අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Gotham [S02:E03] | with Sinhala Subtitles | අවසන් සිනහව.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 11 votes.
Please wait...

Gotham S2P2

අද නම් සබ් එක කරන්න කළින් ලිපිය ලියන්න ගත්තා. මොකද එපිය බාගෙන බලාගෙන ඉන්න වුණා සබ් එක නෙට් එකට රිලීස් වෙනකම්. හම්මේ… අද එපිය ගැන නම් කතා කරලා වැඩක් නෑ. එපියේ නම තමා The Last Laugh. හිතාගන්න පුළුවන්නේ එපියේ නම කියවන කොටම මොන වගේද කියලා… කළින් කතාවේ මතකයිනේ එසන් කොමසාරිස්තුමියව ජෙරෝම් එහෙමත් නැත්නම් කට්ටිය කියන විදිහට වෙන්ඩ ජෝකර් (ඒ කියන්නෙ අනාගත ජෝකර්. එහෙම කියන අයට පොඩ්ඩක් දෙපාරක් හිතන්න වෙයි කියලා මම කියනවා අද නම්. හෙ හේ හ හා හො ඉහි හ හෙ හ හා… 8) අතින් මැරෙනවා.

ඉතින් දැන් ගෝ(ර්)ඩනුයි කළින් එපියේ අවසානයේ අන්තිමට ආපහු සුපුරුදු රැකියාවට ආව හාවියි දෙන්න ජෝකර්ව හොය හොයා රට පෙල්ලනවා. ඒ අතරේ අපේ ගැල්වන් තවත් සැලැස්මක් ගහනවා ගෝතම් වලට වීරයෙක්ව ඕනා කියලා. ආ… මම මෙතනින් එහාට මුකුත් නොකියා ඉන්නම්. මොකද ගිය සතියේ කෙල්ලන්ගෙන් කොල්ලන්ගෙන් කණ පිරෙන්න බැනුම් ආවා කතාව ස්පොයිල් කොලා වැඩියි කියලා. ඒ නිසා මම අද මෙතනින් නවත්තනවා. හැබැයි පුතෝ අද හුඟ දෙනෙක් බලාපොරොත්තු නොවෙච්ච දෙයක් වෙන්නයි යන්නෙ. මම හිතන්නෙ මෙච්චර කල් ගෝතම් බලපු කිසිම කෙනෙක් මේක වෙයි කියලා රෑ හීනෙන්වත් දකින්න නැතුව ඇති. හැබැයි ලබන පාර එපිය එනකම් හරියටම කියන්න බෑ අද වෙන සීන් එක ඇත්තටම වෙනවද නැද්ද කියලා. පෞද්ගලිකව මට නම් හිතෙන්නෙ අද වෙන දේ  ඉස්සරහදි වෙනසක් වෙන එකක් නෑ කියලා. අනේ ඒක වෙනස් නොවේවා.!!! :3 මේ එපිය බලපුවහම මට නම් දැන් මැවීගෙන මැවීගෙන එනවා ඉස්සරහට කතාව ගොතන්න යන්නෙ මෙන්න මෙහෙමයි කියලා. ඒ මැවෙන විදිහ මම නොකියා ඉන්නම්. මොකද මම වැරදි වෙන්නත් පුළුවන්නේ.

එහෙනම් බලන්නකෝ අද මොකද්ද වෙන්නෙ කියලා. යන ගමන් කියාගෙන යන්නම් “රතු හිස් වැසුම් (Red Hood) කණ්ඩායමට  ජය වේවා…!!! ” “Killing Joke” 😉 එහෙනම් ලබන සතියේ උණු උණුවෙම ඊළඟ එපිය අරගෙන එන්නම්කෝ.  එතකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!

“You will be a curse upon Gotham….
Your legacy will be death and madness.”

~ Cicero. Jerome’s father ~

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Gotham.S02E03.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                        Next Episode>>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

43 thoughts on “Gotham [S02:E03] | with Sinhala Subtitles | අවසන් සිනහව.. [සිංහල උපසිරැසි සමඟ]

  • 1ka sub ekak wath hariyata se wen na, jarawa

    Reply
    • දීල තියෙන සබ් එකට හරියන කොපියක් අරගන්න.

