගමනක් යන්නට උණුසුම් සුභ පැතුම්!

    Reply
  • baiscope sinhalen Kandaayamata Thawa Thawath Meweni Katauthu Kireemata Awashya Shakthiya Dairya Lebenna Kiya Mama Parthana Karami.Oba Sema Krana Kiyana Katauthuda Diyunuwen Diunuwatama Pathwewaa Kiyaada Mama Partha Krami.baiscope sinhalen Kandaayama Chirath Kaalayak Wejabewaaaaaaa.Oba Semata Jayen Jaya.

    Reply
  • add ckick krala oyalata shyogayak denta pluwan kiyala thiyenwa.e mona add me dhla thiyena ewada?? (atthatama danne na k eki ahnne.plwannum mekata reply eka danta)

    Reply
  • suba pathanna parakku wedi ne neda…

    lipiya kiyawwe ada….

    itin suba pathanna parakku unath

    sathutata kiayannama one me wade wedak karana eka gena

    jaya wewa

    Reply
  • 251ක් වෙනි comment එක මගේ. 🙂

    Reply
  • එලකිරි වැඩක්.
    පිටරටක ඉන්න අපිට මේ වෙබ් අඩවිය දාහෙන් සම්පතක්.

    අපි හින්දි දන්නෙ නැහැ.. ඔබේ වෙබ් අඩවිය නිසා සහ එහි පල වෙන සිංහල උප සිරැසි නිසා, හින්දි කතාව අපේ බොක්කටම බහිනවා.

    දිගටම කර ගෙන යන්න. ජය වේවා.

    Reply
  • වාසනාවන් අපිට නුඹලා හැමෝම. මේ වැඩෙත් එක්ක ගොඩක් පිරිසක් රස විඳිනව මේ චිත්‍රපට. නිකං බලාගෙන ඉඳගෙන චිත්‍රපටිය බලල ඉවරවෙලා කතාව හිතෙන් හදාගත්ත කොච්චර පිරිසක් ඉන්න ඇතිද භාෂා ගැටළුව නිසා. උඹලට පින්. ගොඩක් දුක හිතුන ලිපිය කියවගෙන යද්දි ‘ටයි මහත්තයගෙ’ නම නැති නිසා. ඒත් ඒක අමතක කරල නෑ. ගෞරව කල යුතු අයට ඒ ගෞරවය දෙන්න තරම් උඹල හැදිච්ච පිරිසක්. අපේ අද ඉන්න බොහෝ දෙනෙකුට උඹල ආදර්ශයක්. අහන්න දකින්න කියවන්න සතුටක් චිත්‍රපට වලටත් වඩා උඹල ගැන. ජය වේවා

    Reply
  • good luck……………..

    Reply
  • චිරාත් කාලයකට අප සමග ඉන්නට මගෙන් පොඩි ඉල්ලීමක්

    Reply
  • 1000ට මගේ සුබ පැතුම් ! තව 2000 .. 3000 .. ……………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………..

    Reply
  • ane kauru hari Taarzan the wonder car 2004 film 1ke sub dennako tikak paranai e unata lassana film 1kak

    Reply
  • Tinker Bell (2008) DVDRip Occor ෆිල්ම්1ට සිංහල උපසීර්ස හදමින් ඉන්නෙ.
    වැඩ ගොඩක් ඉවරයි. එවන විදිහක් ගැන දන්වන්න.

    Reply
  • ආදරනිය මිතුරනි,සිරාවටම පීස්සු හැදෙන වැඩක්…..ආඩම්බරයි කොල්ලො මගෙ රටෙ මගෙ භාශාවෙන් මට දැනෙන විදියට සිනමා පටයක් මම රසවින්දනම් ඒ ඔයගොල්ලොන්ට පින් සිද්ද වෙන්න…..මම පලවෙනි උපසිරසිය download කරපු දවසෙ හිතගත්ත කවද හරි මමත් ඔයාලට උපසිරස සපයනව කියල එත් මගෙ අදහස සපුරගන්න තරම් මම තවම ශක්තිමත් නෑ…..ඉක්මනිම්ම මම මේ රටේ භාශාව හොදින් ඉගෙන ගනී,එදාට රොයිලි අයියේ මමත් මෙ ගමනට යන්තම් හරි කරගහනව ඇත්තමයි………මගෙ රටට ඔයලගෙන් ලැබෙන සහයෝගය අද්විතීයයි! සුබ පතනවා සාර්ථක ගමනකට….බුදු සරණයි [රුසියානු උරසිරස සහිත චිත්‍රපට ලගදීම ලොවපුරා සින්හලයන් සතුටින් රසවිදීවි]

    Reply
  • Thank you so much and Good Luck…..!!!!

    Reply
  • මගේ සුබ පැතුම්………….
    තව තවත් අලුත් නිර්මාණ කිරීමට තවත් ‍ශක්තිය ධෛර්යය ලැබේවා…………

    Reply
  • නොනවතින ගමනක යෙදෙන්නට බය්ස්කොප් අඩවියට උණුසුම් සුබපැතුම්.

    Reply
  • හරිම සංතෝසයි.. 🙂
    චිරං ජයතු..ජයෙන් ජය!

    Reply
  • tha aluth films wala sub danna i wish you ole the best

    Reply
  • මේ වැඩේට සාර්ථක කර ගන්න baiscoplk.com එකට උදාවී කරපු සියලුම දෙනාට මගේ සුභ පැතුමි… ඒ වගේම මේ වෙබ් අඩවිය දිනෙන් දින දියුණු වේවා….

    Reply
  • ෴සහසක සැමරුම෴ ට මාගේ උණුසුම් සුභ පැතුම්!!!!!!!!!!
    1000 10000 ක් කරමු!

    Reply
  • biskop sahodarayanta meya pavaththagena yamata vadivadiyen sakthiya dahiriya labeva

    Reply
  • baiscope thama best site aka

    Reply
  • පරක්කුවෙලා හරි මගෙන් උණුසුම් සුභපැතුම්!!!

    Reply
  • මගේ උණුසුම් සුභ පැතුම්!!!

    Reply
  • ඔයාලා හැමෝටම මගෙනුත් සුබ පැතුම්…
    ඒ වගේම මේ කරන සේවයට ඔයාලට පින්

    Reply
  • siyalu denatama samadama hithe shakthiya lebewa…
    dawasa pura wehesena apata obage film ekak balala lebene sithe sanaseema perala obage sithatath lebewa….

    api obage sada rasikayo…
    ever Lovers….to baiscope.lk

    Reply
  • බයිස්කෝප් කියන්නේ අන්තර්ජාලයේ තියන අංක එකේ සිංහල උපසිරස දෙන සයිට් එක.. ඉතින් 1000ක සැමරුම කියන්නේ සුළුපටු ජයග්‍රහණයක් නෙවෙයි.. ඔය සබ 1000 දෙන්න කී දෙනෙක් උදව් වෙන්න ඇත්ද? රෑ නිදි මරා ගෙන… ඒ හින්ද මුලින්ම බයිස්කෝප් එකේ අපේ සහෝලට ස්තුතිවන්ත වෙන්න ඕනි.. ඒ වගේම මේ සයිට් එකේ මාර සජීවී බවක්.. මේකට එන අයට පවා සිංහල සබ දාන්න උනන්දු කරවන බවක් තියනවා.. ඒක හුඟක් වැදගත්.. රූපවාහිනියෙන් ෆිල්ම් බලන්න සොෆ්ට්වෙයාර් එකක් දීපු එකත් මාරු.. ඒ වගේම 2000 වෙනි සංවත්සවයත් නොබෝ දිනකින් උදා වෙවා කියල පතනවා… අපේ උපහාරය…

    Reply
  • තව චිරාත් කලක් යෙහෙන් වැජඹේවා………!!!

