Friday , December 4 2020
Breaking News

Ayyanar (2010) Sinhala Subtitles | දෙවියන් එක්ක හැප්පෙන්නේ බලාගෙනයි [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.9/10. From 14 votes.
Please wait...

සුබ දවසක් යාළුවො හැමෝටම. හැමෝම සතුටින් ආරක්ශා කාරීව ඉන්නව ඇති කියල හිතනවා. මොකද කිවුවොත් මේ දවස් වල රටේ ත්තවය ගොඩක් දරුනු වෙලා තියෙන්නේ. කොරෝනා ව්‍යාප්තිය නිසා. ඒ නිසා තමන්ගේ ආරක්ශාව සහ පවුලේ ආරක්ශාව අවට අයගේ ආරක්ශාව ගැන හිතලා අපි නිතරම හොද සෞක්‍ය පුරුදු පිලි පදින්න ඕනි.

ඔයාලට එක දිගට මම උපසිරැසි 2ක් අරන් ආව වගේම . අද ඔයාලට එක දිගට 3වෙනි උපසිරැසියත් දෙන්නයි යන්නේ. මම මගේ නම වෙනි උපසිරැසිය ඔයාලට දෙද්දි මතකද සදහනක් කලා ඊලගට අරන් එන්නේ තමිල් උපසිරැසියක් කියලා. කිවුවා වගේම ඔන්න ඉක්මනටම සතියක් ඇතුලත මගේ 10 වෙනි උපසිරැසියත් අරන් අවා. මෙ පාර මම ඔයාලට ගෙනාවේ 2010 තිර ගත උන (Ayyanar) චිත්‍රපටියේ උපසිරැසිය. 2010 දෙසැම්බර් 10 තමයි මුල් වරට චිත්‍රපටිය තිර ගත කරලා තියෙන්නේ. පැය දෙකයි විනාඩි පහක් පුරාවට දිවෙන මෙමෙ චිත්‍රපටිය ( Action, Drama) ගනයට තමයි අයිති වෙන්නේ. (imdb 3.9) අගය නම් ගොඩක් අඩුවෙන් තමයි ලැබිල තියෙන්නේ.

ප්‍රධාන නළුවා විදිහට මෙම චිත්‍රපටියේ රග පාන්නේ අපි කවුරුත් දන්න 2016 තිර ගත උන අල්ලු අර්ජුන්ගේ සරයිනෝඩු චිත්‍රපටියේ දුශ්ඨයාගේ චරිතයට පන පොවපු ආදි තමයි. 

හරි කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්. ප්‍රභා කියන්නේ (කතාවේ ප්‍රධාන චරිතය) දක්ශ වොලිබෝල් ක්‍රීඩකයෙක්. බොහොම සතුටින් දෙමව්පියන් එක්ක ජීවත් වෙනවා. රැකියාවක් නොකරන නිසා අතේ සතේ නැහැ, අම්ම තමයි ප්‍රභාට හැම දේම. ඔහුට තව සහෝදරයෙක් ඉන්නවා. ඔහු දිල්ලි වල රැකියාවක් කරනවා. ඔහු මුදල් උපයන නිසා ගෙදර අය ප්‍රභාට වාඩා මල්ලිට කැමතියි. අම්ම ප්‍රභාට වැඩි පුර ආදරේ නිසා මල්ලිට අයියා ගැන ඉරිසියාවක් ඇති වෙනවා. නිතරම රන්ඩු කර ගන්නවා. ඔය අතර දවසක් ගෙදර සල්ලි වගයක් නැති වෙනවා. ප්‍රභා අරන් කියලා ඔවුන් දැන ගන්නවා. එදින අයිය මලෝ දෙන්නා ටිකක් රන්ඩු කර ගන්නවා. කේන්තිය නිසා මල්ලිව මරනවා කියලා තර්ජනය කරනවා. එක පාරටම දිල්ලි වල ඉන්න මල්ලිව කවුද පිරිසක් මරල දානවා. කවුද මල්ලිව මැරුවේ. ඇයි මරන්න හේතුව. මොකටද මැරුවේ කතාව උඩු යටිකුරු වෙනවා. ප්‍රභා මැරුවා කියල හැමෝම විශ්වාස කරන්නේ. ප්‍රභාට ඇත්ත හොයා ගන්න පුළුවන් වෙයිද. දෙමව්පියන්ගේ ආදරය නැවත ලබා ගන්න පුළුවන් වෙයිද. ඉතුරු ටික දැන ගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා. ලස්සන කතාවක්.

එහෙනම් යාළුවනේ ගිහිල්ල එන්නම්. 2002 වසරේ තිර ගත උන සුපිරි හින්දි චිත්‍රපටියක් අරන් ඔයාල ගාවට ඉක්මනට එනවා. එතෙක් හැමෝම පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න.

ජය වේවා හැමෝටම….🙏🙏🙏
කොරෝනා වැලදුන සියලුම ලක්වාසී අපේම සහෝදර සහෝදරියන්ට ඉක්මන් සුවය ලැබේවා කියල බයිස්කෝප් අපි හැමෝම හදවතින් ප්‍රාර්තනා කරනවා.!!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Youtube හී පැය1 යි විනාඩි 45යි තත්පර 22 පිටපතට අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සම්පත් විජේසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-06-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Banshee [S04 : E01] Sinhala Subtitles | හැමදේම වෙනස් වෙලා [සිංහල උපසිරසි සමඟ] (18+)

කොහොම හරි බැන්ෂී අන්තිම සීසන් එකටත් අපි ආවා. කලින් සීසන් තුන එක දිගට දුන්නා වගේම …

Leave a Reply

Your email address will not be published.

6 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. thanks..

  3. Thanks machan supiri film ekak meaka sub labenakan thama balan hitiye ela…

  4. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  5. Buddhika Lakmal

    thanks for the sub machan

  6. Sub ekata thanx

error: Alert: Content is protected !!