Saturday , October 16 2021
Breaking News

Amadeus (1984) Sinhala Subtitles | මරණයේ සංධ්වනිය [සිංහල උපසිරසි]

Rating: 9.5/10. From 11 votes.
Please wait...

1756 ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග් උපත ලබන වුල්ෆ්ගැන්ග් අමඩියස් මොසාර්ට් කුඩා කල සිට ම දුර්ලභ සංගීත කුසලතාවයන්ගෙන් යුක්ත විය. ඔහු අවු. 6 දී ප්‍රසිද්ධ සංගීත ප්‍රසංගයක් පැවැත්වුවේය. දක්ෂ වයලීන් වාදකයෙකු වූ ඔහුගේ පියා වන ලියෝපෝල්ඩ් මොසාර්ට් තම පුතාගේ මෙම දක්ෂතා පිලිබඳ අසීමිතව සතුටු විය. මොසාර්ට් අවුරුදු අටේ දි සිය පළමු සංධ්වනිය ලියා නිමකළ අතර එහි නාද මාලාව ආශ්‍රයෙන් බේඩ්න් පවල් සාමිවරයා ලියා බාලදක්ෂ කඳවුරු වලදී ගායනා කරන ‘ගින් ගැන් ගුලි ගුලි ‘ ගීතය අදත් අතිශය ජනප්‍රිය ය. මොසාර්ට්ට විවිධ සංගීත භාණ්ඩ වාදනය කිරීමේ හැකියාව පැවතුණි. ඔහු අවුරුදු 12 දී තම ප්‍රථම ඔපෙරාව නිර්මාණය කරයි.

වයස අවුරුදු 21 වන විට මොසාර්ට් තම දෙමාපියන්ගෙන් මිදී තනිව ජීවත්වීමට උවමනා විය. ඔහු හා ඔහුගේ පියා වෙහෙසුනේ මොසාර්ට්ට රැකියාවක් සොයා ගැනීමටයි. ප්‍රථමයෙන් ඔවුන් මියුනික්වලට ගිය අතර එහිදී ඔහුට රැකියාවක් සොයා ගැනීමට නොහැකි විය. 1779දි සැල්ස්බර්ග් බලා පැමිණි මෝසාර්ට් පල්ලිය සඳහා වාදන මාලාවක් සකස් කරන ලදී. Coronation පූජාවද මේ අතර විය. මුල් කාලයේ සැල්ස්බර්ග් හී බිෂොප්වරයෙක් යටතේ ඉතා සුළු වැටුපක් ලබමින් සිටි මොසාර්ට් 1781 මාර්තු මාසයේදී ප්‍රධාන බිෂොප් Colloredo විසින් වියානාවට කැඳවන ලදී. මෙහිදී මොවුන් දෙදෙනා අතර බහින්බස් වීමක් ඇති වුවද මෝසාර්ට් වියානාවේ පදිංචි වීමට තීරණය කරන ලදී.

1782 දි මෝසාට්ගේ විවාහය සිදු විය. ඒ Constanze නමැති තරුණිය සමඟයි. ‘Die Entfuhrung’ නම් ඔපෙරාව නිසා මෝසාර්ට්ගේ නම හා දක්ෂතාවය යුරෝපය පුරා පැතිරුණි. මේ හේතුවෙන් බොහෝ ප්‍රසංග සඳහා මෝසාර්ට්ට ආරාධනා ලැබුණි. මෙම ප්‍රසංග වලින් ලැබුණ ආදායමින් මෝසාර්ට් හා ඔහුගේ භාර්යාව සැපවත් දිවියක් ගත කළ අතර වියානාවේ වූ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක වාසය කළහ. නමුත් විවාහයෙන් වැඩි කළක් නොගොස් මොසාර්ට්ගේ වාසනාව කෙමින් අඩු වෙමින් පැවතුණි. වියානා නුවර වංශාධීපතීන් හා ඔස්ට්‍රියානු රජය අනියම් වශයෙන් අනුග්‍රහ දැක්වුද 35 වියේදී මිය යනතුරු ම ආර්ථික වශයෙන් ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කළේය.

මොසාර්ට් වියානාවට එනවිට එහි රාජ්‍ය අනුග්‍රහය ලබමින් වැජබෙමින් සිටි සංගීත නිර්මාපකයා වූයේ සලියාරේ ය. මොසාර්ට්ගේ සාර්ථකත්වය සලියරේ කෙරෙහි දැඩි ඊර්ෂ්‍යයාවක් ඇති කළේය. එය මොසාර්ට්ගේ මරණයට ඔහුගේ දායකත්වයටද මග පෙන්වූ බව කියැවේ. මොසාර්ට්ට සලියාරේ විසින් වස පොවා මරා දැමූ බවට ආරංචියක් පැතිරුණේ අවසන් කාලයේ සලියාරේ උමතු ව තමා විසින් මොසාර්ට් මරා දැමූ බව කියමින් කෑ ගසන්නට වූ නිසා බව කියැවේ. ඔහුත් 1825 දී උන්මන්තකයෙකු ලෙස මිය යන්නේ මොසාර්ට්ගේ මරණය සදාතනික රහසක් කරමින්.

අමඩියස් චිත්‍රපටිය ආරම්භ වන්නේ ඔස්ට්‍රියාවේ මානසික රෝහලක දර්ශනයකිනි. එහි නේවාසිකව ප්‍රතිකාර ලබන වයස්ගත සංගීත නිර්මාපකයෙකු වන ඇන්ටෝනියෝ සලියාරේ නිරන්තරයෙන් ම කෑ ගසා කියන්නේ මොසාර්ට් තමා විසින් මරා දැමූ බවයි. මොසාර්ට් ගේ මරණ සලියාරේ උමතු ගන්වා ඇත. ඔහු දිවි නසා ගැනීමට උත්සාහ කරයි. කතෝලික පියතුමෙක් ඔහු හමුවට පැමිණේ. සලියාරේගේ පාපොච්චාරණය සමඟ අමඩියස් මොසාර්ට්ගේ ජීවිත කථාව දිග හැරේ. මයිලෝස් ෆෝර්මන් විසින් අධ්‍යක්ෂණය කරන ලද විශිෂ්ට අමඩියස් චිත්‍රපටය 1984 වර්ෂයේ හොඳම චිත්‍රපටය ලෙස ඇකඩමි සම්මානය ඇතුලු සම්මාන රැසකට හිමිකම් කියයි. පිටපත Peter Shaffer ගෙනි. සලියාරේ ලෙස F.Murray හා මොසාර්ට් ලෙස Tom Hulce රඟපාන අතර සෙසු චරිත Elzabeth Berridge, Roy Dotrice, Jeffrey Jones, Cristine Ebersole යන නලුනිලියන් විසින් සජීවී කරයි.

චිත්‍රපටයේ “දොන් ජියොවානි” හි රංගනය රූගත කරන ලද්දේ එම ඔපෙරාව පළමු වරට දර්ශනය වූ වේදිකාවේම ය. මොසාර්ට් හා සලියාරේ විසින් නිර්මාණය කළ මුල් සංගීත නිර්මාණයන්ගෙන් චිත්‍රපටය ද ඔපවත් වී ඇත. IMDB අගය 8.3 කි. කාලය පැය 03 කි.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් කුමාර මොහොට්ටිගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-06-15
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Mumbai Saga (2021) Sinhala Subtitles | මුම්බායි රජ කළ මැරවරයා..! [සිංහල උපසිරසි]

මුම්බායි සාගා, මේක ගැන පොඩ්ඩක් කතා කරමුද! මෙම චිත්‍රපටය පටන් ගද්දිම ඔයාලට බලාගන්න පුළුවන් “සත්‍ය …

Leave a Reply to Sameeraudias Cancel reply

Your email address will not be published.

14 comments

  1. Thanks for sub!

  2. සබ් එකට බොහොම ස්තූතියි….!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්.
    දිගටම සබ් කරමු….

  3. Buddhika Lakmal

    ♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦

  4. thanks bro……..matanan me film eka bohoma watina ekak….thawath me wage film kipayakata sub demu..

  5. omg omg thank you very very much

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  7. කැලුම් කුමාර සොයුර,
    ඔබ මේ වෙබ් එකට සබ් දීමට එකතුවී සිටීම ගැන ඇත්තෙන්ම ගොඩක් සතුටුයි. එකළ පැරණි ඉංග්‍රීසි සිනමාපට සඳහා සබ් දුන් බුද්ධික නුවන්, ජේම්ස් ඩී සී වැනි අය. දැන් ඒ අය සබ් දෙන්නේ නැහැ. තමාගේ රුචිකත්වයට තමයි ඕන කෙනෙක් සබ් නිර්මාණය කරන්නේ. මම සබ් දෙන්න පටන් ගත් 2015 වසර කාලයේ දී පැරණි කලාත්මක සිනමාපට නැරඹු සහ ඒවා අගය කළ පිරිස් ගොඩක් මේම වෙබ් එකේ සිටියා. දැනට පැරණි ඉංග්‍රීසි සිනමාපටවලට සබ් දෙන්නේ ඔබ ඇතුළු කීප දෙනෙක් පමණයි. “සම්මාන ලාභී” සිනමාපටවලට දිගටම සබ් දෙන්න බලන්න ඒවාට කැමති රසිකයන් පිරිසක් තවමත් මෙහි ඉන්නවා. මේ සිනමාපටය ගැන මම මීට පෙර දන්නවා. හැබැයි නරඹලා නැහැ, මම ඩවුන්ලෝඩ් කළා. නැවතත් නරඹලා අදහසක් දක්වන්නම්. ඔබගේ වෙහෙසට ගොඩක් ස්තුතියි!

  8. උපසිරැසියට ගොඩක්ම ස්තූතියි සහෝ.

    පැරණි චිත්‍රපට දෙන අය අඩුයි. හරිම වටිනවා. දිගටම පැරණි චිත්‍රපට සබ් කරන්න. බයිස්කෝප් අඩවියෙ සිනමාපට දර්ශක යටතේ තියන AFI හොඳම ඇමෙරිකන් චිත්‍රපට 100 ලැයිස්තුවේ හා IMDB Top 250 ලැයිස්තුවේ මෙතෙක් සබ් නොකරපු චිත්‍රපට සබ් කරන මෙන් ඉල්ලමි.

    මේ චිත්‍රපට වල වටිනාකම කියලා නිම කරන්න බැරි තරම්. කමෙන්ට් අඩු වේවි. නමුත් සම්භාව්‍ය විශිෂ්ට චිත්‍රපට සබ් කිරිම අනාගතයට කොපමණ වටිනවද?
    බයිස්කෝප් අඩවියේ සුවිශේෂී උපසිරැසිකරුවකු බවට පත් වේවි.

  9. Elama wdak mat request ekak dnnan imdb uda tiyena hoda western ekakata sub krannako. Rio bravo,the searchers ,on the waterfront niyama film

  10. Thanks for Your Subtitle.

    Request….

    Baby Doll – 1956

  11. Thanks for Your Subtitle.

    Request….

    Murder! – 1930
    M – 1931

  12. Thanks for your Subtitle.

    Request…….

    Clash of the Titans – 1981

  13. Thanks for your Subtitle.

    Request….

    Romeo and Juliet – 1968
    Cleopatra – 1963

error: Alert: Content is protected !!