අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Batman and Harley Quinn (2017) with Sinhala Subtitles | මිනිස් සංහතිය වනසා හරිත ලොවක් උදෙසා.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 41 votes.
Please wait...

ඔන්න එහෙනම් එන්නේ නෑ කිව්වට ඔන්න අපි ආවා ආයේ. ආවා නෙවෙයි ඉතින් එන්නම සිද්දවුණා. මේක ඉතින් මං ගත්ත එකක් නෙවෙයි. අනුරුද්ධ සහෝ බාරගත්ත එකක් ඊයේ (බ්‍රහස්පතින්දා) මහා රෑ යක්කු ගස් නගින වෙලාව තමයි කියලා තිබුණේ මේක කරලා දාන්න කියලා. ඩීසි එකක් නිසා ගත්තා මිසක්. කොහොමහරි සිකුරාදා දවසේ මේක කලින් දවසේ ලැබුණු වෙලාවට වගේ කිට්ටු කරලා මේක ඉවරයක් කරගන්න ලැබුනා. කතාව නම් හිතුවට වඩා පට්ටයි.

අයිවී, ජේසන් වූඩෲ නොහොත් ෆ්ලොරික් මෑන් එක්ක කණ්ඩායම් ගැහිලා. දන්නවනේ දෙන්නම ගස් වලට කැමති අය. ෆ්ලොරික් මෑන් කියන්නෙත් ගොහොරුවෙක් තමයි. ඉතින් මේ දෙන්නා හදන්නේ ඩොක්ටර් ඇලෙක් හෝලෑන්ඩ්ගේ රසානයික සුත්‍රයක් හොරකම් කරලා ඒක තවත් රසායනික විශේෂඥයෙක් ලවා අර හෝලෑන්ඩ්ගේ රසායනික සුත්‍රය පාවිච්චි කරලා රසායික ද්‍රව්‍යයක් හදලා මිනිස් වර්ගයාව ගස් බවට පත් කරන්න. එහෙම කරන්න හේතුව තමයි මොකද ඒ දෙන්නා හිතන්නේ මිනිස් වර්ගයා ලෝකය විනාශ කරලා තියෙන්නේ. ඒ අය අතින් වැරදි වෙනවා. ගස් කොලං වනසනවා. පරිසරය අපවිත්‍ර වෙනවා. ඔය වගේ දේවල් නිසා. ඉතින් හිතන්න මිනිස්සු ගස් කොලං වුනොත් කාටවත් හානියක් වෙන්නේ නැහැ. හැබැයි මිනිස් වර්ගයා මිය ගිහින් තමයි මේ ක්‍රියාවලිය වෙන්නේ. අයිවී හා ෆ්ලොරික් මෑන් මුලින්ම කඩා පනින්නේ ස්ටාර් ලැබ් එකට. ඔතිනින් මේ දෙන්නා සුත්‍රය නම් හොයාගන්නවා. පස්සේ තමයි හොදම හරිය පටන් ගන්නේ. මේ දෙන්නා මේ රසායනික ද්‍රව්‍ය හදන්න උත්සහ කරන අතරේ බැට්මෑන් හා නයිට්වින්ග් මේ දෙන්නව නවත්තන්න උත්සහ දරනවා. ඉතින් එතකොට කොහොමද මේකට හා(ර්)ලි ක්වින්ව ගෑවෙන්නේ? හා(ර්)ලිගෙයි නයිට්වින්ග්ගෙයි අරහෙම දේවල් ටිකක් බලාගන්නත් පුලුවන්. විශේෂයෙන්ම ස්වාම්ප් තින්ග් දැකලා නැත්තම් එයාව බලාගන්නත් පුලුවන්.

2017 අගෝස්තු 15 වෙනිදා තමයි මේක නිකුත්වීම ආරම්භ කරන්නේ. DC හා WB ලගේ 29′ වැනි ඇනිමේෂන් චිත්‍රපටිය හැටියට තමයි සැලකෙන්නේ. Batman: The Killing Joke (2016), Justice League vs. Teen Titans (2016) ඇතුළුව තවත් DC කොමික් ඇනිමේෂන් චිත්‍රපට 7ක් වගේම මාවල් යුනිවර්ස් එකේ ඇනිමේෂන් චිත්‍රපටි තුනකුත් අධ්‍යක්ෂණය කරපු Sam Liu තමයි මෙහි අධ්‍යක්ෂණ කටයුතු සිදු කරලා තියෙන්නේ. පැයකුත් විනාඩි 14කුත් පුරාවටම දිවෙන මේ චිත්‍රපටය Animation, Action, Adventure කියන කැටගරි වලට තමයි අයත් වෙන්නේ. IMDb අගය 6.1/10 ක් වගේ ලැබිලා තිබුනත් ඔයාලට බලලා රසවිදින්න පුලුවන්, සාමාන්‍ය ක්‍රියාදාම වලින් මිදිලා හාස්‍යයට බර චිත්‍රපටයක් හැටියට තමයි මේක සැලකෙන්නේ. ඔව් මේකේ පොඩ්ඩක් විහිළුවට බර ගතියක් තියෙනවා. හා(ර්)ලි ක්වින් ඉන්න නිසා වෙන්න ඕන. එහෙනම් ඉතින් බ්ලුරේ කොපියෙන්ම සබ දුන්න නිසා එක සැරේම බලලා දාන්න පුලුවන් වෙයි කියලා හිතනවා.

ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා.

Batman and Harley Quinn (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links
Batman.and.Harley.Quinn.2017.720p.BluRay.x264.DTS-MT-HI
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා ගැලපේ.
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

37 thoughts on “Batman and Harley Quinn (2017) with Sinhala Subtitles | මිනිස් සංහතිය වනසා හරිත ලොවක් උදෙසා.. [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • බොහොමස්තූතියි සහෝදරයා… ජය වේවා…❤️❤️❤️

    Reply
  • Thank you♥️

    Reply
  • thanks sub ekata brother

    Reply
  • Thanks for the sub

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Thanks!

    Reply
  • batman gotham by gaslight එකේ Sub එක කරල දෙන්නකො…

    Reply
  • batman gotham by gaslight එකේ Sub එක කරල දෙන්නකො…

    Reply
  • thanks a lot……
    Batman.Gotham.by.Gaslight.2018.
    me movie eke sub ekath puluwan ikmanata danna….

    Reply
  • sub එකට ස්තුති සහෝ…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • bohoma thanks bro…

    Reply
  • thank you.. elama

    Reply
  • උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • උපසිරැසියටබොහොම ස්තුතියි සහෝ…!!

    Reply
  • Elama bro…
    බොහොම ස්තූතියි.

    Reply
  • බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

    Reply
  • නියමයි
    එල
    ස්තුතියි

    Reply
  • |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

    Reply
  • ස්තුතියි සහෝ උපසිරැසියට……………!

    Reply
  • Niyamai Saho Jaya Wewa!!!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • නියමයි.බොහොම ස්තූතියි සහෝ

    Reply

Leave a Reply to manupa1234 Cancel reply

Your email address will not be published. Required fields are marked *