    Reply
  • මගේ උණුසුම් සුභ පැතුම්!!!

    Reply
  • චිත්තර පටි සැනකෙළියක් …. හරිම සතුටුයි.. ජය වේවා හැමෝටම

    Reply
  • උණුසුම්ම සුභ පැතුම්………….
    ජය වේවා………………..
    😀 (Y)

    Reply
  • සැරදේවා බයිස්කෝප්…..සදා ජය…..෴෴෴෴

    Reply
  • machan goda vatinava oyalage vada tika.mokoda ven sinhala site ekakin gannata bari deyak apit gannta puluvan.apit jeewithe mokakada kiyala film valin ek akarayakata danaganta puluvan.eva gana apit thorala beerala deela apit sinhala sub hoyala deela karanne loku deyak.anik sinhala sub dana ekath leesi vadak nemeine.gal mul.mal pakuru vatennet kattiyak vadak karana kotaine.hodatama karagena yanna api jaya pathanava machan.ekennma vada karagena yanava.apen venna tiyanava nam deyak api karala denava ekenma.

    jayen jaya machan.ela

    Reply
  • jaya wewa!mage suba pathum!

    Reply
  • mema webpage eka rakaganna katayuthu karana siyalu denatama apage hadawathinma sthuthiya prakasha kara sitinawa.mema page eka apita idiriyatath,hamadatama watina deyak!oyala seratama THANKS!!!!!!!!!!!!!!!!

    Reply
  • මල්ලිලා නියම වැඩක් තමයි කරගෙන යන්නේ. නියමයි මල්ලිලා. දිගටම යමු. මචන්ලා පුලුවන්නම් කොරියන් ෆිල්ම් ටිකක දමාපන්.a moment to remember, allways වගේ ඒවා නියමයි

    Reply
  • මල්ලිලා නියම වැඩක් තමයි කරගෙන යන්නේ. නියමයි මල්ලිලා. දිගටම යමු. මචන්ලා පුලුවන්නම් කොරියන් ෆිල්ම් ටිකක දමාපන්.a moment to remember, allways වගේ ඒවා නියමයි

    Reply
  • මේ කරන සමාජ සත්කාරය වෙනුවෙන් ඒ සදහා මහන්සි වෙන ඔබ සියළුම දෙනාට ගොඩාක් ස්තූතියි. ඒ වාගෙම මේ චිත‍්‍රපට බලන්න පහසුකම් නැති විශාල පිරිසක් සිටිනවා. පරිඝණක තිබුනත් අන්තර්ජාල පහසුකම් නෑ. ඒ නිසා මේ අනගි අවස්ථාව ගැන දන්නෙත් නෑ. ඒකට මොකක් හරි වැඩ පිලිවෙලකුත් යොදමු.මමත් යෝජනා කීපයක් දෙන්නම්. චිත‍්‍රපට 1000 ක් දුන්නා කියන්නෙ විශාල ජයග‍්‍රහනයක්. ඒ වාගෙම උත්සාහ කරන්න සම්භාව්‍ය ගනයේ සහ රුසියානු සාහිත්‍යයේ තියන පැරනි චිත‍්‍රපට රසිකයන්ට දෙන්න. මක්සීම් ගෝර්කි ගෙ අම්මා වාගෙි් මමත් නම් ලිස්ට් එකක් එවන්නම්. ඔබ සැමට ජය

    චානක තිලකරත්න 0772320968

    Reply
  • Jaya wewa Machan Keep Clam Baiscope.lk 😀

    Reply
  • මගෙනුත් උණුසුම් සුභ පැතුම්! ඇත්තටම බයිස්කෝප් කියන්නේ සයිබර් අවකාශයේ මම දැකපු සුන්දරම ස්ථානයක්. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා හැමදාටම මේ සයිට් එක අපි හැමෝම වෙනුවෙන් පවතින්න කියලා. ජයෙන් ජය!

    Reply
  • උණුසුම්ම සුභ පැතුම්.. ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    Reply
  • wish you all the best and kip it UP

    Reply
  • අද අප සිටියත්, හෙට අන් අයෙකු සිටියත් බයිස්කෝප් සිංහලෙන් අඩවිය සැමදා ඔබගේයි. චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්!!!!!

    Reply
  • congratulations….

    Reply
  • බයිස්කෝප් සිංහලෙන් සහෝදර පිරිසට මගේ උණුසුම් සුභ පැතුම්!!!
    ජයෙන් ජයම වේවා!!

    Reply
  • ජයවේවා…..!!!!! :):)

    Reply
  • Kiyanna wachana na ban 🙁
    ubala hamotama Jayen jaya weewa

    Reply
  • මගෙනුත් සුබ පෑතුම්. සෙට් එකට ජයවේවා.!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • බයිස්කෝප් සිංහලෙන් පිරිසට මගේ උණුසුම් සුභ පැතුම්!!!
    ….::: ජය වේවා බයිස්කෝප් :::….

    Reply
  • jaya wewa magen suba patum

    Reply
  • බයිස්කොප් වලට මගෙනුත් උනුසුම් සුභ පැතුම්!

    Reply
  • මේ දේවල් දිගටම කරගෙන යන්න…සුබ පැතුම්…

    Reply
  • Pattazzzz…Jaya Wewaaaaa….

    Reply
  • ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම්! සමාවෙන්න ඕන අදහසක් පලකරන්න ප්‍රමාද වුනාට.මේ දිනවල හරිම කාර්යබහුල වෙලයි ඉන්නේ.කොරියන් උපසිරසියක අඩුව දැනෙනවා විකියා සහෝ කිවුවත් අධික වැඩ මධ්‍යයේ මට එවැන්නක් ලබා දීමට නොහැකි වීම ගැන කනගාටු වෙනවා.නමුත් මටත් ආඩම්බරයක් baiscopelk උපසිරසිකරුවෙක් වීමට ලැබීම ගැන. baiscopelk දිගුකල් වැජබේවා! ජය!

    Reply
  • හපොයි මමද මන්දා අවසන් කමෙන්ට්
    එක දාන කෙනා
    දුකේ බෑ…..වැඩට ගිහින්
    ගෙදර එන කොට හවස 7යි ආපු ගමන්ම කලේ කොම්පීතරේ දාලා මේ
    පැත්තෙ එන්න හදපු එක කෙළියා තාප්පෙට ගියානෙ මොනිටරේ….
    ඇඩෙනවා… කට්ටිය TV බලනකම් ඉදලා දැන්තමා බෝම අමාරුවෙන් TV එක
    ගෙනත් කොම්පීතරේට අටෝලා මේ ආවෙ

    සහසක සැමරුම ගැන කියනවනම් ඉතින් කියන්න තියෙන්නෙ
    අපේ සයිට් එකට සුභ පැතුම් කියලා තමා ඊට එහා දෙයක් කියන්න මේ වෙලාවෙ මතක් වෙන්නෙත් නෑ..
    1000 කරන්න සහය දුන්න හැමෝටම තුති
    ඒකෙ කොටස් කාරයෙක් වන්න ලැබීම මටත් ආඩම්භරයක්
    ඉක්මන්ටම 1000 හ 10,000 හ කරන්න ලැබේවා කියලා පතනවා
    බයිස්කෝප් අඩවියට සදා ජය…

    Reply
  • අනේකවිද ලෝක සිනමාවන්,
    එකම එක බයිස්කෝප් තිරයක් මත,
    මෙතුවක් කාලයක් සෙනෙහසින් ගෙනහැර දැක්වූවාට,
    අනේක වාරයක්,
    ඔබ සැමට තුති . . . . . . .

