You dont have javascript enabled! Please enable it!
Saturday , July 11 2020
Breaking News

Alex Strangelove (2018) Sinhala Subtitles | ආගන්තුක ආදරයක් [සිංහල උපසිරසි සමඟ] (18+)

Rating: 9.6/10. From 24 votes.
Please wait...

ගෝලාකාර ලෝකේ ඉන්න විවිධාකාර මිනිස්සු එක්ක පුදුමාකාරව ජීවිතේ ගත කරන කාලයක, ඒ විවිධාකාර පුද්ගලයන් කොටසක් තේමාව ලෙස යොදාගෙන නිර්මාණය කරපු බයිස්කෝප් එකක් මේ… විවිධ පුද්ගලයෝ විවිධ විදිහට ආද‍රේ බලාපොරොත්තු වෙනවනෙ. සම්මතයෙන් ඔබ්බට ගිය අසම්මත ආදර කතාත් තියනවානෙ. ඒ ගැන තවත් පුද්ගලයන් වෙනස්ම කෝණයකින් බලලා ගරහන අවස්ථාත් නැතුවා නොවේ. ඒත් ආදර කතාවක් ඒවායින් නවත්වන්න හැකිවෙයිද? නීතියකට පුලුවන්වේවිද ආදරයකට හරස් වෙන්න? කෙනෙක්ට පුලුවන්ද තවත් කෙනෙක් සිතන පතන ආකාරය වෙනස් කරන්න? අසම්මත නිසා තමන් ආදරය කරන පුද්ගලයාව සිතින් යටපත් කරන්න පුලුවන්ද? අසම්මත වුනත් ආදරයට කියන්න වෙනත් නමක් තියනවාද?

මේ ගැටලු සියල්ලටම පිළිතුරක් හොයාගන්න පුලුවන්, මේ බයිස්කෝප් එක නැරඹුවොත්…!

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365(අ) වගන්තිවලට අනුව, සමරිසි හෝ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකු වීම සාපරාදී වරදක් නොවන අතර, ඒ හේතුවෙන් ඔවුන්ව අත්අඩංගුවට ගත නොහැක. එහෙත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, දණ්ඩ නීති සංග්‍රහයේ පරිච්ඡේදය 365 අනුව සමරිසි හෝ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකු අසැබි ලිංගික හැසිරීමක යෙදී සිටියදී හමුවුවහොත් පොලීසියට එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන සිරගත කළ හැකිය. නමුත්, ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365(අ) වගන්තිවල ඇතුලත්වන ”ස්වභාව ධර්මයට විරුද්ධ” සහ ”තදබල අශෝබන ක්‍රියා” යන පාඨ බොහෝ විට සමරිසි හෝ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට හිරිහැර කිරීමටත්, වෙනස් කොට සැලකීමටත් සහ අපරාධකරුවන් සේ සැලකීමටත් අනිසි ලෙස භාවිතා කරයි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන ව්‍යවස්ථාවට අනුව රටවැසියන් සියල්ලෝම නීතිය ඉදිරියේ සමාන වේ. එය සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාවට ද අදාළ වේ. අනෙක් අය මෙන් ඔවුන් ද පාසල් යන, රැකියා කරන, රජයට බදු ගෙවන සාමාන්‍ය පුරවැසියන්‍ ය. ඔවුන්ටද රටේ අනෙක් පුරවැසියන්ට හිමිවන අයිතිවාසිකම් සියල්ල හිමිවේ. එහෙත් ඔවුන්ගේ ලිංගික දිශානතිය හෝ ස්ත්‍රීපුරුෂ සමාජභාවීය අනන්‍යතාව මත පදනම්ව වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් නිරන්තරව සිදුවේ. එය ශ්‍රී ලංකාවේ නීතියට විරුද්ධවේ. (උපුටා ගැනීම-Equite/Equal Ground/Accept Sri Lanka/Colombo Pride facebook pages and Frangipani movie)

ඉහත විස්තරය ගෙන ආවේ, මේ බයිකෝප් එක නරඹද්දි ඒකෙ තේමාව හා එහි ලාංකේය පසුබිම දැනගත්තොත් හොදයි කියලා හිතුනු නිසා. මේ බයිස්කෝප් එකේ තේමාව නම් ලංකාවට කිසිසේත් අදාළ වෙන්නේ නම් නෑ. ඒත් සබ් එකේ අවශ්‍ය තැන්වල ඒ ඒ විදිහට වචන පාවිච්චි කරලා තියනවා.

ෆිල්ම් එකේ විස්තර ටිකක් කිව්වොත්, සැන් ෆ්‍රැන්සිස්කෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී මෙය ප්‍රථමවරට තිරගත වුයේ 2018 අප්‍රේල් 14. මේ ෆිල්ම් එක තියටර්ස්වල පෙන්නන්න රිලීස් වෙලා තියෙන්නේ 2018 ජූනි 08 වෙනිදා. පැය 1 යි මිනිත්තු 39 ක ධාවන කාලයකින් සමන්විත මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරලා තියෙන්නේ ඇමරිකාවේදී. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඇමරිකානු ජාතික Craig Johnson. මේ අධ්‍යක්ෂවරයාගේ ගොඩක් ෆිල්ම් ජනාදරයට පත්වෙලා තියනවා. මේ කතාව ලියලා තියෙන්නේ Craig Johnson මයි. සංගීත අධ්‍යක්ෂණය Nathan Larson ගෙන්. මේ ෆිල්ම් එක Netflix ෆිල්ම් එකක්. මේ බයිස්කෝප් එකේ ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙන්නේ Daniel Dohemy සහ Antonio Marziale.

මේ බයිස්කොප් එකේ කතාව ගැන කෙටියෙන් කියනවා නම්, ඇලෙක්ස් කියන්නේ අවුරුදු 17 ක ළමයෙක්. මෙයාගේ අග නමේ පොඩි විශේෂත්වයක් තියනවා. (Strangelove නෙවේ, ඒ ෆිල්ම් එකේ නමනේ) ඒක ෆිල්ම් එක බලලාම දැන ගන්න, දැම්ම කිව්වොත් වැඩක් නෑනේ. ඉතින් මේ කොල්ලට අමුතු පිස්සුවක් තියෙන්නේ, වනජීවී පිස්සුවක්. ඇලෙක්ස් වන සතුන් ගැන වීඩියෝ හදලා යූ ටියුබ් දානවා. එක දවසක් මෙයාගේ පන්තියට අලුත් කෙල්ලෙක් එනවා. ඒ කෙල්ලත් තනිකරම වනජීවී පිස්සියක්. ඉතින් දෙන්නා එකතු වෙලා මේ වනජීවී වීඩියෝ වැඩේ ලොකුවටම කරගෙන යනවා. ටික ටික මේ දෙන්නාගේ යාලුකම ආදරේකට හැරෙනවා. දෙන්නාගෙ සෙක්ස් කිරිල්ලෙත් සීමාවකුත් නෑ ඉතිම්. මේ දෙන්නාගේ යාලුවා තමා ඩෙල්. තනිකර පිස්සු විකාරයක්. කොමඩි සීන් හෙන ගොඩකුත් තියනවා. දවසක් පාටියකදි ඇලෙක්ස් ට හම්බෙනවා අයියා කෙනෙක්, විශ්වවිද්‍යාලෙ ගිහින් උපාධියකුත් ගත්ත කෙනෙක්. ඉතින් ඇලෙක්ට ටිකක් අමුතු අදහස් ගොඩකුත් පහල වෙනවා මේ අයියා ගැන. ඉතින් මේ බයිස්කෝප් එක බලද්දි කතාව තව ටිකක් තේරෙයි..

සම්මතෙන් එහාගිය
අසම්මත බැඳීමක්….
ඒත්,
ආදරයට කොහෙද
සීමා මායිමක්….
හැගීම්
ආධ්‍යාත්මික නම්
කොහේද එතන
අසම්මතයක්….
ආදරය
අසීමාන්තිකයි….
එනිසයි ඔවුන් ලග
මෙතරම් ප්‍රේමයක්….

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රුසිත් දිලීප ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Virus (1999) Sinhala Subtitles | පිටසක්වල වෛරසය [සිංහල උපසිරැසි]

මේ මගේ ප්‍රථම උපසිරසි ගැන්වීම. මන් අරන් ආවේ ඔයාලට පැරණි චිත්‍රපටයක්. මේක 1999 වර්ෂයේ නිකුත් …

Leave a Reply

Your email address will not be published.

14 comments

  1. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
    බුදු ස‍රණයි! ජය වේවා!!

  2. නියමයි… සබ් එකට තැන්ක්ස්…

  3. Thaq u apith samalingika thama

  4. isuru srinath sjs

    ස්තුතියි සිංහල උපසිරැසියට

  5. thanks..

  6. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  7. “රුසිත් දිලීප” වෙතින් තවත් සමනළ film එකක්. Prabath Dulshan ඇතුළු නඩයගෙන් යලිත් හදපිරි ස්තුතියක්. මොනවද බන් මේ වෙන්නේ.

    • Prabath Dulshan

      ඔය වගේ පටු විදිහට හිතන, තව කෙනෙක් හිතන පතන විදිහ තේරුම් ගන්න තරම් දැනුමක් නැති, නිකං අර ග්‍රෝත්‍රික මානසිකත්වයක් තියන කෙනෙක් වෙන්න එපා බං.. එච්චරයි කියන්න තියෙන්නේ.. තව දෙයක්, සමලිංගිකයෙක් ගෙයි, සෙක්ස් පිස්සෙක් ගෙයි ලොකු වෙනසක් තියනෝ, කෙල්ලෙක් හා කොල්ලෙක් යන අවස්ථාවෙදි ඒක පැහැදිලිව උඹල දකිනො නේ ඒ වගේම මෙතනදිත් තේරුම් ගන්න බලන්න හැමෝම එකම සෙට් එකට දාල කතා නොකර.. එහෙම උන් ඉන්නවා.. මම නෑ කියන්නේ නෑ, ඒත් හැමෝම එහෙම නෑ..
      mention කල නිසා උත්තර දුන්නේ..
      රුසිත් වැඩේ නවත්තාවි, සමහරවිට උඹල වගේ අය සතුටු වෙයි මතක තියාගනින් බං මනුස්සයෙක්ට මෙහෙම දෙයක් නිසා රිද්දලා ලබන සතුට දුකට හැරවෙන්නේ බොහොම ඉක්මනට.. ඒකත් දරාගන්න තරම් හොඳටම අමාරු ලෙවල් එකකින් එන්නේ.. නිකං මතක තියාගනින්කො.. උඹට ම ඒ වෙලාවට මතක් වෙයි නිකං ම..

      • ඒ කියන්නෙ සමනළ ලෝකය ප්‍රතික්ෂේප කරන එකා පටු විදියට හිතන එකෙක්, ඒක වැළදගන්න එකා පුළුල්ව හිතන එකෙක්. හා හරි හරි දැන් තේරුනා. කොහොමටත් ඔය imported දහජරාව වැළදගන්න හැමඑකාම කියන කථාවක් ඕක. “අපි හරි පුළුල්ව හිතල තමයි මේවා වැලදගත්තෙ”.
        අපේ ආච්චිලා සීයල කාලෙ හිටපු පුළුල් චින්තකයො අපේ අම්මල තාත්තලට උරුම කරපු සංස්කෘතියත්, අපේ අම්මල තාත්තල කාලෙ හිටපු ඊටත් වඩා පුළුල්ව හිතපු චින්තකයො අපට උරුම කරපු සංස්කෘතියත් ගැන හිතනකොට , මොකද අපිත් නිකම් ඉන්නෙ අපි ඊටත් වඩා පුළුල්ව හිතල පළල් කරල හදපත්ලෙන්ම වැලදගමු මේ දහජරාව. එතකොට අපිට පුළුවන්නේ අපේ ළමයින්ට මාර දියුණු සංස්කෘතියක් උරුම කරන්න. බටහිර සංස්කෘතිවල හුගක් හොද දේවල් තියෙනව. ඒවා විතරක් අපි ගත්තම ඇති. උන්ගෙන් එන දේවල් හොද ඒවා, අපි ලග තිබුණු ඒවා ගෝත්‍රික ඒවා කියල , හැමදෙයක්ම අපේ රට ඇතුලට රින්ගවන්න උත්සහ කරන්න එපා. සමලිංගික මානසිකත්වයක් තියෙන මිනිස්සු ඉන්නවනම් , උන්ට තනියෙන් තමන්ගේ තත්වයක් එක්ක ගනුදෙනු කරගන්න ඉඩදෙන්න. ඒ හොදටම ඇති. මේක ලංකාව ඇතුලේ සමාජගතකරන්නත් සාමාන්‍යකරණය කරන්නත් උත්සහ කරන්න එපා. ඒකෙන් වෙන්නෙ සමලිංගික අදහස් නැති ඒත් ශක්තිමත් හිතක් නැති අයවත් ඒකට යොමුකරවගැනීමට තරම් මේ අයට ක්‍රමයෙන් අවස්ථාව ලැබීමයි. මේක අද අපිට දැනෙන එකක් නැහැ. හැබැයි තව පරම්පරාවක් දෙකක් ගියතැන රටට දරුණුවටම දැනෙයි. හරියටම මීට පරම්පරාවකට දෙකකට කලින් ඇරබුනු මත්පැන් දුම්වැටි සංස්කෘතිය රටට දැන් පිළිලයක් වෙලා තියෙනවා වගේ.ලිංගිකත්වය ගැන අපේ (ගෝත්‍රික කියන) සංස්කෘතිය විසින් දමල තිබුණු සමහර බැමි අනවශ්‍ය විදියට ලිහිල් කිරීමට සමාජය විසින් ගත් උත්සාහයන් දැන් ලංකාවේ සමාජයට කරමින් පවතින විනාශය කාටත් පේනවා ඇති. දැන් ඉන්න හුගක් ජෝඩු වලට ආදරයෙයි ලිංගික ආශාවෙයි වෙනස තේරෙන්නෙත් නැතිතරම්. අපේ ළමයි ලොකුවෙනකොට මේ තත්වය තව තවත් දරුණු වෙයි. අපේ ළමයි ලොකුවෙනකොට එන සමාජය දික්කසාද අනුපාතය වැඩි, මානසික ආතතිය වැඩි පිරිසක් ඉන්න සමාජයක් වේවි.
        ඒ නිසා විකෘර්තිය විකෘර්තියක් ලෙස දකින කාලෙම ඒක නවත්තල දාමු (අඩුමගානේ ඒක සාධාරණීකරණය නොකර ඉමු, සමාජගතනොකර ඉමු). පස්සෙ (අපේ ළමයි තරුණ කාලෙ වෙනකොට) අපි පරක්කු වැඩි වෙන්න පුළුවන්.
        රුසිත් දිලීප කියන කෙනා sub දීල තියෙන film එකතුව දිහා බලනකොටයි, Prabath Dulshan ඉල්ලල තියෙන film list එක ගැන සලකොනකොට මට ඒ දෙන්නගේ මානසිකත්වය හිතාගන්න පුළුවන්. මේවා සාමාන්‍යකරනය කරන්න ඒ අයටනම් ලොකු උවමනාවක් ඇති. හැබැයි website එකේ admin මීට වඩා වගකීමකින් වැඩකරන එක සමාජයට ලොකු උදව්වක් වේවි.
        අපේ රටට දැන් වැඩිපුර අවශ්‍ය -දියුණු වීමේ මාර්ග, ව්‍යාපාර දියුනුකරගැනීමේ මාර්ග, කාලය කාර්යක්ෂමව භාවිත කල හැකි ආකාර වැනි දේවල් ගැන කියවෙන ඉතා හොද වාර්තා වැඩසටහන් තියෙනව විදේශීය භාෂා වලින්. එවැනි වැඩසටහන් වලට සිංහල උපසිරැසි ලබාදෙන්න. සමාජයට කිසිම යහපතක් නොවන සමහර film වලට ගතකරන කාලය සමාජයට යහපතක් වන ලංකාව වගේ රටකට ඉතා අත්‍යවශ්‍ය වැඩසටහන් (Documentary Film) වලට භාවිත කරන්න පුළුවන්නම් වටිනවා. එතකොට BAISCOPELK site එකට දැනට ඉන්න fansලට අමතරව මීට කලින් නොආපු අලුත් fansල පිරිසකුත් එකතු කරගන්න පුළුවන් වේවි.

        • Prabath Dulshan

          මේ නිකං ෆිල්ම් එකක් හත්තිලවුවේ.. මොනාද ඔච්චර මේ රටක සමාජෙක දියුණුවක්..? ෆිල්ම් වලින්..

          මොනාද මේ කියන්නේ..
          අද කාලෙ පොඩි එවුන් ෆිල්ම් කියන වචනෙ අහන්නත් සෙක්ස් කියන වචනේ තේරුමත් දන්න සෙට් එකක්..ඒක ඉතිං මෙහෙම දේවල් වලින් වෙනවා කියල ඔබතුමා විස්වාස කරනවා නම්.. අනේ මන්දා..
          අනික 2500 යේ සංස්කෘතිය… ඒ ගැන නම් මට කියන්න කිසිම දෙයක් නෑ…
          පහුගිය අවුරුදු 71 ගැන කිවුවේ නැත්තේ.. පුදුමයි..

          කොහොම හරි, එතනින් තුමාගේ අදහස් ගැන නම් හොඳට තේරුනා.. ඒ නිසා,
          අනේ මහත්තයෝ මේන් වැන්දා ඔයා වගේ කෙනෙක් එක්ක නම් කතා කරන්න මට බෑ..

          හරි හරි මම වැරැද්ද බාරගෙන පැත්තකට වෙන්නම්.. මම වැරදියි..
          එතකොට ඉවරයි නේ..
          ඇඩ්මින් අයියල මට සමාවෙලා පුළුවන් නම් ඔය මම දාපු comments ටික අයින් කරන්නකො..
          ඔක්කොම.. plz.. ආයෙ මෙහෙම, මොකුත් ම නොකිය ඉන්නවා.. මම..
          මීට එහා දසමයක් වත් යන්න මට ඕන නෑ..

  8. නියමයි.. ගොඩක් අය මේ වගේ දේවල් දිහා බලන්නෙ අමුතු විදියකට. මීට කලින් මම ෆිලුම බැලුව. කොහොමහරි හොඳ වැඩක්. දිගටම කරගෙන යන්න.

  9. Prabath Dulshan

    Thank You mcn සබ් එකට.. Thanks a lot.. ඉස්සරහටත් #මේවගේ ෆිල්ම් තව කරයි කියල බලාපොරොත්තු වෙනවා සහෝ.. ජය..

    • Prabath Dulshan

      පුළුවන් නම් Boys (2014) එකයි, Hidden away (2014) එකයි, North sea texas (2011) මේවටත් සබ් දෙන්න ට්‍රයි එකක් දෙන්නකො බං..

  10. සිංහල උපසිරසිට ‍බොහොම ස්තුතියි සහො
    -කරන කියන යහපත් දේ සාර්ථක වේවා
    -තෙරැවන් සරණයි-

error: Alert: Content is protected !!