You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , November 12 2019
Breaking News
Home / All / Attack on Titan: Part 1 (2015) with Sinhala Subtitle | මනුෂ්‍යත්වය වැනසීමට යෝධයින්ගෙන් එල්ල වූ ප්‍රහාරයට එරෙහිව [සිංහල උපසිරැසි සමඟ]

Attack on Titan: Part 1 (2015) with Sinhala Subtitle | මනුෂ්‍යත්වය වැනසීමට යෝධයින්ගෙන් එල්ල වූ ප්‍රහාරයට එරෙහිව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 11 votes.
Please wait...

Attack-on-Titan-(2015)

හොඳයි එහෙනම් Sniper: Ghost Shooter (2016) චිත්‍රපටියේදී පොරොන්දු වුණ විදියටම ඉක්මණටම තවත් සුපිරිම චිත්‍රපටියක් අරගෙන තමයි මේ ඇවිල්ලා තියෙන්නෙ.මේක ජපන් චිත්‍රපටියක්.ජපන් චිත්‍රපටියකට උපසිරසියක් කරපු පලවෙනි වතාව තමයි මේ.ඉතාමත් හොඳ මට්ටමේ චිත්‍රපටියක් නිසා තමයි භාෂාව ගැන නොබලා මේක කරන්න ගත්තේ.

චිත්‍රපටිය ගැන කියනවනම් මේක කොටස් දෙකකින් යුක්ත චිත්‍රපටි මාලාවක්.කොහොම වුණත්, පලවෙනි චිත්‍රපටිය තුලින් පලවෙනි කතාව සම්පුර්ණයෙන්ම ඉවර වෙනවා.දෙවැනි කොටසේදී වෙන්නෙ කතාව වෙනත් පැත්තකට ගලා යෑමක්.ඒ නිසා කතා දෙක වෙන වෙනම තමයි ගලාගෙන යන්නේ.ඉතිං, කට්ටියට පුළුවන් පලවෙනි කොටස බලලා හොඳ නම් විතරක් දෙවැනි කොටසත් නරඹන්න.ඒ නිසා පලවෙනි කොටස නරඹන්න ටික දවසක් දීලා දෙවැනි කොටසත් ඉක්මනටම අරගෙන එන්න පොරොන්දු වෙනවා.

මේ චිත්‍රපට මාලාවේ පළමු කොටස නිකුත් වන්නේ 2015 වසරේ අගෝස්තු 1 වෙනිදා.අති දැවැන්ත මුදලක් වියදම් කරමින් පරිඝණක තාක්ෂනය ඉතාමත් ඉහල මට්ටමින් සංකලනය කර තිබෙන මෙම චිත්‍රපටය තිරගතවූ ආරම්භක දිනයේ පටන්ම බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ පෙරලියක් කිරීමට සමත් වෙනවා.ආරම්භක සතිය තුලදීම ඇමරිකානු ඩොලර් මිලියන 5.1 ක මුදලකින් සවිබල ගැන්වෙන මෙම සලරුව, සිය සමස්ථ අදායම් මුදල සනිටුහන් කරනුයේ ඇමරිකානු ඩොලර් මිලියන 30.8 ක් ලෙසයි.එමෙන්ම ප්‍රේක්ෂක මනාපයන් 8000 කට වඩා වැඩි ප්‍රමාණයකින් imdb දර්ශකයේ 5.2 ක් වැනි අගයක් කරා ගමන් කිරීමටත් හැකියාව ලැබිලා තියෙනවා.විශේෂයන්ම කියන්න ඕනේ, ‘ජපනා හපනා’ කියන කියමන සනාථ කරමින් මෙම චිත්‍රපටය තුල ත්‍රිමාණ සජීවීකරණය ඉතාමත් ඉහල මට්ටමක පවතිනවා.චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නැරඹුවොත්, මා කියන දේ සැබවින්ම ඔබට වැටහේවි.

කතාව ගැනත් පොඩි විස්තරයක් කියන්නම්.වසර සියයකට පෙර දැවැන්ත යෝධයින් සමුහයක් විසින් මනුෂ්‍යය වර්ගයා මෙලොවින් තුරන් කිරීමේ අදිටනින් ප්‍රහාරයක් එල්ල කරනවා.මේ හේතුවෙන් අහිමි වූ මිනිස් ජීවිත ප්‍රමාණය සහ සිදුවූ අලාභය ගිනිය නොහැකි තරම්.මේ හේතුවෙන් මනුෂ්‍ය වර්ගයා එකතු වී අහස සිඹින දැවැන්ත ප්‍රාකාර තුනක් ඉදිකරවා තම ආරක්ෂාව සලසා ගන්නවා.මෙම දැවැන්ත ප්‍රාකාර තුන ඉදිකරවා වසර සියයක් ගතවනවා.යෝධයින්ගෙන් කිසිඳු ප්‍රහාරයක් එල්ල වන්නේ නැහැ.වර්තමානය වන විට යෝධයින්ගේ පළමු ආක්‍රමණය පිළිබඳව දන්නා කිසිවෙකුදු හෝ ජීවතුන් අතර පවා නොමැත.එම නිසා ජනතාව මෙම යෝධයින්ව හුදෙක් ජනප්‍රවාදයක් ලෙස පමණක් සිතනවා.නමුත් කිසිවෙකු සිහිනෙන් හෝ නොසිතූ පරිද්දෙන් වසර සියයක අවෑමෙන් පසු නැවතත් යෝධයින්ගෙන් ප්‍රහාරයක් එල්ල වනවා.මේ ප්‍රහාරය කෙතරම් දරුණුද යත්, පළමු ප්‍රාකාරය සම්පුර්ණයෙන්ම විනාශ වී යනවා.දිවි බේරාගත් අතලොස්සක් දෙනා දෙවැනි ප්‍රාකාරය වෙතට පසු බසිනවා.දෙවැනි ප්‍රාකාරය තුලදී මනා ලෙස සංවිධානය වී යෝධයින් හට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමයි මොවුන්ගේ අරමුණ වන්නේ.අති දැවැන්ත යෝධයින් හට සාමන්‍ය මනුෂ්‍යයන් කෙසේ නම් මුහුණ දේවිද….ඔවුන් හට කුමන අන්දමේ අනපේක්ෂිත කරදර උපද්‍රවයන්ට මුහුණ දීමට සිදුවේද….තමනට එරෙහිව සටන් වදින මනුෂ්‍යයින්ට එරෙහිව, යෝධයින් කුමන අන්දමේ ප්‍රතිචාරයක් දක්වයිද….ප්‍රේක්ෂක ඔබ සැමට ඉතිරි සියල්ලා බාරයි.

දෙවැනි කොටසත් ඉක්මනටම අරගෙන එන්නම්. හැමදෙනාටම ජයවේවා….!

Attack on Titan: Part 1 (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

ATTACK ON TITAN PART 1+2 2015 720P BLURAY GANOOL

(ලබා දී ඇති පිටපත තුල කොටස් දෙකම අන්තර්ගත වේ. අවශ්‍යය නම් කොටස් දෙකම හෝ තනි කොටස් වශයෙන් හෝ බාගත හැක.)

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Leave a Reply

42 comments

  1. Thanks for Sub!

  2. Thanks ……………good luck ………………

  3. thanks sub Keata

  4. Thanks for sub..!!!

  5. Thilankadissanayake

    thanks

  6. nuwanlankapriya

    Sub ekata tankzz

  7. THanks bro

  8. elama thanks sub ekata

  9. thank u macho…
    onna banawa
    ela elaaaaaa

  10. me film eka kohomada download kaaganne

  11. අශාන් ලහිරු

    2ට සබ කෝ?????

  12. meake part 2 walatath ikmanata sub 1ka denna sahoooo

  13. ane me film download karaganna hetith kiyannako……kohomada ganne……

  14. attack on titan part 2 ekatath sub eka dennako

  15. Part 2 dapnko bn

  16. උපසිරැසි දෙන්න
    බලන් ඉන්න බැ බොල

  17. සහෝ attack on titan: end of the world උපසිරැසි දෙන්න

  18. attack on titan part 2 ekatath sub eka dennako
    thanks

  19. මේකේ 2 වෙනි කොටස කෝ

  20. මේකේ 2 වෙනි කොටසටත් ඉක්මනටම සබ් එක දාන්න සහෝ…..

  21. දෙවෙනි කොටසේ සබ් එකත් දීපන්කෝ

  22. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  23. ස්තූති යාලෝ

  24. තෑන්ක්ස් සිසිල සහෝ
    ඊලග කොටසත් පුලුවන් ඉක්මනට දාමු…..

  25. පට්ට ෆිලුමක් වගේ ඔන්න බාන්න දැම්මා 2 වෙනි කොටස්ත් ඉක්මනට ඕන
    හොදේ,,,,

    ස්තූතියි සහෝ සබ් එකට
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  26. සබ් එකට තුති සිසිල සහෝ
    මේකේ 2 වෙනි කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා

  27. Sahodaraya torrent file eka ganne kohomada google search kalata enne naane sub ekata bohoma ththi sahodaraya

    • මේ කමෙන්ට් එකේ නම උඩ click කරලා මගේ ෆේස්බුක් ගිණුමට log වෙන්න.
      අවශ්‍ය විස්තර සඳහන් කරලා තියෙනවා.

  28. දෙවෙනි කොටසේ සබ් එකත් දීපන්කෝ මචෝ… පට්ට ‍ෆිල්ම් එක … තැන්ක්ස් මචෝ සබ් දුන්නට!!

  29. Thamk you bro

  30. Udara Damith B\K

    උපසිරැසියට බොහොම
    ස්තූතියි

  31. bohoma sthuthi sahooo

  32. elama thanks.
    godak kal balan hitiya deanakm.
    bohoma pin
    jaya wewa!!!!!

  33. පුදුම සතුටක් දැනුනෙ මේ Attack on Titan: Part 1 (2015) උපසිරැසි කරලා දැක්කම
    පට්ටම ස්තුතියි සහෝ. මේකෙ anime series එකත් සුපිරිම තමා.මේ movie එකට උපසිරැසි දෙනකම්
    බලාගෙන හිටියෙ මාස ගානක් තිස්සේ.part 2 එකටත් ඉක්මනින්ම උපසිරැසි දෙන්න.
    උපසිරැසියට බොහොම තුති.ජය වේවා!

  34. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  35. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ……….

  36. sub ekata thanks saho..

error: Alert: Content is protected !!