අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Before Sunrise (1995) Sinhala Subtitles | ඔබ දුරගියා ඉතින්….[සිංහල උපසිරසි සමඟ]

Rating: 8.0/10. From 19 votes.
Please wait...

Before Sunrise (1995)
දෛවය, මිනිසුන්ගේ ජීවිත සමග කෙතරම් සෙල්ලම් කරන්නෙහිද, විටක එය කුරිරුයි, තවත් විටක දුක්ඛදායකයි, තවත් විටක සන්තෘෂ්ටි ජනකව එහි අනෙක් පසින් පිහිටයි. මේ කුමක් සිදුවුවද සෙල්ලම සිදුවනුයේ වර්තමානයට අනුව වෙනස් වන අප අනාගතය සමගිනුයි. අහඹුව යන්න දෛවයට ඉතා ළගම ඥාතීත්වයක් දක්වන්නෙකි. එදා දුම්රියෙදි අප මුණ ගැසුණු ඒ මොහොත, අප නෙතට-නෙත ගැටුණු ඒ ඇසිල්ල කෙතරම් ආහ්ලාද ජනකද. අහබුව විසින් මුනගැස්සවූ අප දෙදෙන දෛවය විසින් වෙන්කළද අප හදවත් තවම එකිනෙකෙ බැදීපවතින බැව් අප ගතකළ ඒ සොදුරු පෑ කිහිපය මතකෙට නැගෙන සැණින් දෙනෙත් වලට කදුලැල් උනන ආකරයෙන් සිතාගත හැකිය. මතකද ඔයාට අපි එදා මොනතරම් දොඩමළු උනාද ඔයාව සෑහෙන කාලෙක ඉදන් අදුනන් ඉදිය වගේ මගේ හැම දෙයක්ම මම ඔයාට කිව්වා, හරියට පිස්සු හැදුණු කෙල්ලෙක් වගේ.

ඔයාගෙ තර්කානුකුල රැඩිකල් අදහස් මම අහන් ඉදියෙ හරියට නින්ද යනකම් අම්මගෙන් කතන්දර අහන පොඩි ලමෙක් වගේ. හැම එහෙකටම ඔයාගෙ ළග තර්කානුකූල උත්තරයක් තිබුණා, මාත් එක්ක කතා කරනකොට දිලිසුණ ඔයාගෙ ඔය ඇස් දෙක තාමත් මාත් එක්ක හිනාවෙනව නේද? ඇත්තටම මට ඔයාගෙ බැල්මෙන් ගැලවෙන්න පුළුවන් උණේ නෑ. ඔයා වියානා වලින් බැහැල යන්න හදනකොට ඇත්තටම මට ඕන උණා ඔයාට යන්න එපා කියන්න. ඒත් මම කොහොමද එහෙම කරන්නෙ. මම දුම්රියේ කවුළුවෙන් පිටත බලාගෙන මගේ හිතට ඔයත් එක්ක යන්න ඉඩ දුන්නා. දැහැනකට සමවැදිල ඔයාගෙ රුව හිතින් මවාගෙන උන්නු මගේ සිතුවිලි දාමය බිද දැම්මෙ හැමදාම ලගතියන් අහන් ඉන්න ඇත්නම් කියල හිතුණු ඔයාගෙම කටහඩ නේද? එදා රෑ අපි දෙන්න ගෙවපු හැටි, නන්නාදුනන ඔයා එක්ක මම මුළු රෑම ලගින් හිටිය. හැම තැනකම ඇවිද්දා. හෝටලේකින් හොරකම් කරගත්තු වයින් වීදුරු වලට. ණයට අරගත්තු වයින් බෝතලෙන් වයින් පුරවගෙන, පිනි වැටිල සීතල වෙච්ච තණ බිමක, තරු එළිය යටට වෙලා, මූණට මූණ බලාගෙන ඉදගත්තු අපි දෙන්න අපේ හමුවීම සැමරුව අපූරුව. අපි අපෙන් සමුගන්න වෙලාවෙ ඔයා මට දුන්නු උණුසුම් හාදුව. මේ හැම දේම තාම මට මතකයි. අපිට ආයෙමත් හමුවෙන්න පුළුවන්නම්, මම පොරොන්දු වෙනව ඔයාගෙ ලගින් හැමදාටම මම ඉන්නව. ඔයා මගේ ළග නැතත් මේ දැනුත් මගේ හිත ඔයාගෙ ළග. ඔයා මගෙන් සමු අරන් ගියෙ තනියම නෙමෙයි, මගේ හිතත් අරගෙන, ඔයාට තනි නැතුව ඇති ඒ නිසාම.

