Saturday , December 5 2020
Breaking News

Ben 10: Race Against Time (2007) Sinhala Subtitles | කාලයට විරුද්ධව සටනක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 28 votes.
Please wait...

මේ පාර මම ඕගොල්ලන්ට අරගෙන ආවේ Ben 10:Race against time (2007) කියන ෆිල්ම් එකේ සිංහල උපසිරැසියයි. ඉතින් මම ඔයාලට කලින් අරගෙන ආපු Cheaper by the dozen 2 ෆිල්ම් එකට අදහස් දක්වපු බාගත කරගත් සියලු දෙනාටම ගොඩක් ස්තූතියි.ඉතින් මේ පාරත් ගේන ෆිල්ම් එකත් ලස්සන කතාවක් තියන සුපිරි ෆිල්ම් එකක්.ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Alex Winter කියන අධ්‍යක්ෂකවරයාරා.මොහු Ben 10 Alien Swarm (2009), Deep Web (2015) වැනි ජනප්‍රිය චිත්‍රපට රාශියකට දායක වී තිබෙනවා.තවද මෙම චිත්‍රපටය IMDb දර්ශකය තුළ 4.4/10 අගයක් ද Rotten දර්ශකයේ 3.2/5 ක අගයක්ද හිමි කර ගැනීමට සමත් අතර ආදායම් වාර්තා වලින් ඇමරිකානු ඩොලර් මිලියන 18 ක් ද උපයාගෙන තිබෙනව.චිත්‍රපටයේ ප්‍රධාන වශයෙන් රංගනයට Graham Phillips(බෙන්), Haley Ramm(ග්වේන්), Lee Majors(මැක්ස් ටෙනිසන්), Christien Anholt(ඉයෝන්), Beth Littleford(සැන්ඩ්‍රා), Don McManus(කාල්), Robert Picardo(ප්‍රින්සිපල් වයිට්), යන නළු නිළියන් දායක වී තිබෙනවා.

කතාව ගැන කිව්වොතින්,පාසල් නිවාඩුව අවසන් වීමට පෙර දිනයේ රාත්‍රියේ බෙල්වුඩ් නගරයේම ගින්නක් ඇති වුණා.බෙන් තනියම ගිනිකසයා ඔරලෝසුවෙන් තෝරාගෙන ඔහුත් සමඟ සටනට ගියා.සිතුවාට වඩා පහසුවෙන් සටන දිනූ බෙන් ටෙනිසන් පසු දින පාසල් යනවා.එහිදී ඔහුට මුහුණ පෑමට සිදු වූයේ ඊටත් වඩා ප්‍රභල අවධානමකටයි.ඒ අන් කිසිවක් නොවේ ඔහුගේ පාසලේ සිටින කරදරකාර එඩී සහ ජේටී කියන යාළුවෝ දෙන්නයි.ඔහුගේ කරදර නවත්වා ගැනීමට උත්සාහ කරන අතරතුර මීට කලින් දිනයේ සටන් පිටසක්වල ජීවීයා බෙන්ගෙ ඔරලෝසුව සොයා ගෙන ඔහු පසු පස හඹා එන බව බෙන් සහ ගුවේනට හොයාගන්නට හැකි වුණා.ඒ පිටසක්වලයාගේ ඉයෝන්ය.ඔහු බෙන්ගේ ඔරලෝසුව භාවිත කරලා ඔහුව මරණයෙන් ගලවා ගැනීටමත්,පෘතුවිය ආක්‍රමණය කිරීමටත් ඒ සඳහා ආමගැඩන් අතත් පාවිච්චි කරන්න උත්සාහ කරනවා.(ආමගැඩන් අත කියන එක ෆිල්ම් එකේදි ඔයාලට බලාගන්න පුළුවන්)ඉතින් මෙත්නදි ටෙනිසන් පවුලේ වීරයෝ තුන් දෙනා වෙනදා වගේම ලෝකය පිටසක්වල ආක්‍රමණයකින් බේරා ගැනීමට එකට එක් වී සටන් කරනවා.ඔබ හිතන්නෙ හිතන්නෙ කුමක් වෙයි කියලද?බෙන් ඉයෝන්ව පරාද කරයිද?ඒක දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනව.

එහෙනම් සියලු දෙනාටම ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනවා.සිංහල උපසිරැසිය පිළිබඳ ඔබේ අදහස් කමෙන්ට් එකකින් දා ගෙන යන්න.එහෙනං ඊළඟ උපසිරැසියෙන් හමුවන තුරු ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිඳු කවීශ ගමපතිරණ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-12-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

The Mummy’s Ghost (1944) Sinhala Subtitles | අනන්කා කුමරිය සොයා [සිංහල උපසිරසි සමඟ]

මීට අවුරුදු 30 කට කලින් බැනින් ඇතුළු කණ්ඩායමක් අනන්කාගේ සොහොන් ගෙට ඇතුල්වී අනන්කාගේ සිරුර තම …

Leave a Reply to Tharaka Cancel reply

Your email address will not be published.

16 comments

  1. අනේ Ben10 heros United ෆිල්ම් එකත් සබ් එක දෙන්න

  2. thankx machan

  3. thank you for sub

  4. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. Kushan Charuka

    Thanks for sub..

  6. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සසිඳු සහෝ.
    ජයෙන් ජය.

  7. බුදු සරනයි දෙවි පිහිටයි සියලු දේවතාවන්ගේ රැකවරනයි.

  8. AsithaDilruwan

    ela ela thanks saho

  9. ඉස්සර අසාවෙන් බලපු තකාවක් උපසිරැසියට ගොඩාක් ස්තූතියි! තෙරැවන්ස සරණයි! කාටුන් එක තමා ගොඩාන්ම බැලුවේ

  10. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  11. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Udara Damith Dissanayaka

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…………
    ben 10

  13. පුංචි කලේ ගොඩාක් ආසාවෙන් බලපු කථාවක් බොහෝම ස්තුතියි .

  14. M.D.P.Fernando

    Thanks***

  15. උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

error: Alert: Content is protected !!