අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Badlapur (2015) | පලිගැනීම ජිවිතයේ එකම අරමුණ වූ විටක..!! (50) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 11 votes.
Please wait...

Badlapur (2015)

50 යි බොහොම ස්තුතියි!!

අද නම් හුගක් සතුටු දවසක් මට, බයිස්කෝප් සිංහලෙන් අඩවියේ 50 වෙනි උපසිරැසිය  පසුකරන 22 වෙනියා වගේම ලබාලම සමාජිකයත් වෙන්නේත් මම. සිංහල උපසිරැසි කරන්න පටන් ගත්තේ නම් මෙතනට එන්න හිතාගෙන නෙමේ ඉඳලා හිටලා සබ් එකක් දෙකක් කරලා පාඩුවේ  ඉන්නම් කියලා, එත් ඉතින් හැමෝටම වගේ මටත් විකියගේ ඇහැ වැටුනා ආයේ ඉතින් වෙන දේ කියන්න දෙයක් නැනේ, එකක් ඉවර කරගන්න දෙන්නේ නැ”මල්ලි නියම ෆිල්ම් එකක් ඇවිත් කරමුද.??” ඕක තමා අපේ විකියාගේ වදන උනේ. මම මුලින්ම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියත් එක්ක එකතු උනේ 2013 දෙසැම්බර් 28, Mere Brother Ki Dulhan  ෆිල්ම් එකට සිංහල උපසිරැසි ලබාදීමත් එක්ක, අවුරුදු එකයි මාස හතරක් වගේ කාලයක් ගියා මුල් කඩයිම පසු කරන්න මේ වෙනකොට හින්දි ෆිල්ම් 23ක්, දෙමල/තෙලිගු 5 ක්, ඉංග්‍රීසි 3ක් සහ රුපවාහිනි කතා කොටස් 18 ක් උපසිරැසි ගන්වලා තියනව. වැඩිය කියන්න දෙයක් නැති උනාට මතක් කරන්න ඕනේ අය නම් කිහිප දෙනෙක්ම ඉන්නවා.

“හේවා ලුණුවිලගේ ආසිරි ප්‍රියන්ත” (ඔන්න නම බාගෙට කිවයි කියලා බැන්නොත් එක නිසා ඔක්කොම ටික කිවා හෙවෝ.) මෙයා නොහිටින්න මම අදටත් උපසිරැසියක් බාගෙන ඔහේ කොමෙන්ට් එකක් කොටාගෙන ඉන්න තිබ්බා, මම ඉතින් ඉස්සර ඉඳන්ම හින්දි ෆිල්ම් වලට වැඩි කැමැත්තක් දක්වපු කෙනෙක් ඉතින් හින්දි නම් හේවා කියන්න හැමෝම දන්න එකේ හේවා දෙන කිසිම සබ් එකක් අතෑරියේ නැ, සහ හින්දි ෆිල්ම් වල ලින්ක් දිදී සබ් දෙන්නකෝ කියලා වද දීලා ඇති මතක නැති වාර ගානක්. ආසිරි අයියට මගේ කරදරය ඉවසගන්න බැරිම තැනද කොහෙද මැසේජ් එකක් දාලා තිබ්බා. “මල්ලි ඔයත් සබ් එකක් කරන්න, හැකි විදිහකට මමත් උදව් කරන්නම්. “ඔන්න ඔය වචනේ නිසා තමා මම මේ කොටි වලිගෙ හිර වෙලා ඉන්නේ. හැබැයි ඉතින් කිවා වගේම එදා ඉඳන් අද වෙනකම් බැ කිය කියා හරි හදිසියේ උදව්වක් ගන්න ඕනේ උනොත් හේවා ඉන්නවා, උදව් කරනවත්.

“හසන්ත අයියා” හසන්ත අයියව අදුරගත්තේ එයා උපසිරැසි කරපු ටුමාරෝ පීපල් කතා මලාව නිසා. ඒ දවස් වල පිස්සුවෙන් වගේ බලපු කතාවක් තමා එකත් උපසිරැසි දවසක් පහු උනානම් මැසේජ් එකක් දානවා අයියේ සබ් දෙන්න නැද්ද..? උපසිරැසි කරන්න පටන් ගත්තු කාලෙම වැරද්දක් තිබ්බොත් අනිවා ඉතින් පෙන්වලා දෙන්නේ මෙයා තමා, සහ නොදන්නා දේවල් හුගක් කියලා දීලත් තියනවා අදටත් එහෙමයි. මෙයත් විකියා වගේ තමා කාලයක්, හින්දි ෆිල්ම් එකක් අවොත් මල්ලි අලුත් ෆිල්ම් එකක් ඇවිත් කරමුද. (දැන් නම් කියනවා අඩුයි, අපිත් එක්ක අමනාප වෙලාද මංදා) කවදාවත් බැ කියලා නම් නැ ඉතින් මම හැකි හැම වෙලේම අහපු ඒවා කරලා තියනවා.