    බයිස්කෝපයට දිගාසිරි . . . . . . . !

    Reply
  • මම නිතරම කියනව වගේ මේක තමයි ලංකාවේ තියෙන හොදම (entertainment site) එක.විශේෂයෙන් මේ මොහොතේ මම ඉස්තූතී වන්ත වෙනවා මේකේ පැවැත්ම වෙනුවෙන් තමන්ගේ අමිල කාලය නොමිලේ කැප කරන සොයුරන් සියල්ලටම.එමෙන්ම මෙහි පැවැත්ම වෙනුවෙන් මෙහි ගැවෙසෙන ප්‍රේක්ෂක සියල්ලන්ටම සහ මේ විශිෂ්ට කර්තව්‍යයට වෙනුවෙන් ඉතා සුළුවෙන් හෝ දායකත්වය දක්වන සියල්ලන්ටම. බයිස්කෝප් තව බොහෝ කල් දිනේවායි මේ සුබ මොහොතේ මම හදවතින්ම සුබපතනවා.
    බයිස්කෝප් ජයවේවා!!!!!!!!!!!!

    Reply
  • එල මචන්ලා… දිගටම යමු…. මගෙන් සුබ පැතුම්…

    Reply
  • me karana udau api amathaka karanne na sahodara warune…..nam.walin sthuthi karanna ba me dakwa upasirasi laba dun hma yaluwektama hugaak.sthuthi…..idiriyatath obata digu gamanak yannaya suba pathanawa…..sthuthi…..

    Reply
  • සබ් දාහක් දුන්න කියන්නේ එසේ මෙසේ දෙයක්ද….ඒ වගේම ඒ 1000 වෙනුවෙන් වැය කරපු කාලය කොතරම් වටිනවද…අනුන්ගේ රසාස්වාදය වෙනුවෙන්
    තමන්ගේ වටිනා කාලය වැය කරලා, බෛස්කොපේ කියන රන් නාමය හරහා තමන්ගේ උතුම්බව ලොවටම කියා පෑ baiskope එකටසිංහල sub සපයන සියලුම දෙනාට ජයෙන් ජයම වේවා….baiskope වෙබ් අඩවිය සදාකල දිනේවා

    Reply
  • බයිස්කෝප් සිංහලෙන් සහෝදර පිරිසට මගේ උණුසුම් සුභ පැතුම්!!!
    අපි හැමදා ඔබ සමගයි…..
    ජයවේවා…..!!!!!

    Reply
  • GOOD LUCK AND ALL THE BEST

    Reply
  • මගෙත් උණුසුම් සුභ පැතුම්

    Reply
  • jawe wewa biscope akata onna suba pathum apenuth…………:)

    Reply
  • athtatama godak satutui machan…mama film balanna me taram unandu kale baiscope tamai..digatama yamu ..jaya wewa

    Reply
  • elama thamai machanlaaaa…………..!

    Reply
  • To Baiscope Group,
    Wish U All The Best!!!!!!

    Reply
  • Good work…
    Congrats Guys……..!!!!

    Reply
  • නියමයි සහෝ අපි හැමදාමත් බයිස්කෝප් එක්ක ඉන්නවා,,

    Reply
  • නියමයි සහෝ. මගෙන් උණුසුම් සුභපැතුම් සහසෙන් සහසක් කරා යන්නට. තවත් සුවහසක් කල් සිංහල යුනිකෝඩ් ප්‍රචලිත කිරීමට ඔබ සැමට දීර්ඝායුෂ…අපි හැමදම කමෙන්ට් නොකරට ඉත සිතින් ඔබත් එක්කයි.

    Reply
  • අන්තර්ජාලය තුළ මා දුටු විශිෂ්ඨතම සමාජ සත්කාර්යය මෙයයි.
    කිසිදු ආකාරයක ආර්ථික අරමුණක් ගැන නොසිතමින් මේ කරන කටයුත්ත ඉතාම ප්‍රශංසනීයයි හා ගෞරවණීයයි..
    තවමත් නිසි ඇගයීමක් නොලැබුනු මේ උදාර වැඩපිළිවෙල සමග අපි සැමදා රැදී සිටින අතරම සිංහල උපසිරැසි ලබා දීමට දායක වූ සියළුම සොයුරු සොයුරියන්ට හෘදයාංගම ස්තුතිය !

    Reply
  • patta pata pata ohama yan bisecope (Y)

    Reply
  • මේ වැඩ දිගටම කරගෙන යන එකට ගොඩක් ස්තුතියි .ඒ වගේම උපසිරසි 1000ටත් සුබ පතනවා.

    Reply
  • උණූසුම් සුභ පැතුම්
    ඔබ සැමට ජයෙන් ජයම වේවා!!!!!!!!!!

    Reply
  • ඔන්න දැනුයි මම වැඩ ඉවර කරලා ගෙදෙට්ට ආවේ..හැමෝගෙන්ම සමාව ඉල්ලනවා අදහසක් පල කරන්න පරක්කු වීම,
    ඔන්න මම මගේ මුළු හදින්ම අපේ බයිස්කෝප් අඩවියේ උපසිරැසි 1000 සැමරුමට
    උණුසුම් සුභ පැතුම් එක් කරනවා. මටත් මේ උපසිරැසි 1000 ට යම් ප්‍රමානෙකින් හරි දායක වීමට ලැබීම ගැන ඉමහත් සතුටක්
    දැනෙනවා, අනික අදහස් දක්වා අපිව දිරිමත් කලේ අපේ අඩවියේ ප්‍රේක්ෂකයන්ටයි, උපසිරැසි නිර්මාණය කරන අපේම සොහොයුරන්ට
    මාගේ හෘදයංගම ස්තුතිය පුද කරනවා. ඇත්තටම මේ සහශ්‍ර සැමරුම ගැන කීමට කොතරම් දේ තිබුනත් වචන ගලපා ගැනීමේ හැකියාව මට නැහැ..
    එහනම් නැවතත් අප බයිස්කෝප් අඩවියට මාගේ හදවතින්ම සුභ පතමින් ලබන අවුරුද්දේ මේ වෙද්දී උපසිරැසි 2000, 3000 කඩයිම පසු කිරීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා…
    ජය වේවා!!!!

    Reply
  • Niyamai Mchnla.Mama dan hamadama udeta nagiita gaman open kerana website ekak thamai meka.Great Work.

    Reply
  • ඔයාලගේ මේ වැඩේට උණුසුම් සුබපැතුම්. ඉදිරියටත් කරගෙනයාමට හැමෝටම ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    Reply
  • බයිස්කෝප් සහෝදරවරු හැමෝටම සුභපැතුම් එක් කරන්න කැමතියි මමත්.
    හොද දේවල් දවසෙන් දවස වැඩි දියුනු වෙනව කියන එකට හොදම උදාහරනයක් තමා බයිස්කෝප් අඩවිය.
    ඉදිරියටත් හොද නිර්මාන වලට අපේ බස එක් කරන්න බයිස්කෝප් හැමෝටම දිරිය, ශක්තිය ලැබේවා !!!!
    (y)

    Reply
  • suba pathanawaa oyalata ha bohoma isthuthiyi kiyanawaa me karana dewala wlata jayen jaya

    Reply
  • සියක් දහසකට අපෙන් ආසිරි.
    ඔබ සැම අප වෙනුවෙන් මේ කරන්නාවූ අමිල සේවයට අප සදා නය ගැතියි. ඔබේ අඩවියෙන් බා ගන්නා සලරූ සහ උප සිරැසි නොමිලේ අන්තර්ජාල නොමැති හා පරිගණක දැනුම නොමැති මා සේවය කරන රටේ අනිකුත් පිරිස වෙතද ලබා දෙමි. ඔවුන් සැමගේ නීරස ජීවිතය විනාඩියක් හෝ රසවත් කිරීමට ඔබ කරන්නාවූ මෙහෙවරට අනෙක වාරයක් ඔබට සැමට පින්. ජයෙන් ජය

    Reply
  • “Baiscope sinhalen” ape set ekata mage unusum suba pathum….!
    Thawath chirath kalayak mema katauththa anagi bawaneeya lesa sidu kireemata siyalu denata sakthiya, dairyaya labewaaa….!
    Gud luck…All the best….!

    Reply
  • මගෙනුත් උණුසුම් සුභ පැතුම්. මමත් මේ සයිට් එක දැනගෙන ආපු දවස්වල සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් එකක් සති 2-3 ට වරක් තමයි තිබුනේ.ඒකට දැන් දවසකට 3-4ක් නියම වර්ධනයක් අපිට බාගන්නවත් වේලාවක් නැතිතරම්. දිගටම මේ විදිහට ඉදිරියට යන්න ශක්තිය ලැබේවා.
    GOD BLESS YOU ALL.

    Reply
  • Excellent … Wish you guys (may be girls also 🙂 all the best

    Reply
  • elakririne…….. subha pathum..!!!

    Reply
  • Well done keep up the good work 🙂

    Reply
  • එළකිරි සහෝ…

    තවත් සෑහෙන්න දුර ගමනක් යන්න ලැබේවා….

    Reply
  • සුබ පැතුම්……

    ඉදිරියටත් මෙම කර්තව්‍යය සාර්ථකව කරගෙන යාමට ඔබ සැමට ශක්තිය ලැබේවා…!

    Reply
  • elakiri unusum suba petum have long life,…………..

    Reply
  • niyamai niyamai…..maxxxxxxa….
    mulu hadawathinma suba patanawa…. .
    me wage sub ekka film tawa tawat denna shaktiya diriya lebewa…. .
    tamange pudgalika kalayat ekka,mewani de sadaha kalaya weya karana minisun soyaganna godakma amarui.. .
    a atarin obala atthenma wishishtai… .

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….. බුදු සරණයි……………

    Reply
  • බයිස්කෝප් අඩවියට සුභ පැතුම්!!!
    තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා !!!

    Reply
  • යකෝ දෙනව කියල මේ මේ විදිහට අපිට තෑගි දෙන්න එපා යක් පැටවුනේ.. මේ එකක්වත් මග අරින්න බැහැනෙ දෙවියනේ…………….

    Reply
  • මේ චිත්‍රපටි අතරේ මේ මාසේ ආව අලුත් ෆිල්ම් එකකටත් සබ් දුන්නොත් නරකද​?

    Reply
  • බයිස්කෝප් අඩවියට මගෙනුත් හදපිරි සුභ පැතුම්..!!!
    තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා…!!

    Reply
  • බොහොම සතුටුයි කියන්න වචන නෑ ,මේ ගමන එන්න එක් ලිපියකින් හෝ උපසිරසි දීමෙන් එක්වූ සහ අඩවිය සමග සිටි සැමට ස්තුතියි, ඒ වගේම අප අඩවියට තවත් දිගු ගමනක් යාමට ශක්තිය ලැබේවායි හදවතින්ම සුබ පතමි ,ජයමවේවා, එදත් අදත් හෙටත් මා ඔබ සමගයි.

    Reply
  • බයිස්කොප් අඩවියට හද පත්ලෙන්ම සුබ ප්‍රාර්ථනා එකතු කරන ගමන්,
    උපසිරැස යොදන පිරිසත් දිනෙන් දිනම වැඩිවේවා කියා ප්‍රාර්ථනා කරනවා.

    Reply
  • 2010 di mulinma me site eka gana danagaththe..eda indan ada wenakan film seeyak withara download karannathi..godak sthuthi me wadeta..thawa chiraath kalayak baiscope site eka pawathwagena yanna magenuh unusum subha pathum..

    Reply
  • niyamaiiiiiiii byscope
    සුභ පැතුම් බයිස්කොප්
    සහෝලටත් සුභ පැතුම්…
    තවත් 1000 ක් දෙන්න ලැබේවා
    බයිස්කෝප් සයිට් එක එක්ක තමා අපි හැමදාම

    Reply
  • විදේශීය චිත්‍රපට නැරඹීමට රුචිකත්වයක් දක්වන සිංහල ප්‍රේක්ෂකයන්ට ඔබ නොමිලේම සිදුකරනුයේ උදාර සේවාවකි… ඔබට සදා ජය…!

    Reply
  • magen unusum suba pethum !… jayen jaya wewa baiscopelk hemotama.

    Reply
  • බයිස්කෝප් සිංහලෙන් සහෝදර පිරිසට මගේ උණුසුම් සුබ පැතුමන් පතනවා.
    තවත් බොහෝ දුර යන්නට වාසනාව, ශක්තිය නොඅඩුවම ලැබේවා..!!!

    Reply
  • unusum suba pathum,oba samata jayen jayakma weeeeeeeeewa

    Reply
  • 1000ක් උප සිරසි ශා මරයිනේ. ජය වේවා! බයිස්කෝප් කණ්ඩායමට

    Reply
  • YOU ARE HEROES. ALL ARE WELCOME!

    Reply
  • ජයවේවා බයිකෝප් අඩවියට!!! දිනෙන් දිනම තවත් ඉදිරියට යන්න දිරිය ශක්තිය නො අඩුවම ලැබේවා….

    Reply
  • jaya wewa…………………..

    Reply
  • සහෝදරයන්ගේ කැපකිරීමට මගේ උණුසුම් සුබ පැතුම්.තව තවත් ශක්තිය ලැබේවා.

    Reply
  • ඔබ සැමට උණුසුම් සුභ පැතුම් !!!!!!!!!!
    වැඩි වැඩියෙන් උපසිරුසි දෙන්න හැකියාව ලැබේවා.

    Reply
  • Jyen jaya pathanawa hemotama

    Reply
  • jaya wewa machanla.. ela kiri wage wadak

    Reply
  • dohoma isthuthii oyalage wedapiliwala… 100000 sub danna labewai pathana ma

    ajith 😀

    Reply
  • jaya wewa baiscope……………
    jayen jayama pathamiiii………

    Reply
  • මගේ උණුසුම් සුබ පැතුම් ඔබලා සියලු දෙනාටම තව තවතවත් ඉදිරියට යන්න ලැබේවා මගේ හද පිරි සතුට සමඟ සුබ පැතුමි ඔබලා

    Reply
  • congrats and thanks heaps …….!!!

    Reply
  • උණුසුම් සුභ පැතුම් 🙂

    Reply
  • මාගේ උනුසුම් සුබ පැතුම්… ඉක්මනින්ම 2000හා ගහන්න ලැබේවා…:)

    Reply
  • supiri wadak siyalu denatama bohoa sthuthi

    Reply
  • බයිස්කෝප් සිංහලෙන් සහෝදර පිරිසට උණුසුම් සුභ පැතුම්!!!
    😀

    Reply
  • ෙම් සදහා දායක වු ඔබ සියලු දෙනාට නිදුක් නීරොගී සුව ලැබ තව තවත් සිංහල උප සිරැසි නිර්මානය කිරිමට ශක්තිය ෙෙධර්්‍යය ලැබෙවා!

    Reply
  • බයිස්කෝප් සිංහලෙන් සහෝදර පිරිසට මගේ උණුසුම් සුභ පැතුම්!!!

    Good luck all of you 🙂

    Reply
  • jayawewa niyama wadak oyala karanne magen unosom suba pathuma …… !

    Reply
  • මමත් ඔන්න මුළු හදවතින්ම බයිස්කෝප් අඩවියේ උපසිරැසි 1000 වෙනුවෙන් සුභපැතුම් එකතු කරනවා. මේ යන විදිහට 2000ත් වැඩි ඈතක නෙවෙයි. ඒ වගේමයි මේ අඩවියට උපසිරැසි සපයන සොහොයුරු සොහොයුරියන්ට වචනෙකින් හරි කමෙන්ට් එකක් දාලා දිරිමත් කරපු අයටත් ඒ උපසිරැසි බාගෙන රසවිඳපු අයටත් ගොඩක් ස්තූතියි. ජයවේවා බයිස්කෝප්!!

    Reply
  • සුභ පැතුම් මහන්සියට ප්රතිපල ඇත

    Reply
  • මං මේ සයිට් එක ගැන දැනගෙන මේ පැත්තෙ එනකොට සතියකට සබ් එකක් වගේ තමයි දුන්නෙ.ඉතිං හැමදාම ඇවිත් බලනව සිංහල සබ් එකක් දීලද කියල.මං ඔෆිස් එකට ආවෙ 2007 වුනාට ටොරන්ට්ස් වලින් ෆිල්ම් බාන්න පුළුවන් බව දැන ගත්තෙ ගොඩක් පස්සෙ තමයි.මගේ වෙලාවට ඒ ගැන දැනගෙන මාසෙකින් දෙකකින් මේ සයිට් එක ගැන දැනගත්ත.එදා ඉඳං මං මේකෙන් ෆිල්ම්, සබ් කොච්චර නම් බාල ඇත්ද.එහෙම ආපු පුළුවන් හැම වෙලාවකම වගේ පොඩි හරි කමෙන්ට් එකකින් අපේ කට්ටියට දිරි ගැන්වීමක් දුන්නෙ මේ සයිට් එකට තිබුන ආදරේට.ඒ කැමැත්ත ආදරේ හැමදාම මගේ හිතේ තියෙයි.ලිපියේ සඳහන් කරල තියෙන විදිහට අපේ බයිස්කෝප් සිංහලෙන් සයිට් එක මෙච්චර කාලයක් මේ තරම් දුර අරගෙන එන්න උදව් කරපු හැමෝටම පිං.හැමදාම අපි අපේ සයිට් එකත් එක්ක ඉන්නවා.
    ජයවේවා.බොහෝ…………………………………..ම ස්තූතියි…!

    Reply
  • ඇත්තම කියනව නම් මට ඉස්සර ඉංගිරීසි චිත්තර පටි එපා වෙලා තිබුනෙ. මොකද මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ.. හැබැයි බලන්න ආශයි..හින්දි එව්වා නම් ටිකක් බලන් ඉන්නකොට තේරෙනව…
    ඔහොම ඉන්නකොට තමයි මට මගේ බයිස්කෝප් අඩවිය ගැන දැන ගත්තෙ..
    දැන් English movies බලන්න පුදුම අශාවක් තියෙන්නෙ.. ඒ වගේම දැන් සබ් තැතිව සියයට 40ක් විතර මට තේරෙකව.. ඒ වගේම හොදම ඇත්තටම යාළුවො ගොඩයි.මට හරිම සතුටුයි .
    මේ ඔක්කම මගේ බයිස්කොප් අඩවියෙන් මට ලැබුනු දේවල්..
    හැම දාම පුළුවන් හැම වෙලාවෙම ඉස්සල්ලාම නෙට් ආවොත් එන්නෙ මේ පැත්තෙ තමයි..
    ඒ හින්ද අපේ අඩවියට සැමදා ජයෙන් ජයම වේවා.. තව තවත් ගොඩක් සබ්දෙන්න ..
    ජය වේවා..

    Reply
  • මුල ඉදලම බයිස්කොපේ එකෙන් ෆිල්ම් බාපු කෙනෙක් විදිහට මේ සහෝදරවරු එකසියගාන ලංකාවේ සමාජෙට කරන සේවය මම හිතන්නේ ඔය ලොකුයි කියන සිනමා කරුවන්ගෙන් සිදුවුනේ නැහැ කියලයි මම හිතන්නේ.ලංකාවේ මිනිස්සුන්ට සිංහලෙන් උණු උණුවෙම ෆිල්ම් බලන්න ලැබෙනවා කියන්නේ ලොකු දෙයක්.අනික මේ උපසිරස් සමහර ය වාණිජ අරමුණු වලට බාවිතා කරන බවත් අපි දැකල තියෙනවා,එහෙම උනත් සමාජ සේවයක් විදිහට ඔයාලා කරන මේ සත්කාරය ඉහලින්ම අගය කරනවා.මීටත් වැඩිය වේගෙන් 2000 වෙනි උපසිරසට යන්න ලැබෙයි කියල අනිවාර්යෙන් දන්නවා……………………….සිංහල උපසිරස් ලොව පුරෝගාමීන් සියලුදෙනාට ජයවේවා!!!!!!!!!!!

    Reply
  • ඒ කතාව නම් සහතික ඇත්ත…
    සතියට උපසිරස 2ක් 3ක් දුන්න බයිස්කෝප්
    දැන් දවසට උපසිරස 2ක් 3ක් දෙනවා..
    මේ කරන වැඩේට සහෝලට ගොඩාරියක් පින්….
    අපි හැමදාම බයිස්කෝප් එක්ක ඉන්නවා…

    …>>>WISH YOU ALL THE BEST<<<…

    Reply
  • සහශ්‍ර සැමරුම….
    උපසිරැසි 1000ක් කියන්නේ තනි පුද්ගලයෙකුට නම් ජිවිත කාලයක් වෙන්න පුළුවන්…
    මේ 1000 ඇතුලත අන්සතුට වෙනුවෙන් කැප කරපු පැය කීයක් නම් ඇද්ද???
    නිකමට බැලුවොත් සාමාන්‍යයෙන් උපසිරසක පේලි 750 ඇතැයි හිතුවොත් මෙතන පේලි ලක්ෂ 7.5 ක්. එක පේළියකට විනාඩියක් ගියා කියලා හිතුවොත් මෙතන පැය 12,500 ක කැපකිරීමක් එහෙමත් නැතිනම් දවස් 520ක් එක දිගට නොකා නොබී උපසිරැසි හදන්න ඕනේ මේ වගේ මට්ටමකට ලඟා වෙන්න. ඒ උනාට ඔය මම උඩ කියපු තත්ත්ව මීට වඩා හාත්පසින්ම වෙනස්.මේ කාලය මීට වඩා සහසුද්දෙන්ම වැඩියි කරන වැඩේ කරන්නන් වාලේ නොකර ගුණාත්මක බාවය ගැන සලකන විට.

    ඒ නිසා මෙතන ඇත්තෙන්ම වෙලා තියෙන්නේ තම සතුට තව කෙනෙකුගේ පහසුව තකා වෙන්කළ උදාර හිත් වල හට ගත්ත උදාර සිතුවිලි වල එක්තරා කඩ ඉමක්. මේ සයිට් එකට මම එන්න ගත්තේ පහුගිය වසරේ දෙසැම්බර් අග බාගයේදී ඒ ඇවිත් මේ සොහොයුරෝ කරන මේ වැඩේට ඇයි මගේ දැනුම දෙන්නේ නැත්තේ කියන දේ මටත් හිතිලා අද මමත් මේ ගමනේ සාඩම්බර කොටස්කරුවෙක් උනා. ඒ උනාට මේ 1000 නිම වෙන්න මට කලින් දර දිය ඇද්ද තම විවේකය කැප කරපු සොහොයුරන් බොහොමයි.ඒ අය දුන්නු එක හෝ උපසිරසක් පවා මේ 1000 කියන යෝධයාගේ ජිවන ගමන් දුවන නහර වල ජිවය දරාගෙන ඉන්නවා. එහෙනම් ඒ හැමෝටමත් පොතේ ගුරා සහෝදරයාටත් වාසල විකියා රොයිලි දිදුල උදා දිනිදු හේවා සමීර චරිත නිලන්ත වගේ ඒකි මෙකි නොකී හැම දෙනෙකුටමත් මේ ගමන තවත් යන්න ශක්තිය ධෛර්ය නොමඳව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!

    Reply
  • !!! unusum suba pathum!!!..idiriyatath api oba samagai.

    Reply
  • සිංහල යුනිකේත ජනප්‍රිය කරලීම වස් නොයෙකුත් දෑ ක්‍රියාත්මක වූ සමයක මතු වූ බයිස්කෝප් සිංහලෙන් විබපල, විනෝදය මෙන්නම සිංහල බස සඳහා ද කළා වූ මෙහෙය අනුපමය. ඇත්තෙන් මම මේ විබපලට සහය ලබා දීම තුලින් ඉමහත් සතුටට පත් වුනෙමි. එමෙන්ම ඉතාමත් කළණ මිතුරු රැසක් ලබා ගතිමි. යමෙකුට සතුට, විනෝදය නොමිලේ ලබා දී එයින් සතුටු වෙන්නා තරම් පින්වන්තයෙක් නැතැයි මා සිතමි. මෙහි උප සිරසි ලබා දෙන්නෝ එවන් වූ පින්වන්තයෝය. ඒවා බලා සතුටු වූ බව පවසන්නෝද පින්වන්තයෝ වන්නෝය. එවන් වූ පිරිසක් මැද සිටීමට ලැබීම මගේ වාසනාවක් වන්නේය. දහසක් උප සිරැසි සැමැරුමට මාගේ ප්‍රශංසාව මෙන්ම සුබ පැතුම් පිළිගන්වමි. මේ සඳහා වෙහෙස වන්නවා වූ විකියා,වාසල, රොයිලි, පොතේ ගුරා, දිදුල, සමීර, උදා මෙකී නොකී හැමෝටම විබපල තව දුරටත් ඉදිරියට ගෙන යාමට දිරිය විරිය, සවිය සහ කාලය ලැබේවා!

    Reply
  • උණුසුම් සුභ පැතුම්!!!

    Reply
  • මගේ උණුසුම් සුභ පැතුම්…

    Reply
  • අපි හැමදා ඔබ සමගයි…..
    ජයවේවා…..!!!!!

    Reply
  • Great work brothers. Keep it up….. 🙂

    Reply
  • ගොඩක්ම ස්තූතියි ඉදිරියටත් මේ කර්‍යය දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල එකසිතින් ප්‍රාර්ථනා කරනව……..

    Reply
  • පට්ට 😀 සුබ පැතුම් ඉදිරියට ඔහොමම යමු 😉
    ජය වේවා !!

    Reply
  • Congratzz Biscope Team.U ar doing great work.

    Reply
  • සුබ පැතුම් බයිස්කෝප්!
    උපසිරැසි දහස වෙනුවෙන් තුති මල් සහසක්

    Reply
  • ජය වේවා මේක තමයි ලංකවේ සිංහල උපසිරස නොමිලේ දුන්න පලවෙනි
    වෙබ් අඩවිය ඒ බව අපිට අමතක නැත ..
    ලංකාවේ සිංහලෙ උපසිරසි උන්මාදය ඇති කල තැන ..
    තව දිගු ගමනක් යන්න ලැබේවා !

    Reply
  • ජය වෙවා,හද පතුලෙන්ම සුබ පතනවා..

    Reply
  • උණුසුම් සුභ පැතුම්!’ ජය වේවා !!!1

    Reply
  • සිනමා කලාවට නව මුහුණුවරක් ලබාදෙමින් විදෙස් බසින් නිපැවුන සිනමා පට අපේ බසින් සරලව මුසුකොට ප්‍රේක්ෂකයා වෙතට ලබාදීමට කටයුතු කළ baiscope එකේ සියල්ලන්ටම හදපිරි ස්තුතිය පිරිනමනවා
    ඉදිරියටත් මෙවන් නිර්මාණ ලබාදෙමින් 1000කින් නොනැවතී 2000 ,3000 කඩඉම් ඉක්මනින්ම ජයගන්න අපේ සොයුරන්ට ශක්තිය ධෛර්යයලැබේවා…..!!!

    Reply
  • අනිවා විකි අයියේ අපි හැමදාම බයිස්කෝප් එකත් එක්ක ඉන්නව. සිංහල දුන්නෙත් බයිස්කෝප් එකෙන්නෙ. ඒවගේම සිංහල උපසිරසි 1000ක් කියන්නෙ පොඩි ප්‍රමණයක් නෙමෙයිනෙ. ඒක ගොඩ දෙනෙක්ගෙ ලොකු මහන්සියක ප්‍රතිඵලයක්. ඒ ගැන අපි හැමෝම බයිස්කෝප් සෙට් එකටම ගොඩාක් ස්තූති වන්ත වෙනව. ඒ වගේම අපි වෙනුවෙන් මහන්සි වෙන ඔයගොල්ලො හැමෝටම ගොඩාක් පිං. “Game Of Throne” Season 2 එකේ ඉතිරි සිංහල උපසිරසි ටිකත් ඉක්මණටම දෙන්න කියල ඉල්ලීමක් කරනව. එතකොට අපිට Season 3 එකත් බලන්න පුලුවන්.

    Reply
  • Bohoma sthuthi biscope thawa godak dura yanna shakthiya dairya labewa hamotama bohoma sthuthi godak mahansivela mewage wadak kisima mudal paramarthayak nathuwa karanawata !!!

    Reply
  • Congratulations to all of you my dear friends.May god give you strength to keep it up.

    Reply
  • බොහෝ පින් සුභ පැතුම්

    Reply
  • උපසිරස වල අත්පොත් කියාදුන් බයිස්කෝප්… ඔබට දිගු ගමනක් යන්නට මගෙන් සුභාශිංසන

    Reply
  • always showing the best idias and best subtitles 4 us and i wish u best of best luck ….baiscope team…!!!
    all da best…!!!

    Reply
  • මගෙනුත් උණුසුම් සුභ පැතුම්.. තව තවත් ඉදිරියට යාමේ ශක්තිය ධෛර්ය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා..

    Reply
  • මේ ආ මඟ දිග පුරාවටම, කොයි තරම් කටු අකුල් තිබුණාද? කියා, බලා සිටි අපි දනිමු.
    බයිස්කෝප් සිංහලෙන්, සිංහල උපසිරැසි පිටපත්, නිකුත් වන තෙක් සමහර දින වලදී අපි ඇඟිලි ගනිමින් ඉන්නෙමු.

    එහෙත්, මේ විබපළ වෙත ලබා දී ඇති කාන්තා දායකත්වය පිළිබඳව නම්, අන්තර්ජාලයේ, දැරිවියන් ලෙස මා ඇතුළු අක්කලා නංගිලා මඳක් ලැජ්ජා විය යුතුයි.. කියලාත් හිතෙනවා…

    ඒත් අපිට හරි ආඩම්බරයි.. අපේ අයියලා මල්ලිලා ගැන.. අපි අපිට පුලුවන් දායකත්වය හැමදාම ලබා දෙන්නම්.. අද දහස අනාගතයේ සියක් දහස දක්වා වර්ධනය කරන්නට ඔබට හැකි වේවා… යැයි… අපි ප්‍රාර්ථනා කරනවා.

    තව දෙයක්… ගල් මුල් වලින් සැලෙන්නෙ නැතිව ඉදිරියට යන්න සදා ශක්තිය ලැබේවා…

    සිංහල උපසිරැසි දිනේවා!!! 😀

    Reply
  • always best
    always accurate
    always having meanings
    always bring world best movies 4 us,
    always giving sinhala subtitles 4 srilankan people
    and
    always
    i wish u all da best baiscop team………!!!!!

    Reply
  • සුභ පැතුම් සියලු දෙනාටම, වැඩේ දිගටම කරගෙන යන්න. නිවාඩු වෙලාවට මේ පැත්තෙ ඇවිත් යන්න අමතක කරන්නෙ නෑ..

    Reply
  • සුබ පැතුම්…..

    Reply
  • Wish u all the best malli.. and also proud as a southerner.. (y) Great concept.. Congratz for the achievement… !!!

    Reply
  • jaya wewa yaluwane obalage wede athisarthakai.

    Reply
  • 1000 හා 2000, 3000, 50000,,,,,,,,, කරමු උණුසුම් සුභ පැතුම්!!!

    Reply
  • සුභ පැතුම් බයිස්කොප්

    Reply
  • රුදුරු, කුරිරු දේ බහුල වූ මේ ලෝකයේ, අල්පයක් තරම් වූ හොඳ දේ ගොන්නෙහි එකක් වන ආදරණීය බයිස්කෝප් අඩවිය මෙතරම් සාර්ථක වුයේ හොඳ දේ සඳහා පැවැත්මක් ඇති බව තහවුරු කරමිනි.. තව තවත් සාර්ථකත්වයට පිය මැනීමට, ජය ඝෝෂා නැංවීමට සහෝදර අපගේ උණුසුම් සුබපැතුම්. අපි නිරතුරු ඔබ සමගයි!!!

    Reply
  • තම්න් විසින්ම සාදාගන්නලද මාර්ගයක ගමන් කරන්නාවූ මහ ජල කදකට කියන්නෙ ගගක් කියලන්ම් මම බයිස්කෝප් අඩවියේ මගේ සහෝදර වරුන්ට කියන්නෙත් ඔය හැමෝමත් තමන් විසින්ම සාදගන්නලද මාර්ගයක ගමන් ගන්නා මහා ජල කදක්, හැබැයි ගගක් නෙමේ, ආත්මාර්ථකාමීත්වයෙන් මන්මත් වූ මහා කුහක සමාජ සාගරයක් පුරවන්නට වෙර දරන පරාර්ථකාමීත්වයෙන් සපිරුනු මහා ගංගා සමූහයක්. ‍තෝරු මෝරු අස්සෙ හාල්මැස්සො කියන්නහේ මමත් ඔය මහා දැවැන්තයො අතරින් මතුවෙලා ඉදිරියට ගලන්න හදන පුංචි දිය දහරක්, අනේ ඉතින් මාවනම් වැඩි දෙනෙක් දන්නෙවත් නැතුව ඇති ඉතින් 😉 ඔහෙ කමක්නෑ අයියෝ…
    මටත් සෑහෙන සතු‍ටුයි හොදේ..
    එහෙමන්ම් අපි හැමෝගෙම රසවින්දනයේ සොදුරු නවාතැන්පල වෙන බයිස්කෝප අඩවියට තව චිරාත් කාලයක් යෙහෙන් වැජබෙන්ට ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව!

    තව බිංදු එක් වේවා,
    අපේ ගොඩ වැඩි වේවා,
    කම් කටොළු නොම වේවා,
    ජයෙන් වේවා! 😀

    Reply
  • come…on…….. hureeeeeeeeeeeeeeeeee
    Jayen Jaya…………..

    Reply
  • සමහර දේවල් තියනවා අපේ හිතේ ඇති වුනත් අපි වැඩිය ගනන් ගන්නේ නැති. ඒත් මේක එහෙම හිතලා අතහැරලා දාන්නේ නැතිව පටන් ගෙන පියවරෙන පියවර ඉදිරියට ගිල්ලාග අද වෙන කොට සිංහල උපසිරැසි 1000 දුන්නා. මට මගේ ජීවිතේ ගොඩක් තැන් නිවැරදි කරගන්න චිත්‍රපට උදවු වුනා. ඒ වගේම සිංහල උපසිරැසි චිත්‍රපට මට ලොකු ආර්තික සවියකුත් වුනා. මම මේකේ දුන්න හැම උපසිරැසි චිත්‍රපටයක්ම ගත්තා සහ අද වෙන විටත් ඒවා මා සතුව සුරක්ෂිතව තියනවා. මම සහ මා ඇසුරු කරන 150ක් පමණ වන මගේ හිතවතුන් අද සිංහල උපසිරැසි සමග චිත්‍රපටයක් බලනවා නම් ඒ බයිස්කෝප උපසිරැසියක්. බයිස්කෝප් සිංහලෙන් සදා වැජබේවා……..

    Reply
  • gr8 site,,, all the best

    Reply
  • රුදුරු, කුරිරු දේ බහුල වූ මේ ලෝකයේ, අල්පයක් තරම් වූ හොඳ දේ ගොන්නෙහි එකක් වන ආදරණීය බයිස්කෝප් අඩවිය මෙතරම් සාර්ථක වුයේ හොඳ දේ සඳහා පැවැත්මක් ඇති බව තහවුරු කරමිනි.. තව තවත් සාර්ථකත්වයට පිය මැනීමට, ජය ඝෝෂා නැංවීමට සහෝදර අපගේ උණුසුම් සුබපැතුම්!!!

