Wednesday , October 27 2021
Breaking News

Barbie in Princess Power (2015) | කුමාරිකාවකට ලැබුණු සුපිරි මායා බලය [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Barbie in Princess Power 2015

යාළුවනේ ඔන්න අද ඔයාලට ගෙනාවෙ අලුත්ම අලුත් ඇනිමේෂන් චිත්‍රපටයක්. මේක මගේ මුල්ම චිත්‍රපට උපසිරැසිය. රූපවාහිනී කතා මාලාවකට උපසිරැසි දුන්නට චිත්‍රපටයකට උපසිරැසි දායකත්වය සපයන්නෙ මුල්ම වතාවට. ඒ සඳහා මට මේ උපසිරැසිය නිර්මාණයට ආරාධනා කරපු සමීර චතුරංග සහෝවත් මේ වෙලාවේ මතක් කරන්න ඕනෙ. ඉතින් අපි දැන් පොඩ්ඩක් කතාව ගැන බලමුකෝ…

මේ කතාව මිනිත්තු 74ක් පුරාවට දිවෙන ඇනිමේෂන් කතාවක්. කතාවෙ නම දැක්කම තේරෙන්න ඇතිනේ අපි කවුරුත් දන්න බාබි ඩෝල් ගැන කියවෙනවා. දැන් මෙහෙම කිව්වම අපේ සහෝදරයො හිතාවි අපෝ මේක ගැලපෙන්නෙ ගෑණු ලමයින්ට විතරයි කියලා. ඒත් මේක අපි සාම්ප්‍රදායිකව දන්න බාබි ඩෝල් ගැන නම් නෙවෙයි. ටිකක් විතර වෙනස්. මේකේ ප්‍රධාන චරිතය වෙන්නෙ කාරා කියන අළුත් තාලෙ කුමාරිකාවක්. වින්ඩමියර් කියන රාජධානියේ රාජකීය පවුලේ ඉන්න වැඩිමහලු දියණිය තමයි කාරා. අහම්බෙන් සිද්ධ වෙන මැජික් සමනළයෙක්ගෙන් ලැබුණ හාදුවක් නිසා මේ කුමාරිකාවට මැජික් බලයක් ලැබිලා සුපිරි වීරවරියක් වෙනවා. ඉතින් මෙයාගේ හොඳම යාළුවො දෙන්නත් එක්ක එකතු වෙලා නගරයේ සිද්ධ වෙන අපරාධ, අනතුරු වැනි සිද්ධීන් වලට සුපිරි දිස්නා මැදිහත් වෙනවා. “සුපිරි දිස්නා” කියන්නෙ මෙයාට දාගන්න නම. කාරාට මැජික් බලයක් ලැබුණා කිව්වට ලැබුණ හැටි හරියට කිව්වෙ නෑනෙ. ඒක මං කියන්නෙ නෑ. බලලම දැන ගන්නකෝ… කොහොමහරි ටික දවසක් යනකොට මෙයා එක්ක තරඟ කරන්න තවත් මේ වගේම මැජික් බලයක් තියෙන කෙනෙක් එනවා. ඒ අතරේ මේ රාජධානිය විනාශ කරන්න බලාගෙන ඉන්න කෙනෙකුත් ඉන්නවා. ඉතින් රාජධානිය විනාශ වෙනවද? කවුද බේර ගන්න එන්නෙ? කවුද කාරා සමඟ තරඟෙට එන අනිත් කෙනා? මේ දේවල් වලට උත්තර කතාව බැලුවම සොයා ගන්න පුළුවන්.

මෙහි කාරා කුමරිය ලෙස කටහඬින් දායකත්වය සපයන්නෙ Kelly Sheridan වන අතර චිත්‍රපටය පළමුවෙන්ම නිකුත් උනේ 2015 ජනවාරි මස 1 වන දින හංගේරියාවේදි. ඇමෙරිකාවේ මෙය තිරගත වන්නෙ ලබන මාර්තු මස 3 වනදායි. ඉතින් එහෙනම් සහෝදරියන්ට විතරක් නෙවෙයි සහෝදරයන් ඇතුළු පවුලේ සැමට නැරඹිය හැකි මෙම කාටූන් චිත්‍රපටය නරඹන ලෙස ඉල්ලා සිටිමින් මම සමු ගන්නවා.. තවත් උපසිරැසියක් සමඟින් ඉක්මනින් හමුවෙමු.

බයිස්කෝප් අඩවියට ජය!!!


Scorpion (2014) on IMDb

 

 

697 MB කොපිය මෙතනින් බාගන්න

3BE6E5FD410474751DF1371DCD2A9B5D5A04CC56

1.37 GB කොපිය මෙතනින් බාගන්න

B6F81F54DF930DF2829B6851FED1D3B160BD46EE
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Check Also

Generation Kill (2008) [S01 : E06] Sinhala Subtitles | රිසර්විස්ට් සහයෝගය [සිංහල උපසිරැසි සමඟ]

Generation Kill කියන්නේ 2008 ජූලි 13 වනදා HBO නාලිකාව හරහා නිකුත් වූ තවත් එක් ජනප්‍රිය …

Leave a Reply

Your email address will not be published.

27 comments

  1. Machan power puff girls karamu.jaya wewa…..

  2. Udara Damith B\K

    ………………THANKS…………………….

  3. Udara Damith B\K

    ……………….බොහොම ස්තූතියි……………..

  4. thank you sister ……!!!

  5. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි ෂෙරින් 😛 ජය

  6. mamanam balanawa sthuty sub dunnata


  7. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  8. thank you…

  9. ගොඩක් වෙලාවට 3D ඇනිමේශන් තමයි බැලෙන්නේ.
    ඒත් බලමු.
    පුළුවන් වුනොත් බලලා දානවා… 🙂

    බොහෝම ස්තුතියි උපසිරැසියට.

    ආයු -බෝ -වේවා !!!

  10. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  11. බ්ලැක් පැන්තර්

    තවත් කාටූන් අක්කා කෙනෙක් එන්න යනවද මන්දා… හෙ හේ…
    සබ් එකට තුති ෂෙරීන් අක්කේ…
    ටීවී සීරියස් නම් බලන්නෙ නැති නිසා අක්කගේ ටීවි සීරියස් වලට නම් කමෙන්ට් කරලා නැතුව ඇති… ඒ ගැන සමාවෙන්න…

  12. tnx bro….machan I movie eke tama hoda copy ekak awe nedda bn? cheerrs….

  13. Thank You very much sister…………..

  14. සබට තුති මෙක නම් බැලෙන එකක් නැ මට බබි ඩොල් කෙල්ලොන්ට නම් හොදා

  15. KP Muthukumarana

    Mamanam Me Jathiye Film Balana Kenek Nemei…
    Gedara Inna Chuti Nangiyata Balanna Onna Download Karanna Demma…
    Thanks For Subs…
    Keep It Up…
    Good Luck…
    🙂 🙂 🙂 🙂 🙂

  16. නියමයි අක්කේ
    ඇනිමේශන් කතා නම් අනිවා බලනවා.

  17. බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  18. එල එල එහෙනම් දැන් ෆිල්ම් වලටත් අත ගැහුවා වගේ
    බොහොම හොදයි බොහොම හොදයි,මම නම් වැඩිය ඇනිමේෂන් බලන කෙනෙක් නම් නෙමේ
    එත් බාගෙන තියාගන්න්ම්කො ටයිම් එකක් ලැබුනොත් බලන්න
    සබට බොහොම තුති අක්කේ,ජය!! 😛 😛

    අරකත් ඉක්මනටම ගේමු නේද..??;)

  19. “චූටී මල්ලි”

    මේකන්ම් බැලෙන එකක් නෑ මට
    කෝම උනත්
    සබට තුති
    ඔබට ජය……….

  20. නියමයි අක්කේ
    ඇනිමේශන් කතා නම් අනිවා බලනවා.
    දිගටම චිත්‍රපට වලට සබ් දෙන්න.
    ස්තුතියි සබ් එකට.
    ජය.

  21. Sajith Anthony

    ඇනිමේෂන් එකක් නම් අනිවා බලනවාමයි,
    Sub එකට ගොඩාක් ස්තුතියි……
    ජය වේවා!!

  22. niayamai…thanks SEREEN sis..sub ekata..digatama sub demu.jaya wewa……

  23. ස්තූති වේවා… ස්තූති වේවා.. පළවෙනි චිත්‍රපටියම ඇනිමේෂන් එකක් නේද?
    අපි ඉතින් ඔයාව දැක්කේ ටීවි සීරිස් වලින් විතරනේ..
    ඉදිරියටත් මේ වගේ හොඳ නිර්මාණ වලට උපසිරසි දෙමු

    ඔබට ජය෴

  24. නලින් පෙරේරා

    ස්තුතියි ෂෙරින්, චිත්‍රපට උපසිරැසි කරණයට සාදරයෙන් පිලිගන්නවා.

    ජය වේවා! ඒලස්ස් !!

error: Alert: Content is protected !!