“ශාන් විමුක්ති(විමා)” දැන් වැඩිය පෙන්න නැත්තේ දැන් මිනිහා පවුල් කාරයනේ,  😛  මෙයත් නොදන්න දේවල් වලට හුගක් උදව් කරලා තියනවා. “නලින් පෙරේරා” මෙයානෙ අපේ සයිට් එකේ නිල ග්‍රැෆික් නිර්මාණ ශිල්පියා, මාව ලොකු අමරුවකත් දැම්මා ටීවී සිරිස් එකක් පටවලා එත් කියන පමාවට ඕනේ දෙයක් කරලා දෙනවා, හරිම නිශ්ශබ්ද හිත හොඳ කෙනා. “නිර්මාණි විජේසිංහ”මෙයාගෙන් සත්තුන්ට නම් පොඩ්ඩක් අපලයි  😛  😛  මාවත් හුගක් ලොකු කරදර වලින් බේරාගෙන තියනවා, 24 කතාමාලාවේ ඕනෑම හදිසියක් උනොත් මුලින්ම හෙල්ප් කරන්න ඉන්නේ මෙයා තමා.

“සමීර චතුරංග” සමීර අයියා ගැන නම් කියන්න දේවල් හුගයි, හරිම හිත හොඳ චරිතයක්, හැබැයි ඉතින් කට කෑවත් කියන්න තියන දේ මුනටම කියලා දානවා, උපසිරැසි වලට විතරක් නෙමේ පුද්ගලික ජීවිතයටත් අමතක නොවන උදව් කිහිපයක් කරපු කෙනෙක් බොක්කේ ෆ්‍රෙන්ඩ් එක වගේ කෙනෙක්, එත් මේ ටිකේ පොඩ්ඩක් තරහින් වගේ ඉන්නේ මොකෝ එයා මේ ෆිල්ම් එක කරමු කියන්නේ දැන් මාසෙක විතර ඉඳන්, මම දිගටම වැඩේ පස්සට දදා දදා හිටපු නිසාද දන්නේ නැ. ඕනේ දෙකට පැය විසිහතරේම හෙල්ප් එක. මම මෙච්චර ඉක්මනට 50 වෙනි උපසිරැසිය කරන්න මෙයත් එක හේතුවක්.

“රොයිලි අයියා, වාසල අයියා, යශෝද ශ්‍රීමාල්, බ්ලැක් පැන්තරයා, සුරේනි අක්කා, ඇතුළු බයිස්කෝප් පවුලේ හැමෝටම බොහොමත්ම ස්තුතියි.  බයිස්කෝප් අඩවිය නිසා ලැබුණු දේවල් බොහෝයි, ඒ අතර ප්‍රධාන තැනක් තියෙන්නේ මේ නම් කිව, නොකිව මිත්‍රයෝ ටික. හැමෝවම ආදරයෙන් මතක් කරන්නේ සහ මගේ හැම උපසිරසියකටම මොහොතක් නතර වෙලා අදහසක් දක්වපු සියලුම දෙනවාත් ආදරයෙන් මතක් කරනවා. හැමෝටම බොහොමත්ම ස්තුතියි.

50 වෙනි උපසිරැසියට ෆිල්ම් එකක් හොයාගන්න මාසයක් විතර කට්ට කළා තමා මේක කරන්න හම්බ උනේ ඉතින් මේක කරන්න මට ඉඩදුන්නු සමීර අයියට බොහොම ස්තුතියි.