අපි ඒ හමුවෙලා ගතකළ පෑ කිහිපය ඇසුරින් නිපදවුණු මේ සිතුවමට, ජාතයන්තර සිනමා දත්ත ගබඩාවට ගොඩවෙලා අපි දෙන්නගෙ හමුවීම ගැන තොරතුරු හොයපු 110,464 දෙනෙකුගේ මනාපයට අනුව “8.1” ක් වගේ ඉහළතම අගයක් හිමිවෙලා තියෙනව. අපි දෙන්නගෙ කතාව අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Richard Linklater විසින්, ඉතින් Richard Linklater එක්ක එකතුවෙලා Kim Krizan කියල කෙනෙක් තමයි අපි දෙන්නගෙ ඒ පැය කිහිපය සිනමාපටයකට ගැලපෙන විදියට ලියල තියෙන්නෙ. අපි දෙන්නගෙ චරිතවලට සිනමාපටයෙදි පණදීල තියෙන්නෙ Ethan Hawke එක්ක Julie Delpy කියන දෙන්න. ඒ දෙන්නගෙ රාජකාරිය හොදට කරල තියෙනව කියල මට කියන්න පුළුවන්, ඉතින් මට අන්තිම වශයෙන් කියන්න තියෙන්නෙ අපි දෙන්න ගැන මොනතරම් සිනමාට හැදුණත්, අපි දෙන්න ගැන කවුරු කොහොම කතා කළත් ඔයාගෙ ඔය හිතට ගලාගෙන එන අදහස් වලින් අපි දෙන්නගෙ හමුවීම ගැන පොතක් ලියවුනොත්, ඒ දේ තරම් වටින කිසිම දෙයක් මට මේ ලෝකෙ නැතිවෙයි. එහෙම උණොත් මට පුළුවන් වෙයි ඔයාගේ ඒ පොතේ පෙරවදන වෙන්න.

ඉක්මනටම දවසක ආයේ ඔය අතරු ඇස් දැකගන්න මග බලන් ඉන්නවා. මම ඔයාට සදහටම ආදරෙයි මේක මෙතනින් ඉවර වෙන්න දෙන්නේ නැහැ. අපේ ආදරේ වෘතාන්තයක් බව මට ඒකාන්තයි – මීට ඔයාගෙම “සෙලීනා”

l just keep missing you

Before Sunrise (1995) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

81 thoughts on “Before Sunrise (1995) Sinhala Subtitles | ඔබ දුරගියා ඉතින්….[සිංහල උපසිරසි සමඟ]

  • අනික් ෆිල්ම් 2 සබ් එකත් දෙන්න

    Reply
  • Thanks for the subtitles

    Reply
  • සිංහල උපසිරසට බොහොම ස්තූතියි

    Reply
  • *Before Sunset (2004)
    *Before Midnight (2013)
    Me deketh sub dennako. Godak kal idan download karala tiyagena inne.
    Eth sub nathi nisa balanna hithenne naha.

    Reply
  • බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • before sunset ekatai, before midnight ekataiii sub eka denna

    Reply
    • *Before Sunset (2004)
      *Before Midnight (2013)
      Me deketh sub dennako. Godak kal idan download karala tiyagena inne.
      Eth sub nathi nisa balanna hithenne naha.

      Reply
  • උපසිරසියට බොහොම ස්තුතියි.
    පුලුවන්නම් before Sunset, Before Midnight දෙකටත් සබ් දෙන්න..
    බොහොම ස්තුති..!!

    Reply
  • Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • ගොඩක් ස්තුතියි
    කියවන ඕනෙම කෙනෙක් ෆිල්ම් එක බලන්නටම පොළඹවන
    අපුරු, ඇති සංවේදී ලිපියට.
    එක වඩාත් අර්ථවත් වෙන්නේ
    ෆිල්ම් එකත්, සබ්ස් ටිකත් මරේ-මාරු නිසා.
    සොරි! සබ්ස් ටික වෙන්නේ කොහොමද?
    කථාව එහෙම පිටින්ම දුවන්නේ දෙබස් වලින් වගෙයිනේ!
    නියම ෆිල්ම් එක.
    හොඳයි! හොඳයි!! හොඳටම හොඳයි!!!
    තෑන්ක්ස් ශාන්!

