අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Los últimos días (2013) | රුදුරු හිරු එළිය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Los últimos días (2013)

රොයිලි අයියා ඔබ වෙත ගෙනාව Revolution හැමෝම බලන්න ඇති. මේ දිනවල ඉතාම ජනප්‍රිය Under the Dome එහෙමත් බලනවා ඇති කියල මම හිතන්නේ. ඔන්න ඒ ප්‍රේක්ෂකයනට මේ වතාවේ අරගෙන ආවේ ඒ ආරේ කතාවක්. නමුත් මේක ස්පාඤ්ඤය චිත්‍රපටයක්. Los últimos días එහෙම නැතිනම් The Last Days.

2013 මාර්තු 27 වනදා ස්පාඤ්ඤ තිරගතවීම ආරම්භ කල මෙම චිත්‍රපටය David Pastor, Àlex Pastor යන දේ සොහොයුරන්ගේ පිටපතක් වගේම අධ්‍යක්ෂණයක්. Quim Gutiérrez, José Coronado (The Body (2012)), Marta Etura (The Impossible (2012), Cell 211 (2009)), Leticia Dolera ([REC]³ Génesis (2012)) වගේ අපිට ටිකක් නුහුරු වුනත් ස්පාඤ්ඤ සිනමාවේ පුරුදුකාරයෝ ටිකක් තමයි රංගනයෙන් දායක වෙන්නේ. අයත් වෙන්නේ Adventure, Sci-Fi, Thriller කියන කාණ්ඩයන් වලට. IMDB දර්ශකයේ 5.8ක අගයක් ලබාගත්ත කතාව කොහොමද වෙන්නේ කියලා බලමු දැන්.

මාර්ක් දෙල්ගාඩෝ කියන්නේ වෘතියෙන් පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක්. ඔහුගේ පෙම්වතිය ජුලියා ඇය සාප්පු සංකිර්ණයක සෙල්ලම් බඩු වෙළෙද සැලක් පවත්වන යන්නියක්. මොවුන්ගේ සතුටුදායක හා සාමකාමී ජීවිතය වෙනස් වෙන්න ගන්නේ ලෝකයේම අමුතු සිදුවීම් වල ආරම්භයක් එක්කයි. ලෝකයේ විවිධ ස්ථානවලින් මිනිසුන් කිසිදු හේතුවක් නොමැතිව මියගොස් ඇති බවට ප්‍රවෘත්ති පැතිර යනවා. ඔවුන් සියල්ලන්ම මියයන්නේ එළිමහනේ හිරු එළියට නිරාවරණය වීමෙන්. මාර්ක්ගේ නිවස ඉදිරිපිට නිවැසියා මාස ගණනකින් නිවසෙන් බැහැරට ගොස් නැහැ. එය දැනගත් දිනම ඔහුගේ රාජකාරි ස්ථානයෙන් සති ගණනක් එලියට නොගිය මිනිසෙක් එලියට ඇද දමනවා. ඔහුත් කලාන්තය සෑදී මිය යනවා. මේ කුමක් ද? මෙයට හේතුව කෙබදු වේ ද? එය අභිරහසක්.

සලරුව අරභෙන විට මේ සියල්ල සිදුවී මාස ගණනක් ගොසින්. මාර්ක් මේවන විට මාස ගණනක් සේවා ස්ථානයේ සිරවී සිටින්නේ. කිසිවෙකුට එළිමහනට යාමට හැකියාවක් නැහැ. සිරවී සිටින මිනිසුන් පොළොව හාරා භූගත නල මාර්ග වෙත පිවිසීමට සමත් වෙනවා. මාර්ක් මිතුරෙකු සමග කාණු, බිම් ගෙවල් තුලින් තම පෙම්වතිය සොයා ගමන් අරබනවා. ඔහුගේ ගමන කෙබදු වේවිද? ඇය සොයාගත හැකි වේවි ද? ඇය සොයා මේ තරම්ම කම්කටොළු විදින්නේ ඇය තුල ඇති කුමන විශේෂත්වයක් නිසාවෙන් ද? එළිමහනට පැමිණීමට නොහැකි මිනිසුන්ගේ ලෝකය කෙබදු වේවිද? මේ සියල්ල ඔබම බලාගන්න.

තවත් උපසිරසක් සමග හමුවනතුරු ඔබට ජය…!

Los últimos días (2013) on IMDb

 

 

698 MB කොපිය මෙතනින් බාගන්න

46e74337e20d2efeba7febadafe53c46827dcfe3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

54 thoughts on “Los últimos días (2013) | රුදුරු හිරු එළිය. [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • ස්තුතියි සමීර මල්ලි,ජයවේවා.