Gayan 50 wish

හිතන්නකෝ අවුරුදු 22 දී කසාද බදිනවා කෙල්ලට අවුරුදු 21 ලස්සන කොලු පැටියෙකුත් හම්බ වෙනවා,කාටවත් කරදරයක් නොවී ගෞරවයෙන් සතුටින් ජිවත් වෙන අතරේදී කාලකන්නි බැංකු මංකොල්ල කාරයෝ දෙන්නෙක් අතින් තමන්ගේ මුළු ලෝකයම වෙලා හිටිය ආදරණිය බිරිදවයි තමන්ගේ ලෙයින් උපන් කොලු පැටියයි මිය යනවා,කොයි තාත්තටද ඉවසන්න පුළුවන්, රඝු කියන්නේ ඒ වගේ ඛේදවාචකයකට අසු උන කෙනෙක්,ලයික් සහ හර්මන් කියන පුද්ගලයන් දෙන්නා පුනේ වල බැංකුවක් කඩනවා, ඔව්න් පැනලා යන්න භවිතා කරන්නේ මිෂා සහ ඇයගේ පුතා රොබින් කඩ මන්ඩියට ගිහින් ඉන්න වාහනය. ඉදිරි අසුනේ ඉන්න රොබින් මේ කලබගෑනිය අතරේදී වාහනයෙන එලියට වැටෙනවා ඒ වියරුවෙන් කෑ ගහන මිෂට ලයික් විසින් වෙඩි තබලා ඝාතනය කරනවා. පොලිසියට අහු වෙන්නේ ලයික් පමණයි හර්මන් පැනලා යන්න සමත් වෙනවා,ලයික් කියාසිටින්නේ හර්මන් මොවුන්ව මැරුවා කියලා එකත් ඔහුගේ නමවත් නොකියා බොරු නමක් කියමින්,ඒ වරදට ඔහුට අවුරුදු විස්සක සිර දඩුවම් නියම වෙනවා.නමුත් රඝු හෝ පොලිසිය දන්නේ නැ මිෂා සහ රෝබින්ව මැරුවේ ලයික් කියන එක,තමන්ගේ ආදරණිය බිරිද තමන්ගේ දෑස ඉදිරියේ මිය යනවා බලාගෙන ඉන්න රඝුට ඊළඟට දකින්න ලැබුනේ ඔවුන්ගේ දරුපැටියා මොචරියේ ට්‍රොලියක් උඩ කෑලි වලට කපලා,ආයෙම එකතු කරලා තියනවා,ඔහුගේ සිතට ආපු වේදනාව,ආවේගය අපිටත් දැනෙන්න පුළුවන්, ඒ වගේ ආවේගයකින් ඉන්න ඔහු අවුරුදු 20 ක් කාලයක් බලාගෙන ඉන්නවා තමන්ගේ පලිය ගන්න, ලයික් ගෙන් ඔහුගේ අනිත් හවුල් කාරයාගේ නම දැනගන්න.නමුත් අවුරුදු 15 වකට පස්සේ ලයික්ට පිළිකාවක් වැළදෙනවා.නමුත් ඔහුට හිරෙන් නිදහස් වෙලා එලියට එන්න නම් රඝු විසින් ඔහුට සමාව දෙනවා යනුවෙන් උසාවියට ලියුමක් ඉදිරිපත් කරන්න ඕනේ…ඔහු එහෙම ලියුමක් දෙනවා..ඒ මොකටද..? ඔහුගේ ඇත්තටම අදහස මොකක්ද..?ලයික් මොකටද තමන්ගේ හවුල් කාරයව පාවලා නොදෙන්නේ..?රඝු ඔහුගේ පලිගැනීම වෙනුවෙන් කොතරම් දුරක් යයිද..? මොන මොන දේවල් කරයිද..?ඔහුට ඔහුගේ පලිගැනීම සපුරගන්න හැකි වෙයිද..?

මේ බිදුණු පියාගේ,සැමියාගේ චරිතය නිරුපනය කරන්නේ-ප්‍රේමවන්තයාගේ චරිතයට, සෙල්ලකාර කොල්ලගේ චරිතයට රගපාපු Varun Dhawan පාපතර බැංකු මංකොල්ලකරුවා ලයික් ලෙසින් – Nawazuddin Siddiqui මියගිය රඝු ගේ බිරිද ලෙසින්- Yami Gautam 2014 වසරේ තිරගත උන ෆිල්ම් වලින් දෙවැනි වැඩිම ආදායම සහ ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගත් චිත්‍රපටයක් තමා බද්ලාපුර් කියන්නේ, මගෙත් ප්‍රියතම නළුවෙක් තමා Nawazuddin Siddiqui කියන්නේ ඔහු චරිතාංග නළුවෙක් විදිහට ඔහුගේ චරිතයට ඉහලම  සදාරණයක් ඉෂ්ඨ කරලා තියනවා, ඊට නොදැවෙනි රංගනයක නිරත වෙනවා වරුන් ධවන්.

එහෙනම් හැමෝම බලන්න කියලා අරාධනා කරනවා පුරුදු විදිහට අදත් යමින් ගමන අදහසක් දක්වලා යන්න අමතක කරන්න එපා, ලිපියේ අවුලක් වගේ තියේ නම් සමාවෙන්න ඕනේ මේ ටික ලියනකොට පාන්දර 5 උනා… එහෙනම් හැමෝටම සුභ දවසක්, තවත් උපසිරසියකින් හම්බ වෙමු. ජය!!.

 

Bang Bang (2014) on IMDb

 

 

450 MB (720p DVD x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

5B090B43D23C57C532EC127DAD170B114E517FD8

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

F9C0AA69DD4472451385464FDEE5CE89EE507AE7

1.2 GB (720p DVD) කොපිය මෙතනින් බාගන්න

051B501FB29F951BA84828262A8662E98FB8814

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

116 thoughts on “Badlapur (2015) | පලිගැනීම ජිවිතයේ එකම අරමුණ වූ විටක..!! (50) [සිංහල උපසිරැසි සමඟ]

  • 1080p ekata set wena ekk nedda

    Reply
  • Thanks for subtitles.jaya wewa yaluwa…

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝ.. මේක WEBRip එකටත් ගැලපෙනවද ?

    Reply
  • Mahan meka extract karanna password ekak illanawane danna kenek password eka dennako plz

    Reply
  • aiye puluwannam “The unit” 1e sub dennako plz*********************

    Reply
  • Tho ponnaya. Chicago pd bageta karala nawaththala demma.

