Tuesday , August 16 2022
Breaking News

Behind Enemy Lines: Colombia (2009) Sinhala Subtitles | සතුරු සීමාව පිටුපස : අවසන් දිගහැරුම [සිංහල උපසිරසි] 18+

Rating: 6.9/10. From 107 votes.
Please wait...

ඉතින් guys, මොකෝ වෙන්නේ. ඔන්න අද අරන් ආවේ behind enemy lines ෆිල්ම් සෙට් එකේ අන්තිම ෆිලුම. කට්ටිය මේක එනකල් ගොඩක් කල් බලන් ඉන්න ඇති මයෙ හිතේ. මේ ෆිල්ම් සෙට් එකේ තියෙන ෆිල්ම් තුන එකිනෙකට කිසිම සම්බන්ධයක් නෑ. හැබැයි මේ ගැන කතා කරනකොට කියන්නම ඕනේ මේ ෆිල්ම් තුනම ගොඩක් තාත්වික විදියට තමා හදලා තියෙන්නේ. ඇමෙරිකා නේවි සීල් භටයන් වටා ගෙතිලා තියෙන මේ කතාවල එකපාරට කොහේ හරි ඉදලා පැනලා සීයකට විතර ගහන, වෙඩි වදින් නැති, මැරෙන් නැති මිනිස්සු නෑ. ඉතින් ඒවගේ කතාවලට ආස කට්ටියට මේ ෆිල්ම් සෙට් එක සුපිරියක් වේවි.

එහෙනම් කතාව පැත්තට හැරෙමු. පැය එකහමාරක් දිග සුපිරි ෆිලුමක් උනත් 4.8ක් වගේ පොඩි IMDb අගයක් තමා හිමිවෙලා තියෙන්නේ. Tobias Iaconis විසින් ලියපු මේ කතාව Tim Matheson තමා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. Joe Manganiello (ලුතිනන්), රෙස්ලින් ක්‍රීඩක Mr. Kennedy (කාටර්), Yancey Arias (අල්වරෝ), Channon Roe (කෙවින්) වගේ කට්ටියක් රංගනයෙන් එක් වෙන්නේ. තව අපිට දෙවෙනි ෆිල්ම් එකේදි හම්බවෙච්ච එක චරිතයක් හම්බවෙනවා (ලුතිනන් ජේම්ස්ගේ ගුරා – බොයිටානෝ).

කොලොම්බියාව FARC කියලා හදුන්වන ත්‍රස්තවාදී කණ්ඩායමක් නිසා ව්‍යාකූල වෙලා තියෙන්නේ. මේ අතරේ රජයත්, මෙම කණ්ඩායමත් අතර සාම සාකච්ඡා ආරම්භ වෙනවා. ඉතින් මේ සාකච්ඡා ප්‍රචණ්ඩකාරි නොවන වග තහවුරු කරන්න සීල් භටයන් පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් රහසේ කොලොම්බියාවට යනවා. ඒත් මෙතෙන්දි නොහිතන දෙයක් වෙනවා. ඔවුන්ව උගුලකට අහු වෙනවා. ඔවුන්ට මිනීමරුවන් ලෙස චෝදනා එල්ල වෙනවා. ඉතින් ඔවුන් තමන්ගේ නිර්දෝෂී බව ඔප්පු කිරීමට දරණ උත්සහය වටා තමා මේ කතාව ගොඩනැගිලා තියෙන්නේ.

ආයෙමත් කියන්න තියෙන්නේ එක හුස්මට බලන්න පුළුවන් ෆිලුමක්. ඉතින් අනිවාර්යයෙන් බලන්න කියලා ආරාධනා කරනවා. මුල් ෆිල්ම් දෙක නොබලපු කට්ටියට ඒවත් බලන්න කියලා ආරාධනා කරනවා. අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ මේ ෆිලුමට ගැළපෙන ඉංග්‍රීසි සබ් එකක් හම්බුණේ නෑ. ඉතින් මුල ඉදන් ටයිම් ලයින් හැදුවා. අඩුපාඩු ඇති සමහර විට. වැඩිය ගනන් ගන්න එපා ඉතින් ඒවා.

හැමෝටම ජය වේවා!!!

