Friday , November 27 2020
Breaking News

පොතේ ගුරා

හ්ම්ම්ම්..මා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ විශේෂයෙන්..ටිකක් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක්..ඉතින් ඔයාලටත් ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන වැඩක් ක‍රන්න හිතුව..ඒ සිතුවිල්ලේ ප්‍රතිඵල තමයි මේ!

Action Replayy (2010) Sinhala Subtitles | අරුමයක් නොවුනු කරුමයක්..! [සිංහල උපසිරසි සමඟ]

ඉස්සර කාලේ චිත්‍රපටයක් හදනවා කියන එක එච්චර ලේසි පහසු කාර්‍යයක් නෙවෙයි. එහෙම දේවල් හරියටම කරන්න ඕනේ. ඒ වගේ දේවල් කරල අසාර්ථක වුණු අධ්‍යක්ෂවරුන් නැතුවම නෙවෙයි. අද මම කියන්නේ පුංචි කතාවකින් බොක්ස් ඔෆිස් වාර්තා අතරට ගිය චිත්‍රපටයක්. නම Action Replayy. 70 දශකයේ සිදු වු අපූරු ආදර කතාවක් හාස්‍ය පැත්තට හරවල, මායා …

Read More »

The Mask (1994) Sinhala Subtitles | සාපලත් වෙස් මුහුණ. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්… සුබ දවසක් වේවා හැමෝටම.. ඉස්කෝලේ යන කාලේ බැලුවෙම ඇක්ෂන් ෆිල්ම් (ක්‍රියාදාම චිත්‍රපට) තමයි. ගහගන්න බෝම්බ පුපරන වෙඩි තියන, ඒක එක කාලයක්. ඔහොම ඉන්න අතරේ අපේ ඥාති අයියා කෙනෙක් මේ ෆිල්ම් එක බලපන් ඒක මරු කිව්වා. එතකොට කොමඩි කිව්වම ටිකක් මොකක්ද වගේ. හැබැයි බැලුවට පස්සේ තමයි, අඩේ ඒක මරුනේ කියලා …

Read More »

Tekken (2010) Sinhala Subtitles | ඒකාධිපති පාලනයකට එරෙහිව [සිංහල උපසිරසි සමඟ]

කොහොමද මිත්‍රවරුනි? ඔන්න එහෙනම් සෑහෙන්න කාලෙකට පස්සෙ චිත්‍රපටයකට උපසිරසියක් අරන් ආවා. හැබැයි මේක අළුත් එකක්නම් නෙවේ. 2010 වර්ෂයේ තිරගත උන චිත්‍රපටියක්. ඉතින් කාලෙකට කලින් බලපු මේ චිත්‍රපටය ආයෙම අහම්බෙන් වගේ බලන්න ලැබිලා ඒකෙ උපසිරැසිය තියේද බලන්න සයිට් එකට ආවහම මේකේ සබ් නෑ. ඉතින් ඒ නිසාම මේක ආයේ බලලා ඔන්න උපසිරසි …

Read More »

The International (2009) Sinhala Subtitles | මේක ඇත්තටම ජාත්‍යන්තර ෆිලුමක්!! [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් බයිස්කෝප්වාසී හැමෝටම. ඇත්තටම මේ සබ් එක නම් අහඹු සිදුවීමක්.. මම සාමාන්‍යයෙන් සබ් එකක් කරන්නේ මගෙ හිතට වැදුන, සිංහල සබ්ටයිට්ල් නැති ෆිල්ම් එකක් හම්බුණොත් විතරයි. අන්තිමට සබ් කරපු When Trumpets Fade කියන්නෙත් ඒ වගේ සුපිරි ෆිලුමක්. ඒක ඉවර කරපු ගමන්ම වගේ තවත් සබ් එකක් කරන්න අදහසක් හීනෙකින්වත් තිබුණෙ නෑ. …

Read More »

Perfect Stranger (2007) Sinhala Subtitle | රහස් සඟවන්න මොනව නොකරයිද? [සිංහල උපසිරැසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම. ඉතින් ඔන්න අවුරුද්දකට විතර පස්සේ මගේ 25 වෙනි සබ් එකත් අරගෙන මේ පැත්තට ආවා. සෑහෙන්න කාලෙකට පස්සේ සබ් එකකට අත ගහන්න හිතුණු වෙලාවේ තමයි දැක්කේ මේකට සබ් එකක් දීල නෑ කියල. පරණ වුණත් හොඳ කතාවක් නිසා වැඩේ කරා. ඉතින් Perfect Stranger කියන්නේ 2007 අවුරුද්දේ ඇමරිකාවේ නිකුත් වුණු Crime, …

Read More »

Mr. Brooks (2007) Sinhala Subtitles | නීතියට මගහැරුණු දාම ඝාතකයෙක් [සිංහල උපසිරසි]

2007 වසරේ තිරගත වුන බෲස් ඒ ඊවන්ස් අධ්‍යක්ෂණය කල mr brooks(2007) ඩොලර් මිලියන විස්සක පිරිවැයක් දරා නිර්මාණය කර IMDb දර්ශකයේ 7.3/10 අගයක් ලබා ගනිමින් ඩොලර් මිලියන 48.1 ක ආදායමක් ඉපයීමට සමත් වූ විනාඩි 120 ක ධාවන කාලයක් සහිත සාර්ථක නිර්මාණයක්. මිස්ටර් බෲක්ස් සමාජයේ ජීවත්වන කිසිම දෙයකින් අඩුවක් නැති , සාර්ථක …

Read More »

Evan Almighty (2007) Sinhala Subtitles | නවලොවක් කරා [සිංහල උපසිරසි සමඟ]

කාලයක් තිස්සේ සිංහල සබ් එක්ක ෆිල්ම් බලපු මට ලොකු ආසාවක් තිබ්බා සිංහල උපසිරැසිකරණයේ යෙදෙන්න. සිංහල සබ් එක්ක ෆිල්ම් බලද්දි කල්පනා කරපු දෙයක් තමයි මේවා කෙහොම කරනවා ඇත්ද කියලා.සිංහල උපසිරැසිකරණය ගැන මට පැහැදිලි වැටහීමක් ලැබුනේ බයිස්කෝප් එකේ උපසිරැසි සාදන ආකාරය ගැන කියවද්දි.ඒක හන්දා මාත් හා හා පුරා කියලා ඕන් සිංහල සබ් …

Read More »

Public Enemies (2009) Sinhala Subtitles | දුෂ්ටයෙක්ද? නැත්නම් වීරයෙක්ද? [සිංහල උපසිරැසි සමග]

ආයූබෝවේවා බයිස්කෝප් රසික රසිකාවියනි. හැමෝම පරිස්සමින් ඉන්නවා නේද ? අපේ රටේ වගේම මුලු ලෝකේම තීරණාත්මක වෙලාවක තම තමන් පරිස්සමින් වෙලා අවදානම පහව යනකන් ගෙදරටම වෙලා ඉන්න. ඒ වගේම මේ වසංගත තත්වයෙන් මුලු ලෝකේම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතිං මේ පාර මම ගෙනාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය උන චිත්‍රපටියක්. මේකට …

Read More »

500 Days of Summer (2009) Sinhala Subtitle | නුඹටත් කෙනෙක් හිඳිවී – දවසක සොයාන ඒවී… ❤ [සිංහල උපසිරසි සමඟ]

සුභම සුභ සිංහල හින්දු නව වසරක් වේවා! කොහොමද හැම කෙනෙක්ටම. අපිට උපසිරැසි දෙන්න මග හැරිලා තිබ්බ හරිම අපුරු කතාවක් අඩංගු සිනමාපටයක් අරගෙනයි ඔන්න ආවේ. අපෝ පරණ එකක් වැඩක් නැහැ කියල මග හැරියොත් ඔයාට මග හැරෙන්නෙ ආදරේ ගැන ජීවිතේට කියල දෙන අනර්ඝ පාඩමක්. ඉතිං මේක මේ වෙද්දී බලල තියන අය ඉන්න …

Read More »

Watchmen (2009) Sinhala Subtitles | වීරයන්ගේ එකමුතුවක්, වෙනස්ම අත්දැකීමකට! [සිංහල උපසිරැසි සමඟ]

  එහෙනම් ඔන්න තවත් චිත්‍රපටයක් අරගෙන මුණගැහෙන්න ආවා. නිකන්ම නිකන් ෆිල්ම් එකක් නම් නෙවෙයි ඩීීසි කොමික්වල මීට වසර ගණනාවකට කලින් නිකුත් වෙච්ච ක්ලැසික් චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට මෙතෙක් කල් තිබුනේ වෙබ් අඩවිය පටන් ගත්ත මුල් කාලෙ චිත්‍රපට සම්බන්ධ ලිපි පමණක් පල කාලෙ අපේ ඉසිර සහෝදරයා පල කරපු ලිපියක් පමණයි. ඒකවත් තේරුම් …

Read More »

American Psycho (2000) Sinhala Subtitle | තමන්ගේ අශාවන් වෙනුවෙන් මිනිසුන් මෙහෙම දේවලුත් කරයි.. [සිංහල උපසිරැසි සමඟ] 18+

සුභ දවසක් වේවා! ඔයාල හැමෝටම… මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම.ගොඩ දවසක ඉදං ආසවක් තිබ්බ සබ් එකක් කරන්න ඉතින් මම මුලිම්ම American Psycho කියන මූවි එක තෝරගෙන සබ් කලා… මං මේකට සබ් දෙන්න බාර අරං දැං මාසයක් විතර වෙනව ඒත් හදිසියේ ගමේ යන්න සිද්ද උනා ඒ නිසා සබ් එක දෙන්න ගොඩක් …

Read More »

The Aviator (2004) Sinhala Subtitles | විශිෂ්ඨ අහස්නැවියා [සිංහල උපසිරැසි සමඟ]

ඔස්කාර් සම්මාන 5ක් , ඔස්කාර් නිර්දේශ 6ක් සමග සම්මාන 86ක් දිනපු ඩිකැප්රියෝගේ සුපිරි චිත්‍රපටයක් බලමුද? ඔන්න එහෙනම් සමාවෙන්න ඕනේ හැමෝම බලන් හිටපු චිත්‍රපටයක උපසිරසියක් අරන් ආවා පහුවෙලා හරි. Leonardo DiCaprio ගේ ෆිල්ම් එකක් කියලා කිව්වහම ඉතින් ආයේ කතා 2ක් නෑ මෙතන ඉන්න හැමෝම ආයෙත් මේක බලන එක නම් සිකුරුයි. හොලිවුඩ් …

Read More »

The Fugitive (1993) Sinhala Subtitles | කෙදිනක හෝ සොයා ගනිමි ! [සිංහල උපසිරැසි සමග]

කොහොමද යාළුවනේ ගොඩක් කාලේකට පස්සේ බයිස්කෝප් අඩවියට උපසිරැසියක් ගේන්න තමයි සූදානම් වෙන්නේ. පරිගනකයේ දෝෂයක් නිසා ගොඩ දවසකින් උපසිරැසියක් නිර්මාණය කරන්න බැරි උනා. ඔෆිස් එකේ PC එකෙන් තමයි මේ වැඩෙත් කර ගත්තේ. බොසා මේක දැක්කොත් මාර වැඩේ. 😛 ඉතිං මේ ෆිලුම ගැන මාව දැනුවත් කරේ අපේ බයිස්කෝප් පවුලේ නිරෝෂ් ගුණසේකර සහෝදරයා. …

Read More »

Chaos (2005) Sinhala Subtitles | වෛරසයක් දා ගත්තොත් ගොඩේ ගොඩ! [සිංහල උපසිරැසි සමග]

ලිපිය මලිත් මධුෂාන් ඔන්න එහෙනම් මේ දෙන්න යන්නේ අපේ බයිස්කෝප් එකේ පතාක යෝදයෙක් වෙන රොයිලි අයියගේ ලිපියක් සහිත චිත්‍රපටයක් ගැන මේකට උපසිරස කරන්නේ මම නම් නෙවෙයි මගේ විශ්වවිද්‍යාලයේ සහෝදරියක් තමයි මේකට උපසිරස කරන්නේ මගේ ඉල්ලීමක් නිසා. මොකද අපේ රොයිලි අයියගේ ලිපියක් සහිත සලරුවක් උපසිරස නැතුව තියෙන එක ලොකු අඩුවක් කියල …

Read More »

Cinderella Man (2005) Sinhala Subtitles | කඳුළු මැදින් ඔටුනු පළන් මිනිසෙක්… [සිංහල උපසිරැසි සමග]

ඉතින් යාළුවනේ… මුලින්ම උදාවූ අලුත් අවුරුද්ද හැමෝටම සුබ වේවා කියලා පතනවා. ඉස්සරහට එන ඒ ලෙවල් විභාගයට ටිකක් මහන්සි වෙන්න වුනු නිසා, මගේ 50 වෙනි උපසිරැසියට පස්සේ ආයෙත් උපසිරැසියකට මම අත ගැහුවේ නෑ. ඒත් මෑතකදි Gladiator චිත්‍රපටය බැලුවට පස්සේ, මම Russell Crowe ගේ රඟපෑමට පිස්සු වැටුනා කිව්වොත් හරි. (දැන් ඉතින් කියන්න …

Read More »

Insomnia (2002) Sinhala Subtitle | නින්ද නේන රාත්‍රියේ…… [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඔන්න තවත් Drama, Mystery, Thriller වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකකුත් අරගෙන ආවා. Insomnia (2002) මේක 2002 අවුරුද්දේ වුණත් තාමත් ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඉන්න චිත්‍රපටයක්. ඉහළ ජනප්‍රියත්වයක් කිව්වේ IMDB හි 7.2 ක අගයක් (පොඩි ගාණකින් නෙවෙයි, දෙලක්ෂ පනස්දාහකට අධික users ප්‍රමාණයකින්), Rotten Tomatoes එකේ 92% ක් …

Read More »

Old School (2003) Sinhala Subtitles | නටමුද නියම පිස්සුවක්? [සිංහල උපසිරැසි සමග] (18+)

බයිස්කෝප් අඩවිය වෙනුවෙන් තවත් උපසිරැසියක් ගේන්න තමයි සූදානම් වෙන්නේ, අහම්බෙන් බයිස්කෝප් සයිට් එකේ දැකපු මේ ෆිල්ම් එක බයිස්කෝප් එකේ තිබුනට ඒකට උපසිරැසියක් තිබුනේ නෑ. ඒ නිසා මම හිතුවා මේකට සබ් කරන්න. මේක ඉස්සර බලපු සුපිරි කොමඩියක් නිසා තවත් ආස හිතුනා. පරණ ෆිල්ම් එකක් උනාට නියම එකක්. අයහපත් ආදර සම්බන්ධක් බිඳී …

Read More »

Death at a Funeral (2010) Sinhala Subtitles | මළගෙදර මරණයක් [සිංහල උපසිරසි සමඟ]

කොහාමද යාලුවනේ, මම නාමල් දනුෂ්ක (Monee). ඉතින් මේක තමයි මගේ පළමු සිංහල පරිවර්තන උපසිරැසිය. ප්‍රථමයෙන් මම කැමතියි බයිස්කෝප්lk කාර්යමණ්ඩලය වෙත මෙම අවස්ථාව ලබා දීම ගැන ස්තූතිකරන්න. ඉතින් මේ උපසිරැසියත් සමග මා බලාපොරොත්තු වෙනවා සහෘද ඔබ සමගින් ඉදිරියේත් විවිධාකාරයේ චිත්‍රපට,ටෙලිකතා මාලා සහ තවත් විවිධ දෑ සමගින් සිංහල උපසිරැසියෙන් දායකවීමෙන් නිබදව සම්බන්ධ …

Read More »

The Soloist (2009) Sinhala Subtitles | සවන් යොමනු මැන, සංගීතයට නොව මිනිසත්කමට… [සිංහල උපසිරසි සමඟ]

මම ස්ටීව් ලෝපේස්, වැඩ කරන්නේ ලොස් ඇන්ජලීස් ටයිම්ස් පත්තරේට. ලිපියක් ලියන්න මාතෘකාවක් නැතිව දහඅතේ කල්පනා කර කර ඉන්දැද්දි ඇහුනා වයලින් වාදනයක්. නිකමට ගිහින් බලද්දි තමයි මම ඒ වයලින් වාදකයාව පළවෙනි වතාවට දැක්කේ. යන්න තැනක් නැතුව පාරේ පදිංචි වෙලා ඉන්න, නිකම්ම කළු ජාතික මනුස්සයෙක්. නම නතානියල් ඇන්තනී අයර්ස්. කතා කරනකොට තමයි …

Read More »

The Proposal (2009) Sinhala Subtitles | මෙහෙමත් මගුල්! [සිංහල උපසිරැසි සමග]

ප්‍රධාන සංස්කාරකතුමී – මාග්‍රට් ටේට් ඉස්සරහ දොරෙන් ඇතුළු වෙද්දිම කාර්යාලේ ඇතුළ මීයට පිම්බා වගේ වුනා. ” එයා එනවා” කියන පණිවුඩේ පරිගනක තිරෙන් තිරේට දිස් වෙන්න ගත්තා, මෙච්චර වෙලා අල්ලාප සල්ලාපයේ හිටපු සේවිකාවෝ දෙන්නා ඔලුව නවා ගෙන හෝ ගාලා වැඩ කරන්න ගත්තා. සමහරු කකා හිටපු කෑම එක පැත්තක හංඟල වැඩට බැස්සා. …

Read More »
error: Alert: Content is protected !!