අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

A Bad Moms Christmas (2017) with Sinhala Subtitles | නත්තල් කන්න අම්මලා ඇවිත් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 29 votes.
Please wait...

මුලින්ම මං දහස් වාරයක් සමාව ඉල්ලනව මේක මෙච්චරටම පරක්කු උන එක ගැන. මොකද දැන් මේකෙ හොඳ කොපියක් මාස් දෙක තුනක්ම වෙනව, නමුත් තියෙන කාර්‍යබහුලත්වයත් එක්ක මට මේක කරගන්න වෙලාවක් හොයාගන්නම් බැරි උනා. කිහිපදෙනෙක්ම මට මැසේජ් දාලා ඇහුව මං නෙමෙයිද මේක kකරන්නේ? වෙන කෙනෙක්ට දුන්නද කියලා, ඉතින් බැරිම තැන මං සිසිල අයියට කියල මේක වෙන කෙනෙක්ට පටවන්න හදද්දි එයා කිවුව කොහොමහරි මටම කරල දෙන්න, වෙන කෙනෙක්ට පටවනවට වැඩිය ඒක ලේසියි කියල. ඉතින් කොහොම කොහොම හරි අන්තිමේට නිවාඩු ටිකක් ලැබුන නිසා ඉක්මනටම ඉවර කරල ඔයාලට ලැබෙන්න සැලැස්සුවා. මාත් එක්ක අමනාපයක් නෑ කියල හිතනව. එහෙනම් වැඩිය කතා නැතුව ෆිල්ම් එකේ විස්තර ටිකක් බලලම ඉන්න.

මේක 2016 දි ආපු Bad Moms එකේ දෙවෙනි කොටස. IMDb අගය 5.5 ලෙස තමයි සටහන් වෙල තියෙන්නේ. ප්‍රධාන චරිත රඟපාන්නේ සුපිරි නිලි Mila Kunis සමග Kristen Bell සහ Kathryn Hahn. කලින් ෆිලුම වගේම සුපිරි කතාවක් තමයි. කතාව වෙන්නේ මෙහෙමයි. මේ ඒමි, කිකී, සහ කාර්ලා කියන අම්මලා තුන්දෙනා තමන්ගෙ පවුලෙ අයත් එක්ක සතුටින් නත්තල සමරන්න බලාගෙන් ඉන්නව. ඒත් හෙන ගහන්නා වගේ මෙ තුන්දෙනාගෙම අම්මලා නත්තලට එයාලගෙ ගෙවල් වල එනව. දෙමව්පියො ආවම කොහොමත් වැඩ දෙක වෙන නිසා මෙයාලගෙ ගෙවල් වලටත් ඒක එහෙම්මම බලපානව. එක්කෙනෙක්ගෙ අම්ම තනිකරම පිස්සු කෙලින අතරෙ අනිත් අම්මා තනිමතේට වැඩ. ඔය වගේ එක එක කරදර නිසා මෙයාලට තමන්ගෙ අම්මව වගේම මුලු නත්තලම එපාවෙනව. ඉතින් මේ කට්ටිය තමන්ගේ පවුලෙ අයත් එක්ක මෙ නත්තල කොහොමහරි තමන්ට ඕනෙ විදිහට සමරගන්න උත්සහ දරන හැටි තමයි කතාවෙ ගලාගෙන යන්නේ. මෙතනින් එහාට කතාව කියන්න ඕනෙ නෑනෙ, ඔයාලම බලල තීරනය කරන්න.

කොහොම උනත් හොඳට හිනාවෙන්න පුලුවන් ෆිල්ම් එකක් මේක. ඒවගේම විශේශයෙන් කියන්න ඕන මේක වැඩිහිටියො විතරක් බැලුවොත් හොඳයි, මොකද අසභ්‍ය වචන සහ තවත් දේවල් අන්තර්ගතවෙලා තියෙන නිසා, මට පුලුවන් විදිහට ඒවට වචන දාලා තියෙනව. ඇගයීම තියෙන්නෙ ඔයාලගෙ අතේ. එහෙනම් මං මෙතනින් නවතිනව. ෆිල්ම් එක බාගෙන ඔයාලගෙ අදහස් සහ චෝනදා පහලින් තියාගෙනම යන්න.

බයිස්කෝප් අඩවියට ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

38 thoughts on “A Bad Moms Christmas (2017) with Sinhala Subtitles | නත්තල් කන්න අම්මලා ඇවිත් [සිංහල උපසිරැසි සමඟ]

  • Sub ekata tnx mchn…

    Reply
  • upasiresiyata thuthi rakhitha saho,jaya!

    Reply
  • Sub ekata thanks saho.. 🙂

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Sub ek niyametama wed.. Maaram thankz ah.. thawath nm mehem film wala sub karanna gann ep..

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රඛිත සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks mchan……patta fillm eka

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • thanks sub 1ta.
    oyata puluwn nm harry poter movie tikata sub denna….

    Reply
  • සහෝ උපසිරසට බොහොම ස්තුතියි..!!

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    සබ් එක දෙනකම් හිටියේ….

    Reply
  • Tq so much bro.puluwnnm observe and report/old school ektth sub dend.2ma legendary comedy.

    Reply
  • පරක්කු වුනත් මොකද බන් …වැඩේ කෙරුනනේ ,,,!!බොහොම ස්තුතියි..!!

    Reply
  • machan 1080p.BluRay.x264 format ekata sub eka hariyata wada karanne na..mokada karanne ekata ?

    Reply
  • Thanks sahoo, 2017 december thama HD copy ekak awe sub eka tikak parakku una neda??

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරසට..මේක දැන් ටික දවසකට කලින් බැලුවා. පරක්කු නිසාඅං හිතුවේ සබ් දෙන්නේ නැති වෙයි කියලා. දැන් ආයේ බලනවා සබ් එක්ක..

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply

Leave a Reply to නවින් නිසල් Cancel reply

Your email address will not be published. Required fields are marked *