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඔයා දෙනවා කියන්නේ අනිවා බානවා කියලා දන්නවනේ. ඔන්න මේකත් බාන්න දානවා. ජය෴෴ 😛 😛

    Reply
  • patta padiri @samira ela.apita oglo tv sires dila api tv sires walata abahi wela inne. apita me wage tv sires tikak wadiyen denda .ela pl samira.thanks sub ekata.illima gana hithanna plz

    Reply
    • ඔයාගේ ඉල්ලීම ගැන දැනටම සලකා බලා ඇති බව අද පටන් ගත ටෙලි කතා මාලාවෙන්ම පෙනෙන්න ඇති නොව. තවත් ඉදිරි මාස වල පටන් ගන්න හොදම ටෙලි කතා මාලා ඔබ වෙත අප උපසිරැස කණ්ඩායම සමීප කරයි.

      Reply
      • meka film ekak neda sameera.ada patan gatha kiwuwe mona sires ekada?plz kiyanda. mokada oyage sub eka patta .thanks egana hithuwata.ape sahayoge

        Reply
  • දැන් අපි Torrent බානවානම් ඒ බයිස්කෝප් වලින් විතරයි.බයිස්කෝප් තව තවත් දියුනු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා…

    Reply
  • great work samira .patta padiri .ela thanks a lot………..

    Reply
  • ela elazzzzzzzzzzz…….thanks sameera….

    Reply
  • bohoma pin ……………………

    Reply
  • මේ වැඩේ හරියන්නෑ.. මේ ෆිල්ම් දකිද්දි මාව පොපියනවා.. සතියකට ෆිල්ම් 2ක් වත් බලන්න වෙලාවක් හදා ගන්න ඕනෙ.. බොහොම ස්තූතියි මචෝ සබ් එකට. ජයව්වා෴

    Reply
  • පහරක් වගේ
    අනිවා බලන්ඩ ඔනි හසන්ත
    අයියත් කියලා තියෙනෙ හොදා කියලා
    සබට තුති ඈ..
    ඔබට ජය…..

    Reply
  • ela ela machan.patta film eka.direct link 1a dunnatath godak pin

    Reply
  • දෙවෙනි සැරේට සිංහල සබ් එකත් ආපහු බලන්ට වෙන්නේ. කොහෙද ඉතින් සමීර ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න කිව්වානේ ඔක්කොටම කලින්. බලන්න උනා ඒ නිසා. කෙසේ වෙතත් ෆිල්ම් එකනම් මරු අමුතු තේමාවක් හොයාගෙන කරපු කතාවක්. තැන්කු වේවා සබ් එකට.

    Reply
  • Thanks.Pls try for us Sinhala sub for “gifted Hands”

    Reply
  • හත්වලාමේ මේ වගේ සැමියෙක්…
    මේකා පුදුම එකෙක් කියන්නේ මේ වගේ පට්ට ෆිල්ම් එකක් කරන වගක් මට කිව්වෙම නැහැ නොවැ…
    හරි අසාධාරණයි…
    හත්වලාමේ හිටුකෝ….
    කොහොම උනත් දැන් හරි මේක බා ගන්න බැරිය, සැමියා දීපු අලුත් සයිට් එකෙන්ම…
    ජය වේවා කිව්වා…

    Reply
  • නියමයි නේ සමිර සහෝ
    මැක්සා මුවි එකක් වගේ මෙක නම්

    ජය වේවා!

    Reply
  • තවත් පට්ට ‍ෆිල්ම් එකක් වගේ. බාගෙනම බලමු. තැන්ක්ස් සමිර සහෝ සබ් එකට.

    Reply
  • ලොවෙත් නෑ මචෝ

    Reply
  • ජය වේවා කොලුවෝ

    Reply
  • මෙන්න නියමයි මේක නම් අදම බලනවා

    Reply
  • තැන්ක්ස් වේවා!

    Reply
  • එල එල නියම ස්ටෝරියක් වගේ. ස්තුතියි

    Reply
  • පට්ට නේ මචෝ මෙන්න නියමම කතාවක්

    Reply
  • මේ වගේ පට්ට කතා දෙන එකට බොහොම පින් බයිස්කෝප්

    Reply
  • patta machan mama meyka gaththa dan sub akka balanna ahaki

    Reply
  • pattama machan supiri kathwak ne

    Reply
  • Los últimos días (2013) කුඩා කොපියක් නොමැති බැවින්
    ටොරන්ට් බාගත කිරීමට පෙර මෙම 600mb BRRip පිටපත සෘජුවම බාගත කල හැකිදැයි බලන්න.

    Putlocker
    http://www.putlocker.com/file/25765FA53BD08840

    MultiUpload
    http://www.multiupload.nl/C2OVGJL94O

    BillionUploads
    http://billionuploads.com/7leqit7h26qh

    Reply
    • podi 1k aththema nethda appa

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *