අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Better Call Saul [S03 : E06] Sinhala Subtitles | දන්න රස්සාවත් නැතිවෙයිද?! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 10 votes.
Please wait...

ඔන්න එහෙනම්. මේ ගේන්නේ මේ කතා මාලාවේ හයවෙනි කොටස. ඉතින් තව කොටස් හතරක් ඉතුරුවෙලා තියෙනවා මේ තුන්වෙනි කතා මාලාවත් ඉවරයක් වෙන්න. ඉතින් වැඩිපුර කතා කරන්නේ නැතුව වෙනදා වගේම අද කතා මාලාව ගැන බලලා ඉමු.

මේ කොටස නම් කරලා තියෙන්නේ “Off Brand” කියන නමින්. 2017 මැයි 15 වෙනිදා තමයි මේ කොටස ඇමරිකාවේ AMC නාලිකාව හරහා ඇමරිකාව තුල ප්‍රදර්ශනය වුනේ. ඒ වගේම සමහර රටවල් වල සුපුරුදු විදිහට Netflix හරහා විකාශය වුනා. හරි ඉතිං වැඩි කතා නැතුව අපි පසුගිය කොටසින් වුන දේ ගැන මතක් කරගෙන ඉමු.

කතාව මුලින් පටං ගන්නකොට, මේ ප්‍රධාන කතාව ගලාගෙන යන්න සෑහෙන අවුරුදු ගානකට කලින්, චක් ජිමීට තමන්ගේ ගෙදරට ආරාධනාවක් කරනවා රාත්‍රී භෝජන සංග්‍රහයකට. ඒ චක්ගේ බිරිඳ වන රෙබේකා එක්ක මිත්‍රකමක් ඇති කරගන්න ඕන නිසයි. මොකද චක්ගේ EHS තත්වය නිසා, එයා මුලින්ම එයා ගාව තිබුන සියළුම ඉලෙක්ට්‍රෝනික උපකරණ තමන්ගේ නිවසින් ඉවත් කරනවා. රෙබෙකා දන්නේ නැහැ චක් මේ EHS කියන රෝගයෙන් පීඩා විදිනවා කියලා. ඉතින් චක් තමන්ගේ මේ අසනීපය රෙබේකාගෙන් හංගගෙන ඉන්නේ විදුලිබල සමාගම අහම්බයෙන් තමන්ගේ ගෙදර විදුලිය විසන්ධි කරලා කියලයි. ඉතින් චක්ගේ මේ බොරුව රෙබේකා ඇත්ත කියලා පිළි අරගන්නවා. මේ අතර රෙබේකාගේ දුරකථනයට ලැබෙන දුරකථන ඇමතුමකට රෙබේකා උත්තර දෙනවා, මේ නිසා චක් බොහොම භය වෙනවා. චක් රෙබේකා අතේ තිබුන දුරකථනය අතින් අහකට යන්න ගසා දානවා. මේ නිසා ජිමී චක්ගේ මේ EHS අසනීප තත්වය ගැන රෙබේකාට කියන්න උත්සාහ කරත්, ඒ ආරංචිය කියන්න ඕන ජිමී නෙමෙයි කියලා ජිමීව චක් නතර කරනවා.

ඉතින් දැන් ප්‍රධාන කතාව පැත්තට හැරෙමු.
ජිමී ඩොක්ටර් කල්දේරාගෙන් අහනවා රස්සාවක් කරන්න කැමති පොඩ්ඩක් ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවද කියලා. නිව් මෙක්සිකෝ බැංකු මණ්ඩලය ඉදිරියේ පැවැත්වුන සාර්ථක නඩු විභාගයෙන් පස්සේ, කිම් පේජ්ට සහ කෙවින්ට කියනවා ජිම් තමයි මේ මෙසා වෙර්ඩා එකේ ලිපි ගොනු පැටලෙව්වේ කියලා. චක් තමන් කරපු වැරැද්ද පිළිගැනීමට අකමැති වීම හන්දා කෙවින්වත් පේජ්වත් විශ්වාස කරන්නේ නැහැ මේ කියන දේ ඇත්තක් කියලා. ඒ වගේම කිම් සහතික වෙනවා පේජ්ට නව ශාඛා අයදුම්පතක් නැවත ගොනු කිරීම නිසා මෙසා වෙර්ඩා වලට ලොකු කාලයකට බලපෑමක් ඇති වෙන්නේ නැහැ කියලත්.

නීතීඥ සංගමයේ නීතීඥවරයා ජිමීගේ පටිගත කරපු පාපොච්චාරණය භාවිතයට ගන්න අදහස් කරනවා, ඉතින් එහෙම කරොත් චක්ට ඒකේ සත්‍යයතාවය පිළිබඳව උසාවිය ඉස්සරහා සාක්ෂි දෙන්න වෙනවා කියලා කිම් දන්නවා. ඉතින් මේ නිසා කිම්ට ඉඩ ලැබෙනවා හරස් ප්‍රශ්ණ ඉදිරිපත් කරලා චක්ගේ EHS සෞඛ්‍යය තත්වය ගැන ප්‍රශ්ණ කරන්නත්. නඩු විභාගය ආරම්භ වෙන්න කලින්, හෝවර්ඩ් සහ චක් කාමරයක් සූදානම් කරගන්නවා හැකි තරම් ඒ කාමරේ විදුලියෙන් ක්‍රියාත්මක වෙන දේවල් නැති තරමටම. හෝවඩ් චක්ට කියනවා එයා සාක්ෂි දෙන්න ඕන නැහැ, හෝවර්ඩ්ගේ සහ ඩේවිඩ්ගේ සාක්ෂිය පදනම් කරගෙන ජිමීට එරෙහිව ස්ථිර නඩුවක් ගොනු කරන්න පුලුවන් වෙනවා කියලා. ඒ වගේම හෝවර්ඩ් චක්ට මතක් කරනවා, එයා HHM එකේ කීර්තිනාමය අවදානමකට ලක් කරනවා කියලත්, ඒ වගේම චක්ගේ අභිප්‍රාය වෙන්නේ ජිමීට දඩුවම් ලැබෙන එක ගැන නිසා හෝවර්ඩ් කියන දේ ගණං නොගෙන ඉන්නවා.

නඩු විභාගය පටං ගත්තහම, කිම් සහ නීති සංගමයේ නීතීඥයා විසින් තමන්ගේ ප්‍රකාශයන් සිදු කරනවා. මෙතනින් කිම් ප්‍රකාශ කරනවා ඇත්තටම ජිම් සහ චක් අතර තියෙන ගැටළුව පිළිබඳවත්. හෝවර්ඩ් මුලින්ම සාක්ෂි දෙනවා. හෝවර්ඩ් කියනවා HHM එකේ ජිමීගේ හැසිරීම ගැන, චක්ට ජිමීව බඳවා ගන්න උවමනා වුනේ නැති එකට හේතුව වගේ දේවල් කීපයක් ගැනම. කිම් මේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන්නේ HHM එකේ ආරම්භක පුද්ගලයාගේ පුතා වෙන හෝවර්ඩ් උනත් එයාවත් කුලියට බඳවා ගත්ත කෙනෙක් කියලා. මේ අතර නඩුව විභාග කරන මණ්ඩලය වෙනුවෙන් ජිමීගේ පාපොච්චාරණය සහිත හඬ පටිය වාදනය කරනු ලබනවා.

හෝවර්ඩ්ගේ සාක්ෂියෙන් පස්සේ, එයා චක්ව උසාවියට එක්කරගෙන යනවා. මෙහෙම යනකොට චක් හුවෙල් බබිනෝක්ස්ගේ හැප්පෙනවා. ඒ චක් ශ්‍රවණාගාරය වෙත පඩිපෙළ දිගේ යද්දියි. ඉතින් චක් මේ කාමරයට යද්දි යතුරු පුවරු, ඔරලෝසු සහ ජංගම දුරකථන සේරම ඒ කාමරෙන් අයින් කරලා චක්ට සුවපහසු විදිහට ඒ කාමරේ සූදානම් කරලා තියෙනවා. හැබැයි චක් පුදුමයට පත් කරමින්, ජිමී රෙබේකාව ඒ කාමරයට එක්කරගෙන එනවා. චක් පොඩි විවේකයක් ඉල්ලගෙන රෙබේකා එක්ක කතා කරනවා. රෙබේකා කියන්නේ ජිමී එයාව සම්බන්ධ කරගත්තේ චක්ගේ යහපැවැත්ම ගැන සිලකිලිමත් වෙන්න කෙනෙක් ඕන නිසා කියලයි. රෙබේකා දුකින් හිටියත්, චක් එයාට කියන්නේ ජිමී රෙබේකාව මෙතනට ගෙන්නුවේ නඩුවේ චක්ගේ සාක්ෂිය කඩාපල්ලක් කරන්න මානසික වශයෙන් දරණ උත්සාහයකට කියලයි. ඒකට හේතුව රෙබේකාගේ ඉස්සරහා චක් එයාගේ අසනීප තත්වයන් ගැන සඳහන් කරයි කියන කාරණය මතයි.

හරස් ප්‍රශ්ණ කිරීම අතරතුර, ජිමී චක් ගාවට ඇවිත් චක්ගේ EHS පිළිබඳ තියෙන අසනීප තත්වය ගැන අහනවා. ඒ වගේම චක්ගේ මේ රෝග ලක්ෂණ ඇතිවෙන්න විද්‍යුත් වස්තුවකට කොච්චර ලං වෙන්න ඕනදැයි අහනවා. ජිමී චක්ට කියනවා පුලුවන්නම් ආසන්නයේම තියෙන විදුලි ප්‍රභවය මොකක්ද කියලා අඳුරගන්න කියලා. ඉතින් චක් හිතනවා ජිමී එයාව රවට්ටන්න උත්සාහ කරනවා කියලා. ඉතින් ඒ නිසා චක් ජිමීගෙන් අහනවා විදුලියෙන් වැඩ කරන මොනවහරි එයාගේ සාක්කුවේ තියනවද කියලා. ජිමී එයාගේ සාක්කුවේ තිබිලා ෆෝන් එක එලියට අරගන්නවා. හැබැයි ලොකුකම් කියනවට වඩා චක් කරේ ෆෝන් එක ගලවලා බලනවා ඒක බැටරිය තියෙනවද කියලා. ඊටපස්සේ චක් කියනවා තමන්ට මේ අසනීපය තියෙනවා කියලා තවත් මොනවද ඔප්පු කරන්න ඕන, එහෙම විද්‍යුත් දෙයක් ලග තිබ්බනම් චක්ට එහෙම සාමාන්‍යය විදිහට ඉන්න බැහැ කියලා. හැබැයි එතකොට ජිමී කියනවා චක්ගේ කමිසේ සාක්කුවේ තියෙන දේ එලියට අරගන්න කියලා. චක්ගේ සාක්කුවේ තිබුනේ බැටරියක්. චක් අතට ගත්ත ගමන් ඒක විසි කරලා දානවා. ජිමී කරන්නේ බැටරිය අරගෙන තමන්ගේ ෆෝන් එකට දාලා ඔන් කරලා පෙන්නනවා. ඒක සම්පූර්ණයෙන්ම චාජ් වුන බැටරියක්. ජිමී එතනදී කියනවා පඩිපේල්දී හැප්පුන හවුල් විසින් ජිමීගේ සාක්කුවට ඒක දාපු බවත්, ඒ වගේම චක් මේ බැටරිය පැයකුත් විනාඩි 43ක් තමන් ලග තියාගෙන හිටියා කියලත්, එයාට මේ EHS කියන ලෙඩේට මේක බාධාවක් වුනේ නැහැ කියලත් කියනවා. ජිමීට විරුද්ධව තියෙන චෝදනා වලට චක්ගේ මානසික රෝගය අදාළ නොවන විස්තරයක් කියලා නීති සංගමයේ නීතීඥවරයා තර්ක කරත්, චක්ට අන්තිමට පාලනයක් නැතිවෙලා ජිමීගේ මේ සදාචාර විරෝධී සහ අධම හැසිරීම ගැන කෝපයට පත් වෙනවා. චක් ජිමීව නීතිඥකමෙන් අයින් කරන්න කියලා මණ්ඩලයට දැඩිව කිව්වත් සම්පූර්ණයෙන්ම තමන් කියන දේ ඉවරයක් නොකර චක් නිහඬ වෙන්නේ හැමෝම එයාගේ මේ කතාව නිසා කම්පනයට පත්වෙලා කියලා එයාට තේරුන නිසයි. එතනින් ජිමී තමන්ගේ හරස් ප්‍රශ්ණ කිරීම අවසන් කරනවා.

ඉතින් මෙතන ඉදන් තමයි අද කොටස ගලාගෙන යන්නේ. එහෙනම් හොඳ නරක කියාගෙන යන්න. අනිත් කොටසින් හමුවෙමු. ජයවේවා…!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-06-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

10 thoughts on “Better Call Saul [S03 : E06] Sinhala Subtitles | දන්න රස්සාවත් නැතිවෙයිද?! [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • ගොඩක් ස්තූතියි මචන් මහන්සි වෙලා උපසිරස නිර්මාණය කරන එකට.

    Reply
  • Machan, highly appreciate your good work, please keep it up, good luck,may the triple gem bless you.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බෙහොම ස්තුතියි උපසිරැසියට.

    Reply
  • මේකෙ සබ් එනකන් දවසට දහපාරකට වැඩිය බයිස්කෝප් එකට එනවා.ඉක්මනින් දෙන්නකො ඉතිරි සබ් ටිකත් .නියම වැඩක්

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply

Leave a Reply to අමිල Cancel reply

Your email address will not be published. Required fields are marked *