අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Bala (2019) Sinhala Subtitles | කොල්ලෙක්… තට්ට කොල්ලෙක්!! [සිංහල උපසිරැසි සමග]

Rating: 8.4/10. From 33 votes.
Please wait...

ලොකු ලොකු රේටින් ගන්න
හරි හරියට ආදායම්හොයන්න
හොඳම චිත්‍රපටි ලිස්ට් අස්සේ අනිවාර්යෙන් ඉඩක් වෙන්කරගන්න
සම්මාන උළෙලවල අතික්‍රමණය කරන්න
හැම චිත්‍රපටියකටම බෑ.
හැබැයි සමහර චිත්‍රපටි තියෙනවා ඔය හැමදේම කරගත්තු.
සමහර නළුවෝ ඉන්නවා ඔය හැමදේම කරගන්න
සොරි නළුවෝ නෙමේ
නළුවෙක්…
ආයුෂ්මන් කුරාණා.
නම අහපු සැනින් චිත්‍රපටිය මොකක්ද කියලා හොයන්නේ නැතුව
කෙලින්ම බලන්නයි හිතෙන පොරක්.
ඒ තරමට විශ්වාසයි.
අපිට නින්ද යන්නෑ කියලා.
හැගීම් වල පතුලට යන්න පුළුවන් කියලා
වෙනස්ම වෙනස් කතාවක් කියලා
හොඳ පැයක් දෙකක් ගෙවන්න පුළුවන් කියලා.
ඛාන් කෙනෙක්, කුමාර් කෙනෙක් නෙමේ.
කුරාණා කෙනෙක්.
කෝටි 100 එයාට දැන් නතින්!!!

පුරුදු විදිහට චිත්‍රපටිය ගැන කියාගෙන ආවේ නෑ. නළුවා ගැනයි කියාගෙන ආවේ. මොකද මේ කවුරුත් එනකම් ඇඟිලි ගැනගෙන හිටපු චිත්‍රපටියක් හින්දා මටත් අමුතුවෙන් විකුණන්න දෙයක් නැහැ. නම කියපු ගමන් කවුරුත් දන්නවා. IMDb එකේ බල්ටි ගහපු, කෝටි 100 මාක් එක පැනපු සුවහසක් තට්ට කොල්ලන්ගේ හිතට තට්ටු කරපු Bala ලේසියෙන් අමතක කරන්න පුළුවන් කතාවක් නම් නෙමෙයි. එන්න කලින් පොඩි පොඩි ආරවුල් වගේකුත් සිද්ධ වුණා, නීතිමය වශයෙන්. ඔව් ඒකට හේතුව තමා මීට සමාන තේමාවකින් නිෂ්පාදනය වෙච්ච Ujda Chaman චිත්‍රපටිය. කොහොමහරි අවුල් වියවුල් වලින් පස්සේ චිත්‍රපටි දෙකම තිරගත වුණා. Bala වල ආදායමට Ujda Chaman වලින් බලපෑමක් වෙයි කියලා හිතුවට, මොන පිස්සුද එහෙම කිසි දෙයක් උනේ නෑ. ආදායම් සහ විචාරක පැසසුම් අතින් බාලා නැගී සිටියා.

සියලු දේවල් වලින් පස්සේ 2019 අවසන් වෙන්නේ අයුෂ්මන්ට තවත් ජයග්‍රාහි මතකයන් රැසක් ඉතිරි කරමින්. කුලමල සමඟ පැටලුනු ස්ත්‍රීයකගේ අතුරුදහන් වීමක් සොයන පොලිස් නිලධාරියෙක් (Article 15 (2019)), කාන්තා කටහඩින් කතා කළ හැකි තරුණයෙක් (Dream Girl (2019)) එක්කලා හිසකෙස් හැලෙනවට පීඩා විඳින තරුණයා ඔහුට මේ ජයග්‍රාහි මාවතේ හේතු වුණා. ලැබුවාවූ 2020ත් ඔහුගේ ජයග්‍රාහි ගමන තවත් තහවුරු වේවි වෙනස්ම සංකල්ප තියෙන චිත්‍රපටත් සමඟින්ම. එහෙනම් මේ පැය දෙකයි විනාඩි 15 විඳගන්න, හිනාවෙන්න, පොඩ්ඩක් හැගීම්බර වෙන්න, ජීවිතේට ආදරේ කරන්න. එහෙනම් සමුගන්නවා මේ සිංහල උපසිරැසිය තිලින කරන ගමන්ම. ජයවේවා!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

34 thoughts on “Bala (2019) Sinhala Subtitles | කොල්ලෙක්… තට්ට කොල්ලෙක්!! [සිංහල උපසිරැසි සමග]

  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

    Reply
  • මරුනේ මයුර!
    තැන්ක්ස්!

    Reply
  • thanks… meka download karaganna torrent site 1k danna kenek comment karanawada,,,

    Reply
  • Thanxx bro…………………

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මයුර කොල්ලා ගොඩාක් ස්තුතියි උපසිරැසියට…ජයවේවා.

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • bohoma sthuthi sahooo jaya ….

    Reply
  • Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • Thanks …………………good luck …………..

    Reply
  • trailer eka balapu dawasema biscp ekt email ekakk damma thnkzzz

    Reply
  • ට්‍රේලර් එක දැක්ක දවසේ ඉදන් බලන් හිටියේ ෆිලුම එනකම්..මේ මහත්තයත් හෙන කාලකින් නෙහ් සබක් කරලා තියෙන්නේ. බොහොම ස්තූති උපසිරසට..මේවා ඉතිං සබ ආව සනික බලන ෆිල්ම්..ජය වේවා..බුදුසරණයි..!

    Reply
  • ඒත් බැලුවා ඇයි පරක්කු කියලා… අපරාදෙ ෆිල්ම් එක බැලුවෙ පෙරේදා..කමක්ම නෑ ආපහු බලනවා..මම ආසම නළුවො දෙන්නා Ayushmann khurrana & Vicky Kaushal.. 2020 නම් දෙන්නටම සුභයි වගේ…මේ අවුරුද්දත් ගොඩක් හොඳින් සබ් කරගෙන යන්න ලැබේවා..Thanks For Sub..

    Reply
  • ස්තුතියි . ජය !!!

    Reply
  • Thankyou. Ebakal hitiye

    Reply
  • ස්තුතියි සහෝ…නියමයි….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….

    Reply
  • Thanks broo mama aasama naluwek thanks puluwannam me Kannada film ekath denna supiri Thriller film ekak Aa Karaala Ratri 2018

    Reply
  • Thanks for Subtitle… I wish you all the very best and do these things continually.

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Thank you.. Motherless Brooklyn film ekatat subs dennako

    Reply

Leave a Reply to Shaggie Cancel reply

Your email address will not be published. Required fields are marked *