අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Hombanna (2017) Sinhala Subtitles | උපන් බිමෙන් එළවා දැමූ අහිංසකයෝ. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 8 votes.
Please wait...

උපන් දා සිට හැදී වැඩුනු උපන් බිමෙන් හිටිහැටියේම යන්න වුනොත් කාට වුනත් මොනව හිතෙයිද? යන්න තැනක් ඇත්තෙත් නැත්තං, ඉන්න තැනින් ගියොත් ජීවත්වෙන්න විදිහකුත් නැත්තං, වෙනත් කිසිම පිළිසරණකුත් නැත්තං ඒ වගේ අසරණකමක් කාට කියන්නද? හොම්බන්නා, කියන්නෙ මේ කතාවෙ ප්‍රධාන චරිතය. එයාට අත්විඳින්න වෙන ඉරණම තමයි මේක..හොම්බන්නගේ මුතුන්මිත්තන්ගෙ කාලෙ ඉඳල එයාල ජීවත් වුනේ හොංගෙබයිලු කියන කැලෑබද ගම්මානෙ. ඒක ඉතාමත් සාරවත් නීල වර්ණ ප්‍රදේශයක්.. හිටිහැටියෙම වන නිලධාරින් ඇවිත් ගම්මුන්ට කියනව ගම්මු ඉන්නෙ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර ප්‍රදේශයක, ඒ නිසා බඩුත් අහුරගෙන පිටවෙලා යන්න කියලා. ඒ වුනාට හොම්බන්නා තමන් උපන් ගෙදර, ගම දාල යන්න කැමති වෙන්නෙ නෑ. කොහොම වුනත් වන නිළධාරියොයි, පොලිසියයි එකතු වෙලා ගමේ මිනිස්සුන්ව ගමෙන් එලවල දාන්න උත්සාහ කරනවා. ඒ අතරෙදි හොම්බන්නගෙ යාළුවො කීප දෙනෙක්ට ජීවිතෙන් වන්දි ගෙවන්නත් සිද්ධ වෙනවා. හොම්බන්නට තමන්ගෙ උපන් භූමිය දාල යන්න වෙයිද, නැතිනම් ඔවුන්ට මේ සටනින් ජයගැනීමට හැකියාව ලැබෙයිද? යන ප්‍රශ්නයට පිළිතුර දැනගන්නනම් චිත්‍රපටිය අරගෙනම බලන්න.

මේක 2017 ජුලි 7 වෙනිදා නිකුත් වෙච්ච කන්නඩා චිත්‍රපටියක්. චිත්‍රපටියක් වුනාට ගොඩක් දුරට මේකෙ දකින්න ලැබෙන්නෙ නාට්‍යයමය ස්වරූපයක්. IMDb දර්ශකයේ 8.9 ක් වගේ සෑහෙන ඉහළ අගයක් ගන්න සමත්වෙලා තියෙන මේ චිත්‍රපටියේ ධාවන කාලය පැය 2යි විනාඩි 06ක්. තිර රචනය හා අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Rakshith Theerthalli විසින්. පසුබිම් සංගීත අධ්‍යක්ෂණය B. Ajaneesh Loknath විසින් කරල තියෙන්නේ ගීත වලට දායකත්වය සපයලා තියෙන්නෙ Vinu Manasu. මේකෙ අමුතුම ලස්සනක් තියෙන සිංදු ටිකකුත් තියෙනවා. ප්‍රධාන චරිත වලට දායක වෙන්නේ Subbu Talabai, Shamita Shetty, Suchendra Prasad, Dattatreya, Dhanu Gowda කියන නළු නිළියො ටික. එහෙනං කන්නඩ චිත්‍රපටි වලට ප්‍රිය කරන ඔයාලා හැමෝටම රසවිඳින්න හොඳ ලස්සන චිත්‍රපටියක් කියල කියන ගමන් සමුගන්නවා…ජයවේවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ආරියරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

18 thoughts on “Hombanna (2017) Sinhala Subtitles | උපන් බිමෙන් එළවා දැමූ අහිංසකයෝ. [සිංහල උපසිරැසි සමඟ]

  • Sub ekata thanks aaaaaaaa

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • “ධනුෂ්ක ආරියරත්න” සොහොයුරාට ස්තූතිය

    Reply
  • සිංහල උපසිරසි ලබා දුන්නාට බොහෝම ස්තුතියි….

    Reply
  • Thanks for the subtitle

    Reply
  • සබ් 1ක දුන්න ධනුෂ්ක අයියට මිලියන් තෑන්ක්ස්

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි.

    Reply
  • thanks bn me filme ekatath sub demuko The Hurricane Heist 2018

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • බොහොම ස්තූතියි ….
    තවත් ලස්සන ෆිල්ම්වලට උපසිරැසි ලබාදෙන්න

    Good Luck …

    Reply

Leave a Reply to malith Cancel reply

Your email address will not be published. Required fields are marked *