    Reply
  • Hapo wasa kammaliyi. Kale kana kathawak.

    Reply
  • anith 2kath denna pulwanma (Y), Before Sunset and Befroe Mid Night

    Reply
  • නියමයි සහෝ.මේක IMDB 250 ඇතුලෙත් තියෙන්නේ අනිවා එල ඇති.බාගෙනම බලමු.
    උපසිරැසියට බොහොම ස්තූතියි ශාන් සහෝ.ඔබට ජයෙන් ජය….!

    Reply
    • Before sunset, before midnight සබ් දෙකත් දෙන්නකෝ❤️

      Reply
  • මේ උපසිරසට බොහොමත්ම ස්තුතියි! before sunset (2004) කියන්නේ මේකේ දෙවෙනි කොටස, කතාවේ හැටියට මාස 6 කට පස්සේ මොකද වෙන්නේ කියන 1..? හැකිනම් එකටත් සබ් දෙන්න, ජය!

    Reply
  • thanks bro…nice story,keep it up…good luck

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • thanx so much lassana film 1k ……..

    Reply
  • එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • patta bro.. lassana movie ekak

    Reply
    • Before sunset sinhala sub eka ඕනේ

      Reply
  • දැන් දැන් අපේ වීමා ආදර කතා වලට බැහැලා…
    ඒකත් හොඳයි.
    මමත් කැමතියි මේවා බලන්න.
    තෑන්ක්ස් වීමෝ…

    Reply
  • බොහොම අර්ථවත් වටිනා කතාවක් වගේ බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. හදවතටම වදින ලිපියක් නොවැ. උඹත් මගේ තුවාල පාරනවද මන්දා කියලත් හිතෙනවා. කොහොමවුණත් සියල්ල හොඳින් වෙන්න කියලා පතනවා. ජය෴෴ 😛 😛

    Reply
  • katawa nam Romantic ekak wage… .
    bohoma stuti saho… .

    Reply
  • කාලෙකට පස්සෙ තමයි බයිස්කෝප් එකට ගොඩවැදුනෙ… හරිම සන්තෝසයි සයිට් එක අද තියෙන තැන ගැන. මේ හැම දෙයක්ම පිටිපස්සෙ ඉන්න විකියා සහෝට හදවතින්ම සුබ පතනවා තවදුරටත් මේ විබපල දියුණු කරන්න හැකියාව ලැබෙන්න කියලා!!!

    මේ ලිපිය නම් සුපිරියටම ලියලා තියෙනවා අපේ වීමා සහෝ. කියවපු ගමන් බලන්න ආස හිතුනා. තව තවත් මේ වගේම සුපිරි නිර්මාණ අපි හැමෝම වෙනුවෙන් අරන් එන්න ශක්තිය ලැබේවා!!!

    ~ චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන් ~

    Reply
  • මේකට නම් කොමෙන්ට් එකක් නොදා බැහැ. වෙන මොකුත් නෙමේ විමාගේ ලිවීමේ හැකියාවට. ඒක ගැන නම් කියන්න දෙයක් නැහැ. අමුතු විදිහට හිතල කියවන කෙනාගේ හිතට නෙමේ සරුවාන්ගෙටම වදින්න ලියලා තියෙනවා. මේ පෝස්ට් එකට ටොරෙන්ට් add කරද්දී මම මේකේ ලිපිය කියෙව්වේ. එවෙලේ කොමෙන්ට් කරන්න බැරි හන්දා දැන් ඔන්න දැම්මේ. කලින් අය කිව්වා වගේ නවකතාවක පෙරවදන කියෙව්වා වගේ ලිපිය කියෙව්වම. එහෙනම් ජය!!

    Reply
    • බොහොම ස්තුතියි හසෝ අගය කිරීමට
      සමීරගේ අදහසකට අනුව සබ කරද්දී හිතට අපු ටික තමා ඉතින් මේ ලිවේ 🙂

      Reply
  • බොහොම ස්තූතියි . .

    මේකෙ දෙවන කොටස, බිෆොරෙ සන්සෙට් එකටත් සබ් දෙනවද?

    Reply
  • මම මේ ෆිල්ම් එක download කරලා තිබ්බේ..අද බලන්න කියලා හැදුවේ,.මෙන්න එකට සබ් දිලා..තැන්ක්ස්

    Reply
  • ජයවේවා. !

    Reply
  • මම බලලා තියන ලස්සනම කතා වලින් එකක්…
    මේකේ ඉතුරු කොටස් දෙකත් මෙහෙමම දේවි කියලා හිතනවා විමෝ…
    බොහොම ස්තුතියි…

    Reply
  • thank sub ekata sahooooooooo 😀

    Reply
  • meka liyala thiyana widiyata balannama hithenawa..thank you

    Reply
  • එළ කිරි සහෝ
    නියම වැඩක්

    Reply
  • me lipiya kiyewwama download nokarana ekek innawa nam pudumai ela onna math banna damma

    Reply
  • නියම ලිපියක්නේ…අනිවා බලනවා

    Reply
  • ela ela vima thanks,,machan

    Reply
  • නවල් 1ක් කියෙව්වා වගෙ දැනුනේ බන්
    පට්ටයි කොටින්ම
    ෆිලුමත් ලෙසටම ඇති වගෙ
    එලස් විමා
    සබට තුති
    ඔබට ජය……………

    Reply
  • අඩේ විමා ඒපාර ලෙව්ස්ටෝරි වලට බැහැලා වගේ
    නියමයි සහො 😀 😀 ජයවේවා

    Reply
  • ela film ekakne Vimo… thanks…

    Reply
  • අප්පේ මෙන්න බොලේ විමා කොලුවා, ලාස්ට් සෝන්ග් එකෙන් පස්සේ ලෙසටම වැඩ පටන් අරන් වගේ ආහ්. සන්තෝසයි ඒ ගැන. පට්ට කථාවකට කොලුවා මේ පාරත් දාලා තියෙනවා. එකෙන්ම, ඊලග පාරත් සුප්පා කථාවකට දාන්න ලැබේවා කියලා පාර්ථනා කරන ගමන්, මම කැපෙනවා. ජය වේවා!

    Reply
  • හෑ………….!

    Reply
  • පට්ට පෝස්ට් එක.
    නියමයි වීමා.
    කොල්ලට ලව් සික් එක සෑහෙන්න වැදිල වගේ.
    අවුලක් නෑ අපිටත් එහෙම තමයි.
    අනිව බලනවා මචෝ.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • මේ ලිපිය සලරුවේ එන දෙබසක්ද? නැත්නම් ‘විමා’ම කියන එකක්ද?
    මොනවා වුනත් හිතට වදිනවා හොඳටම. එකෙන් හිතාගන්න පුළුවන් සිනමාකෘතිය ගැන,
    ලස්සන ආදර කතාවක් වගේ, අවසානය කොහොමද දන්නේ නෑ. අරගෙනම බලනවා. බොහොම ස්තුතියි විමා!

    Reply
  • Sira Film eka bro…

    puluwannam mekatath sub danna…

    12 Years a Slave

    Reply
  • විමා සහෝගේ පෝස්ට් ඉතින් තනි ඇහෙන් තමා….

    මැක්ස්ස්ස්ස්ස්ස්ස්ස්………

    ජය වේවා..! අනිවා බානවා…. 😉

    Reply
  • Pissu hadenaa lipiyaknee bnn mee….nikanma atha aran ynva download link ekatahh…pissu ahh…mona unath kollata hodata adAra vadan liyathahaki…ela ela..adama blnna onee..thankss sahoo sub ekatahhh…..

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • Hostages එකේ ඉතිරි කොටස් ටිකට
    කවුරුහරි ඉක්මනට සබ් දෙන්නකෝ…..

    Reply
  • Great work,
    We need Before Sunset also…

    Reply
  • සුපිරියි කොල්ලෝ……

    Reply
  • බොහොම තුති සහෝට

    Reply
  • එළ එළ විමා කොලුවෝ

    ජය වේවා!

    Reply
  • digatama denna mey wage hoda katha jaya

    Reply
  • pattama film akak udenama deela ela

    Reply
  • තෑන්ක්ස් මචෝ

    Reply
  • පට්ට පට්ට මචෝ

    Reply

Leave a Reply to ARA Cancel reply

Your email address will not be published. Required fields are marked *