    Reply
  • උණුසුම් සුභ පැතුම් පොතේගුරා ඇතුළු බයිස්කොප් මිතුරුකැලට අපි කවදත් බයිස්කෝප් සමගයි

    Reply
  • baiscope soyuranta mage hada piri pranamanaya..jaya wewa..

    Reply
  • ලංකාවේ හොදම සයිට් එකක්. මගෙන් සුභ පැතුම්

    Reply
  • මේ වැඩේ තවත් හොදට කරන්යන්න මගෙන් සුභ පැතුම්.බයිස්කෝප් සිංහලෙන් කොල්ලන්ට ජය……….

    Reply
  • ඕන්න ඉතින් අපේ අය චිත්‍රපටි 1000කුත් ඉවරයි. මම හිතන්නේ ඊළඟ 1000 යන්න මේවගේ කාලෙකුත් යන්නේ නැතියෙවෙයි. හැමදාමත් බයිස්කෝප් එක් හිටපු මමත් මේ ළඟදි තමා සබ් දාන්න පටන්ගත්තේ. ඉතින් බයිස්කෝප් එක්ක හිටපු, අළුතෙන් එන ඔක්කෝටම අළුත්ම චිත්‍රපටි බලන්න තවත් හොඳ අනාගතේකට අසිරිත් එක්කම පොතේගුරා, විකියා ඇතුළු අපේ ලොක්කන්ටත් ස්තූතිකරමින් ඔන්න අපි ගියා. මේ සතියේ මම දාපු සබ් 2කින් හමුවෙන්න බලාපොරොත්තුවෙන්….

    බයිස්‍කෝප් සැමදාම එක…….!

    ජයවේවා….!

    Reply
  • mage unusum subha pathum sahodarayo okkotama

    Reply
  • niyamai aaa… jaya wewa okkotoma :-d

    Reply
  • සුපිරිම සයිට් එක බයිස්කෝප්

    Reply
  • සියළුම අපේ සහෝදරයන්ට……….. මෙන්න මගේ උණුසුම් සුබ පැතුම්…..

    Reply
  • උණුසුම් සුභ පැතුම්..1000 ට 2000 ක් දෙන්න ලැබේවා!

    Reply
  • niyama wedak. api hemadamath baiscope ekka thama. jaya weewaa.. digukal pewathewaa

    Reply
  • මං දාන්න සුපිරිමම සයිට් එක මේක . ඔයාලට හදවතින්ම සුභ පතනවා .

    Reply
  • ජයම වේවා!!!!! සුභ ගමන්

    Reply
  • බොහෝ තුති බයිස්කෝප්

    Reply
  • එල කිරි ජයම වේවා සහෝලාට…

    Reply
  • බොහොම පින් තවත් මේ මහගු කර්තව්‍යය කරන්න ශක්තිය ලැබේවා!

    Reply
  • සුභ පැතුම් බයිස්කොප් අඩවියට…

    Reply
  • niyami saholata godak pin mey wadeyta

    Reply
  • ලොවෙත් සුපිරිම සයිට් එක බයිස්කෝප් කියන්නේ නියමා….යි උණුසුම් සුභ පැතුම්!

    Reply
  • චිරං ජයතු බයිස්කෝප්

    Reply
  • jaya wewa..oyalata ..baiscoplk.com web adawiya dinen dina diunuwewa….

    Reply
  • පට්ට හොදේ බයිස්කෝප් සයිට් එක එක්ක තමා අපි හැමදාම! ජය!

    Reply
  • තවත් 1000 ක් දෙන්න ලැබේවා!!! චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්

    Reply
  • බොහොම පින් 🙂 දිගටම 🙂

    Reply
  • උණුසුම් පුබ පැතුම්!!!

    Reply
  • මගේ උණුසුම් සුභ පැතුම්!!!

    Reply
  • සුපිරි සහෝලටත් සුභ ගමන්

    Reply
  • බයිස්කෝප් සිංහලෙන් සහෝදර පිරිසට මගේ උණුසුම් සුභ පැතුම්!!!

    ගොඩක්ම ස්තූති ගොඩක් හොද දේවල් දෙන වෙබ් අඩවියක් මෙචර කාලයක් පැවතුන එක ගැන. මගෙන් උණුසුම්ම සුභ පැතුම්.. ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල එකසිතින් ප්‍රාර්ථනා කරනව ……….

    අද මොනව හරි වැඩි පුර ෆිල්ම් දෙවිද දන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!

    Reply
  • අප ඔබ සමගයි සදා.. ජයෙන් ජයම වේවා!!!!!

    Reply
  • මගේ උණුසුම් සුභ පැතුම්…

    Reply
  • මේ මග දහස් ගණනක් යන්න ඇති….
    තවත් දහස් ගණනක් යන්න බලාගෙන ඇති…
    නමුත් මේ සොදුරු මතක සටහන් හැමදාම අමරණීයයි….
    එවන් අතීතයික් එක්ක වර්තමානය මුහුවෙන අද…
    සතුටුයි, හැගීම්බරයි….
    එහෙනම් සදා ජය බයිස්කෝප්….
    අපි ඔබ සමගයි….

    Reply
  • මුදල් වලටම වාල් උන සමාජයක නොමිලෙ මේ සේවාව කරන්න කැප වෙලා ඉන්න මගේ සහෝදර සහෝදරියන්ට අනේක වාරයක් ස්තූතියි!! දිගු කාලයක් යෙහෙන් වැජබෙන්න! ජය වේවා!!
    1000 ට 20000 ක් ආවටා ආයුබෝවේවා!! 😀

    Reply
  • එද ඉදන්ම අපි ඉඩිය ඉස්සරහටත් ඒක එහෙමමයි ….. බයිස්කෝප් උබලට ජයෙන් ජය වෙවා …. පෙරටත් වඩා සුපිරිම විදියට මේ වැඩෙ කරගෙන යන්න ශක්තිය දහිරිය ලැබෙන්න ඔනි! my heartly wishes 4 all of members ! keep it up

    — කල්ප —

    Reply
  • Congratz………

    Reply
  • patta baiscope thama best site aka 😀

    Reply
  • එළ එළ ජය වේවා

    1000 හා 2000 කරමු

    කස්ටිය සෙට් වෙලා!!

    සුභ පැතුම් බයිස්කොප් අඩවියට

    Reply
  • වොව්…නියමයි ජයම වේවා බයිස්කෝප්

    Reply
  • ගොඩක්ම ස්තූති ගොඩක් හොද දේවල් දෙන වෙබ් අඩවියක් මෙචර කාලයක් පැවතුන එක ගැන. මගෙන් උණුසුම්ම සුභ පැතුම්.. ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල එකසිතින් ප්‍රාර්ථනා කරනව ……….

    අද මොනව හරි වැඩි පුර ෆිල්ම් දෙවිත් දන්නේ නෑ 😀 😀 😀

    Reply
  • බයිස්කෝප් සිංහලෙන් සහෝදර පිරිසට මගේ උණුසුම් සුභ පැතුම්!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *