Wednesday , August 10 2022
Breaking News

Search Results for: The Batman

The Batman (2022) Sinhala Subtitles | අඳුරු නගරයේ වීරයා! [සිංහල උපසිරසි]

මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා සුපුරුදු පරිදි වෙලාවට උපසිරැසි ලබාදෙන්න බැරි උනාට. චිත්‍රපටයක් රසවිඳින්න තරම් හිතේ නිදහසක් අනාගතයක් දැක්මක් තියෙන සමාජයක රටක නෙමෙයි අපි අද ජිවත් වෙන්නේ. අපේ රටත් අද එක්තරා ගෝතම් නගරයක් වෙලා තියෙන්නේ. ප්‍රශ්ණ ඇරෙන්න අපිට හිනාවෙන්න අනාගතය ගැන මවන්න හීන මේ රටේ ඉතුරු වෙලා නැහැ. ඒවගේ අවස්ථාවක තමයි …

Read More »

The Batman [S05 : E11-E12-E13] Sinhala Subtitles | “එකමුතුවේ” ආගමනය [සිංහල උපසිරසි සමඟ]

එකළොස්‌වන කොටස ඉතින් කොහොමද යාළුවනේ? සුපුරුදු පරිදි ඔන්න අරගෙන ආවා The Batman උපසිරැසිය. මේ උපසිරැසි අරගෙන එන්නේ 11 වෙනි එපිසෝඩ් එකටයි. ඉතින් මේ සීසන් එක සහ The Batman කතා මාලාව අවසාන වෙන්න ඉතුරු වෙලා තියෙන්නේ තව එකම එක උපසිරැසියයි. (ඇත්තටම කියනවා නම් එපිසෝඩ් 2යි ඒත් DVD පිටපතේ ඒවා එකක් විදියටනේ …

Read More »

The Batman [S05 : E09-E10] Sinhala Subtitles | භයානක තිදෙනාගේ ප්‍රහාරය [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ, ඔන්න අද උපසිරැසි අරගෙන එන්නේ 9 හා 8 වෙනි කොටසට. මේ සීසන් එක ඉවර වෙන්න තව කොටස් 3යි තියෙන්නේ. ඇත්තම කිව්වොත් කොටස් 2යි මොකද අන්තිම එක Two-parter එකක් නිසා. ඉතින් බොහොම සතුටුයි. නවවන කොටස එහෙනම් අපි ඉක්මනට අද කතාව ගැන බලමු. මේක නම් සාමාන්‍ය බැට්මෑන් වික්‍රමයක්. මේකේ …

Read More »

The Batman [S05 : E07-E08] Sinhala Subtitles | මුදු විසිකිරීම [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ? අද අරගෙන එන්නේ 7 හා 8 වෙනි එපිසෝඩ් එකේ උපසිරැසිය. අපි දැන් 5 වෙනි සීසන් එකෙන් භාගයක් විතරක කරලා ඉවරයි. හරිම සතුටුයි. හත්වන කොටස ඉතින් මේකේ අපට දකින්න ලැබෙන්නේ ග්‍රීන් ලැන්ටර්න් හෙවත් හැල් ජෝර්ඩන් සහ බැට්මෑන්. සින්සිට්‍රෝ කියන ග්‍රීන් ලැන්ටර්න් බලකායේ හතුරන් වන යෙලෝ ලැන්ටර්න් බලකායේ නායකයා …

Read More »

The Batman [S05 : E05-E06] Sinhala Subtitles | මිරර් මාස්ටර් හා ජෝකර් දුම්රිය [සිංහල උපසිරසි සමඟ]

පස්වන කොටස දැන් ඔයාලා මාතෘකාව දැක්කාම බලනවා ඇති කවුද බොලේ මේ පොස්පරස් කියලා. එයා අලුත් හතුරෙක්ද කියලා. නෑ, නෑ. ෆයර්ෆ්ලයිව මතකද? අන්න එයා තමයි මේ අලුත් නමකින් – ඒවගේම අලුත් රූපෙකින් – ඇවිල්ලා ඉන්නේ. ඉතින් කොහොමද යාළුවනේ? ඔන්න අරගෙන ආවා 04 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරැසිය. ඉතින් හැමදාම වගේ එපිසෝඩ් …

Read More »

The Batman [S05 : E03-E04] Sinhala Subtitles | වර්ටිගෝ [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ඔන්න තුන් වෙනි එකටත් උපසිරැසිය අරගෙන ආවා. මේක නම් ඉක්මනට කරගන්න පුළුවන් වුණා දෙබස් ප්‍රමාණය එහෙම අඩු නිසා. හැබැයි දෙබස් අඩු වුණාට කතාව නම් රස කතාවක්. එහෙනම් අද කතාව ගැන බලමුකෝ. තුන්වන කොටස මේකේ අපට දකින්න ලැබෙන්නේ ග්‍රීන් ඇරෝ. ග්‍රීන් ඇරෝ රසිකයෝ ඉන්නවා නම් මාතෘකාව දැක්ක ගමන්ම ඒක තේරෙන්න …

Read More »

The Batman [S05 : E01-E02] Sinhala Subtitles | බැට්මෑන් සහ සුපර්මෑන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් අද උපසිරැසි අරගෙන එන්නේ The Batman කතා මාලාවේ 05 වෙනි කතා සමයේ පළවෙනි එපිසෝඩ් එකට. ඉතින් ප්‍රභාෂ් නදීශාන් සහෝදරයා මේ කතා මාලාවේ 04 වෙනි කතා සමය වෙනකන් උපසිරැසි අරගෙන ආවා. ඒකට බොහොම ස්තුතියි. The Batman කියන කතා මාලාව මේ ළඟදී මම ආසාවෙන් බලන්න ගත්ත කතා මාලාවක්. ඉතින් ඒකට …

Read More »

The Batman [S04 : E12-E013] with Sinhala Subtitles |ලෝක විනාශය [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕන මේ කතාව TV Channel වල විකාශණය වුණේ කොටස් දෙකක් විදිහට. මොකද මේක දෙගුණයක් දිගයි. ඒ නිසා IMDB වල තියෙන්නෙත් 4 වැනි සීසන් එකේ කොටස් 13 ක් තියෙනවා කියලා. ඒත් අවසාන කොටස් දෙක එකතු කරලා එක එපිසෝඩ් එකක් විදිහට තමයි DVD පිටපතේ අන්තර්ගත කරලා තියෙන්නේ. ඉතින් මම DVD …

Read More »

The Batman [S04 : E11] with Sinhala Subtitles |කටකතා කාරයා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ. හතර වෙනි සීසන් එකේ අන්තිම එකට කලින් එක තමයි මේ ගෙනාවේ. ඊළඟට තියෙන්නේ අවසාන එපිය. ඒක දෙගුණයක් දිගයි. ඒ කියන්නේ දෙගුණයක් සබ්ටයිට්ල් ලයින් තියෙනවා කියන එක. ඒකෙනුත් කියන්නේ ඒකට සබ් කරන්න දෙගුණයක් කාලය ගත වෙනවා කියන එක. හොඳයි ඒ කොටස එන්නේ ඊළඟට නෙ. අද මේක ගැන කතා …

Read More »

The Batman [S04 : E10] with Sinhala Subtitles |හාර්ලී ක්වීන් [සිංහල උපසිරසි සමඟ]

මේ දවස් වල ජනප්‍රිය නමක් නේද? හා(ර්)ලී ක්වීන්. Suicide Squad නිසා මේ දවස්වල නියමටම ජනප්‍රිය වෙලා ඉන්න හාර්ලීන් ක්වින්සෙල් නැත්නම් හා(ර්)ලී ක්වීන් ගැන තමයි අද කතාව. ජෝකර් ගෙ පස්සෙන්ම ඉන්න මෙයා කොහොමද ඇති වෙන්නෙ? මොකක්ද මෙයාගෙ ආරම්භය? මෙයා කොහොමද ජෝකර් එක්ක සෙට් වෙන්නෙ? ඔන්න ඔවා නේ ගැටළු. අද කතාවේ ඒ …

Read More »

The Batman [S04 : E09] with Sinhala Subtitles |රිඩ්ලර් ගේ පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. අද අරන් ආවා හතරවන සීසන් එකේ නව වෙනි කොටස. මම නිතරම කියන, අදහන දෙයක් තමයි අපරාධකාරයන් ඉබේ බිහි වෙන්නෑ, එයාලා බිහි වෙන්නේ සමාජයේම වරදින් කියන එක. ඒක ඔප්පු වෙනවා අද කතාව බැලුවොත්. ගෝතම් TV Series එක බලපු අය දන්නවා ඇති රිඩ්ලර් ගේ ඇරඹුම ගැන. ඊට ටිකක් වෙනස් වුණත් …

Read More »

The Batman [S04 : E08] with Sinhala Subtitles |කාල තරණය [සිංහල උපසිරසි සමඟ]

අද අරන් ආවේ අට වෙනි එපිසෝඩ් එක, හතර වෙනි සීසන් එක. හොඳයි අද මාතෘකාව කාල තරණය නෙ. කාල තරණය කියන්නේ මොකක්ද කියලා දන්නවා ඇති. කාල තරණය කියන්නේ අතීතයට, අනාගතයට කාලය හරහා ගමන් කිරීමට. ඒක කරන්න බැරි දෙයක් කියලයි කියන්නේ, නමුත් ඒක චිත්‍රපට, නාට්‍ය ලෝකයේ බොහොම ප්‍රසිද්ධ යෙදුමක්. මොකද අපි ඔක්කොම …

Read More »

The Batman [S04 : E07] with Sinhala Subtitles |අමරණීය බැට්මෑන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අදත් සබ් එකක් උස්සන් ආවා. 😛 අද මම හදන්නේ ඔයාලව අනාගතේට අරන් යන්න. හරියටම කිව්වොත්, 3027 අවුරුද්දට. ඒ කියන්නේ අදින් වසර දාහක් විතර ඉදිරියට. ඒ කාලේ වෙනකොට ලෝකය කොහොම වේවිද? බැට්මෑන් කතාවට අදාළව නෙවෙයි, අපි ඇත්තටම ටිකක් හිතුවොත් ඒ වෙද්දි මොන වගේ පරිසරයක් අපිට දකින්න ලැබෙයිද? මේ යන විදිහට …

Read More »

The Batman [S04 : E06] with Sinhala Subtitles |සොම්බි සහ බැට්මෑන් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ? මුලින්ම ස්තුති කරන්න ඕන සබ් වලට කමෙන්ට් දාලා මාව දිරිමත් කරන අයට. තාම නම් සබ් වල අවුලක් තියෙනවා කියලා කවුරුත් කියලා නෑ වගේ. 😀 මම රිප්ලයි කමෙන්ට් නොදැම්මට සේරම වගේ කමෙන්ට් ටික කියෙව්වා හොඳේ. ආයෙත් බොහොම ස්තුතියි. අද කතාව ටිකක් වෙනස් කතාවක්. ඇත්තටම ටිකක් නෙවෙයි ගොඩක් වෙනස් …

Read More »

The Batman [S04 : E05] with Sinhala Subtitles | කළු වෙස්මූණා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ අදත් එපියක් අරන් ආවා. වැඩිය කාටූන් බලන උදවිය නම් නෑ ඉතින් නේද? අපි නේ ඉතින් මේ නාකි වුණත් කාටුන් පිස්සෝ වෙලා ඉන්නේ 😀 ඒකට කමක් නෑ, වැඩි දෙනෙක් කාටුන් නොබැලුවත් බලන ටික දෙනා වෙනුවෙන් මට පුළුවන් උපරිමයෙන් සබ්ටයිටල් හදන එකයි මගේ යුතුකම. ඔන්න එහෙම හදපු තවත් සබ් එකක් …

Read More »

The Batman [S04 : E04] with Sinhala Subtitles | හැම තැනම ඉන්න මිනිසා [සිංහල උපසිරසි සමඟ]

හොඳයි ඔන්න අදත් අරන් ආවා එපියක්. මේකෙදී අපිට අලුත් යාළුවෙක් මුණගැහෙනවා. (අළුත් යාළුවෙක් කිව්වම මතක් වුණේ කාලෙකින් බැට් ගර්ල් දැක්කෙ නෑ :-/ ඊළඟ එපියෙ වත් ඉඳීද? – ලව් සික් 😀 ) අළුත් යාළුවා කවුද කියන එක මම කියනවට වඩා ඔයාලා බලන එක හොඳයි. මම අද කරන්න යන්නේ පොඩි විද්‍යා පාඩමක් …

Read More »

The Batman [S04 : E03] with Sinhala Subtitles | ක්ලේෆේස් ලා ජෝඩුවයි [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. මුලින්ම ස්තුති කරන්න ඕන සබ්ටයිටල් ඩවුන්ලෝඩ් කරන අතරේ කමෙන්ට් එකකුත් දාලා යන යාළුවන්ට. කිසිම ලාභයක් බලාපොරොත්තු නොවී කරන මේ දේට ලැබෙන එකම දේ ඔයාලගෙ ප්‍රශංසාව සහ එයින් ලැබෙන මානසික තෘප්තිය විතරයි. කමෙන්ට් නොකළත්, සබ්ටයිටල් ඩවුන්ලෝඩ් කරන් බලන එකත් මට ලොකු සතුටක්. නැවතත් බොහොම ස්තුතියි යාළුවනේ. හොඳයි එහෙනම් මෙතෙක් …

Read More »

The Batman [S04 : E02] with Sinhala Subtitles | පෙන්ගුවින් කණ්ඩායම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. අද අරන් ආවේ මේ සීසන් එකේ දෙවෙනි කොටස. අද කතාව ගැන පොඩ්ඩක් විස්තර කළොත් මෙහෙමයි, ඔයාලා දන්නවනේ පෙන්ගුයින්. අපේ මේ පෙන්ගුයින් ඉඳලා හිටලා ෆිල්ම් එහෙම බලන්නත් යනවා. අද ඔන්න මෙයා ෆිල්ම් එකක් බලන්න ගිහිල්ලා. ඒකේ දකින්න ලැබෙන දෙයක් නිසා පෙන්ගුයින් ට හිතෙනවා කණ්ඩායමක් හදන්න. එයා යටතේ වැඩ කරන, …

Read More »

The Batman [S04 : E01] with Sinhala Subtitles | සර්කස් රොබින් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. සීසන් තුනක් ඉවර කරලා අපි ඔන්න හතර වෙනි සීසන් එකට එන්නයි හදන්නේ. අද විශේෂ දවසක්. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි, අද විශේෂම කෙනෙක් බැට්මෑන් කතාවේ චරිත අතරට එකතු වෙනවා. එයා තමයි රොබින්. කවුද මේ රොබින්? එයා ගැන ගොඩක් දේවල් අද එපිසෝඩ් එකෙන් බලාගන්න පුළුවන් වේවි. තවත් විස්තර මම …

Read More »

The Batman [S03 : E13] with Sinhala Subtitles | අපරාධ මහ මොළකරු [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් යාළුවන්ට. අද මේ හදන්නේ තුන් වෙනි සීසන් එක ඉවර කරලා දාන්න. හැබැයි ඉතින් බය වෙන්නෙපා, තව සීසන් දෙකක්ම තියෙනවා 😀 ඒවත් අරන් එන්නම්. කමෙන්ට් දාන, සබ්ටයිටල් ඩවුන්ලෝඩ් කරන් බලන හැමෝටම ස්තුතියි. ලොකු සතුටක් ඒක. වැරදි තියෙනවා නම්, හදාගන්න දේවල් තියෙනවා නම් මට දැණුම්දෙන්න. ඒක ගොඩක් වටිනවා. හොඳයි අද …

Read More »
error: Alert: Content is protected !!