Tuesday , September 22 2020
Breaking News

Angel (2011) | දෙවියන් පැමිණේ මිනිස් වෙසින්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Angel (2011)
මේ මගේ දෙවෙනි උපසිරැසිය. 2011 දී නිකුත් වුණ සංවේදී හින්දි චිත්‍රපටයක්. සමහරවෙලාවට මිනිස්සු නරකයි කියලා සලකන අයත් කොච්චර සංවේදී අයද කියලා හිතෙනවා මේ චිත්‍රපටය බැලුවම. සින්දුවලටත් උපසිරැසි යෙදූ නිසා තවත් හොදින් රසවිදින්න පුළුවන් වේවි. IMDB වල 6.3ක් ලබාගෙන තියෙනවා. Ganesh Acharya අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ ඇබී ලෙස Nilesh Sahay ද, සොනාල් ලෙස Madalasa Sarma ද පෙනී සිටිනවා. හරිම ලස්සන සංවේදී, වෙනස් විදිහක ආදර කතාවක්.

මේ කථාවේ කතා නායකයා ඇබී. ඔහු අතින් සිදුවූ රිය අනතුරකදී පුද්ගලයකු මියයන නිසා වසර 2කට බන්ධනාගාරයට නියම වෙනවා. කෙසේ වෙතත් මේ වසර දෙකේදී ඇබීගේ යහළුවන්වත්, අඩු තරමින් ඔහුගේ සහෝදරයාවත් එහුව බලන්න බන්ධනාගාරයට යන්නේ නැහැ. වසර 2 දඩුවම අවසානවී පැමිණෙන ඔහු ඔහුගේ අයියා රෝහන්ගේ නිවස සොයා ගියත් එහිදී ඔහු දැනගන්නේ ඔවුන් එම නිවස අතහැර ගොස් ඇති බව. පසුව කෙසේ හෝ ඇබීට රෝහන්ව මුණගැහෙනවා. ඔවුන්ගේ මවගේ බලකිරීම නිසා ඇබීට රෝහන්ගේ ගරාජයේ රැකියාවක් ලබාදීමට රෝහන්ට සිදුවෙනවා. ඇබීගේ යහළුවන් ඇබීව ප්‍රතික්ෂේප කරනවා ඔහු හිරගෙදර සිට ආ අයෙක් නිසා. මේ අතර ඇබී තමා අතින් මියගිය පුද්ගලයාගේ නිවස සොයා යන්නේ ඔවුන්ගෙන් සමාව ඉල්ලන්න. නමුත් එහිදී ඔහුට බැණ වැදී එළවාගන්නා අතර ඇබී දැනගන්නවා මියගිය කෙනාගේ දියණිය ආබාධිත අයෙක් කියලා. ඇබී ඇයගේ ආබාධිත තත්ත්වයට ප්‍රතිකාර කරන්න ඇයව රැගෙන යනවා. ඔහු ඇයට ඒන්ජන් කියා අමතනවා. මෙලෙස ඔවුන් දෙදෙනා ආදරය කරන්න පටන් ගන්නවා. ඒත් නැවතත් ඇබීට බන්ධනාගාරගතවීමට සිදුවෙනවා වසර 7කට.

ඇබීට මෙලෙස නැවත බන්ධනාගාරයට යන්න වුණේ ඇයි? ඊට පසු සෝනාල්ට වන්නේ කුමක්ද? ඇබීට ආපසු නිදහස ලැබෙනවාද? චිත්‍රපටය බළලාම මේ ප්‍රශ්නවලට පිළිතුරු හොයාගන්න.

Angel (2011) on IMDb

 

 

600 MB කොපිය මෙතනින් බාගන්න

3799094b2e1ce536e6581e877f9ec59c01217046
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු වසන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson …

Leave a Reply

Your email address will not be published.

29 comments

  1. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  2. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  3. ලක්මාල්

    බොහොම ස්තුතියි සහෝ ….සබ් 1 ට.

  4. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  5. mudiya / මුදියා

    මන් නළුවව දැක්කෙ රිතික් වගේ.
    නියමයි ලහිරු. ලස්සන කතාවක් වගේ.
    බලනවා වෙලාවක් ලැබුන ගමන්ම.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………..ම ස්තූතියි…!

  6. Thanks Saho…..

  7. thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

  8. නියම චිත්‍රපටියක් වගේ.
    එල එල. තව සබක් දාමු.
    ජයවේවා!

  9. බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. ස්තූතියි මචෝ…

  11. ශාන් විමුක්ති [විමා]

    විසදගන්න ප්‍රශ්න ගොඩක් එක්කම ලස්සන ෆිලුමක් අරන් ආවට බොහොම ස්තුතියි ලහිරු සහෝ!

  12. Download Manager

    Thanks

  13. nice mchn

  14. “චූටී මල්ලි”

    ලස්සන 1ක් වගේ
    එල එල සහෝ
    සබට තුති
    ඔබට ජය……….

  15. ගයාන් රූකාන්ත

    ගත්තා සහෝ සුබ පැතුම් දිගටම සබ් දෙමු

  16. හර්ෂ ලහිරු

    අමුතුම විදිහෙ කතාවක් වගේ ස්තුතියි සහො 😛 😛 ජය

  17. බොහොම ස්තුත්යි සහෝ

  18. harsha bandula

    hindi awa wadi wadiyen denna labeywa

    jaya

  19. niyamayi machao

  20. අහ්හ් හින්දි එකක් නේ එහෙනම් බලනව

  21. bohoma pin

  22. thnxxxxx bro

  23. එල ෆිල්ම් එකක් නේ

  24. thanks saho

error: Alert: Content is protected !!