අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Bedevilled (2010) with Sinhala Subtitles | පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 8.3/10. From 11 votes.
Please wait...

Bedevilled 2010ආයුබෝවන්!

කලින් වතාවෙ දුන්න ”Pandora” චිත්‍රපටිය හොඳයි නේද?ඉතින් අද අරගෙන ආවෙත් ටිකක් පරණ වුණත් කොරියන් බලන කෙනෙක් මග ඇරගන්න ඕනෙ නැති චිත්‍රපටියක් අරගෙන.මේක 2010 සැප්තැම්බර් 02 තමයි තිරගත වෙලා තියෙන්නෙ.imdb 7.3 ක් වගේ ඉහළ අගයක් ලැබිල තියෙන මේක thriller/drama ගනයට තමයි අයත් වෙන්නෙ.බලද්දි සංවේගයක් වගේම තරහකුත් දැනෙන මේ චිත්‍රපටිය වැඩිහිටියන් පමණක් බලන එක තමයි සුදුසු.එහෙනම් වැඩි දෙයක් නැතුවම සාරාංශ කරල කතාව කියන්නම්..

හේ වොන් (Ji Sung-won) කියන්නෙ බැංකුවක වැඩ කරන සාමාන්‍ය නිලයක් තියෙන සෝල් වල තනියම ජීවත් වෙන ගෑණු කෙනෙක්.මෙයාට හැමදාම රස්සාව කරලම මානසික ආතතියෙන් ඉන්නෙ..ඉක්මණට තරහ යනවයි කාවවත් රුස්සන්නෙ නෑ.ඉතින් රස්සාවෙ ප්‍රශ්නයක් වෙලා මෙයාව තාවකාලිකව රස්සාවෙන් අයින් කරනවා.නිවාඩුවක් අරන් එන්න කියලා.. ඉතින් මේ හේ වොන්, එයාගෙ සීයා ජීවත් වෙලා හිටපු වගේම එයාගෙ යාළුවා බොක් නම්(Seo Young-hee)ඉන්න මූදෝ දූපතට යන්න තීරණය කරනවා. දූපතට ගියාම බොක් නම් එයාව ඉහළින්ම ආදරෙන් පිළිගන්නවා.. බොක් නම්, හේ වොන්ව දකින්නෙ අවුරුදු ගානකින්.පොඩි කාලෙ ඉදන් බොක් නම් හේ වොන්ට ලියුම් ලිව්වට හේ වොන් ගනන් ගන්නෙවත් නෑ.

දූපතේ ජීවත් වෙන්නෙ මිනිස්සු 09 දෙනයි.කිසිම සංවර්ධනයක් නෑ.හුඟක්ම ජරා විදියට තමයි ජීවත් වෙන්නෙත්.බොක් නම්ගෙ මහත්තයයි නැන්දම්මයි එයාට වහලියකට වගේ තමයි සළකන්නෙ.බොක් නම් ඒ කිසි දෙයක් ගැන හිතන් නැතුව එයාගෙ දුව හින්දම ජීවත් වෙන ගෑණියෙක්.මෙයාට තමයි හැම දේකටම බණින්නෙ ගහන්නෙත්.දූපතේ අනිත් අයත් කිසි දෙයක් කියන්නෙ නෑ.මේ හින්දම බොක් නම්ට දුවවත් අරන් සෝල් වලට යන්න ඕනෙ වෙනවා.ඒ නිසා එයා හේ වොන්ට කියනව එක්කන් යන්න කියලා.ඒත් හේ වොන් බොක් නම්ව විශ්වාස කරන්නෙ නෑ.

තවත් සිදු වීම් හුඟක් වුණාට පස්සෙ බොක් නම් දුවවත් අරගෙන දූවෙන් පැනල යන්න හදද්දිම මහත්තයට අහු වෙනවා.බොක් නම්ට ගහද්දි එයාගෙ දුව තාත්තට වැද වැද ඇඬුවත් ගහන්න එපා කියලා එයාටත් ගහනවා.එතකොට ළමයගෙ ඔළුව ගලක වැදිලා මැරෙනවා.මැරුණට පස්සෙ නිලධාරියෙක් දූපතට ඒ ගැන බලන්න ආවත් හැමෝම එයාටත් බොරු කියලා වැටිල මැරුණ බව කියලා හරවලා යවනවා.මෙයාගෙ වැරැද්දෙන්මයි ළමයව මැරුණෙ කියල තමයි එයාටත් කියන්නෙ.

දවසක් මෙයා ඉර දිහා බලාගෙන ඉදලා… කැත්තක් අරගෙන ගමේ ඉන්න එක්කෙනා ගානෙ කොටාගෙන යන්න පටන් ගන්නවා.. ඉතින් මෙයාගෙ පළිය ගන්න පුළුවන් වෙයිද?හැමෝවම මරන්න පුළුවන් වෙයිද?හේ වොන්ට මොකද වෙන්නෙ කියල බලන්න. එහෙනම් අදට ගිහින් තවත් උපසැරසියක් අරන් ඉක්මණට එන්නම්.

ආයෙත් කියන්නම් මේක වැඩිහිටියන් පමණක් බැලුවොත් හොඳයි.

බුදු සරණයි!

NEW

 

Bedevilled (2010) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

[FILMKU.NET] Bedevilled.2010.BluRay.720p.x264.Ganool.mkv

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

30 thoughts on “Bedevilled (2010) with Sinhala Subtitles | පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ] (18+)

  • Thanks saho sub ekata

    Reply
  • thanks for th sub

    Reply
  • thank u macho…
    aniwa banawa ela elaaaa

    Reply
  • Derik link walin kohmda bn.maka download karanna.torrent wala nha na movie eka .seeds nha plz help

    Reply
  • තැන්ක්ස් බ්‍රො ඇත්තටම මෙක මට මිස් උනා කියද්දි පුදුමයි ඔන්න අරගන්නව

    Reply
  • මෙක කොයි වෙලෙද අෆ්ෆ දුන්නෙ හිතාගන්නත් බෑ මිස් උනා කියද්දි එකත් අසම විදියෙ එකක්

    Reply
  • derect link walin dwonlode karanne kohomada. plz re play

    Reply
  • Never gone korean movie eka dennako sinhala sub

    Reply
  • kalin dunna eka patta thanx bro

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • තෑන්ක්ස් සබ් එකට මචන්,පැන්ඩෝරා එකත් සුප්පා

    Reply
  • Thanks machan……..jayawewa…..!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • ela ela saho patta pata

    Reply
  • නියමයි.ස්තුතියි සහෝ

    Reply
  • XxX: xander cage movie eketh sub danda

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks saho…..

    Reply
  • නියමයි bro නියමයි. korean sub දෙනකන් බලන් හිටියේ, බ්‍රෝ පුළුවන් නම් මේවටත් sub දිහන්කෝ

    The Scarlet Letter (2004)
    Children… aka A-i-deul… (2011)
    Shadows in the Palace (2007)

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *