Tuesday , September 22 2020
Breaking News

Avatar: The Last Airbender [S02 : E05] Sinhala Subtitles | අතීත වැ‍රැද්ද [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 3 votes.
Please wait...

අර අනුහස් සහගත ගොහොරු බිමේදී ඈන්ග් තමන්ගෙ ගමනට, අරමුණට අදාල වටිනා කියන පාඩමක් ඉගෙන ගත්තා. ගහ කොළ – සතා සීපාව එකිනෙකා අදිසි හුයකින් එකිනෙකා හා බැඳී ඇති බව ඈන්ග්ට පසක් වුණා. ඒ විතරක් නෙමෙයි. මහ පොළවේ හැමදෙයක්ම පුංචිම පුංචි දේක ඉඳං මහා දැවැන්තම දේ වෙනකම් හැමදෙයක්ම එකට බද්ධ වෙලා තිබෙන බව ඔහුට පැහැදිලි වුණා. ඒ අතරට මිනිසාත් ඇතුළත්. ජාති ආගම් කුල මල කිසිවකින් තොරවම. ඇන්ග්ට ඒ දේ පැහැදිලි වුණා විතරක් නෙවෙයි ඔහුට ඒ දේ දැනුණා. ඒත් කටාරා සහ සොකා අතීත හිත මායාවකින් වගේ දකිද්දි ඈන්ග්ට පෙනුණ දේ නම් තවමත් අභිරහසක්.

මේ පාර කට්ටිය එක දූපතකට ගොඩබහිනවා. ඒ දූපතේ අවතාර් දිනය ලෙසින් නම් වුණු මහා උත්සවයක් පැවැත්වෙනවා. ජීවමාන අවතාර් වන ඈන්ග්ට ගරු සත්කාර කරන්නටනම් නොවෙයි. කොටිම්ම මේක ගරු බුහුමන් පුදන්නට කෙරෙන කටයුත්තක් පවා නෙමෙයි. මේක කරන්නේ අවතාර්ට නිග්‍රහ පිණිසයි. හේතුව මේ දුපතේ අනාදිමත් කාලයක පටන් පැවත එන එක්තරා පුරාවෘත්තයක්. අග්නි ජාතික කුමරිය ඇතුළු හඹා එන්නන්ගෙන් මුවාවක් සොයන අවතාර්ට මේකනම් ළය හෑල්ලු කරවන තැනක් නෙමෙයි. මේ මිනිස්සු මහ අමුතු මිනිස්සු වගයක්. බාගෙට පිස්සුයි. මේ අය අවතාර්ව අල්ලගෙන; කළ අතීත වැ‍රැද්දට දැන්වත් දඬුවම් කරන්ඩ උත්සාහයක් ගන්නා අතරේ මේකෙන් ගැළවිළා නමත් ශුද්ධ කරගන්ඩ අවස්ථාවක් ඈන්ග්ට හිමිවෙන්නෙත් හරි අපූරු විදිහකටයි!!! 😀

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30

Previous BT1

All BT1

Next BT1

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

22 comments

  1. ස්තුතියි උපසිරැසියට සහෝ

  2. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  3. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  4. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

  5. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා 😛 😛

  6. niyamai niyamai….

  7. thankz………..

  8. mudiya / මුදියා

    නියමයි නියමයි.එක දිගටම දෙන්න.ජයවේවා.බොහෝ………………………………ම ස්තූතියි…!

  9. “චූටී මල්ලි”

    එල සහෝ
    තෑන්ක්ස්

  10. elama thama machan

  11. maxxxa cartoon akak

  12. niyamai saho…….comment adu una kiyala ganan ganna epa saho,meka balana aya dannawa saho meka pattama 1k kiyala…

  13. එළකිරි මචං ජය වේවා!

  14. නියමයි සබ් එක ගත්තා 🙂

  15. elakiri thawath akaka deela…jaya

  16. patta machan 🙂

error: Alert: Content is protected !!