    Reply
  • හපොයි ගයාන් මලේ
    කලින් දාපු කමෙන්ට් එක වැටිලා නැහැ නොව
    සමාවෙයන් හොදටම
    ලිපියෙන් පවා මද පාරක් දීගෙන හරි මාව මතක් කොරලත් මම කමෙන්ට් එකක් දාල නැහැ කියල උබ කියනවා ඇති දැන් 🙁
    අයෙමත් සමාවෙයන්
    බයිස්කෝප් සැට් එකේ ඉක්මනට හිතවත් වෙච්ච තව කෙනෙක් තමා ඉතින් ගයාන් රූකාන්ත කියන්නේ 😉
    උබේ පලවෙනි ෆිල්ම් එකේ ඉඳල ෆිල්ම් සැට් එකක් බලල තියේ
    පනහ කරපු ගමන් සද්ද නැතුව ඉන්න එක ඉතින් හොද නැහැ නොව තව ඉස්සරහට යමු නේද කොල්ලෝ
    ජය වේවා!

    Reply
  • හොඳටම පරක්කු උනත් හදවතින්ම සුබ පතනවා ගයාන් මලේ

    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • suba pathum gayan ….god bless !!!!!!!!

    Reply
  • mchan puiuwannam kiyanawada chicago pd season 2 ithuru tikata sub denawada kiyala
    dn sahena kalayak wenawa sub dena eka nawathila

    Reply
  • Good Luck Machan.. Rajathandhiram (2015) Film ekatath sub karanna puluwan nan… hodama film ekak

    Reply
  • thank you very much bro,,

    Reply
  • 100 වෙනි කමෙන්ටුව මගෙන්!
    බොහෝම ස්තූතියි උපසිරැසියට…
    ඒ වගේම 50 වෙනි උපසිරැසියට සුභපතනවා.
    දිගටම මේ වගේ උපසිරැසි කරන්න
    ශක්තිය ලැබේවා!

    Reply
  • අඩේ මචන්ලා මගේ mx player එකෙ මේ film එකේ sub පෙන්නන් නෑනේ.. කොටු කොටු වැටෙන්නෙ.. iskpotha ෆොන්ට් එකත් තියෙනවා. Sub එකත් හරියටම එකම folder එකකට දාලා තියෙන්නේ. මට ඒක හදා ගන්න විදිහ කියන්නකො

    Reply
  • එල මචන්.සුභ පතනවා.. ජයවේවා !

    Reply
  • ගොඩක් ස්තූතියි.. ජය වේවා…!

    Reply
  • ගොඩක් ස්තුති කල දේට සහෝ ගොඩක්…..

    Reply
  • Chicago PD S 02 eke ithuru tika danne nadda mchn

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…

    Reply
  • 50 උපසිරැසියට උණුසුම් සුභපැතුම් සහෝ,තවත් දිගටම සබ් දෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා…මම තමා අන්තිමයාගෙන් පලවෙනි කමෙන්ටුව දැම්මේ.ඒ හින්දා අවුලක් නැහැ නේ .එල වැඩක් ඈ……:D

    Reply
  • ME FILLM EKA KMP PLAYER EKE PLAY WENNE MP 3 WIDDIYATANE MOKADA KARANNE

    Reply
    • ඔයා බාගත කරේ 450 පිටපත නම් තමා එහෙම වෙන්නේ.
      එක හරියට ප්ලේ වෙන්න නම් ඔයාගේ මිඩියා ප්ලේයර් එක අප්ඩේට් කරන්න ඕනේ.
      KMP අලුත්ම වර්ෂන් එක දාගන්න,http://kmplayer.en.softonic.com/download

      Reply
      • Ponnaya.. Chicago pd bageta karala nawaththala demma. Kalakanniya

        Reply
  • 50 ta suba pethum!!!

    Reply
  • 50 weni sub ekata unusum suba pathum machan !!!. 100th ikmanatama karanna labenna kiyla prarthana karanawa.

    Reply
  • මම නම් වැඩිය හින්දි බලන කෙනෙක් නම් නෙමෙයි.
    ඒත් සහෝගේ උපසිරැසි කිහිපයක් අතරින් පතර බලලා නම් තිනෙවා.
    කියන්න දෙයක් නෑ ඉතිං ඒවා ඇල්වතුර වගේ දිරෙව්වා. 🙂 🙂 😉

    හින්දි ෆිල්ම් ගහන කෙනෙකුට 50 කියන්නේ එසේ මෙසේ කඩඉමක් නෙමෙයි.
    ඇයි ඉතිං කොච්චරක් කියලා ලයින් තියෙනවද.

    ඔන්න එහෙනං 50ට සුබපැතුම් එකතු කරන ගමන්ම,
    ඉදිරියට තවත් උපසිරැසි දෙන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ආයු -බෝ -වේවා !!!

    Reply
  • ගයාන් මල්ලිගේ 50 වෙනි උපසිරැසිය
    සුබපතන්න ප්‍රමාද වුනාට ඉතින් සමාවෙන්න ඕනි..
    ඉතින් ඇත්තටම උපසිරැසි 50 කියන්නේ සුළුපටු ගානක් නෙමෙයි
    උපසිරැසියක් වෙනුවෙන් කොච්චර කැපවීමක් කරනවද
    ඉතින් ඒක අගය කරන එක ගොඩක් වටිනවා
    තවත් සබක් කරන්න තියන පෙළඹවීම ඒක තමයි ඉතින්
    ඇතත්ටම මල්ලි ඉදිරියට හොද නිර්මාණ තව තවත් අරගෛන එමු..
    ඉක්මනින්ම 100 ගහමු
    ජයෙන් ජයම වේවා..!!!

    Reply
  • අදහස් දැක්වූ සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි.
    හැකි ලෙසින් තවත් උපසිරැසියකින් හමු වෙමු.

    Reply
  • මුලින්ම සමාවෙයන් කොලුවෝ.. කමෙන්ටුවක් දාන්න පමා වුණාට.. මේ අවුරුද්දේ වෙලාව කියන දේ නම් හොයාගන්න තියෙන්නේ පුදුම අමාරුවක්.. ඉතින් එහෙනම්.. මේ විදියට පහු කරපු පළමු කඩ ඉම වෙනුවෙන් ඉත සිතින්ම සුබ පතනවා. ඉක්මනින් දෙවන කඩඉමත් පහු කරමු. වැඩි වැඩියෙන් හින්දි චිත්‍රපට උපසිරැසි ගන්වන්න ලැබේවා කියලා පතනවා. ජයෙන් ජයම වේවා..! බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..

    Reply
  • 50ස් වෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ ඉක්මනටම ශතකයත් වාර්තා කරන්න

    Reply
  • සුභ පැතුම් සහෝ.. 50 ට දීලා තියෙන්නේ ආයෙ සුපිරිම එකක්. ඉදිරියටත් අපිත් එක්කම ඉන්න කියලා අඩලා හරි ඉල්ලනවා….

    Reply
  • ela ela bn digatama karan palayan..patta film 1k dila tiyenne sahoo..me baganna gaman ine..subata thanks… (y) 🙂

    Reply
  • Thanks bro… sub ekata….
    & Jayen jayama wewa!!!….
    Digatama sub damuuuuuuuu…….. 😀

    Reply
  • Wooow…නියම movie එකක් නෙ දීල තියෙන්නේ 50ට… පිය සෙනෙහසද මිනීමරුවද හරි කියල හිතා ගන්න බෑ.. එහෙනම් 50ට සුභ පැතුම් සහ sub එකට ස්තුතියි…

    Reply
  • 50ට උණුසුම් සුභපැතුම් ගයාන් මලේ. 100ත් ඉක්මණින් ම පහුකරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    Reply
  • congracts & well done!!!
    keep it up!!!!

    Reply
  • කවර් එකටත් දාලා තිබ්බ නිසා මම හිතුවා අනිවාරෙන්ම 50 ගහයි කියලා.
    මම දකින විදිහට හින්දි චිත්‍රපටි වලට වැඩියෙන්ම උපසිරසි කරන කෙනෙක් තමයි ඔයා.
    හැම හින්දි චිත්‍රපටියකටම පාහේ ඔයාගෙ සබ් එකක් අනිවාරෙන් තියෙනවාමයි.
    ඔයාගෙ සබ් එකට කමෙන්ට් කරන්න කියලා ඊයෙ උදේ දවසම සයිට් එකට ආවා.
    ඒත් සයිට් එක ඔෆ්ලයින් ගිහිල්ලා තිබ්බ හින්දා වැඩේ බැරිවුණා.
    මේ ෆිල්ම් එක නම් බැලෙයි ද කියල කියන්න බෑ ගයාන් අයියෙ 🙁
    කොහොම වුණත් 50 වෙනි කඩඉමට මම හදවතින්ම සුබ පතනවා.
    ඉදිරියටත් තවත් අලුත් හින්දි ෆිල්ම් වලටස සබ් කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!
    ඔබට ජය෴෴

    Reply
  • හද පිරි හෘදයාංගමය උණුසුම් සුබ පැතුම් ….. !

    Reply
  • Thanks Gayan 🙂
    And Congrats for ur 50 sub.

    Reply
  • එල මචන් ගයා
    හින්දි වලින්ම 100 ගහමු
    මේක බලන්න ඔනි
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • Congrtss for 50 subbbb.elaaaa ahhhh 100tath ohonma yannnnnnn

    Reply
  • ඔන්න එහෙනම් මගෙනුත් උණුසුම් සුබ පැතුම් මලේ.. දිගටම කරගෙන යමු.
    මීට වැඩිය වේගයෙන් ගතකය වාර්ථා කරන්න අවස්ථාව ලැබෙන්න ඕනේ කියලා ප්‍රර්ථනා කරනවා.
    ඒ වගේම මේ ජිවිත ගමනේ බාධක කම්කටොලු මැදින් ජීවිතය ජය ගන්න සුබ පතනවා.
    එතකොට තමයි ඒකෙ වටිනාකම වැඩි වෙන්නේ.
    මම නම් මේක ආව කාලෙම බැලුවා නොවැ.
    වෙලාවක් ලැබුණොත් ආයේ බලන්නම් ඈ..
    ජය!!!

    Reply
  • සුභ පතනවා ගයාන් අයියා50 වෙනි උපසිරැසියට !
    ෆිල්ම් එක ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑනේ .
    දිගටම මේ විදියට උපසිරැසි නිර්මාණකරණයේ යෙදෙන්න
    අවැසි ශක්තිය ධෛර්‍යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .
    ඉක්මනට 100ත් දෙමු .

    Reply
  • niyamai saho digatama karagena yamu

    Reply
  • hodai ,aluth film ma daanna,jaya wewa.

    Reply
  • හම්මේ ලොකුම කඩ ඉමක් නේ මේ පැනල තියෙන්නෙ. උණුසුම් සුබ පැතුම් එක්කරනවා මමත් හදවතින්ම. මීට වඩා ඉක්මනට 100 ගහන්න ලැබේවා කියල පතනවා. මේකයි එහෙනම් මේ චිකාගො එක පරක්කු වෙන්න හේතුව. 🙂 එල එල වෙනද වගේම බොහොම ස්තූතියි කියලත් කියනවා සිංහල උපසිරැසියටත්. ජයන් ජයම වේවා.෴෴ 😛 😛

    Reply
  • 50 s veni uapasorasiyata unsusm subapathum amchann….
    ohomma gihihn ikmanatama 100 th gahamu bnn…
    thavath uapsirasi karanna vadi vadiyen kalaya labeva kiyala prarthana
    karanava bnn..
    ayeth 50 ta unusum subapathum bnn…

    Reply
  • My Congratulation for Your 50 Subtitle.

    Thank You Very Much for this subtitle

    Super Film & Very Good Sinhala Subtitled.

    Reply
  • බොහොම සතුටුයි.
    බොහොම ස්තුතියි 😛 ජය

    Reply
  • හදවතින්ම සුභපතනවා 50 වෙනි උපසිරැසියට!
    50 වෙනි එක විදියට දීලා තියෙන්නෙත් හොඳම නිර්මාණයක්.
    අර්ධ ශතකයට වඩා ඉක්මනින් ශතකය කරා යන්නට ලැබේවා!
    ජය වේවා!

    Reply
  • 50 වෙනි උපසිරසට සුභ පැතුම් ගයාන් සහො 😀
    බොහොම ස්තුතියි 😛 ජය

    Reply
  • Thank you..digatama sub denna……..500 weni upasiresiyakuth denna labewa……………….

    Reply
  • 50weni sub ekata suba pathum!

    Reply
  • 50 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!!!!!!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • CONGRATS BRO..KEEP IT UP…

    Reply
  • 50 වෙනි උපසිරසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්
    බොහෝම ස්තූතියි ඔබට ජය

    Reply
  • 50 වෙනි උපසිරැසියට සුභ පැතුම්.
    ජය වේවා!

    Reply
  • Thanx bro !!!! Congradulazation Bro !!!!!!

    Reply
  • බොහොම ස්තුතියි ගයාන් සහෝ.. ජය වේවා! 50 වෙනි උපසිරැසි ගැන්වීම වෙනුවෙන් සුබ පැතුම්.දිගු ගමනකට ආසිරි !

    Reply
  • සුබ පැතුම් ගයාන් මල්ලි !!! ඉක්මනටම 100 වෙනි උපසිරසත් ගෙන්න පුළුවන් වෙන්න ඕනේ කියල ප්‍රර්ථනා කරනවා. කවුරු එක්කවත් කිසිම අමනාපයක් නම් නැහැ මලේ කාලය මාත් එක්ක අමනාප වෙලා දැන් කතාබහ කරන්නවත් වෙලාවක් නැති වෙන්න තරමට. පේනවා ඇතිනේ මගේ උපසිරැසි කෙරුවාවට වෙලා තියෙන දේ. ඒකෙන් කමක් නැහැ දිගටම අපිට හින්දි චිත්‍රපට වැඩි වැඩියෙන් ලැබේවා කියලා අන්තිමේදී ප්‍රර්ථනා කරන්නම්. ජය වේවා !!!

    Reply
  • මුලින්ම සුභ පැතුම් ගයාන් මල්ලි ඔයාගේ 50 ස් වෙනි උපසිරසියට..
    ඇත්තටම මමනම් දන්නේ නැහැ මම මොනා කිව්වද කියලා ඔයාට මගේ නම මුලින්ම මතක් කරන්න තරම්..
    ඔව්, මට මතකයි මම ඔයාට කිව්වා සබ් එකක් කරමු කියලා,,
    එහෙම කිව්වා කියලා ලොකු දෙයක් නෙවි..
    ඔයාගේ උනන්දුව තමයි ඔයාව මේ තරම් දුරකට අරගෙන ආවේ..
    ඕනේ කෙනෙකුට කියන්න පුළුවන් සබ් එකක් කරමු කියලා..
    ඔයාගේ උනන්දුව කොච්චරද කියනවනම්, බලන්න..
    ඔයා දැන් 50 ස් වෙනි උපසිරැසිය කරලා ඉවරයි..
    ඔයාට උපසිරැසි කරන්න කියපු මම තවම 52 යි,,
    ඉතින් කොහොමද මම නිසා ඔයා සබ් කරන්න පටන් ගත්තා කියන්නේ..
    සෝ…තව දවස් දෙකකින් මාවත් පහු කරගෙන යයි..
    ඒ තමයි ඔයාගේ හැකියාව, උනන්දුව,,,,
    කොහොම උනත් මාවත් මතක් කරපු එකට බොහොම ස්තුතියි,…
    ඉක්මනටම 100 ත් ගහලා දාමු..
    ජය වේවා/.,…

    Reply
  • 50 වෙනි උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම් සහෝ…
    ඉක්මන්ටම 100න් මේ වගේම මුනගැහෙමු.
    නියමයි…
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා…!
    😀

    Reply
  • Thanks & wish you all the best. Keep up the good work 🙂

    Reply
  • 50 ta suba pathum jaya wewaaaaaaaaaa
    tnx

    Reply
  • 50 ට ඔන්න මාත් සුබ පතනවා මචෝ…………..
    මේක මාත් බලන්න ම උන්නු එකක්. කොහොමවුණත් වැඩි කාලයක් ගන්නෙ නැතුව ම 100 ත් ගහපන්.
    සිංහල සබට බොහොම ස්තූතියි.

    Reply
  • Thank you saho…. 50 weni upasirasiyata suba pathum… ikmanata 100 th gahamu 🙂

    Reply
  • Ela Elaaa 🙂 Jaya Wewaaaa!!!! ikmanata 100ta enna lebewaaaa 😉

    Reply
  • නියමයි නියමයි.
    සුපිරි වැඩක්.
    50 වෙනි උපසිරැසි නිර්මාණයට හද පිරි හෘදයාංගමය උණුසුම් සුබ පැතුම් ජොනෝ.!
    ඇත්තටම ඔහේ එලම පොරක්.
    මටත් උපසිරැසි කාරනා වලදී උදව් කරපු පොරක්.
    ඒකට මේ අවස්ථාවේදී තුති පුදමි.
    දැන් හේවා අයියා වගේම හින්දි ගැන වැඩි සැලකිල්ලක් දක්වන කෙනෙක් තමා ජොනා කියන්නේ.
    ඒ සැලකිල්ල දිගටම පවත්වාගෙන යන්න කියලා ඉල්ලා සිටිමි.

    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි.
    දිගටම උපසිරැසි කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
    සියලු වැඩකටයුතු සාර්ථක වේවා!!!
    ජයෙන් ජයම වේවා!!!

    Reply
  • ඔන්න මගෙනුත් උණුසුම් සුභපැතුම් සහෝ!
    100ත් ගහලා ඉක්මනින්ම සීයා කෙනෙක් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා,,,,
    උපසිරසට ස්තූතියි…
    ජය…

    Reply
  • thank you bro congratulation for half century

    Reply
  • niyamai mchn. supiri film ekak. thanx sub walata

    Reply
  • උණුසුම්ම උණුසුම් සුභ පැතුම් ගයාන් සහෝ!!! මේ ගමන දිගටම යන්නට හදවතින්ම ආශිර්වාද කරනවා.
    ඒ වගේම අද ගෙනාපු සබටත් බොහොමත්ම ස්තූතියි… ජය වේවා!!!

    Reply
  • 50 weni upasiraesiyata subha pathum….

    Reply
  • සුබ පැතුම් ගයියා. කොහොම කොහොම හරි 50ත් දැම්මා එහෙනම් ඈ! එලස්ස් නේ කොල්ලෝ.. ඉතින් එහෙනම් මේ ආවා වගේ ඉදිරියටම යමු, මගේ උන්සුම් සබ පැතුම උබට හැමදාම ලැබෙනවා..

    ජයෙන් ජයම වේවා!

    Reply
  • ammo saho niyama filumakata tamai sub aran avith thiyenne.. jayen jaya 50 veni sub ekata.. thankz a lot wewaaa 😀

    Reply
  • 50 වෙනි උපසිරසියට අපෙන් සුබ පැතුම්……………තව සබ් කරලා 100 ත් ගහමු.

    Reply
  • thanks buddy!! one of my most awaited movies in this quarter , thanks again

    Reply
  • නියමයි මචෝ. පට්ටයි.
    හින්දි ෆිලුමක් ආපු ගමන්ම සබ් එක දෙන කෙනෙක් තමා මචෝ උබ..
    50 ට හදවතින්ම සුබ පැතුම්.
    ඉක්මනින්ම 100 ට යමු.
    ජයවේව!!

    Reply
  • 50 Mubarak ho.

