අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Avatar: The Last Airbender [S03 : E08] | ලේ හොල්ලන මැහැල්ල [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 9 votes.
Please wait...

Avatar The Last Airbender  (9)

අනෙ අම්මේ… ගිය පාර සෙල්ලම් ලෙල්ලම් වෙලා කට්ටියම අර කුම්භස්තල ප්‍රහාරකයගෙන් බේරුණේ අනූ නමයෙන්. තව ඩිංගෙන් මිනිහගේ අරමුණ ඉ‍ටු වෙලා මුළු ගැළවුම් කණ්ඩායමම ලෝකයෙන් තුරන් වෙලා යන්ඩත් ඉඩ තිබුණා. ඔබටත් මතක ඇති මේ ඝාතකයා යෙදෙව්වේ සූකෝ කුමරු බව. ඒ ඔහු තමන්ගේ මව් උරුමය ගැන දැනගන්නට කලියෙනුයි. ඔහු තමන්ට භාරදුන් වැඩේ අකුරටම ඉ‍ටු කරන මිනිහෙක් නිසා දු‍ටුව නේද ඝාතකයා මේ අයව තමන්ගේ අරමුණ වෙනුවෙන් පාවිච්චි කරපු හැටි. කොහොමවුණත් ඒ වැඩේ හරිනොගියැයින් අන්තිමේ කට්ටිය යන්තම් ගැළවුණා! එහෙම ඔහුගෙන් ගැළවිලා යන මේ අය දැන් යන්නේ කඳුකර ප්‍රදේශයකට. මේක මහ අමුතු ගුප්ත පෙදෙසක්. ටෆ්ට අමුතු අමුතු දේවල් දැනෙනවා පොළොව අස්සෙන් ඇගේ දෙපතුළට. මිනිසුන්ගේ වැළපීමක්. මහ පොළව පත්ළෙන්. ඒක කොහොම වෙන්ඩද? පොළව යට කොහෙද මිනිස්සු? ඇරත් එහෙම හිටියත් ඒ අය නොසෙල්වී හිටිවනම හිටීවිද; මෙතන මොකක්ම නමුත් රහසක් නොමැතිනම්? ඒ අතරේ ඔවුනට අහන්නට ලැබෙන අද්භූත කතා නිසා මේ අයට මේ ගැන සොයා දැනගන්ඩ පුදුම තරමේ කුතුහලයකුත් තියෙනවා. එනිසා ඔවුන් තීරණය කරනවා කැලයේම ‍රැය ගෙවන්නට. නමුත් ගම්මුන් කිසිවෙකුන්ගෙන්වත් මීටනම් අනුබලයක් ලැබෙන්නෑ. මේ ගම්මු සඳ ඇති දාට කිසිම හේතුවකට කැලයට යන්නේ නෑ. මිනිසුන් අල්ලා බැඳගන්නා යද්දෙස්සියක් ගැන ඔවුන්ගේ සිත් තුළ පවතින ඉමහත් භීතිය තමා මීට හේතුව. ඒ බව දැන දැනත් අවතාර් ඇතුළු පිරිස කැලයේම ‍රැය ගෙවන්නට සැරසෙද්දී කොහෙන්දෝ මන්දා එන මැහැල්ලක් ඔවුන්ගේ කඳවුරට එනවා. ඇය ජල ගෝත්‍රිකයෙක් බවයි පවසන්නේ. කටාරා හමුවීම ඇයට නිධානයක් වැනියි. මොකද තමන් ස්වෝත්සාහයෙන් කැපවීමෙන් ප්‍රගුණ කළ අමුතුම හැකියාවක් ඇයට පවරා දෙන්නටයි මේ මැහැල්ලගේ අදහස. මේ අමුතු හැකියාව නිසාම දිවි ගළවා ගත් තමන්ගෙන් පසුව, මෙය අභාවයට යා නොදී කිසිවෙකුට දායාද කර දීමයි ඇගේ එකම පරම අරමුණ. මේ නරුම හැකියාව කටාරාට ලබා දෙන්නට ගන්නා ඇගේ උත්සාහය කෙබඳු වේවිද? එය ප්‍රතික්ෂේප කරන කටාරාට එය ප්‍රගුණ කිරීමම හැර වෙන විකල්පයක් නොතිබේවිද? අවසානයේ කවුරුන් ජයගනීවිද?

ලිපිය: උදා

Avatar: The Last Airbender (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4569ddbc22a261f6969600fdaae1544c56e0329c

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                                                                                Next Episode >>

 

31 thoughts on “Avatar: The Last Airbender [S03 : E08] | ලේ හොල්ලන මැහැල්ල [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️

    Reply
  • උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • ස්තූතියි පුබුදු.සිංහල සබ්වලටත් ස්තූතියි.

    Reply
  • බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ගොඩක් ස්තූති යාලූ…. ගිය සතිඅන්තෙ ඔයා සබ් අරන් ආවෙ නැත්තෙ ඇයි යාලූ…. මම ගොඩක් බලන් හිටියා…. මේ සතිඅන්තේ තව සබ් ගේනවා නේද අපට බලන්න….

    Reply
  • Adoooooooooooooooooooo niyamay thanx machan
    maga balan hituye enakam.
    thanx boss

    Reply
  • thanakzzz ekmanata ethuro tikatha damu

    Reply
  • niyamai niyamai…,
    bohoma stuti saho.. .

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. අතඅරින්නෙ නැතුව දිගට සබ් දාමු. ජයවේවා!

    Reply
  • THANKS BROTHER……….

    Reply
  • poddak parakku una thamai…ekata kamak na.thanx hode

    Reply
  • Thanx. anith awath ikmanata denna.!

    Reply
  • එලම කිරි කොල්ලා නියමයි ඉතිරි සබ් ටිකත් පරක්කු නොකර දාන්න මන් ඔයාට සුභ පතනව!!!

    Reply
  • pattttttaaaaaaaaaaaaaaaaa

    Reply
  • niyamiiiiii
    kavada game of thorens season 3 eka episode 6 ekata sub denne

    Reply
  • ගෙදර යන්න ඔන්න මෙන්න තියෙද්දි මේ දීල තියෙන්නෙ සුපිරිම කාටූන් එක.නියමයි පුබුදු.ජයවේවා.බොහෝ…………………………….ම ස්තූතියි…!

    Reply
  • meyka anakm unne digatama denna jayama wewa!

    Reply
  • තෑන්ක්ස් වේවා!

    Reply

Leave a Reply to රොයිලි Cancel reply

Your email address will not be published. Required fields are marked *