පොතේ ගුරා සොහොයුරා පෙර පලකළ ලිපිය

මේක නම් ක්‍රියාදාම චිත්‍රපටයක්. ඔත්තු බැලීමේ මෙහෙයුමකට යන දක්ශ හමුදා නිලධාරින් පිරිසකට කොලොම්බියාවෙදී මුහුණ දෙන්න වෙන ප්‍රශ්ණ රාශියක් ගැන තමයි මෙහි කියවෙන්නේ. අනික් චිත්‍රපට වගෙ නෙවෙයි මම මේකෙ කතාව වැඩිය කිව්වොත් ගතිය නැති වෙන්න පුලුවන්. ක්‍රියාදාම ෆිල්ම් වලට කැමති අය බලන්න. අනික් අයට නම් කම්මලි හිතෙන්නත් පුලුවන්. කොහොම උනත් හැම දේම රසවිදින්න පුලුවන් කෙනෙක්ට ආස හිතෙන ෆිල්ම් එකක් වෙන බවට සහතිකයි.. 🙂

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිකිත මේනුල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-06-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

රාශ්ට්‍ර කවාච් ඕම් (2022) AKA ඕම්: ද බැට්ල් විතින් Sinhala Subtitles | කවාච් මෙහෙයුම! [සිංහල උපසිරසි]

“න්‍යෂ්ටික බලඅවි ලෝකය ජයගද්දී ඒවා මැඩපැවැත්වීමට වෙර දරණ හින්දුස්ථානයේ බලගතු පළිහ… නමින් එය ‘කවාච්’ වේය …

Leave a Reply

Your email address will not be published.

35 comments

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  2. Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  7. Thank you malli ❤

  8. ikmanin me film 1ta sub 1k danda puluwanda????

  9. Mekata Sinhala Sub 1k tmama na neda????

  10. GIHANGALLIYADDA

    NEZHA MOVIE EKATA SUB DENNAKO PLZZZ

  11. link eka wada karanne nane
    page eka load wenne na me film eke, wena page load wenawa

  12. meka elakiri movie ekak


  13. නියමයි
    😛
    තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  14. මට Behind Enemy Lines II – Colombia සිංහල subtitle දෙන්නකෝ plese………………….

  15. senuri sewwandi

    ko subtitle naane?

  16. මේක සිංහල සබ් එකත් එක්ක දැන් තියෙනවා නේ අපි ලගම…. 😀

  17. බැලුවද නැද්දත් මතක නෑ…
    හ්ම් එකතුව පීරලා බලනවා තියේද කියල මා ගාව.
    ඒකත් ෂුවර් නෑ නෙ 🙁
    මොනව කරන්නද හැබෑට, මතකත් නෑ…නොබලත් බෑ…

    බලමුකෝ මොකක්හරි, මේවටත් හිමින් සැරේ උපසිරැසි ලැබෙන්නැතැයි නේ…..

    ගුරා දැන් ෆිල්ම් බලන්නෙ නෑ මයෙ හිතේ, නැතිනම් ෆිල්ම් එකක් ගැන ලියන්න බැරි තරමට දැන් මුගේ ගණං වැඩි වෙලා වෙන්න ඕනේ. 😛

  18. chamith gimhan

    sunhala sub denno

  19. chamith gimhan

    කwuru hari mekata sinhala subs dennako pleesseeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  20. MEKA NAM KEEPA SERAYAK BELUWA.THANKS.

  21. onna oya wage film thamai supiri fast five akath dapan machan

  22. can’t download machan..

  23. Mamath baluwa gathi film ekak…..patta wada tikak tiyanawa…

  24. mekanam siraawatama elama ela..man godak kalekata kalin baluwa..aniwa ayeth balanna one

  25. mekaa elakiri movie ekak… mata meka maga arila thiubunee… shokkkkkkkkkkkkkkk

  26. aii ban okta hondai kiwwe…oka asarthaka low budget film ekak ne!!!

  27. machna ok sirawatama hondada? godak aya chaa kiyanawane?

  28. ඔවු මචන්..මගේ මුල්ම පෝස්ට් වලින් එකක්..ඒක නිසා ගොඩක් අයට මගඇරෙන්න ඇති මේ ෆිල්ම් එක..

  29. කාලෙකින් බලපු මැක්සා එකක්……. පට්ට සිරා

error: Alert: Content is protected !!