    Reply
  • පූසා කිව්ව වගේ මමත් මේක දැනගත්තේ
    ජෝන් අයියා ඊයේ බුකියේ දැම්ම කවර් එක දැක්කම.
    එහෙනම් හදවතින්ම සුභ පතනවා ඔයාගේ අර්ධ ශතකයට
    100ත් ඉක්මනට ගහමු ඈ 😉
    එල, පට්ට, සුපිරියි, කියලා වැඩක් නෑ,
    හැබැයි 50 ගහලා පැත්තකට එහෙම වෙනවා නෙවෙයි ඕං…!! 😀
    ජය වේවා……….!!!!! :p

    Reply
  • Congrats. Thanks For 50th. good luck

    Reply
  • 50වෙනි කඩ ඉමට
    සුභ පැතුම් !
    ඉක්මනින්ම 100 කඩ ඉමත්
    පහුකරන්න ලැබේවා කියලා
    ප්‍රාර්ථනා කරනවා

    Reply
  • මගෙනුත් 50 ට සුබ පැතුම්

    Reply
  • බොහොම ස්තූතියි සහෝ!!!!!!!

    Reply
  • sub ekata thanks a vagema upasirasi 50tath suba patanava

    Reply
  • thnkss sahoo sub ikmnta dunnata,,,elzzz brooo..

    Reply
  • හම්මේ මේකා ඊයේ රෑ බුකියේ කවරේ අප්ලෝඩ් කොලාමයි දැනගත්තේ 50 ගහනවා නේද කියලා…
    මාවත් මතක් වෙලා තියෙන්නේ… 😀
    ඔන්න එහෙනම් මමත් උඹගේ 50 වෙනි කඩයිමට හදවතින්ම සුභ පතනවා…
    ජය වේවා කොල්ලෝ…
    ඉක්මනටම 100ත් ගේමු එහෙනම්…
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • patta ahhhhhhhhh ape GAYAN sahoth 50 gahuwa ne….. issellama hadawathinma suba pathanawa GAYAN saho……

    methuwak kalayak purawata baiscope rasikayan wenuwen kla sewaya godak watinawa…..sahoge watina kalaya, shramaya waya karamin kala kapa kirimata godak pin….digatama sub nirmana karye yedima awasi shakthiya , dairya labewa……….Wish you a great future.

    e wgema oyage siyalu wada katauthu sarthaka wenn prarthana krnawa.jayen jaya……….

    Reply
  • සුභ පැතුම් මල්ලි 50 වෙනි උපසිරසි නිර්මාණයට.100ත් ඉක්මනින්ම අරන් එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.මාවත් මතක් කරාට බොහොම ස්තූතියි හොදේ.මගෙන් සත්තුන්ට අපල නෑ හරිද.ග්ර්ර්රර්ර්

    Reply
  • සුබ පැතුම් ජොනා!
    මේක දෙයි කියලා නිකමට හිතුණා..
    නියමයි!!
    දීර්ඝ ගමනක් යමු!
    ජය…!!!!!!!!!!!!!!!

    Reply
  • subapathum saho ikmanata 100 weni kada imath pahukaranna shakthiya labewaa

    Reply
  • ඔන්න ඔයාට මූලින්ම සුබපතනවා 50 වෙනි උපසිරියට.

    Reply
  • පට්ට පට පට…
    නියමයි ජෝනා එල කිිරි.
    බොහොම සතුටුයි.
    ඉදිරියට තව උපසිරැසි කරන්න ශක්තිය දෛර්ය ලැබේවා කියා
    පාර්ථනා කරනවා……….

    Reply
  • හම්මේ ඒනං මාස ගාණක ඉදං පනහා අද දෙනවා හෙට දෙනවා කිය කියා ඉදලා කෝම හරි අද දුන්නා නේ.
    එල එකක්.
    ඕම්ම මේ අවුරුද්ද ඉවරයක් වෙන්න කලින් 100ක් ගහමු ඈ.
    ජයමවේවා!

    Reply
  • බලන්නම හිටපු සලරුවක්.
    ගයාන් සහෝට ගොඩක් ස්තූතියි මේකට උපසි‍රැසි කරාට.
    50 වෙනි සබ් එකට සුභ පැතුම් !
    ඉක්මනටම 100ත් ගහමු සහෝ !

    x265 500MB ඩිරෙක්ට් ඕන අය මෙතනින් ගන්න.
    http://goo.gl/S5Iz8x

    Reply
  • Thanks Saho godak 😆

    Reply
    • එල ඈ..
      බුකියේ සද්දේ දදා ඉද්දි මම බැලුවා කො යකඩෝ 50හේ සබ් එක කියලා.
      මේ තින්නේ සුපිරියක්ම 50ට බස්සලා.
      ඔන්න ඉතින මමත් සුබ පතනවා 50ට…! 🙂
      100ත් පෙන මානේ. වැඩි ඇතක නෑ. 😀
      මිට වඩා අඩු කාලේකින් එකත් දෙමු ඈ.
      ජෝනා කියන්නේ සුපිරි පොරක්. මටත් පොඩි පොඩි උදව් කරලා තියෙනවා.
      24 එකෙත් දැන් බර කරට අරන් කරන්නේ මෙයා තමා.
      ඔන්න එකෙත් අවසානයක් දකිනකම් ඒ බර බිමින් තියන්න එපෝ.. 😀
      ඔන්න Hevc කොපියම බානවා.
      සබට තැන්ක්ස්.
      ජය වේවා. !

      Reply

Leave a Reply to Shashika Cancel reply

Your email address will not be published. Required fields are marked *