      Reply
  • බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….❤️

    Reply
  • උපසිරැසියට ස්තුතියි පූසා ♥️ඉදිරි ගමනට ජයෙන් ජය !

    Reply
  • උපසිරැසිය බොහෝම ස්තුතියි….

    Reply
  • තැන්කු… 🙂

    Reply
  • බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි කොල්ලෝ.
    මෙන්න උපසිරැසිය ගන්නවා.
    මීලඟ එකෙන් හමුවෙමු. 🙂

    Reply
  • sub 1ට ස්තුතියි………..

    Reply
  • බොහොම ස්තුතියි සහෝදරයා….වැඩි වැඩියෙන් නිර්මාණ කරන්න ලැබෙවා…. ජය වේවා…..

    Reply
  • Sub ekata thanx aaaaaaaaaa

    Reply
  • niyami sahooo niyamai thanks degatam karagena yamooo

    Reply
  • තෑන්ක්ස් සහෝ

    Reply
  • ස්තුතියි, පුසෝ! කියල වැඩක් නැහැ, ගැල්වාන්කාරයා ජෝකර් වෙයිද මන්දා? ජය වේවා!

    Reply
  • මචන් ලිපිය ලියලා තියෙනවා එපිය කන්න හිතෙන්නම 😛
    වැඩි විස්තර නැතුව බලද්දිත් ගතියක් තියෙනවා..
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..

    ජය වේවා !!!

    Reply
    • අද බං හුඟක් අයගේ ලොකුම තර්කය බිදෙන එපියක් තියෙන්නෙ.
      ඒකයි කතාව කිවුවේ නැත්තෙ… 😀
      අදහස් දැක්වීමට ස්තූතියි කොල්ලෝ…
      ~ පූසා ~

      Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….මේක එනකන් බලන් හිටියේ….
    ලයින් 2කක් අවුල් උනාට කමක් නැ සබ් එක තියෙනවනේ…

    Reply
  • thz machoo sub ekata

    Reply
  • තෑන්ක්ස් සහෝ!
    ජය!!!!

    Reply
  • එල ඔන්න මාත් බාවා.. ස්තූතියි සහෝ..

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..
    අවුලක් දෙකක් වුනාට කමක් නැහැ ..
    ඊලග සතියෙත් ඉක්මනට හමුවෙමු ඔබට ජය.

    Reply
  • පට්ට සහෝ…..ඉක්මනින්ම ගෙනාවට බොහොම ස්තුතියි…..

    Reply
  • Mama danagena hitiya meka mulinma Gotham 1ke dakapu dawase idan mu thamayi JOKER kyala. ela ela….. jayen jaya saho….. thanks very much…..

    Reply
  • niyamai bro. Digatama kathawa diyan. Patta tv serice eka. Jaya weaw

    Reply
  • බොහොම තුති…

    Reply
  • කවුද හිතුවෙ මේ වගෙ දෙයක් වෙයි කියල. 🙁 🙁 හපොයි…..මාත් බලන් හිටය මේකා ජෝකර් වෙනකන්
    උපසිරසියට බොහොම ස්තූතියි 🙂

    Reply
  • ස්තූති සහෝ…
    මේක දෙනකං හිටියෙ…
    ජය!!!

    Reply
    • ලයින් තුන හතරක පොඩ්ඩක් අඩුපාඩු ඇති. සබ් එක කරන්න ගද්දි පොඩ්ඩක් පරක්කු වුණා :/
      ඒ නිසා පොඩ්ඩක් කලබලෙන් කළේ. :/
      ලබන සතියේ ඉඳන් අඩුපාඩු වෙන්නෙ නෑ කියලා පොරොන්දු වෙනවා…
      ඒ ලයින් ටික නිසා රසාස්වාදයට බාධාවක් වුනෝතින් සමාව දෙයි කියලා හිතනවා… :/
      ජය…!!!
      ~පූසා~

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *