You dont have javascript enabled! Please download Google Chrome!
Friday , November 15 2019
Breaking News
Home / All / Apocalypse Now (1979) | හෙළිදරවුව [සිංහල උපසිරසි සමඟ]

Apocalypse Now (1979) | හෙළිදරවුව [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.4/10. From 10 votes.
Please wait...

Apocalypse Now(1979)ඔන්න ඉතින් මම මගේ දෙවනි උපසිරසියත් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕනේ Baiscopelk වටා එකතු වෙලා ඉන්න පිරිස නම් පුදුමාකාරයි. අද කාලේ බහුතරය රුපියල් සත වලින් හැමදේම මනින්නට උත්සාහා කරද්දී, සීමිත පිරිසක් අනුන් වෙනුවෙන් තමන්ගේ වටිනා කාලය වැය කරමින් මෙවැනි දෙයක නිරත වෙනවා දකිද්දී මට නම් ඇත්තටම හරි පුදුමයි.ඒ අතරේ හොද දේට හොදයි කියලා නිහතමානීව අගයන්න, ඔවුන්ව දිරි ගන්වන්න වචනෙකින් හරි උත්සාහා කරන අනිත් පිරිස දැක්කාම මට නම් හිතුනේ……

“ෂා… මුන් ටික නම් පට්ටම සෙට් එකක්” කියලයි  🙂  😉

මගේ පලවෙනි උපසිරසිය උන “පවුකාර නගරය” සදහා ලැබුනු ප්‍රතිචාර සහ උපසිරසිය බා ගත කර ගත් සුවිශාල පිරිස දුටුවාම “කොහොමද ඉතින් තවත් උපසිරසියක් නොකර ඉන්නේ” කියලා හිතුනා. 🙂 අපේ හසන්ත අයියා තමා ඔන්න මේක නම් තෝරලා දුන්නේ…

හරි මුලින්ම මේ ෆිල්ම් එක ගැන කියනවා නම් “ෆ්රැන්සිස් ෆෝර්ඩ් කොපෝලා” කියන මහත්මයා 70 දශකය වෙන විට චිත්‍රපට ක්ෂේත්‍රයේ එතරම් ප්‍රචලිත කෙනෙක් නොවුනත් 1972 අවුරුද්දේදි “God Father”  කියන ලෝ ප්‍රකට චිත්‍රපටය අධ්‍යක්ෂනය  හරහා එතුමා කාගෙත් අවදානයට ලක්වෙනවා. සිනමා රසිකයෙකු විසින් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු බවට අවිවාදිත චිත්‍රපටයක් තමයි ඉතින් “Godfather” කියන්නේ.මේ චිත්‍රපටය නිර්මාණය අරඹද්දී “කොපෝලා” කියන්නේ කිසිවෙකුත් නොහඳුනන සුළු අධ්‍යක්ෂකවරයෙක්. නමුත් මේ නිර්මාණයෙන් පසුව ඔහු චිත්‍රපට ක්ශේත්‍රය හරහා ඉතාමත් සාර්ථක ගමනක නියැලෙනවා.ඉන් පසුව ඒ හරහා ලැබූ පන්නරයෙන් ඔහු “God Father” දෙවන සහ තුන්වන චිත්‍රපටිත් අධ්‍යක්ෂනයට සහ නිශ්පාදනයට පෙලබෙනවා.

1979 අවුරුද්දේදි එතුමාගේ අධ්‍යක්ෂනය සහ නිශ්පාදනය මත “Apocalypse Now” චිත්‍රපටිය එලි දක්වනවා.මේක IMDb චිත්‍රපට වර්ගීකරණයට අනුව මුල් 250 අතර, හරියටම කිවුවොත් 44 වෙනි ස්ථානයේ තියෙන, 8.5 වගේ ඉහළ IMDb අගයක් තියෙන චිත්‍රපටයක්.

අවුරුදු ගණනාවක් තිස්සේ අපේ රටේ තිබුනු කුරිරු යුද්ධය අපේ රණවිරුවන්ට පිංසිදු වෙන්න දැන් අවසන් උවත් මේ වගේ චිත්‍රපට හරහා අපිට යුද්ධයේ තවත් පැතිකඩවල් පෙන්වා දෙනවා. සෙබලුන්ගේ ජීවන රටා, ඔවුන්ගේ හැසිරීම් රටා, මානසික තත්වයන් වගේම යුද්ධය නිසා මිනිස්සු වෙනස් වෙන අන්දම ආදිය මේචිත්‍රපටියෙනුත් සූක්ෂම ලෙස පෙන්වා දී තිබෙනවා.

කතාව ඇදී යන්නේ ඇමරිකානු සෙබලෙක්ට භාර වෙන මෙහෙයුමක් සම්බන්ධවයි. කැප්ටන් බෙන්ජමින් එල් විලාර්ඩ් නැමැති ඇමරිකානු යුද හමුදාවේ විශේෂ ක්‍රියාන්විත ඒකකයේ සෙබලාට රහසිගත මෙහෙයුමක් සදහා දිනක් කැඳවීමක් ලැබෙනවා. එහිදී ඔහුට අණ ලැබෙනවා ඔහුගේම සගයෙක් ඝාතනය කිරීමට. කර්නල් වෝල්ටර් ඊ කර්ට්ස් නැමැති ඔහු ඇමරිකානු හමුදාවෙන් පැන ගොස්, කාම්බෝජියාවේ ජීවත්වන සාමාන්‍ය ගෝත්‍රික ජනයා හා එක් වී, ඔවුන් සමග මිලේච්ජ පාලනයක් ගෙන යනවා. ඔහුගේ ක්‍රියා කලාපයන් නිසා ජනයා අතර ඔහු දේවත්වයෙන් පවා පිදුම් ලබනවා. එම නිසා ඔහුට එරෙහි වීම අපහසු කාර්යයක් වෙනවා.මේ අතර ඔහුගේ අපරාධ නැවැත්වීමට සහ ඔහුගේ කුරිරු ඝාතන නැවැත්වීමට කැප්ටන් විලාර්ඩ්ව පිටත් කෙරෙනවා.

විලාර්ඩ් විසින් කර්ට්ස් හමු වීමට යන ඒ ගමන සහ ඔවුන් අතර සිදු වෙන දේ කුමක්ද? විලාර්ඩ් ඔහුට ලැබුනු අණ පරිදිම කර්ට්ස්ව ඝාතනය කරාවිද? නැතිනම් විලාර්ඩ් කර්ට්ස් අතින් මරණයට පත් වේවීද? මේ ගැන දැන ගන්න නම් ඉතින් මේක බලන්නම වෙනවා 🙂

එහෙනම් තවත් මේ වගේම හොද චිත්‍රපටයකින් හමුවෙන තුරු සැමට ජය…………..!!!

Apocalypse Now (1979) on IMDb

 

 

999 GB (BR) කොපිය මෙතනින් බාගන්න

c4dce518e849d56c0d50c651da6b4a97bd9e84f0

2.06 GB (BR) කොපිය මෙතනින් බාගන්න

FE51C814DEC47B32F085D0A6CD12CE96DD33ED5F
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තරිඳු මනුප්‍රිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

84 comments

  1. ස්තූතියි

  2. බොහෝම ස්තූතියි උපසිරැසියට

  3. Thank u tharidu brother & baiscope team for the sub, all the best to baiscope team……

  4. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  5. Saranga J. Liyanagama

    බොහොම ස්තුතියි

  6. Peya 3.15 film ekata nme needa sub eka tyenne saho

  7. Wechcha mahansiyata thank u very much bro..thawa thawa film walata sub demu….

  8. උපසිරැසියට තුති……!

  9. Vihanga Raveen

    ela.thanks macho sub ekata

  10. මහන්සියට බොහොම ස්තතියි”””””””””””’

  11. නියමයි මචං
    සුපිරිම ෆිල්ම් එකක්…
    උපසිරසි එක්ක බලද්දි තමයි නියම අරුත තේරුනේ..
    පට්ටයි..
    උඹේ කාලය කැප කරගෙන මේ වගේ දෙයක් කරනවාට ගොඩක් පිං උඹට සහ අනිත් හැමෝටම..

  12. බොහොම තුති උපසිරැසියට 2015 අන්තිමට බලන ෆිල්ම් එක මේක වේවි

  13. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  14. බොහොම ස්තුති යාලු

  15. රවිදු දුෂ්මන්ත

    බොහොම ස්තුතියි මචෝ!

  16. ඔබට බොහොම ස්තූතියි …..!

  17. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි,ජයවේවා.

  18. film eka 03.15 hours
    ENGLISH SUB eka 03.15 hours
    dila thiyana sinhala eka 02.25 hours
    weradi neda

  19. බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. පරණ වුණත් රජ බඩුවක් වගේ. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

  20. Bohoma Pin Saho…… Film aka downlod wenna demma. Sub akata Thuthi

  21. පරණ වුනත් හොඳ එකක් වගේ . ස්තුතිය සහෝ උපසිරැසියට. ඔයා මුලින්ම කියල තියෙන දේට මමත් එකඟයි. ජයෙන් ජය…

  22. God Father Director ගෙ නම් ඉතිං සුපිරියටම ඇති.බාගෙනම බලමු.වුන මහන්සියට බොහොම ස්තූතියි සහෝ….

  23. උපසිරසියට බොහොම ස්තුතියි සහෝ…

  24. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහො
    ඔයාගේ දෙවනි උපසිරැසිය
    දිගටම සබි දෙමු
    ඔයාට පුළුවන්නම් ගරම් මසාලා හිංදි ෆිල්ම් 1 ට සබ් දෙන්නකෝ
    ලොකු උදව්වක්
    හොඳ ටොරන්ට් එකකුත් තියනවා

    • තරිඳු මනුප්‍රිය

      බලමු සහෝ 🙂 මේ දවස් වල බාර ගත්ත වෙන එකක් තියෙනවා…ඒක ඉවර උනාම බලමු 🙂

  25. බොහෝම ස්තූතියි සබට……
    මේ වගේ පරණ හොද එ්වටත් sub දෙනවට ස්තූතියි…

  26. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

  27. බොහෝම ස්තූතියි සබට….. ජය වේවා………..

  28. මම මේ චිත්‍රපටය ගැන අහලා තිබුනා නමුත් කිසිදා බලන්න ලැබිලා නෑ එනිසා අනිවා බලනවා බලනවාමයි. ස්තූතියි මචෝ

    • තරිඳු මනුප්‍රිය

      අනිවා ෆිල්ම් එක හොදයි. බා ගත්තාට පාඩුවක් නෑ 😉

  29. මේ වගේ පරණ හොද එ්වටත් දෙනවට ස්තූතියි

  30. ඇත්තටම sub වලට ස්තුති කරන්න වචන නැ…… මේක නම් පට්ට movie එකක් කියලා හිතෙනවා…. තරිඳු සහෝට ස්තුතියි නැවතත් . …..

  31. ස්තුතියි සහෝ…

  32. “චූටී මල්ලි”

    එල
    අනිවා නියම බාන්ඩය්ක් මේක
    බලන්න ඔනි
    තව හොද එකක් කරමු මචෝ
    සබට තුති
    ඔබට ජය………

  33. බොහොම ස්තුතියි…!!! ^_^

  34. Taxi Driver (1976)
    machn me film ekata puluwanm subs denna.
    patta film ekak

  35. machn meka mama hoyapu film ekak patta bn…
    thnx…


  36. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  37. Ithmath Hoda Movie Ekakin Patan Gaththa Wade Digatama Watina Movies Walata Gumathmaka Sub Obagen Bala Poroththu Wenawa….

    Mama Kalin Kiwwa Wagema IMDb Top List Eka Complete Karamu…

    Subata Thuthi….
    Jaya Wewa !!! 🙂 😛

  38. ස්තුතියි තරිදු

  39. දැන් උපසිරැසක් වෙනුවෙන් කමෙන්ටුවක් දාන්නෙත් බොහොම කලාතුරකින්, හැබැයි මේ චිත්‍රපටයේ උපසිරැස දුන්නා කියලා කෙටි පණිවුඩය ආව වෙලාවෙම පොතත් පැත්තකින් තියලා ආවා කියන්න ඕන ටික කියලා යන්න. 😀
    චිත්‍රපටිය බොහොම පරණ වුනාට මට මේක බලන්න ලැබුනේ නම් මෑතකදී, මම බැලුව බොහොම අගේ ඇති චිත්‍රපටයක්, යුද්ධයක පැතිකඩ ගණනක් හරහා විහිදෙන මේ චිත්‍රපටය ඒ යුද්ධ මිනිස් ජිවිතයට කොහොම බලපානවාද කියන දේ ගැන විචාරයක් වගෙයි කියන එකයි මගේ හැගීම. බොහොම අගේ ඇති වැඩක්.
    ඒ වගේමයි සහෝ මේ චිත්‍රපටය හදන්න බොහොම වෙනසක් වෙලා තියනවා, මේකේ තිරයේ පිටුපස බොහොම කතා තියනවා, Martin Sheen නෙමෙයි තෝරාගත් නළුවා වෙන්නේ. නමුත් ඔහු අතට චරිතය ආවා, රූපගත කිරීම් අතරතුර ඔහුර පපුවේ අමාරුවක් එහෙමත් හැදිලා වැඩ නතර වෙලා තියනවා. ඒ වගේමයි අසහාය නළු මාලන් බ්‍රැන්ඩෝගේත් පොඩි පොඩි අවුල් තිබිලා තියනවා මේ චිත්‍රපටය රූපගත කරන අතරතුරේ.
    ඔය ඔක්කොටම හපන් චිත්‍රපටයේ දාවන කාලය මිනිත්තු 153, දෙබස් ප්‍රමාණයත් එහෙමම තමයි, ඒ වගේමයි කියන සමහර ඒවා පිස්සු හැදෙන දිගයි, සමහර වාක්‍ය ඉවර නොවී උපසිරැස පේලි 4ක් 5ක් පුරා යනවා. ඉතින් එහෙම දෙයක් බාර අරගෙන මෙහෙම ඉවර කල එක බොහොම අගෙයි අනික් මිනිසුන් වෙනුවෙන්. බොහොම අගේ කරනවා. බොහොම ස්තුතියි….!!! හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා මේක අගේ ඇති කතාවක්….

    • තරිඳු මනුප්‍රිය

      බොහොම ස්තූතියි සහෝ දිරි ගැන්වීමට සහ ඔබේ දැනුම බෙදා ගත්තාට 🙂
      අනිවා ෆිල්ම් එක නම් ගොඩක් හොදයි…බාගත්තාට පාඩු නෑ.
      ඔබටත් ජය ………!

  40. නලින්

    ස්තුතියි තරිදු

    • නලින්

      ස්තුතියි තරිදු සහෝ ! අනිවා අපි හැමෝම බැලිය යුතු කථාවක් මෙක

      ස්තුතියි නෙබලපු හැමෝම වෙනුවෙන් මේ මතක් කිරිමට

      ජය වේවා!

    • තරිඳු මනුප්‍රිය

      ජය ………!

  41. me wge 1kata sub dunna 1ka godak watinawa.api dannawa ape sahodara sahodariyo sub denna kochchara kapa kirimak krnawada kyla.ekata hamadamath api naya gathi.subata thanks THARIDU saho.digatama sub denna haki wewa…jayen jaya……………

  42. Saketha Pulasthi

    ‍උ‍ප‍සි‍ර‍සි‍ය‍ට ‍බො‍හො‍ම ස්‍‍තූ‍ති‍යි. ‍පු‍ලු‍වන්‍‍නම්‍ The time machine (1960) / The time machine (2002) ස්‍X‍හ‍ල ‍උ‍ප‍සි‍ර‍සි ‍දෙන්‍‍න‍කෝ.

    • තරිඳු මනුප්‍රිය

      බොහොම ස්තූතියි සහෝ 🙂
      බලමුකෝ 🙂 මට බැරි උනත් වෙන කෙනෙක් හෝ සබ් එක දේවී 🙂

  43. ජනිත ජයසංඛ

    me baana gaman saho….. balalath ekak daaannan aaa JAYAWEWA

  44. Chaminda Lakruwan

    හොදයි කියලා හිතෙනවා අරගෙනම බලමු ස්තුති සහෝ අපි වෙනුවෙන් මහන්සි උනාට මම දන්නවා සබ් දාන එක ලේසි දෙයක් නෙවේ කියලා මාර ගේමක් දෙන්න ඕනේ ඒකට මමත් හිතාගෙන ඉන්නවා සබ් එකක් කරන්න ඒත් ටිකක් වෙලාව මදි අනිවාර්යෙන්ම ලගදීම එක්ක මමත් දෙනවා බයිස්කෝප් එකට ඔබට ජය වේවා…

    • තරිඳු මනුප්‍රිය

      බොහොම ස්තූතියි සහෝ 🙂
      නියමයි සහෝ වෙලාව ලැබුනු ගමන් එකක් කරමු 😉
      ජය වේවා…….!

error: Alert: Content is protected !!